IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කොළඹ රෑ රේස් ලබන ඉරිදා

කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියා මෝටර් රථ රේසිං සමාජය සමග ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව තුන් වැනි වරටත් සංවිධානය කරන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය මේ මස 15 වැනි දා රාත්‍රී පැවැත්වීමට නියමිතය.

ඒ වෙනුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගයන් ධාවන පථ මෙන් වැලි කොට්ට සහ ටයර් යොදා සකසන අයුරු මේ දිනවල දැක ගත හැක.

තරඟ නැරඹීමට පැමිණෙන්නවුන්ගේත් තරග වදින ධාවකයන්ගේත් ආරක්ෂාව උදෙසා මෙලෙස මාර්ග දෙපස වැලි කොට්ට සහ ටයර් එකිනෙක මත එක පවුරක් ලෙස සකසන අතර සම්පූර්ණ ධාවන පථය සදහා වැලි කොට්ට එක්ලක්ෂ පනස් දහසක් පමණ සහ ටයර් පන්දහසක් පමණ යොදා ගැනෙයි.

 



අදහස් (0)

කොළඹ රෑ රේස් ලබන ඉරිදා

මහින්ද Sunday, 08 December 2013 09:52 PM

රටේ වැඩි පිරිසකට එක වේලක් කාපුවහම අනිත් වේල කන්න මුදල් නැති තත්වයක් තියෙන්නේ.මේ විදියට රටේ සල්ලි කාබාසිනියා කරන බොරු වැඩ නතර කළ යුතුයි. අඩුතරමේ ඔය වැලි කොට්ට වෙරළ තීරයේ අැතිරුවා නම් අපේ රටේ බිම් අඟලක් හරි මුහුදු ඛාදනයෙන් බේරා ගන්න තිබුනා.අහෝ! ශ්‍රී ලංකා (නි)

:       0       0

මනිල් Sunday, 08 December 2013 10:08 PM

ජය වේවා! (නි)

:       0       0

අහිංසක Monday, 09 December 2013 10:15 AM

ශ්‍රී ලංකාවට ආශ්චර්යයක්ම වේවා! (නදී)

:       0       0

ජයා Sunday, 08 December 2013 04:53 PM

මහසෙන්, මීට වැඩිය තව දෙයක් නැහැ. (නි)

:       0       0

බණ්ඩා Sunday, 08 December 2013 10:29 PM

නියමයි. රටේ සංවර්ධනය කියන්නේ මේකටයි. ළිං ගෙම්බෝ වගේ බලන්න එපා (නි)

:       0       0

රුවන් ගමරාලගේ Sunday, 08 December 2013 10:29 PM

මතක නැද්ද අපි මේ යන්නේ ආශ්චර්යවත් ගමනක් කියලා? ලබන අවුරුද්දේ අපි මත්තල ඉඳලා කටුනායකට ප්ලේන් රේස් පටන් ගනිමු (නි)

:       0       0

මේනක Monday, 09 December 2013 10:27 AM

රටක් දියුණු කරන්න මේවා කරන්න ඕන. අපේ රටේ මිනිස්සු කම්මැලියෝ. නිකන් කන්න බලන් ඉන්නේ. රට දියුණු වෙනකොට බඩ ගැන විතරක් හිතල බැහැ. අපේ රටේ මිනිස්සු කන්න නැතුව මැරිලා නැහැනෙ? තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න. අනිත් මිනිස්සු කරන දේවල් වලට ඊරිසියා නොකර. දියුණු වුනු රටවල් වල අතීතයත් මේ වගේ තමයි. (ස)

:       0       0

දර්ෂා Monday, 09 December 2013 10:35 AM

කවුරු කවුරුත් බලය තියෙන කොට උඩ පනිනවා නැතිකොට ?? මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි. (ස)

:       0       0

පබිලිස් Monday, 09 December 2013 05:25 PM

කීයක් ගියත් මොකෝ. රටේ පාරවල් තියෙන්නේ, රටේ සල්ලි තියෙන්නේ ජනතාවට ඕනෑ දේවල් කරන්න නෙමෙයි නේ. (නි)

:       0       0

ලසිත Sunday, 08 December 2013 05:02 PM

ඔය සජිත් කියන කෙනාට කියන්න පුලුවන්ද මේකෙන් වෙන සුබ දේ ගැන, වැරදිදේට කට ඇරලා වැරිදි කියන්න පුළුවන් නියම සිංහලයෙක් වගේ හැසිරෙන්න? ලංකාවේ මිනිසුන්ට දැන්වත් මොළේ පෑදේවා! (නි)

:       0       0

මානගේ Sunday, 08 December 2013 11:08 PM

හැමදේකම දෙපැත්තක් තියෙනවා, හොඳ සහ නරක කියලා. (නි)

:       0       0

කුමා Monday, 09 December 2013 05:34 PM

ලංකාවේ ආශ්චර්ය කියන්නේ මේකට වෙන්න ඇති....අපේ ගම්වලට ඇවිත් බලන්න ඕන මිනිසු ජිවත් වෙන්න විදින දුක කොයි වගේද කියලා..මේවද ලංකවේ කරන්න තියන මහා ලොකු වැඩ...(දිල්)

:       0       0

රාධා Monday, 09 December 2013 10:49 AM

මේනක, රටක් දියුණු කරන්න නම් කරන්න ඕනේ රේස් පදින ලම්බෝගිනි වලට බදු ඉවත් කරල ,හේන, කුඹුර, හාන අත් ටැක්ටරේට බදු ගහලද.?අර අහවල් ඇමතිතුමිය අය වැය විවාදයේ ඉල්ලා සිටිය දුප්පතාගේ පෝෂණය ගැන සිතා හාල්මැස්සෝ වලට පැනවූ බද්ධ ඉවත් කරන්න.කෝ ඉවත් කලද?රටේ බහුතරයක් කුසගින්නේ සිටියදී කෝටි ගණන් වියදම් කර කීප දෙනෙකුගේ මන දොළ පිනවීම උදෙසා පාරවල් වසා රේස් පැවැත්වීම රටේ දියුණුවද?කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඔබේ ඔය වගේ කතා වලට තමා.රටේ සමස්ත ජනය ගැන සිතා ගන්න තීන්දු තීරණ සහ කීප දෙනෙක් උදෙසා ගන්න තීන්දු තීරණ වල වෙනස වටහා ගන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 09 December 2013 11:00 AM

ටිකිරිට හීනෙනුත් මාව පේනවා වගේ..ඩුප්ලිකේට් එක මගේ අඩුව පුරවල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති..කොහොම උනත් මමත් හිතනවා මේ තරගාවලියෙන් කොළබ නගරයේ දෛනික ක්‍රියාවලියට ඍජුවම බාධාවක් ගෙන නොදුන්නත් වක්‍රව හෝ බල පෑමක් වෙනවා කියලා..පහර ගහන්න බලාගෙන ඉන්න එවුන්ට ආයුධ අතට දීල පහර ගස්සවා ගැනීමක් හැටියට තමයි මමත් මේක සලකන්නේ..මේ වගේ තරගාවලි තිබිය යුතු වුනත් මේක ඒකට සුදුසු පරිසරයක් යොදා ගෙන පවත්වන්න බලධාරීන් කටයුතු කරනවා නම් වඩා හොඳයි..මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි උනත් මීය කඩන කොට ඒකට අවශ්‍ය උපක්‍රම නොයෙදුවෙත් වෙන්නේ අතපය බැදගෙන ඉස්පිරිතාලේ ඉන්න.. (ස)

:       0       0

ලාල් Sunday, 08 December 2013 11:58 PM

එක රුපයක ,පේමන්ට් එක වැලි ගෝනි නිසා මිනිස්සු පාරේ යනවා.ඔය කොළඹම වෙළෙන්දෝ නිසා පේමන්ට් අවහිර වෙනවා කියල ඒ අහිංසකයන්ව එලෙව්වා.කපුවා කෝවිල කතා කලාට නඩු දාන්න බෑහලුනේ.(ස)

:       0       0

සිරිමෙවන් Sunday, 08 December 2013 11:59 PM

වසරකට වරක් අප වෙනුවෙන් කරන ඉතා හොද වැඩක් විශේෂ රාත්‍රී දුම්රිය සේවයක් තිබුනානම් අපට පහසුයි අව්රුද්ද පුරාම කුබුරු කොටලා ගස් නැගල තේ දළු නෙලලා ගල් වලේ වැඩ කරලා කිසිම විනෝදයක් නැහැ එනිසා කුඹුර උගස් තියල හරි හිල්ටන් එකේ කාමරයක් අරගෙන මේ රේස් එකනම් කොහොම හරි බලන්න වටිනවා, (ස)

:       0       0

කසුන් Sunday, 08 December 2013 05:27 PM

මෝටර් රථ තරඟ කියන්නේත් ක්‍රීඩාවක්. ක්‍රිකට්,මළල ක්‍රීඩා වගේම. ඒ වගේම ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රීඩාවක්. රටක් විදියට අපේ රටේ තරුණයන්ට අවස්ථාවක් තියෙනවා මෝටර් රථ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ඇත්තටම මීටත් වඩා තරඟ ඉසව් සංවිධානය වෙන්න ඕනෑ. ඇත්තටම අපේ රටේ මොටර් රථ ක්‍රීඩාවට මිට වඩා දෙයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කාවින්ද Monday, 09 December 2013 05:48 PM

නියමයි තමා ඉතින් (නි)

:       0       0

ජෙහාන් Monday, 09 December 2013 12:09 AM

මුන්ට සාප වදිනවා මේ කරන දේවල් වලට.රෝමය ගිනි ගනිද්දී නීරෝ වින වයනවා වගේ.රටේ ප්‍රශ්න උඩ නැගල කෝටී 1.30 වඩා වැලි කොට්ට වලට වියදම් .(ස)

:       0       0

බණ්ඩාර Monday, 09 December 2013 12:21 AM

ලංකාවේ රේඑස් පදින්න වියදම් කරන සල්ලි වලින් සියයෙන් එකක් වියදම් කරලා මුළු වයබ පළාතක් විනාස වෙලා තියන වල් අලි ටික වනොද්‍යානයකට දාන්න.මේ කොමන්ට්ස් කියවන කෙනෙක් ඉන්නවනම් ටිකක් හිතල බලන්න අද වයබ පළාතට වෙලා තියන විපත (ස)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Monday, 09 December 2013 12:24 AM

මේ පාරවල් දිගේ දාපු වෙලිකොට්ට දකිනකොට හිතෙන්නේ,1971 ජ්ව්පී කැරළි දවස් (ස)

:       0       0

කාවින්ද Sunday, 08 December 2013 05:46 PM

බලන්න බැරි කට්ටිය හිතේ අමාරු අය නොබලා ඉන්න. ටිකට් ගත්ත අපි බලනවා. සිංගප්පුරුවෙ එෆ්1 ට්‍රැක් එක හදන්නෙත් නගරෙ ඇතුලෙමයි. ඒක හින්දා කොළඹ නගරෙ ට්‍රැක් එක හදන එක හොදයි බලන අයටත් පහසුයි. (නි)

:       0       0

සම්පත් රත්නායක. Monday, 09 December 2013 06:06 PM

රටේ කන්න නැතුව කොච්චර නම් දුක් විදිනවද? ලෙඩ හැදිලා කොච්චර නම් දුක් විදිනවද? මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වුණා නම් මොකද වෙන්නේ? අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි නේද ඔය වියදම් කරන්නේ? (නි)

:       0       0

කුමාරගේ Monday, 09 December 2013 12:41 AM

ශ්‍රී ලංකාවට ආශ්චර්යයක්ම වේවා! (නි)

:       0       0

ජයා Sunday, 08 December 2013 05:51 PM

කසුන්, ඔබ කියන අදහස වැරදි නැහැ. නමුත් අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඉක්මන් වැඩි නැද්ද? (නි)

:       0       0

තුසිත අබේකෝන් Monday, 09 December 2013 01:12 AM

මේකේ කිසි වරදක් නැහැ අපේ රට ණය ගන්න රටක් නොවුණා නම්. මේවට ගෙවන්න වෙන්නේ ඉදිරියට ඉපදෙන දරුවන්ගේ අනාගතය උකස් තියලා තමයි. තවම බෝහෝ දෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 09 December 2013 01:19 AM

මිගාර,මම ලියලා තියෙන අදහස දෙපාරක්,තුන්පාරක් කියවලා තේරුම් ගන්න.කොළඹ රේස් තියන එකට මම අනියම් අකාරයකින් විරෝධය පළ කරලා තියෙන විදිය ඔයාට තේරුම් ගන්න බැරි වුණාද දන්නේ නැහැ.මම ඒකෙන් කිවුවේ අය වැයෙන් අහිංසකයන්ට පඩිය 500ක් වැඩි කරපු එකෙන් ඇති වැඩක් නැතිකමත් බලු කෑම සදහා බදු අය නොකිරීමත් සමච්චලයට ලක් කිරීමයි. ප්‍රභාකරන් හිටියාන මිට වඩා හොදයි කියලා ටිකිරි කියන එකට මම විරුද්ධයි. හේතුව .... ප්‍රභාකරන් හිටියා නම් අහිංසක සිංහල,දෙමල,මුස්ලිම් අය දිනපතාම මැරේවි. ඔයාටයි ටිකිරිටයි ඒ අතීතය අමතක වුණාට මට ඒ අතීතය අමතක කරන්න බැහැ. (නි)

:       0       0

විජේ Monday, 09 December 2013 11:50 AM

අනේ මේ රට ආයෙත් සුද්දටම දෙනවා නම් හොඳයි කියල හිතෙනවා. (ස)

:       0       0

ප්‍රසාත් Monday, 09 December 2013 06:20 PM

ගිය අවුරුද්දෙ කෝටි 15ක් විතර වියදම් වුණාලු නේද? මේ අවුරුද්දෙ කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ශිරෝ Monday, 09 December 2013 12:02 PM

අනේ අපොයි මගේ රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි. (ස)

:       0       0

සර් Monday, 09 December 2013 06:33 PM

රටකට මෙවැනි ක්‍රීඩා අවශ්‍යයි.මෙවැනි තරග වල වැරැද්දක් නැහැ.නමුත් මේ හැමදේම තුලනාත්මකව සමබරව රටේ දියුණුව මුලික කරමින් සිදු කිරීම රජයේ වගකීමක් වෙනවා (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 08 December 2013 06:20 PM

කසුන්,ඉපදෙන්න ඉන්න දරුවන්ටත් ණය තියෙන රටකට මේවා ගැළපෙනවද? (නි)

:       0       0

තරිදු Monday, 09 December 2013 12:25 PM

නිවාඩුවක් එහම දීලා ඔය වගේ දෙයක් කරා නම්, අනේ සාදු. තව ඡන්ද ලැබෙන්න ඕනේ.(නදී)

:       0       0

උමේෂා මධුමාලි Monday, 09 December 2013 12:35 PM

කොළඹට කිරි අපිට කැකිරි.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 09 December 2013 12:37 PM

මේවා කාට කියන්නද, (ස)

:       0       0

වසන්ත Tuesday, 10 December 2013 10:37 PM

බස්නාහිර චන්දයේදී බලමු මේ කාර් රේස් එකට කැමති අකමැති ගාන. කැමති ?% අකමැති ?% (ස)

:       0       0

සනා Monday, 09 December 2013 01:03 PM

නියමයි! මුළු කොළඹම කඩලා ෆ්ලැට් කරලා රේස් ට්‍රච්ක් එකකුයි, කැසිනෝ හෝල් ටිකකුයි තමයි අපිට ඕනේ. මේ ලංකාවේද? (ස)

:       0       0

පාලි කතර් Sunday, 08 December 2013 06:38 PM

හැම දේ දිහාම වපර ඇසින් බලන්න එපා. මේකත් ජනප්‍රිය ක්‍රීඩාවක්. මේවා නොකර හිටියොත් අපි ලෝකයෙන් කොන් වෙනවා. විනෝදාත්මක ක්‍රීඩාවක්. නියමයි නියමයි (නි)

:       0       0

අචිනි Sunday, 08 December 2013 01:22 PM

අම්මෝ අපිට තිබුන ප්‍රධානම ප්‍රශ්නය තමඊ කාර් රේස් කවදද තියෙන්නේ කියන එක වෙන මොකුත්ම ප්‍රශ්නයක් රටෙත් නැහැනේ ? (ස)

:       0       0

පොනිල් Sunday, 08 December 2013 06:40 PM

අපිට නැති වුණත් මේවා අනාගතයට දියුණු සමාජයට ලැබීම ගැන දරුවන්ටවත් සන්තෝෂයි. (නි)

:       0       0

එරන්ද Monday, 09 December 2013 01:09 PM

ඔව්ව සන්විධානය කරන්නෙ මිනිස්සු බලන්න එන නිසානෙ....... (ස)

:       0       0

සියාතු Sunday, 08 December 2013 01:30 PM

අනෙ වාසනාවන්.. දැන් අපෙ ගැටව්න්ටත් ඇහැකි රේස් පදින්ට කොළඹ ගිහින්..(ස)

:       0       0

ඉන්දික Monday, 09 December 2013 04:28 AM

තමන්ගේ ප්‍රධානම නගරය වහලා රේස් තියන එකම රට මේක වෙන්න ඇති. අනේ ඡන්දෙ දුන් අපි තමයි මෝඩ. ඔවුන්ට රේස්, අපිට කන්නවත් නැහැ (නි)

:       0       0

ෆෛළෙර් Sunday, 08 December 2013 01:38 PM

මෙච්චරයි අඩු දැන් ....අනේ අපොයි...(ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 06:49 PM

මේවා හොදයි කියන්නේ දේශපාලකයන්ට ආවඩන අය පමණි (නි)

:       0       0

කුෂාන් Monday, 09 December 2013 04:49 AM

ඔයාලා පිස්සු කතා කරන්න එපා. පාරෙ නැතුව වාහන පදින්නෙ මුහුදෙද? (නි)

:       0       0

සනත් Monday, 09 December 2013 05:06 AM

අර කාවින්ද කියන කෙනා හිතාගෙන ඉන්නේ ලංකාව සිංගප්පූරුව වගේ කියලා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 December 2013 06:52 PM

අර බන්දුල පෙරේරා කියන කෙනා පාරවල් හරස් කරගෙන නටන මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

මහේන්ද්‍ර බණ්ඩාර Monday, 09 December 2013 01:28 PM

මේවා නවත්තලා බඩු මිල ටිකක් අඩු කරා නම් මොන තරම් හෙඳඳ??? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 December 2013 06:54 PM

කාවින්ද,අද රටේ මිනිසුන්ට තෝරාගන්න තියෙන්නේ මං දෙකයි.එක්කෝ මැරෙන්න, නැත්නම් මේ ගෙන යන පාලනයට විරුද්ධව උද්ඝො‍ේෂණය කරන්න (නි)

:       0       0

බංඩා Sunday, 08 December 2013 06:56 PM

මට නම් මාර සනීපයක් දැනෙන්නේ අප්පා. හෙට මොනාද කන්නේ. කමු ........ (නදී)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 06:08 AM

කාර් බැරි නම් රොකට් රේස් හරි පවත්වලා අපිව තව ටිකක් කන්න (නි)

:       0       0

රාජරත්න Monday, 09 December 2013 08:27 PM

අනේ හොදයි. අපේ දුප්පත් මිනිස්සුන්ට නියම සතුටක් ලබන්න පුළුවන්. හැමදාම අපි එයාලා දිහා බලාගෙන ඉදිමු (නි)

:       0       0

මොහාන් Sunday, 08 December 2013 02:09 PM

චෝගම්,බජට් කාර් රේස්. හුරේ ,,,ඊටපස්සේ පෙට්රෝල් බුමිතෙල් ඩිසල් ගෑස් හුරේ එලොව පොල් පෙනේ. (ස)'

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 December 2013 01:47 PM

පැය ගානක් තිස්සේ කොට කොට ඇවිදින්, අඩිය කොළඹට පියවර මනින කොට කොහොමද තියෙන සනීපෙ.විඳවන්නේ කාගේ සතුට වෙනුවෙන්ද?රට වෙනුවෙන්ද? (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 07:08 PM

මේවත් තියෙන්න ඕනෑ. මම නම් කැමතියි (නි)

:       0       0

අසේල Monday, 09 December 2013 01:48 PM

මේකට තමා‍ ආශ්චර්ය කියන්නේ මල්ලි..... (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:18 PM

අක්කෝ මින්ට පිස්සු.නැතිනම් අපිට පිස්සු. (ස)

:       0       0

උපාලි Sunday, 08 December 2013 02:18 PM

රේස් එකෙන් පස්සේ අනේ අපිටත් කොට්ට දෙක තුනක් නිකම් දෙනවද? දැන් අපි නිදා ගන්න වඩු බංකුවේ ලී කොටවලට වඩා ඒවා ඔලුවට හොඳ ඇති නේද? (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:20 PM

‍කෝටි ගණන් වටිනා ලම්බෝගිනි ගෙන්වන්න සල්ලි තියෙනවා. රටේ අනාගතය බාර ගන්න ඉන්න විශ්වවිද්‍යාලවල දරුවන්ට "මහපොළ" රුපියල් 5000 දෙන්න සල්ලි නැහැ.(ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:20 PM

කාව සතුටු කරන්නද මීව කරන්නේ? ධනස්කන්දය විනාස කරනවා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:21 PM

.මොළයක් කියල දෙයක් ඇත්තේම නැද්ද අප්පා. (ස)

:       0       0

සනත් Sunday, 08 December 2013 02:23 PM

ලංකාවේ සල්ලි ගිලින .දුප්පතුන් සූරාකන මාර්කෝස් ලට ජයවෙවා.ඇමති වරුනට නොකඩවා අත්පුඩි ගහන්නටත් , මෙ උදවියටම චන්දය දීමට අසරණ මිනිස්සුන්ට තව තවත් ශක්තිය වාසනාව උදවේවා... සාදු සාදු (ස).

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:24 PM

රටේ දුප්පත් මිනිසුන්ට කන්න අදින්න නැහැ. කන්න නැති මිනිසුන් මොන තරම් ලංකාවේ ඉන්නවද? කන්න නැතිව කහට කොප්පය බී පාසල්යන දරුවන් මොන තරම් ඉන්නවද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:25 PM

රටම අවදි වෙන්න ඔරන කාලේ ඇවිත්.දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කලොත් හොඳයි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:25 PM

පිස්සු බල්ලොන්ටත් මීට වැඩ මොලයක් කියල දෙයක් තියෙනවා. (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 December 2013 07:28 PM

ලංකාවෙන් සතියකට දවසක් ඩුබායි වලට එවන "පොළොස් ගැට ටික,කොහිල දළු ටික,කොහිල දඩු ටික,රතු හාල් ටික" කලට වේලාවට එවන්න බැරි රටක්.ඉන්දියාවෙන් කරපිංචා කොළේ ඉදලාම සියලුම කන බොන දේවල් දවස් 365 දවසෙම දිවා රෑ නොබලා එවලා විදේශ විනිමය හොයනවා.ලංකාවේ උදවිය "උදේ නැගිටපු වෙලාවේ ඉදලා රෑ නින්දට යනකම්" කල්පනා කරන්නේ වෙනත් දේවල්. (නි)

:       0       0

මදු Sunday, 08 December 2013 02:29 PM

කාගේ සල්ලි වලින් ද ? (ස)

:       0       0

අතුල Monday, 09 December 2013 07:00 AM

මේවා තිබුනට කමක් නැහැ. එහෙත් මේවා නිසා අහිංසක මිනිසුන් පිටින් තමයි බර වැටෙන්නේ.අනේ මන්දා.....! (නි)

:       0       0

ඩුබායි තිලක් Sunday, 08 December 2013 02:34 PM

ලංකාව කියන්නේ උන්ටම ගිය රටක්... (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:35 PM

ප්‍රභාකරන් ජීවතුන් අරතර හිටියනම් මීට වඩා හොඳයි කියල දැන්නම් හිතෙනවා.(ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:36 PM

මෙච්චරද අපිට අඩු? (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:37 PM

මේ කව්ද?මොනවද කරන්නේ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 December 2013 07:36 PM

වෙනදට පැන පැන අදහස් දාන බන්දුල පෙරේරාට මේ යන ක්‍රමය ගැන කලකිරිලා මහන වෙන්නවත් ගිහින්ද දන්නේ නැහැ.කිසිම අදහසක් දාලා නැත්තේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 December 2013 02:41 PM

"තුන් වැනි වරටත් සංවිධානය කරන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය මේ මස 15 වැනි දා රාත්‍රී පැවැත්වීමට නියමිතය".ලබන අව්රුද්දෙ තියන්න බලාපොරොත්තු වෙන චන්දයෙන් "හතර වැනි වරටත්" කියල අහන්න ලැබෙන පාටක් නැහැ වගේ.. (ස)

:       0       0

අකිල Sunday, 08 December 2013 07:38 PM

නියමයි. මම අවුරුද්දක්ම බලා හිටියා මේක බලන්න. (නි)

:       0       0

අසෝකා Sunday, 08 December 2013 07:40 PM

අර අලි කරදරයෙන් බේරෙන්න විසදුමක් හොයපු අයව පාරවල් වහපු නිසා හිරේ දමන්න කියපු අය, මේ පාරවල් වහපු අයට මොනවාද කරන්න කියන්නේ? කියලා දැන ගන්න මම හරිම ආසයි. (නි)

:       0       0

තරිඳු Monday, 09 December 2013 02:39 PM

කන බොන එක කෙසේ වෙතත් රටේ රේස්.අනේ මන්දා. (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 December 2013 02:48 PM

ගිය සැරේ ලම්බෝගිනි,Fererri,Porche වගේ කෝටි 10-15 වටිනා කාර් ප්ලේන් එකේ ගෙනත් බානකොට ගත්තු ෆොටෝ වගයක් අන්තර්ජාලයේ පෙන්වල දුන්න.කාර් ප්ලේන් එකේ ගෙන්වන රටක් ලංකාව කියන්නේ. කව්ද කියන්නේ දුප්පත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල. (ස)

:       0       0

ලලන්ත Monday, 09 December 2013 02:49 PM

ඔක්කොටම පිස්සු (ස)

:       0       0

සමන් ප්‍රදීප් Sunday, 08 December 2013 02:48 PM

අපේ ජනාධිපතිතුමා ඔබ ඔය විදිහට රට පාලනය කරන්ඩ ,ඔබ යන ගමන හරි ,පුළුවන් නම් ගොන් ,තරගයකුත් තියන්ඩ අපිට වටවෙලා බලන්න (දිල්)

:       0       0

ශාන්ත Sunday, 08 December 2013 02:49 PM

අනේ මොනව ද මේ කතා තව කොච්චර ණය ගන්න පුලුවන්ද කෙළවරක් නෑනේ (දිල්)

:       0       0

අසෝකා Sunday, 08 December 2013 07:42 PM

අර පිටකොටුවේ කඩ ගිනි ගත්තම බොහොම අගේට සතුටින් ඇවිදින්න පුළුවන් කියපු අයට මෙන්න අනගි අවස්ථාවක් කොළඹ නගරයේ , අත්වැල් අල්ලාගෙන හොදට ඇවිදින්න! ඒ ගමන් ගෝල්ෆේස් එකටත් ගිහින් මුහුදු හුළං ටිකකුත් විදගන්න ප්‍රීතියෙන්! (නි)

:       0       0

මොහාන් දමාම් Sunday, 08 December 2013 02:49 PM

චෝගම් බජෙට් කාර් රේස් .ඊට පස්සේ පෙට්රෝල් ඩීසල් ගෑස් බුමිතෙල් සුපර්ර් ....(ස).

:       0       0

ටිකිරි Sunday, 08 December 2013 02:50 PM

හෙට අනිද්දා ලංකාවේ පෙට්රල්,ඩීසල් මිල වැඩි වෙනකොට කොහොමද සනීපෙ.කට්ටියට හොදට නින්ද යාවි . (ස)

:       0       0

අසෝකා Monday, 09 December 2013 10:11 PM

අනේ ඔයගොල්ලෝ ඊර්ෂියා කරන්න එපා. මේ ගමන ලෝකේ ඔක්කොම ලොකු ලොකු රටවල් වලින් එනවලු ලංකාවෙන් උපදෙස් අරගෙන ඒ රටවලත් උදා: එංගලන්තයේ ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නගරයේ, ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිටින් , ජර්මනියේ ෆ්රන්ක්ෆෙර්ට් නගරයේ වගේ ඒ ඒ රටවල අග නගරවල පාරවල් වහල රේස් තියන්නේ කොහොමද කියල විස්තර දන ගන්න! ඉතින් නරකද අපේ රටට ලැබෙන්න යන තැන. කාටද ආඩමිබර (දිල්)

:       0       0

බාලා Sunday, 08 December 2013 07:51 PM

කව්ද කියන්නේ දුප්පත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.

:       0       0

චමී Monday, 09 December 2013 07:47 AM

කමෝන් කමෝන්! (නි)

:       0       0

සජිත් Sunday, 08 December 2013 02:57 PM

මේක තිබ්බයි කියල මොනවා වෙනවද ? ඔය අපේ රටේ ක්‍රිකට් එහෙමත් ගහන්නේ ඒවාට සද්දේ දාන්න මිනිස්සු නැහැ .මෙතන බනින අයට තියෙන්නේ ඉරිසියාව .. කුහකයෝ (ස)

:       0       0

රකිත් Monday, 09 December 2013 07:56 AM

ඕනෑම නම් අර ගුවන් තොටුපලේ ධාවන පථය යොදා ගන්න තිබුණනේ කොළඹ නැතුව. ඉරිදාට කොහොමටත් එක ගුවන් යානයක්වත් එන්නේ නැහැ (නි)

:       0       0

සුදේශ් Sunday, 08 December 2013 03:06 PM

මම නම් මේකේ කිසිම වැරද්දක් දකින නෑ නියමයි. (ස)

:       0       0

ඇන්ටන් Sunday, 08 December 2013 08:05 PM

මට ආසාවක් තියෙනවා ඔය විදියට කොළඹ පාරවල් වහලා, වැලි කොට්ට එහෙම දාලා ගොන් කරත්ත රේස් එකක් තියන්න. මට ඒක කරන්න අවසර ගන්නේ කොහෙන්ද ? (නදී)

:       0       0

දයාරත්න Sunday, 08 December 2013 03:09 PM

ලංකාවේ එහෙම වෙන්නේනැතෝ ඇමරිකාවේ, ඇමරිකාවේ . (ස)

:       0       0

විරාජ් කාලිංග Sunday, 08 December 2013 03:10 PM

සන්තෝසයි සන්තෝසයි හසන්ත,මේවා දකිද්දි මතක් වෙන්නේ අපේ පුරාණ රජවරු, මයිල් කෙලින් වෙනවා . (ස)

:       0       0

ඩෙනම් Sunday, 08 December 2013 03:13 PM

සල්ලි නැති අය පාන් ගිලින්න ,අපි යනවා මලේ රේස් පදින්න .(දිල්)

:       0       0

ලියනගේ Monday, 09 December 2013 08:08 AM

සියළු ප්‍රතිචාර වලින් පෙනෙන්නේ කවුරුත් මේකට කැමති නැති බවයි. මේක තේරුම තේරුම් ගන්න බැරි සංවිධායකවරු ලබන පාරවත් මේක නවත්වන්න උත්සහ ගන්න. (නි)

:       0       0

දර්ශා Sunday, 08 December 2013 03:19 PM

කටු කුරුන්දේ ඕක තිබ්බොත් මොකදවෙන්නේ?,ජනාකීර්ණ නගරයක් නහස්ති කරන්නේ කාගේ උපදෙස් මත ද?(දිල්)

:       0       0

ශීනාස් Monday, 09 December 2013 08:11 AM

ලංකාවේ ජනගහනය 20,328,000යි, විදුලිය භාවිතා කල හැකි ප්‍රතිශතය 76.6%. එනම් 4,756,752 ජනතාව තවමත් ජීවත් වන්නේ විදුලිය නොමැතිව. නමුත් අපිට ඕනේ ලයිට් දමා කාර් එලවීමය.(නදී)

:       0       0

මිෂා Sunday, 08 December 2013 03:22 PM

අපේ කට්ටියට ඔනි තවමත් කළා මැදිරියන්ගෙන් එලිය හොයන්න මේවගේ කිසිම වරදක් නැහැ මටත් රටක් උනම හැම දෙයක්ම තිබෙන්න ඔනි කව්රු මොනවා කිව්වත් අපේ රට ගැන ගොඩක් අගය කරනවා (ස)

:       0       0

ප්‍රමුඛ. Sunday, 08 December 2013 08:15 PM

මේ ගිය සතියේ කුලී වැඩ කරන කෙනෙක් පුද්ගලික නාලිකාවක දේශපාලන වැඩ සටහනකට අඩමින් කතා කරලා කියා සිටියේ ඔවුන් කුලී වැඩ කර ජීවත් වෙන නිසා දැන් මේ බඩු මිල වැඩි නිසා ජීවත් වෙන්න බැරි බවයි. පොඩි මිනිස්සුන්ට මෙසේ භාණ්ඩ මිලෙන් පීඩනයක් එල්ල කරමින් දෙකෝටි පහළොස් ලක්ෂයක් වියදම් කර වැලි කොට්ට දමා කීප දෙනෙකුගේ මනදොල පිනවන්නේ ඇයි.(නදී)

:       0       0

මොහාන් දමාම් Sunday, 08 December 2013 03:25 PM

චෝගම් බජෙට් ලබන අවුරුද්දේ ඡන්දේ දැන් කාර් රේස් හුරේ ඊට පස්සේ පෙට්රෝල් ඩීසල් බුමිතෙල් ගෑස් දුක් වෙන්න එපා ඡන්දය දෙන්න ආසියාවේ ආශ්චර්ය ජයවේවා..(දිල්)

:       0       0

දුමින්ද Sunday, 08 December 2013 03:27 PM

ජනතා විරෝධතා තිබුනත්,හැම අවුරුද්දේ මේක පවත්වනවා ඕවා සංවිධාන කරන ආයතන දුප්පත් පාසලකට,දුෂ්කර රෝහලකට උදව්වක් කරලා තිබෙනවාද?(දිල්)

:       0       0

චමත් ඉතාලිය Sunday, 08 December 2013 03:31 PM

ටිකිරියෝ,ප්‍රභාකරන් හිටියානම් හොදයි කියන්නේ ප්‍රභාකරන් අපිට කන්න දුන්නටද?....ඊට වඩා හොදයි දැන්, වැඩ කරලා හම්බවෙන පඩියට වැඩි උන 500 යෙන් බදු අඩු කරපු බලු කෑම ටිකකුත් අරගෙන රේස් එක බලන්න ගියානම් ඔයාට මොකද වෙන්නේ (දිල්)

:       0       0

සුජී කොරියා Sunday, 08 December 2013 03:32 PM

ටිකිරි බණ්ඩාරගේ කතාවලට මම හිස නම ආචාර කරමි අපේ රජ පවුලට මොකද ඉතින් නාස්ති කරන්නේ අපි අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරලා රටට එවන සල්ලිනෙ අපි අපේ ජිවිත පරදුවට තියල ජීවත් වෙන්න සටන් කරනවා රජ්ජුරුවෝ රේස් කෙලිනවා අනේ ආසියාවේ ආශ්චර්ය මෙච්චරයි අපිට අඩු (දිල්).

:       0       0

කලු Sunday, 08 December 2013 08:20 PM

පරිසර දුෂණය නිසා මේ රේස් යුරෝපයේ දැන් නවත් වලා. අපේ අය දැන් පටන් ගන්නවා. නියමයි, නියමයි අපුරුයි.(නදී)

:       0       0

නිශාන්ත Monday, 09 December 2013 08:33 AM

අපේ රටේ ජනතාවට ජයවේවා! (නදී)

:       0       0

මධු ප්‍රංශ්‍රය Sunday, 08 December 2013 03:50 PM

කාගේ සල්ලි ද ?(දිල්)

:       0       0

krish Sunday, 08 December 2013 08:27 PM

කසුන්, පුදුම වෙන්න දෙයක් නැහැ ඔහොම දේවල් හිතෙන එක ගැන. ඒත් මතක තියාගන්න මහා පාරවල් තියෙන්නේ තරඟ තියන්න නෙවෙයි. (නදී)

:       0       0

අයර් Tuesday, 10 December 2013 06:52 PM

අපි ඉවරයි (නි)

:       0       0

විපුල් Monday, 09 December 2013 08:55 AM

සාදුකින් පෙලෙන අයට රේස් එකෙන් පස්සෙ වැලි කොට්ට ලෙහාගෙන කන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

ප්‍රදීපා Sunday, 08 December 2013 04:02 PM

සජිත්, ලංකාවේ ක්‍රිකට් ගැහුවා කියලා ඒක රටේ ධනය නාස්ති වෙන වැඩක් නෙවෙයි, ඒත් මේ නයිට් රේස් පදින්න බේබිලාට රේසින් කාර් ගන්න, රටේ ව්‍යවස්තාවටත් පටහැනිව රේසින් කාර් වල ටැක්ස් අහෝසි කරනවා. හිතලා බලන්නකෝ මේවා ජාතික අපරාධ නෙවෙයිද කියලා. ඔය පාට කන්නාඩි ගලවලා බලන්න ටිකක් ඈත පිටිසර ගම්මාන වල මිනිස්සු වල් අලි හිරිහැර නිසා මොන තරම් අසරණ වෙලාද කියලා. මේවා බලන්න කිසි කෙනෙක් නෑ (ස)

:       0       0

මිගාර Sunday, 08 December 2013 04:05 PM

චමත් ඉතාලිය- ටිකිරි කියන එක නුඹට තේරුම් ගන්න අමාරුයි.ප්‍රභාකරන් තුරන්කරලා උගේ මිනිය විකුණගෙන කන එක තමයි ඉවසන්න බැරි. දැන් බෝම්බ නැහැ.ඒ උනාට අපි දැන් බෝම්බ ලෙව කනවා. රේස් එකෙන් පස්සේ වැලි කොට්ට ටික සීනියි කියල තේවලට අරගෙන බොන්න අර අන්දරේ වගේ.උත්තර බදිනවානම් බොහොම හොදට කල්පනා කරලා ලියන්න. (ස)

:       0       0

නලින් Sunday, 08 December 2013 08:46 PM

පොනිල්,බයවෙන්න එපා. ඔයාගේ අනාගත දරුවන්ට එක්කෙනෙකුට ලක්ෂ 3 බැගින් ණයකුත් තියනවා. හරිම සන්තෝෂයි නේද? (නි)

:       0       0

ජයා Monday, 09 December 2013 04:10 PM

බන්දුලට දැන්වත් තේරුම් ගිය එක ගැන සතුටු වෙනවා. (ස)

:       0       0

සීලා‍ Sunday, 08 December 2013 04:09 PM

සජිත්-මෙතන ඇති ඉරිසියාවක් නැහැ.මිනිස්සුන්ට කන්න නැතුව මුන් රේස් යනකොට මල පනිනවා. ඔහෙලා වගේ මිනිසුසු ඉන්නකන් රටකට යන කළ (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 08 December 2013 04:11 PM

අපිට තිබුණු ලොකුම අඩුපාඩුවත් ඔන්න දැන් සම්පූර්ණයි. තව තියෙන්නේ අඩුව කැසිනෝ එක විතරයි. ඒකත් කොහොමහරි ආවොත් ඔන්න සේරම හරි. ලුණු පොල් කට්ටේ ඇගිල්ල ගහලා ලෙවකාගෙන හරි ඉන්න පුළුවන්නේ (ස)

:       0       0

අරුණ Monday, 09 December 2013 09:11 AM

එදිනෙදා වැඩක කරගන්න කොළඹ හරහා අඟල අඟල පැය ගණන් යනකොට ඔය අයගේ අම්ම තාත්ත මතක් වෙනවා.(නදී)

:       0       0

පීරිස් Sunday, 08 December 2013 08:56 PM

කාර් රේස් තියනවා , කැසිනෝ තියනවා , කුඩු කන්ටේනර් පිටින්ම තියනවා, තව මොනවද අඩු?ලෝකේ උතුම් රට ලංකාවයි අපේ ලංකාවයි (නි)

:       0       0

විමුක්ති. Monday, 09 December 2013 09:13 AM

මේ අයගෙ මනදොල පියවන්න මුළු රටක් වන්දි ගෙවනවා..දුප්පත් මිනිහට හාල් මැස්සෝ 500 ක් ගන්න නැතුව ඉන්නවා.(ස)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 08:57 PM

ඇන්ටන්, ඔබට අවසර ගන්න පුලුවන් තැනකුත් තියනවා. (නි)

:       0       0

කුෂාන් චාමර Monday, 09 December 2013 09:19 AM

නම් ගම් ඇතුව හො දේ ලියනවා නම් එම ප්‍රතිචාර දානවා. (නදී)

:       0       0

සමන් Sunday, 08 December 2013 09:03 PM

ඇත්තටම දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

තුෂාර Monday, 09 December 2013 09:22 AM

ගිය අවුරුද්දෙ රේස් ගිය හැටි මතකයි. අපිට වැඩ ඇරිලා ගෙවල් වලට යන්න විදියක් තිබුනේ නෑ. කොලඹට යන පාරවල් වහලා. බස් ඔක්කොම එක පැත්තකට හරවලා ට්‍රැෆික් වලට හිරවෙලා. හැමෝම මහ ලේකම් කාර්යාලය දුම්රියපොළේ ඉදන් කොටුවට රේල් පාර දිගේ පෝලිමේ ගියේ. දැන් කෝච්චියක් ඒවිද කියා කියා බයේ ගිය හැටි තාමත් මතකයි. පුහුණුවීම් වලට කියල දවස් 3ක් විතර ඉදන් හවසට පාරවල් වහන්න ගන්නවා. හැමෝටම කියන්නේ, තමන්ගේ නිවාඩු මේ දවස් වලට අරගෙන ගෙදරට වෙලා ඉන්න. ඔබ හැමෝටම ගිය අව්රුද්දෙ හවස ලබපු ඒ අත් දැකීම මතක ඇති. (නදී)

:       0       0

බන්දුල පෙරේරා. Monday, 09 December 2013 09:23 AM

පාරවල් වසා රටේ මුදල් ,විදුලිය ,නාස්තිකර කීප දෙනෙකුගේ සතුට වෙනුවෙන් මෙවැනි රේස් පැවැත්වීම අසාධාරණ බව මමත් පිලිගන්නවා.මෑතක් වෙනතෙක් මමත් මේ දේශප්‍රේමීන්ගේ මිරිගුවට හසු වී සිටියේ. දැන් නම් මටත් මේ ක්‍රියා පිළිවෙත හොදින් තේරෙනවා. මම ආයේ මේ කාටවත් සුදු හුණු ගාන්න යන්නේ නැහැ. මම දැන් දුක් විදින ජනතාවගේ පැත්තේ. (නදී)

:       0       0

සමරනායක Sunday, 08 December 2013 09:09 PM

නියමයි. මම ආසයි කාර් රේස් බලන්න. (නි)

:       0       0

අකිල Monday, 09 December 2013 09:25 AM

ගිය සැරේ නම් රුසියාවෙන් නංගිලා ආවා රේස් යනවා බලන්න . මේ සැරේ මොන රටින්ද නංගිලා ගෙන්වන්නේ ? (නදී)

:       0       0

නුවන් Sunday, 08 December 2013 09:19 PM

මෙය කිසිදා සමාවක් නොදිය හැකි වරදක් බව, ඡන්දයකදී පෙනෙනු ඇත. (නි)

:       0       0

සුනිල් Sunday, 08 December 2013 09:28 PM

දෙවියනි, ඔබ කොහිද? (නි)

:       0       0

මහසෙන් Sunday, 08 December 2013 04:33 PM

හෙන ගහනවා (ස)

:       0       0

සෙහාන් අමරසිංහ Sunday, 08 December 2013 04:36 PM

ටිකිරි බණ්ඩාර ,තිලක් ඩුබායි ඔහෙලා දෙන්න වගේ කුහක එවුන් දෙන්නෙක් මේ ලෝකේ නැහැ .තිලක් ඩුබායි වලටම වෙලා ඉන්න. එන්න එපා (ස)

:       0       0

ඉන්දික Tuesday, 10 December 2013 05:07 AM

නොමිලයේ (ෆ්‍රී) ටිකට්ස් තියෙනවද? (නි)

:       0       0

ලංකා Sunday, 08 December 2013 09:48 PM

අප්පේ! කවුද මෙච්චර වැලි කොට්ට ගානක් ඇදලා දීපු අය?කොළඔ නගරයේ සැරිසරපු අය නම් රහස දන්නවා (නි)

:       0       0

ශානුක Sunday, 08 December 2013 04:39 PM

මටනම් නිකන් පිස්සුවගේ ........ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 3 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 28 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 111 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 416 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 547 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site