කොළඹ වරාය දකුණු පර්යන්ත ජැටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන 05 වැනිදා විවෘත වීමට නියමිතය .
ඇමරිකා ඩොලර් කෝටි 400 ක (රුපියල් කෝටි 53200 ) වියදමින් ඉදි කරන ලද මෙම ව්‍යාපෘතියේ කි.මී.6.8 ක් දිගැති ප්‍රධාන දිය කඩනය , හෙක්ටයාර් 260 ක හැරවුම් ජල ද්‍රෝණිය, මීටර් 18 ක් ගැඹුරැති ජල ද්‍රෝණිය ,මිටර් 20 ක් ගැඹරැති පිවිසුම් ඇලි මාර්ගය කින් හා මීටර් 570 ක පුළුල් පිවිසුම් ඇලි මාර්ගයකින්ද යුක්තය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ණය බරින් කවදා ගොඩ එන්නද ? (නි)
අපේ ඇමතිතුමා හරියට මහන්සි වෙනවා (නි)
රටට දායාද කරන මෙවන් වටිනා ව්‍යපෘති මගින් ආර්ථික වාසි ලබාගැනීමට මහජන මුදලින් ලක්ෂ ගණන් පඩි සහ වරප්‍රසාද ලබන නිලදාරීන් වග බලා ගත යුතුය. (නි)
කොළඹ වරාය දියුණු කරන එක නම් ගොඩක් වැදගත්.යුරෝපයේ සිට ඕස්ට්‍රේලියා හා නවසීලන්තය දක්වා වැටී ඇති ලෝකයේ ප්‍රධාන නව මාර්ගයක පිහිටා ඇති කොළඹ හා ගාල්ල වරායවල් දියුණු කිරීමෙන් අපේ රටට ලොකු ආදායමක් උපයගට හැකිවේවි. අපිට තිබුණු අවස්ථාව තමයි සිංගප්පුරුව පැහැර ගත්තේ. ඒ අපේම දුර්වලකම් නිසා.අපේ රටේ පිහිටීම අනුව නෞකා ක්ෂේත්‍රය අපේ ප්‍රධාන ජාතික ආදායම් උපදවන තැන බවට පත්කළ හැකියි. (නි)
ඔන්න හොද වැඩ. හම්බන්තොට වඩා කොච්චර හොදද? අති විශිෂ්ටයි සර් (නි)
අපේ රට දියුණු කරනවා වගේම දුප්පත් මිනිස්සු ගැනත් සොයා බලනවානම් කොච්චර වටිනවද...? (දී)
ඔය මොනවා හෙදුවත් වැඩක් නැහැ නීතියක්, යුක්තියක් නැති රටකට (දී)
ඔය ව්‍යාපෘතියට කළුගල් ඇද්දේ වස්කඩුවේ සිට නේද? (නි)
ඕව හදන කොට ලංකාවේ මුහුදෙන් බාගයක් විකුණලා දැනටමත් (අ)
වැඩේ නම් හොදියි.,මේ වගේ රටේ නිතියත් හදන්න බැරිද ලස්සනට. (අ)