කොළඹ යාචකයෝ 100 ක් ඉදිරි දින වලදී වීරවිල පිහිටි යාචක පුනරුත්තාපන කදවුරකට රැගෙන යාම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.
කොළඹ යාචකයෝ 100 ක් ඉදිරි දින වලදී වීරවිල පිහිටි යාචක පුනරුත්තාපන කදවුරකට රැගෙන යාම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අහවල් ඇමතිතුමාවත් එතකොට වීරවිලට ගෙනියනවද පුනරුත්ථාපනය කරන්න? (නි)
ආදායම් ඉපයීමේ මාර්ගයක් උදේට හොඳ නෝනා මහත්තයල වගේ කොළඹට ඇවිල්ලා කුලියට ගත්තු කාමරයට ගිහින් වෙස් මාරු කරගෙන හොඳට හිඟා කාලා ආයෙත් හවසට වෙස් මාරුකරගෙන ගෙදර යන හොඳ ෆොසත් නෝනා මහත්තයලා ඉන්නවා.(නදී)
හොඳ වැඩක්. කොළඹ පමණක් නොව, අනෙකත් නගරවල ඉන්න හිගන්නොත් අලලා ගෙනියන්ද. මෙයට රජයට සත්ති. හැබැයි වැඩේ හරියට කරන්ඩ. පවුමෙන්ට් වෙලදමත් , පිටකොටුවේ බෝ ගහ ළඟ කඩත් අයින් කරන්ඩ. පිටකොටුව මනින් වෙළඳ පොළ තියෙන තැන සපු සංකීර්ණ ඉදි කරන්ඩ. (අ)
මොන පිස්සුද ගිය සැරේ සමුලුවටත් මේ විදිහටම උනා. පුනරුත්ථාපනය කොහොම වෙතත් අදාළ කාලය තුල හිඟන්නෝ කොළඹ හිටියොත් ලංකාවේ ආශ්චර්යය රාජ්‍ය නායකයින්ට පේනවා. කොහෙට හරි ගාල් කරලා තිබ්බම හරි.(නදී)
කුරු කොහොම කියුවත්, අපි ඇත්ත කතා කරමු, අපේ රට ලෝකෙටම නයයි කියලා මුළු ලෝකෙම දන්නවා, උප දින්න ඉන්න දරුවොත් ලක්ෂ 3 ගානේ පිට රට වලට නයයි. අනික අපේ ගැහැණු පිට රට වලට වහල් කමට යවනවා කියල මුළු ලෝකෙම දන්නවා, මම එක සැරයක් ජෝර්දාන් වලට ගියා. ඒ ගමන මට ගුවන්තොටුපොළේදී දකින්න ලැබුන දුප්පත්ම මිනිස්සු ලංකාවේ අය. හැමෝම එයාලා දිහා බලන්නේ අමුතු විදිහට. අපි මෙහෙ ඉදල ලෝකෙට කොච්චර පුරසාරම් දෙඩුවත් හැමෝගෙම රෙදි හොදන්නයි , ළමයි බලන්නයි, ඉදුල් හොදන්නයි, එවගෙම් සමහර පිරිමින්ගේ අනෙක් අවශ්‍යතාවල් කරන්නේ අපේ අය කියලා කව්රුත දන්නවා, ලගදී මතකද එක ස්පෝර්ට් ඉවෙන්ට් එකකදී මොකක්දෝ රටකින් අපේ අරය කියල තිබ්බ " රෙදි අපුල්ලන්නන් " කියලා. ඒක නිසා අපි ඇත්තටම ඉන්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ, ඇත්තම කියුවොත් අපි වහල් සේවයට මිනිස්සු යවන රටක්. නමුත් පාලකයෝ නම් කියන්න, මේකේ ආචර්‍යයට යන ගමනක්, කියලා.(නදී)
වීරවිල පැත්තේ හිගන්නෝ කොළඹ රජ කරනවා කොළඹ හිගන්නෝ වීරවිල යනවා.(නදී)
මේ රටේ මිනිසුන්ට තියෙන්නේ හිගන මානසිකත්වයක් , සමහරෙක් දෙවියන්ගෙන් හිගකනවා , දේවාලවලට ගිහිල්ල කරන්නෙත් හිගැකාමමයි , පෝසත් දුප්පත් හැමදෙනාම කරන්නේ මුලුදවසේම ඉල්ලන එක . කාගෙන් ඉල්ලුවත් හිගමන හිගමනමයි , හේතුපල ධර්මය අවබෝධ වෙලා හිගන මානසිකත්වය නැතිවේව , සියලුදෙනාටම තෙරුවන් සුව (අ)
ලෝකයට අපි පෙන්නන්ඩ ඕනේ ඇත්ත. හිගන්නෝ කියන්නේ ජනතාවට පින් කරගන්න අවස්තාව දෙන අය. මම අත හෝදගෙන ඉන්නේ හිගන්නන්ට දන් දෙන්න. මේ අය කරන්නේ බොරු පෙන්නන්ඩ ගිහින් පරේදීත් පිනක් කරගන්න තියන තියන අවස්තාව නැති කරන එක. අන්තිමට අපිට වෙන්නේ දෙවියන්ට වෙච්චි දේ තමා. (අ)
ගරු දිලාන් පෙරේරා ඇමති තුමනි, අපේ ගනු සෞදි අරාබිය, ජෝර්දානය හෝ වෙනත් රටවලට ග්ර්හේ සේවය හෙවත් වහල් ස්‌වය නමැති හිඟ කමට අරින එක දැන්වත් නවත්වන්ද. ලකාවේ හිගන්නන් ඇල්ලීම ගැන රජයට මගේ සතුටත් සමග ප්‍රණාමය පුද කරමි.(අ)
අනේ මෙහෙමත් වැඩක් හිගන්නන්ට හිගාකාලාවත් ජිවත් වෙන්න දෙන්නේ නැහැනේ.පුනුරුත්තාපන කදවුරුවලට මෙයාලව ගෙනිච්චම මෙහෙ ඉන්න ලොකු ලොකු හිගන්නෝ ටික කොහෙටද දාන්නේ? (අ)
පුනරැත්තාපනය කලාම සල්ලි කොහිද
මධ්‍යම පන්තික ආර්ථිකයක් තියන මේ රටේ යාචකයෝ ඉන්න විදියක් නැහැ.(නදී)
හොඳ වැඩක්. නියම යාචකයින් කවුද කියල හොයල බලල ඒ අයට ජීවත් වෙන්න උපකාර කරන්න ඕන. අනෙක් අයට දඬුවම් ලබා දිය යුතුයි. (නදී)
පිට රට වලින් නයත් නය වලට පොලි වශයෙන් ආයෙත් නයත් ඉල්ලලා හැමදාම හිඟා කන අය කොහාටද දාන්නේ?(නදී)
කිසිවෙක් හිඟා කන්න ඕනෑ නැහැ.ඔවුන් පුනරුත්තාපනය කරන ගමන් ඔවුන් සතු සහජ හැකියාවන් හඳුනා ගත යුතුයි.ඉන්පසු ඔවුන් කිසියම් ආර්ථික කටයුත්තකට සහබාගිකරගත යුතුයි.නගරයක යාචකයන් සිටිම හොඳ නැහැ.මොකද ඔවුන් බොහෝ සමාජ විරෝධී දේවල් කරනවා මෙන්ම ඔවුන් ලවා එවැනි දේවල් කරවා ගන්නා අය ඉන්නවා.එසේම නගරයේ අලංකාරය ඔවුන් විනාශ කරනවා.එනිසා මෙය ඉතාම කාලෝචිත වැඩක්.බොහොම පින් මේ වැඩේට.ඇත්තටම අපේ රට දැන් පිරිසිදුයි සහ ලස්සනයි. (නි)
ඉන්දියාව , බංගලාදේශය ඇතුළු සමහර ආසියාතික රටවල්වල යාචකයන් පිරිලා. ඔවුන් මිනිසුන්ගේ ඇඟට ඇනලයි සල්ලි ඉල්ලන්නේ.ඒ අතින් ලංකාව වෙනස්.බිස්නස් හිඟන්නෝ අයින් කළොත්,නියම හිඟන්නන්ට මීට වඩා උදවු ලැබේවි.ලෝකේ බොහෝ රටවල යාචකයෝ ඉන්නවා,ලංකාවේ විතරක් නොවෙයිනේ.පුනරුත්ථාපනය කළ හැකි නම් හොඳයි. (නි)
හිගන්නෝ ටික වීරවිලින් උගන්ඩාවට යවමු. මොකද අපේ ආණ්ඩුව ඩොලර් මිලියන 160 ක් උගන්ඩාවට දුන්නනේ. (නි)
සමුළුව නිසා වෙන්න ඇති, එක ඉවර උන ගමන් අයෙත් ගෙනත් හිටපු විදිහටම ඉන්න වෙයි (දී)
අම්මප මේ කොමෙන්ට්ස් දාන හිගන්නෝ ටිකක් ඉන්නවා කොහාට හරි පටවන්න පුලුවන්නම් ලොකු දෙයක් ..සමහරු ආණ්ඩු පෙරලන්න හිගනවා..සමහරු අරාබි වසන්ත හිගනවා, සමහරු මල මිනී හිගනවා.මල කරදරේ.. හිගන්නෝ කිව්වට අය් ආර් සී හිගන්නෝ.දුන් නැත්නම් බලෙන් හරි ඉල්ලන දේ ගන්නය් හදන්නේ. (දී)
අනේ බන්දුල වගේ මිනිහෙක්. අපි කැමති හිගන්නෝ අල්ලනවට. හැබැයි අපේ රටේ ගැහැනු වහල් සේවයට අරිනාවට විරුද්ධයි බන්දුල මහත්තයෝ. (නි)
හිගන්නන්ට ඉන්න හෝටලයක් වගේ හොඳ තැනක් හැදුවොත් හොදයි. (නි)
හිඟන්නෝ වීරවිලට යවන්න කලින් සංතෝෂම් ගන්න නිළධාරීන් ටික යැව්වානම් හොඳයි නේද? (අ)
ඒක දවසක් මම කැලැන්ඩර් වගයක් අරෙගන පාරේ යනෙකාට හිගන්නෙක් . අනේ මටත් ඒකක් දෙන්නෙකෝ කියලා ඉල්ලුවා. ඉතින් මම ඇහැව්වාකොහේ ඒල්ලන්නද? කියලා. ඒයා කිව්වා ඇයි මම හවසටගෙදර යනවනෙ කියලා. ඉතින් මේ ගොල්ලොහිගා කන්නේ රකෂාවට . කරුණාකර ඔවුන්ට නිවාඩු දෙන්න.(අ)
අපි වීරවිලදී නැවත හමුවෙමු. ආයුබෝවන්! (නි)
පිල්ලේ මහත්මිය එන නිසාද
එතකොට ඡන්ද හිඟන්නන් ට මොකද කරන්නෙ ? (අ)
මෙයාලගේ ප්‍රධානියෝත් පුනරුත්තාපනය කලොත් හොදා නැතිනම් තව ටීම් එකක් හදාවි.(නදී)
කොලඹටම යාචකයෝ 100 ද ඉන්නේ? මේ පත්තරේට අදහස් දාන සමහර අය ලංකාවම කන්න නැති හිඟන රටක් ලෙස හංවඩු ගහන්නේ බොරුවට නැත්නම් ජන්ම පුරුද්ද අත හරින්න බැරුව.(නදී)
අනේ එතකොට මේකට්ටිය හිඟා කන්න දාල ගානක් හම්බකරගත්ත මුදලාලිලාට මොකද වෙන්නේ ?(නදී)
මෙයාලා ජීවිතේටම හරි හම්බ කරලා අතේ තියාගෙන ඉන්න සල්ලි ටික නම් රාජසන්තක කරන්න එපා. එලියට ආපු දවසට එයාල කන්න නැතුව මැරෙයි. (නදී)
මේ වගේ දෙයක් සිරිමාවෝගේ ආණ්ඩුව කාලෙත් නොබැදි ජාතීන්ගේ සමුලුවට කලින් කලා කියලා අපේ තාත්තා කියලා තිබුනා.(නදී)
අධිකරණ නියෝග අරගෙන ඊළඟට මුඩුක්කු වාසීන්, පදික වෙළෙන්දන්, වාගේ සියලු දෙනාම වීරවිලට නැත්නම් මහියංගනයට එහෙමත් නැත්නම් වැලිකන්ද පැත්තට ගිහිල්ල දාපුවාම කොළඹ සුරපුරයක් කියලා ලංකාවට එන නායකයින්ට පෙනේවී. කොහොමද ටිකිරි මොලේ.(නදී)
වීරවිලෙන් මත්තලට එතනින් ගුවනට.(නදී)
හිස්සා දන්නැහැ හිසාගේ ඔලුවේ මොනවද තියෙන්නෙය් කියලා.(නදී)
කෝටිපති යාචකයෝ අහුවුනොත් පුනරුථාපනය කරනකන් ඉදීද.(නදී)
ලෝකයට පේන්න හිගන්නෝ හැංගුවට වැඩක් නැහැ. මුළු ලෝකෙම දන්නවා ගැහැණු වහල් කමට රට යවන රටක් කියලා ශ්‍රීලංකාව. අපිට ලැජ්ජියි ලංකාවේ කියල කියන්න, මොකද හැමෝම බලන්නේ වපර ඇහෙන්. හවුස් මේඩ්ස් නැතිනම් ගණිකාවෝ පිට රට යවන රටක් කියලා පිටරැටියෝ දන්නේ.(නදී)
එක අතකට යාචකයෝ කියන්නේ අනුන් නිසා යැපෙන කොටසක්. මමත් සමහර වෙලාවට මගේ බිරිඳ නිසා මෙහෙම ජීවත් වෙනවා. වාහනයේ ෆිනෑන්ස් වාරික ටික ගෙවා ගන්න බැරිව බිරිදට උකස් කරන්න දැන් මටත් හිතිලයි තියෙන්නේ.(නදී)
මේ වගේ අධිකරණ නිගමන ගැන කලින් සදහන් කිරීමෙන් එම ක්‍රියාවලියට බාධා වෙන්නේ නැද්ද?(නදී)
එතකොට අර කතරගම ඉන්න හිගන්නෝ කතරගම දේවාලෙට යන පාරේ හැමතැනම. ඒ අයට මොකද වෙන්නේ. කතරගම දෙවියන්ගේ පිහිට විතරමද? හැබැයි ඉතින් තව එකක්, අර මාලු ලෑල්ලේ වැඩකරන මිනිහා ඒකේ නිදාගන්නවා නම් පිලී ගද නැති උනාම වතුර චුට්ටක් ඉහිනවලු. පිලි ගද එන්නේ නැත්නම් පුරුදු පිලී ගද නැතුව නින්ද යන්නේ නැහැලු. ඒ වගේ සමහර අයට හිග කෑවේ නැත්නම් ගතියක් නැහැ.(නදී)
හිගා කන්න පුරුදු වෙච්ච අය ආයෙ මොන පුනරුත්තාපනේ කරත් වැඩක් නෑ.මොකද හිගා කන එක නියම ප්‍රොෆිටබල් බිස්නස් එකක්. (නදී)
කට්ටිය වීරවිල ගිහිල්ලා කන්සා වවන්න පටන් ගත්තොත් කොහොමට තියේවිද?(නදී)
ලලිත් දුක් වෙන්න එපා. කට්ටිය එහෙ ගිහින් කන්සා වවල මුදලාලිට පංගුව එවයි.(නදී)
මෙයාලගේ නියම විස්තර හොයල බැලුවොත් ආදායම් බදු වලටත් අහුවෙන අය ඉන්න පුළුවන්.(නදී)
ඇයි ලලිත් එතකොට මේ ගොල්ල පොලියට දීපු සල්ලි? හයර් එකට දාල තියෙන වාහන? ඒවාට මොකද වෙන්නේ?(නදී)
අද ලෝකේ යාචකයෝ කොහිද නැත්තේ ,ඇයි මේ ලෝකයාව අන්දන්න එපා .අද ලෝකේ ලංකාවේ ඇත්ත තත්වය අඳුනනවා.(නදී)
ඕව ඔහොම කරන්න බැහැ ඉස්සෙල්ල ක්‍රමවත් දිලිදු සහන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න ඕනේ ඊටපස්සේ ලංකාවේ හිගාකන්න බැහැ කියලා පනතක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්න ඕනේ , නැත්නම් හිගකෑවා කියලා මිනිස්සු බලහත්කාරයෙන් රදවා ගන්න බැහැ , ලංකාවේ දැන්වත් හිගන්නෝ ඉන්නවා. නමුත් කිසිම සරණක් නැතුව මහපාරට වැටුන මිනිස්සු කොටිඨාශයකුත් ඉන්නවා.(නදී)
"හිඟන්නා" ගේ නිර්වචනය මොකක්ද? "හිඟමන් ඉල්ලීම" කියන කාරණේ ගත්තොත් ඇමැතිවරුත් යනවනේ ලෝකේ පුරාම ඒ වැඩේට. ආදායම් මට්ටම ගත්තොත් ලඟදි පත්තරේ තිබුන රුපියල් 15000 ක දිනපතා ආදායමක් ලබන හිඟන්නෙක් ගැන. එයත් මේ 100 ට ඇතුලත්ද? රජයේ සේවකයෝ කවුරුහරි මෙතන නැද්ද? මුදල් හැර වෙනත් දේවල් හිඟාකන, ඒ කියන්නේ ඡන්දෙ වගේ දේවල් හිඟා කන අය අයිති නැද්ද? හිඟන මුදලාලිලා වැටෙන්නේ කොයි ගණයටද? අධිකරණයට ලේසි නැතිවෙයි ප්‍රශ්නේ විසඳන්න. (නදී)
ලංකාවේ මිනිස්සු ගැන මට කනගාටුයි. ආණ්ඩුවේ කපටි වැඩ.(නදී)
කොළඹ කොටස් වෙළඳපොල පහල බහියි මේ වැඩෙන්. කොළඹ ගොඩක් 'පේමන්ට් ව්‍යාපාර' රෝල් වෙන්නේ මේ අයගේ සල්ලි වලින්.(නදී)
බොහෝ දියුණුවෙමින් පවතින රට වල මේ වගේ දේවල් කරනවා රාජ්‍ය නායකයන් ඒ රටවලට එනකොට. මම හිතනවා පුනරුත්ථාපනය කරන එක හරියන දෙයක් නොවෙයි කියලා. මේ අයට දිගු කාලින වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.(නදී)
අන්න හරි මතිෂා මෙයාලව වීරවිලට පටවන්නේ නොවෙම්බෙර් මාසේ පවත්වන පොදු රාජ්ජය මණ්ඩලයේ රාජයානායක සමුළුවට සුදානම් වෙන්න.(නදී) .