(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරැදහන් ව සිටි එක් අයෙකුගේ සිරැර නාවික හමුදා කිමිදුම් ඒකකය මගින් අද (01) දින උදෑසන සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි
කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන මෙම තරැණයින් සිව් දෙනා ඊයේ (31) සවස ගගේ නාමින් සිටියදී එක් අයෙකු සැඩ පහරට හසුව ගසාගෙන යනු දැක තවත් තරැණයින් දෙදෙනෙක් ඔහු බේරා ගැනීමට යාමේදී එම තරැණයින් තිදෙනාම ගගේ ගිලීමට ගොස් ඇති බවත් ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක් එම සිද්ධිය දැක තරැණයින් දෙදෙනෛකු බේරා ගැනීමට සමත්ව ඇති බවත් නවගමුව පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ නුවර හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරැණයෙකි
නවගමුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කැළණි ගගේ නාන්න ගිය 3ක් අතුරුදන්
Bunny Preena Saturday, 01 April 2023 12:18 PM
බොහොම කණගාටු දායකයි කියන්න. තරුණ පරපුර නිරපරාදේ ජීවිත විනාශ කරගන්නවා. නොදන්නා දේවල් කරන්න ගිහින් එහෙම නැතිනම් අවවාද සහ අනතුරු ඇඟවීම් තඹේකට මායිම් නොකිරීමෙන් හෝ නොපිළිගැනීමෙන්. විශේෂයෙන්ම නොදන්නා පළාත්වල ගංගාවල නාන්න පිහිනන්න ගිහිල්ලා. ගංගාවල නෑමට සහ පිහිනීමට සුදුසු නානතොටවල් තියෙනවා. එවැනි තැනකට ගියානම් කිසිම කරදරයක් නැතුව නාගන්නත් ආසාවට පිහිනන්නත් පුළුවන්. ජීවිතේ බේරාගෙන ආයෙත් යහතින් ගෙදර යන්නත් පුළුවන්. පිහිනීම එකතරා විදියක කලාවක්. හරි විදියට ප්‍රගුණ කළ යුතුයි. වතුරට පැනලා අත්දෙක ගහපු ගමන් වතුර ඉදිරියට යන වැයි කියලා සමහර අය හිතාගෙන ඉන්නේ. ගොඩක් අයට වරදින්නේ එතැනයි. අපරාදේ රටකට හුඟක්ම වටින්නේ තරුණ ජීවිත.
කසුන් Saturday, 01 April 2023 01:43 PM
නාන්න ගිහින් මැරෙන ජාතියක් හැටියටත් අපි එකටම එයි වගේ. ඔහොම යං. යම් කිසි තැනක ඊයෙ ගිලිලා මළා නං ඒකත් ගිහිංම බලලා, වීඩියොත් කරගෙන, ෂෙයා කරලා කමෙන්ට් කරලා අදත් එතැනම නාන්න යන ජාතියක් වෙන එකත් ලේසි නෑ. කාටවත් ගානකුත් නෑ කොච්චර මළත්. මළ එකාගේ පවුලට විතරයි පාඩුව.
මහේෂ් Sunday, 02 April 2023 02:28 PM
තරුණ මදයයි, මෝඩකමයි ගෙනත් දෙන්නේ තරුණ කොල්ලන්ට මේවා වගේ දේවල් තමයි වෙන්නේ...