සමහරවිට ලබන නොවැම්බර් 18 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කොළඹට ගමන් කළ හැකි යැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මාතර රාහුල හන්දියේදී ප්‍රකාශ කළේය.
අධිවේගී මාර්ගයට සම්බන්ධ පිවිසුම් මාර්ග ඉදි කිරීමට මාතර සිට ගොඩගම දක්වා රුපියල් කෝටි 64 ක් වැය වන බවත් ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් 420 දෙනකුට රුපියල් කෝටි 44ක ආසන්න ප්‍රමාණයක් ගෙවු බවත් මාතර මහානාම පාළමට සමාන්තරව විකල්ප මාර්ගයක් ලබා දෙන ලෙසත් ඇමති ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න නැතත් කමක් නැහැ, වලවල් වල වැටෙන්නේ නැතුව ගෙදර යන්න පුළුවන්නේ. පක්ෂය පාට මොනවා වුනත් කමක් නැහැ පාරවත් හදලා දෙනවනේ. (නි)
මේක දියුනුව නෙවෙයි. මේ නැති වෙන්නේ අපේ ගොවිබිම් . මේ පුංචි රටට මේ තරම් ලොකු පාරවල් මොකටද ? පිට රටවල ඉන්න කට්ටියනම් හරියට සතුටු වෙනවා වගෙයි , අල බතල ටිකක් හිටවගෙන කාපු අපේ මිනිසුන්ගේ බඩට පාර නේද මේ ?(නදී)
සුජා, සම්පත්,සරත් ඔයාලා හරි. මේ ගැන මම හිතන දේ දැම්මොත් මට ලංකාවේ ඉන්න අය දොස් කියාවී,රන්ජනී දන්නා දෙයක් නැහැ කියලා. (නි)
අනේ අපේ ජනාධිපතිතුමා අවුරුද්දට තුන් පාරක්වත් ඉපදුනානම් කියල හිතෙනවා. (අ)
මේ සන්නි යකා නටන්නද ඇමතිලා බෙර ගහලා අරන් යන්නේ. මේ පහත්, සෘන මානසිකත්වය දැන්වත් නතර කරන්න. දියුණු රටවල් දිහා බලන්න. ජනාධිපති ආවත් සැලියුට් එකක් විතරයි ලැබෙන්නේ.(නදී)
හොඳ දේකාට කඩේ යන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ . රටට වෙලා තිබෙන , ඇහැට පෙනෙන්න තිබෙන ,යහපත් වෙනස කතා කරන්නේ නැති , රටේ වෙන්නේ නැති වැඩකට නැති මනස්ගාත ගැන කතා හදන අය හැමදාම ඉන්නවා. හැබැයි දැන් ජීවත් වෙන වැඩි දෙනා ඒවා පිළිගන්නේ නැහැ. අන්තර්ජාලයෙන් ආවත් එහෙම කෙනා කවුද කියලා හොයන්න පුළුවන්. ඒක නිසා සම්පත්ලා ලක්මාල්ලා ඔයිට වැඩිය වෙනස් ක්‍රමයක් හොයාගන්න. හරි දේට හරි කියන්න ලැජ්ජා නම් කට පියාගෙන බලාගෙන ඉන්න. (නි)
හැම දෙයක්ම ඇරෙන්නේ උපන්දිනයක් අල්ලලමයි.(නදී)
මම නම් කඩේ යන්නේ නැහැ. ඒත් රටක මාර්ග පද්ධතිය දියුණු කිරීම සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක්. සුද්දා මෙහෙ ඇවිල්ලා අපේ රටේ තියෙන දේවල් සූරාගෙන යන්න හරි පාරවල්, රේල්පාරවල්, වරායවල්, ගුවන්තොටුපොළවල් හැදුවේ නැත්නම් ලංකාව මෙ තරමටවත් දියුණුවෙන්නේ නැහැ.(නදී)
මේ හොඳ වැඩේට අපගේ ප්‍රණාමය. (නදී)
සම්පත්, කඩේ යාම උරුම කර ගත් මෙවන් වන්දි භට්ටයන් සමග ඔබ වැන්නවුන් එක්වූ තැන රටට දෙවි පිහිට පමණි.(නදී)
සුජා මගේ ප්‍රතිචාරය හොඳට බලන්න. මම කියල නැහැ පාරවල් හදන එක හොඳ නැහැ කියලා. එත් මට අවශ්‍ය වුනේ ජීවන වියදම ගැන අවදානය යොමු කරන්නයි. ඇත්තටම මෙතැන ප්‍රතිචාර දාන අය අවංකවම බලන්න තමුන්ගේ ආදායමින් ජීවත් වෙන්න පුළුවන් ද කියලා. ඔය කියනවා වවාගෙන කන්න කියලා. මම කියන්නේ මේ වගේ ප්‍රොජෙක්ට් වලින් වවා ගෙන කන්න එපා කියලා.(නදී)
පුබුදු, දැනටමත් කොළඹ ඉඳන් කොට්ටාවට යන්න අවුටර් සර්කියුලර් අධිවේගී මාර්ගය හදාගෙන යනවා (නි)
එකේ මැති ඇමතිලා නිලදාරී ගල්ටික් කරන ගාණ දාල නෑනේ?(නදී)
දැන් ඉතින් ඔය පිවිසුමක් ලගින් මිනී පෙට්ටි සාප්පුවක් දාගමු.(නදී)
ලංකාවේ ඉන්න බහුතරයක් සංවර්ධිත රටවල් දැකල නැහැ. හැබැයි අපේ රටේ නම් ඇත්තටම සංවර්ධනය වෙලා ඉන්නේ දේශපාලකයන්. (නි)
පාරවල් හදන එක හොඳයි. මේ සමහරු දන්නෙ නැහැනේ දැන් අපේ මිනිස්සුන්ට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ කියලා. දැන් අදිවේගෙන් ගිහල්ලා, කොළඹ කැසිනෝ ගහලා, ලෝටස් රෙස්ටුරන්ට් එකෙන් කාලා, හම්බන්තොට එන්න පැය 4ක් ඇති. අපි යන්නේ ලැම්බෝගිනියේ, යනවා 250ට. (නි)
ලක්මාල්, මේකේ ඔයාට දාලා තියන ප්‍රතිචාර හොදින් කියවා, මෝඩකම දුරලන්න. (නි)
හොද දේට හොදයි කියන්න බැරි කුහකයෝ ඉන්න රටක් මේක. (නි)
මේක ලංකාවට අධිවේග වුනාට, ලෝකයේ බොහෝ දියුණු රටවල වේගය 120..... (නි)
මෙම අධිවේගී මාර්ගය තවත් රට අභ්‍යන්තරයට වෙන්න නිර්මාණය කළයුතුව තිබුනා. මෙම මාර්ගය රට අභ්‍යන්තරයට වෙන්නට ඉදිකිරීමෙන් වැඩිදෙනකුට ප්‍රතිලාභ හිමිවීමට තිබු අතර,වඩා අඩු දුර ප්‍රමාණයකින් හම්බන්තොටට පවා ලගා වීමට ඉඩ තිබු අතර , කතරගම, අම්පාර වැනි නගර ඉලක්ක කර ලංකාවේ වැඩි ප්‍රදේශයක් ආවරණය කල යුතුව තිබුණි. (නි)
මොකද සමහරවිට කියන්නේ?(නදී)
මොකද සමහරවිට කියන්නේ??(ස)
ඕව මොනවාද කෝටි 8 ක වාහනයක් ගන්න පුළුවන් මිනිස්සුන්ට?(ස)
දැන් ඉක්මනටම මහ ගෙදරට පණිවිඩ අරගෙන එන්න පුළුවන් කඩේ යන මාමන්ඩිලට හොදට කේලම් කියාවී.(නදී)
අපේ සම්පත් කාබාසිනියා කරන, දේශීය සම්පත් වන කොන්ක්‍රිට් ගල් නිකරුනේ නාස්ති කිරීම ගැන වහා අවධානය යොමු කල යුතුයි. මෙසේ සිදුවන්නේ ප්‍රමිතිකරනයේ වැරදි නිසා සහ අධි තක්සේරු කොට සම්පත් අපතේ යැවීමට සලැස් වීමක්ද?(නදී)
අපේ සම්පත් කාබාසිනියා කරන, දේශීය සම්පත් වනාන්තර කොන්ක්‍රිට් ගල් නිකරුනේ නාස්ති කිරීම ගැන වහා අවධානය යොමු කල යුතුයි. මෙසේ සිදුවන්නේ ප්‍රමිතිකරනයේ වැරදි නිසා සහ අධි තක්සේරු කොට සම්පත් අපතේ යැවීමට සලැස් වීමක්ද ?(ස)
දකුණේ පාරවල් විතරද ඉක්මනට හදලා ඉවරකරන්න ඕනෑ? එතකොට අනුරාධපුරය, නුවර, හලාවතට අධිවේග මාර්ග දෙන්නෙ නැද්ද? (නි)
සමහර අයට කන එක හැර වෙන කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් ඒක තමා දන්නා එකම දෙය. දියුණුව සංවර්ධනය, තාක්ෂනය, රට, ජාතිය මේවා කිසිවක් දැනෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනයෙන් ඔලු හිරි වැටිලා. හැමදාම දුකම තමා. (නි)
සංවර්ධනය නිසා ලංකාවේ බඩු මිල කෙතරම් වැඩි වුනත් අපිට කමක් නැත. අපිට එය දැනෙන්නේ නැත. අපි ඉන්නේ පිටරට. ලංකාවට නිවාඩුවට ආවම ඉක්මනින් පහසුවෙන් ගමන් යන්න පාරවල් ටික හදන එක හොද දෙයක්. අපි එනකොට ලංකාව ලස්සනට තිබ්බොත් ඇති. අපිට එතකොට මෙහෙත් සැප ලංකාවට ආවමත් සැප. (නි)
නොවම්බෙර් 18 වෙනිදා ආරම්භ කල වියපෘති වලින් බලාපොරොතු උන ප්‍රතිපල ලැබී නැත එමනිසා වෙන දිනයක් යොදා ගන්න.(නදී)
කොටුවේ සිට නාරාහෙන්පිටට පැයයි. මාතරට 1.30 යි. ළඟ ළඟ වෙන්න ඇත්තේ නේද ? (ස)
රටේ සමහරක් අයට අවශ්‍ය කාලා බීලා විතරක් ඉන්න. ඒ උනාට ඊට පස්සේ කියනවා රටේ සංවර්දනයක් නෑ කියලා. ඔය විදියට තමන් කාලා බිලා විතරක් ඇති කියල හිතන මිනිස්සු හිටියොත් කවදාවත් සංවර්දනයක් වෙන්නේ නෑ. ඔය වගේ කතා කියලා මිනිසුන්න්ව බොරුවට රවට්ටන මිනිස්සු කට්ටියකුත් මේ රටේ ඉන්නවා. ඒ නිසා ඒ අයගේ කීමට යටත් නොවී බුද්දීමත්ව තමන්ගේ අනාගත පරපුර ගැන හිතල රටේ සංවර්දිත කටයුතු වලට සහය දෙන්න. (නදී)
රටේ මාර්ග අත්‍යාවශ්‍යයයි.ඒ ගැන තර්කයක් නැහැ.තර්කය ගණන් හිලවු ගැනයි. අන්තිමට බාල පාරක් අපට ලැබෙන එක ගැනයි. අපි ණය ගෙවන එක ගැනයි (නි)
ඉන්දික. හැම රටේම දුෂණ තියෙනවා. විපක්ෂය ඉන්නේ එකට තමයි. අපේ විපක්ෂය බුදි.(ස)
ලංකාවේ හැමතැනටම යන්න අදී වේග මාර්ග තියෙනවනම් හොඳයි. එතකොට මට මගේ ලම්බෝගිනි එකෙන් බඩගිනි උඹලව අමතක කරලා යන්න පුළුවන්.(නදී)
පාරවල් හදන එක ඉතා හොඳයි. ඒත් අපේ රටේ අනවශ්‍ය උත්සව තියන එක නවත්වන්න ඕනෑ. පාරවල් හදන එකට මැති ඇමතිතුමන්ලාට ස්තුතියි. අපට විදුලි දුම්රිය පද්ධතියක් ඇතිකරන්න මහතුනි. ඔබතුමන්ලාට ජයවේවා! (නි)
යටිතල පහසුකම් දියුණු වීම හොද වුණත් ආර්ථික තත්ත්වය සමබර කර ගැනීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ (නි)
අනේ ඉතින් අපි වගේ සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද? (නි)
රටක් දියුණුවට මාර්ග පද්දතිය ඉතා වැදගත්. (ස)
කඩේ යන අයට ඉතින් ලොවෙත් නැති නිවුස් එකක්. (ස)
මේ පාරේ යන මගී බස් රථවලින් ගන්න ගාස්තුව අඩු කරන්න, මගීන්ගෙන් ගන්න ගාස්තුවත් අඩු කරන්න, එතකොට මේහි ප්‍රතිලාභ දුප්පත් පෝසත් සියලු දෙනාටම ලැබේවි, දුපතුන් ඕනේ වෙන්නේ චන්ද කාලෙට විතරයි. (ස)
ලංකාවේ ඉන්න ඇතැම් අයට මොළේ කළඳක් නෑ. ඒ නිසා පාරවල් එයාපොර්ට්, වරායවල් කන්නද අහන්නේ. ගොඩක් දෙනෙක් කතා කරන්නේ කෑම ගැන. ඒ කියන්නේ බඩ ගෝස්තරේ ගැන. ලජ්ජයි. තම තමන්ගේ දරුවන් ගැනවත් හිතල සංවර්දනයට අකුල් නොහෙලා අත දෙන්න බලන්න. (ස)
මාතර සිට කොට්ටාවට පැය එකහමාරයි, එතොකොට ගත්ත නය ගෙවන්න කොච්චර කල් යාවිද? (ස)
ඉන්දික, අරක්කු බාර් ගාව ඉන්න සෙනග බලන්න. එතකොට පෙනෙයි මිනිස්සුන්ට කන්න නැද්ද කියලා. සුජා කිව්වා වගේ අතපය හොලවලා වැඩක් කරන්න. හොඳ වැඩවලට ගරහා ගරහා ඉන්නේ නැතුව. (නි)
ගණන් හිලවු එහෙම කොහොමද.... සංදර්ශනයට වෙන් කරපු ගන්නත් මිට ඇතුලත්ද...? (ස)
කොළඹ ඉඳලා කොට්ටාවට අධි වේගී මාර්ගයක් හදන්නේ කවදද? (ස)
මොරෝටුවේ දිගරොල්ල පාලම හදන්නවා කිව්වා මාස 2 කින්, දැන් මාසයක් බවරයි ඒවගේද මේකත්, පාලම නම් තවම එතනමයි. (ස)
වියදම විතරනේ දාලා තියෙන්නේ. අපිට තව විස්තර දෙන්නකෝ (නි)
අපේ අනාගත පරපුරේ වාසනාව...ඉක්මනින් යන්න එන්න පුළුවන්. (නි)
මාතර සිට කොට්ටාවට පැය එකහමාරයි .එතැන් සිට පැය දෙකයි. එකතුව පැය තුනහමාරයි. (ස)
ඉන්දික ,ඔයාට හණමිටි අදහස්නේ තියෙන්නේ. මොනවද මල්ලි, වවාගෙන කන්න පුරුදු වෙනවාකෝ. අත පය නැද්ද , රස්සාවක් කරන්න? රටේ සංවර්දනයට අකුල් හෙලන්නේ ඇයි? (නි)
දැන් ඔය කාට යන්නද මේවා හදන්නේ. (නි)
අපිට සතුටු වන්න පුළුවන් මිනිසුන්ට යහමින් කන්න බොන්න පුළුවන් ක්‍රියාදාමයක් ඇති කලහොත්. (නි)
චාල්ස් කුමාරයව පැය දෙකහමාරකින් විතර මැදමුලනට එක්ක ගිය හැකි වගේ. (ස)
පාරවල් හදන එක හොදයි. එත් ජනතාව ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. දැන් අපට ඔය පාරවල් වල යන්න තියා එදා වේල හොයාගන්නත් බැරුවයි ඉන්නේ. (ස)
මේ ප්‍රතිචාර බලනකොට හිතෙන්නේ මේ රට කොතනට ගියත් විනෝද වෙන පිරිසක් ඉන්නවා කියන එකයි (නි)
රටෙන් 20% දියවැඩියාව. තවත් කන්න තමයි හදන්නේ. කොයි රටෙත් හිඟන්නෝ ඉන්නවා. ලක්මාල් සුබවාදී වෙන්න ටිකක්.(ස)
ඔක්කොම ඉන්නේ අදහස්, යෝජනා ඉදිරිපත් කරන අය. පාර හැදුව පස්සේනේ දියුණුව පේන්නේ. (නි)
අර කාලයකට ඉහතදී ජනාධිපතිතුමා යෝජනාවක් ගෙනත් තිබුන නේද වේග සිමා වැඩිකිරීමට සලකාබලනවා කියල්ල. එම යෝජනාවට මොකද උනේ? (ස)
හොඳායි
මේවා නම් හොඳ වැඩ. ඉන්දන පාවිච්චිය පිරිමෙහෙනවා . ගමන් කාලය අඩු වෙනවා . නමුත් මේ අධි වේගී මාර්ග වල යන්න නීති පද්දතියක් ඇති කරලා. එයට ඇතුල් වන වාහන මොන තත්වයේද යන්නත් සැලකිය යුතුය.(ස)
සමාවෙන්න ලක්මාල් සම්පත් නොවෙයි. ලක්මාල්, ඉන්දික.(නදී)
කවදද කොළඹ-නුවර මාර්ගය ඉවර කරන්නේ. ලංකාවේ වැඩි වාහන ප්‍රමාණයක් ගමන් කරන්නේ මේ මාර්ගයේ. (නි)
සම්පත්, ලක්මාල් වගේ අය නැති වෙච්ච දාට තමයි රට හැදෙන්නේ. (නි)
අනේ ඉතුරු ටිකත් ඉක්මනට හදන්නකෝ. අහස් යාත්‍රාත් නැති එකේ වාහනේකින් වුනත් දැන් ඒ වේගෙන්ම ගිය හැකිනේ එහාට. (නි)
දක්ෂිණ අධිවේගී මාර්ගයට වාහනය ඇතුල් වෙනවිට නිකුත් කරන අවසර පත්‍රයේ දිනය, වෙලාව,ස්ථානය සලකුණු වෙනවා . වාහන අංකයත් ඇතුලත් වෙන්නේ නැහැ. එකත් ඇතුලත් කලොත් හොඳයි කියල මට හිතෙනවා. මොකද එම නිසා ඇතුල් වෙච්ච වාහන වල විස්තරත් ඕනේ උනොත් ලබා ගන්න පුළුවන් වෙයිනෙ. (ස)
දක්ෂිණ අධිවේගී මාර්ගය හදාගෙන යනකොට අපේ ගම මැදින් යන සේරුපිට - දියගම පාරට උඩින් තමයි ගියේ. එතනට දාො තියෙන පාලම යටින් දිවෙන අපේ පාරේ ලොරියක් බස් එකක් යන්නේ හරිම අමාරුවෙන්. මොකද පාලම උස මදි. ඒක නිසා පාලම යට වලක් වගේ පහත් කරලා ලොකු වාහන යන්න හදාගෙන තියෙන්නේ. වැහි කාලෙට එතන වතුර පිරෙනවා. පයින් යන අයට ඒක හරිම කරදරයක්. (නි)
"මැති උතුමන් අතින් පාරේ කඩුලු ඇරෙනවා...... පාර අයිනේ අපි හැමදා බලා ඉන්නවා......" (නි)
සම්පත්.මෙතන කිසිම පාට කන්නාඩියක් නැහැ.මම කියන්නේ ඇත්ත. අපි ළිං ගෙම්බෝ වගේ මෙතන කාටවත් කඩේ යන ගොට්ටෝ වෙන්න ඕනේ නැහැ. මීට වඩා දේවල් රටේ සංවර්දනය කරන්න තියෙනවා. පිරිමි කම කියන්නේ මෝඩයෙක් වගේ කඩේ යන එක නෙමේ (ස)
ලක්මාල්, පාට කන්නාඩිය ගලවන්න. පිරිමියෙක් වගේ කෙලින් බලන්න. (ස)
ලක්මාල් හරි. හුගක් අයට මතක නැති හැඩයි අධිවේගයට මුල්ගල් තිබ්බේ කවුද කියලා (නි)
උපාලි කියන දේ හරියටම හරි... (ස)
සම්පත් ඔය මනින මිනුම් දණ්ඩ හරියන්නේ පවතින ආර්ථිකය මත මාල ,හොරකන්,වංචනික ක්‍රියා කරන අය ඇරුනම ඔබ දන්නා මාසික පඩියක් ගන්න කවුරුත් ඔය අතර නැහැ. යම් කිසිදයක් තද කරගන උඩට මතුවන දේ වටිනාකමක් නැහැ. බාර් වලට යන අය ඔබ දන්නවා නේද?(නදී)