කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත. ඒකට අපි කාටවත් මොනවත් කියන්න බැහැ.(නදී)
මම මේ සිද්දිය සැලවීමෙන් පසු ලංකාවේ අනාගතය අසුබ පැත්තකට යොමුවන බව මට වැටහුණි. මේ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිනවාත් සමගම මෙයට අනුබල දෙන කණ්ඩායම් ද ලෝකයා ඉදිරියේ දවසක කොන්වී යන බවත් සහතිකයි. අද මාධ්‍ය ඉතා වේගවත් බැවින් මෙය මුළු ලෝකේ පුරා කතිකාවක් ඇතිවීම නොඅනුමානය. සුබ අනාගතයක් ලංකාවට.(නදී)
මෙම පුවත ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන්ම හිතා ගන්න පුළුවනි මාධ්‍ය කරුවාට රටේ තිබෙන නිදහසේ වපසරිය කොපමණද කියලා. අපේ රටේ කොපමණ මාධ්‍ය නිදහසක් තිබෙනවාද කියලා.(නදී)
පහරදීමට පැමිණි තෙවන පාර්ශවය පොලිසිය මැදට වී සිටී. පොලිසිය ද නොදැක්ක සේ බලා සිටී.(නදී)
මේවා නවත්තන්න කාටවත් බැරිද (දී)
ගහලා කියන්න මෙච්චර පමා උනේ ජාතිවාදී ගැටුම් තවත් ඇති වෙයි කියලද? අපි ඉතා සීග්‍රයෙන් අශ්චර්යය වෙත ළඟා වෙමින් සිටින්නෙමු. සුබ අනාගතයක් ලක් මව්නි.(නදී)
අන්තවාදීන් කොටසක් ආගම්වාදය වාදය අවුස්සනවා.(නදී)
මේකට සම්පුර්ණ වග කියන්න ඕන අර කට්ටිය.(නදී)
කරණීය මේත්ත සුත්‍රය, එකම දරුවෙක් සිටින මවක් තම එකම දරුවා කෙසේ ආරක්ෂා කරේද එසේම සියලු සත්වයන්ට මෛත්‍රිය දක්වන්න.(නදී)
අද මනුෂ්‍යන්ට තියෙන ප්‍රශ්නත් සමග මෙවැනි දේවල් ඇති කිරීමෙන් වෙන්නේ මනුෂ්‍යයන් තිරිසන් බවත් අබිබවා යන එකයි. මේවට වගකිවයුත්තන් කිසි ප්‍රශ්නයක් නැතුව මිනිසුන් උසිගන්වා තමන්ව බේරා ගෙන අනුන්ව බිල්ලට දීමක්. අන්තිමට මහා පව්කාරය හදිස්සිවී ඉදිරියට පැනපු එකා කියල කාටවත් වැටහෙන්නේ නැත.(නදී)
කී දෙනෙක් මරලද? කී දෙනෙක් තුවාල වෙලාද?(නදී)
නැවතත් ආගම් බේද ජාති බේද එයිද?(නදී)
මිනිසුන් මාධ්‍ය ඇසුරු කරන්නේ සම්පුර්ණ තොරතුරු දන ගන්නයි (දී)
හෙට වෙනකම් ඉවසන්න.(නදී)
ඈයි ඔයාට මොනාද වෙන්න ඕන මොහොමඩ්. දර්ශනය මොකක් උනත් ටිකක් කට පරිස්සන් කරගත්තොත් හොදයි.(නදී)
මතක තියාගන්න අවම බලය පාවිච්චි කරලා.ටී පනස්හය නම් කමකුත් නැහැ බුලට් නැතුව.(නදී)
අපි නම් දන්නවා. ජනතාව කුලප්පු කරන්න තුන්වන පාර්ශවයක් කලාද කියලා.(නදී)
සන්තෝස වෙයල්ලා දැන් ඉතින් මේක නේද බලාපොරොත්තු උනේ? දැන් තවත් යුද්දයක් ඇති කළා. අන්තවාදීන්ට උවමනා උනෙත් මේ අවස්තාව ඇති වෙනකම්.(නදී)
ඇඳිරි නීතිය දැම්ම එක හොඳයි. නැත්නම් වෙනත් පාර්ශවය ඇවිත් මේ දෙපාර්ශවයටම පහර දෙනවනේ.(නදී)
අනිවාර්යෙන්ම මොහොමඩ් මල්ලි සමග සරනේරිස් අයියා ගහගන්න ඇති. මේක පොඩි දෙයක් අපි අපි ගහගත්තේ නැත්නම් වැඩක් නැහැ ඕක බත් හැලිය පැහුනම ඉවරවෙනවා.(නදී)
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? කෝ කිසි දෙයක් පැහැදිලි නැහැනේ. ඉතින් කොහොමද අදහස් දමන්නේ?(නදී)
මේක කාගේ වැඩක්ද? තව ටික කාලයයි මේ නාඩගම් රජෝ.(නදී)
වාර්තාකරුවන්ට පුහුණුවක් දෙන්න.(නදී)
කුඩුකේඩු මත වාද වපුරන්න තවත් පිටියක්. රගර් බෝලෙන් එල්ලේ සෙල්ලම් පටන් ගත්තේ , රෝස වසන්තේ කාඩ නඩ. (නදී)
විස්තර දැන ගන්න ඕන නම් බී.බී.සී ප්‍රවෘත්ති කියවන්න.(නදී)
මගේ කිරිල්ලී ආපුවම ඩප්පි පොරවල් මාරු වෙන්න ඇති.(නදී)
නැවතත් රට අදුරු තත්වයකට පත් කරන්න එපා. මේ ගැන හරිම කනගාටුයි. ලෝකයා නැවතත් රට ගැන මොනවා හිතයිද? ඉවසීම කෝ? බුදු හිමියනි ඔබ වඩින්න තිබුනේ මේ කාලයේයි.(නදී)
මේක ලොකු ප්‍රශ්ණයක් බය වෙන්න එපා සියළු විස්තර දාන්න. අනිත් වෙබ් අඩවි වල දාලා තියෙනවා.(නදී)
ඡායාරූප සහිතව විස්තර දාන්න.(නදී)
මෙය දෙපිරිසක් අතර වූ සිද්ධියක් නොවේ. සාමයට අකමැති පිරිසක් අතර ඇති අරගලයක්.(නදී)
මේ හැම සංවිධානයක්ම පවතින රජයෙන් තහනම් කල යුතුයි, නීතිය හා සාමය රැකෙන පරිදි පොලීසිය සාධාරණව මැදිහත් විය යුතුයි.මොනම සංවිධානයක් වත් මහජනයා ප්‍රකෝප කාරී කරවන රැස්වීම්,ප්‍රකාශ හා සිවිල් ජනයා/සංවිධාන නීතිය අතට ගැනීම් වහාම නතර කලයුතුයි. 30 වසරක යුද්දයෙන් පසු සීග්‍ර දියුණුවක් කරා යන අප මව් බිම මේ කඩාකප්පල් කාරයන්ගෙන් බේරා ගැනීමට බහුතර සිංහල ජනයා දැනුවත් විය යුතුය.(නදී)
ජනාධිපතිතුමනි තරාතිරම නොබලා වැරදි කරුවන් කව්රු උනත් දැඩි දඩුවම් දීමට නීයෝග කරන්න. තවත් ලේ වැගිරීම් අපට අවශ්‍ය නැත.(නදී)
මෙයට සම්බන්ද අය අධිකරණයට යවන්න.(නදී)
ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති නිසා ගැටළුවක් වෙන එකක් නැහැ (නි)
යමිකිසි සිදුවිමක් සිදු වෙන්නෙ හේතුවක් ඇතුවයි. (නි)
ප්‍රදීප්, අනේ යන්න ඔය ඕපාදුප ටිකත් අරගෙන (නි)
මොකද ප්‍රශ්නය? (නි)
අද රටේ මේ මොනවද වෙන්නේ? (නි)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ බොහොමයක් බටහිර කුමන්ත්‍රණකාරී රටවල් කියා හඳුන්වන බටහිර රටවල ආගම් ගණනාවක සහ ජාතින් විශාල ගණනක ජනයා සමානාත්මතාවය සහ සහජීවනයෙන් ජීවත් වෙනවද. ආගම කීපයක් සහ ජාතින් කීපයක් පමණක් ජීවත් වන අපේ රටේ ඇයි සමගියෙන් එකතු වෙලා මේ රට හදාගන්න බැරි? මට නම් නොතේරේ. (නි)
දෙපිරිසක් අතර ගැටුමක් (නි)
මේවා නොවේ නේද සම්මා සම්බුදු අප පියාණන් කියලා දුන්නේ ? (නි)
මොනවා වහන්නද මේ උත්සාහ කරන්නේ (නි)
ඇස් කන් පියාගෙන හිටියනෙ මෙච්චර කල්. ඉස්සරහටත් එහෙම්මම ඉදිමු (නි)
අපට සිදු වූ දේ නියමාකාරව දැනගැනීමට අවශ්‍යයි (නි)
තවත් වැඩක් කරලා වගේ (නි)
මොකක්ද වෙච්ච ප්‍රශ්නය? (නි)
මොකක්හරි බලකායක් විසින් ඇති කරපු ප්‍රශ්නයක්ද? (නි)
ආරංචියක් නම් තිබෙනවා. හරිද කියලා තමයි සැක (නි)
අයියෝ! අපිව අවුස්සන්නෙ නැතුව කියන්නකෝ (නි)
කවුද දෙපිරිස? මොකද ගැටුම ඇතිවෙලා තියෙන්නේ? කියන්නකෝ ලංකාදීප. (නි)
වැඩේ දුරදිග ගිහිල්ලා වගෙයි (නි)
ලද සැනින් විස්තර ගෙන ඒමට අප සූදානම්. එක්වී සිටින්න අපත් සමග (නි)
මේකද නියම දර්ශනය? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නියමයි නියමයි. ස්තුතියි කොල්ලනේ (නි)
මොකක්ද මේ ගැටුම! ගෙදරක නෝනගෙයි මහත්තයගෙයි ප්‍රශ්නයක් දුරදිග ගිහින්ද? (නි)
දෙපිරිස කවුද? (නි)
මේ රටේ සාමය විනාශ කරන්න උත්සාහ කරන්නෙ කවුද? (නි)
දෙන්නකෝ අපිට විස්තරය (නි)
මට බය අර තෙවන පාර්ශවය ගැන (නි)
ඒ ගමන මොකක්ද? (නි)
මේ දෙපිරිස කව්ද? (නි)
මෙන්න තවත් ප්‍රතිඵලයක් (නි)
සිද්ධිය හිතුවට වඩා බරපතල පාටයි (නි)
මොකද ප්‍රශ්නය ඔය තරම් දුරදිගට ගිහිල්ලා තියෙන්නේ? (නි)
මෙවැනි සිද්දීන් ජාතික සමගියට බාධාවකි. මෙම අවාසනාවන්ත සිද්දිය ඉතා සංයමයකින් යුතුව වාර්තා කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.(නදී)