IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹට කසිප්පු බෙදන්න බැරිවෙයි

ජාඇළ පමුණුගම, හැමිල්ටන් ඇළට යාබදව පිහිටි  ඉඩමක් වටලා  ප්‍රවාහනය  සඳහා සුදානම් කර තිබු බව කියන   නීති විරෝධි කසිප්පු ස්ප්‍රීතු බෝතල් 500 ක්   සමඟ සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් විසින් අද (25) අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු  ස්ප්‍රීතු   බෝතල් 500 පොලිතින් මළු දහයක අසුරා ප්‍රවාහනය  සඳහා  සුදානම් කර තිබූ බවත් ඒවා  කොළඹට රැගෙන යාම සඳහා ත්‍රීරෝද රථයක් පැමිණෙන තුරු සැකකරුවන් බලා සිට ඇති බවත් වැටලීම කළ නිලධාරීහු කියති.

සැකකරු වයස අවුරුදු හැට දෙකක  පමුණුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සුරාබදු නිලධාරින්  එම  ස්ථානය  වටලන අවස්ථාවේ   එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇත. ඒ බව අත් අඩංගුවට ගනු ලබු සැකකරු විසින් සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ  පවසා ඇත.

මෙම ස්ප්‍රීතු  මුතුරාජ වෙල රක්ෂිතය ආශ්‍රීත වගුරුබිම් වල පෙරා ඇති බවට සැක කරන  සුරාබදු නිලධාරිහු පලාගිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට වැඩිදුර විමර්ශන සිදු කරති.

අත් අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකි.කොළඹ ප්‍රදේශයට  ප්‍රවාහනය කරනු ලබන නීති විරෝධි  ස්ප්‍රීතු  සම්බන්ධව වැටලිම් දැඩි කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් ලබාදි  ඇති උපදෙස් පරිදි මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියොජ්‍ය  සුරාබදු කොමසාරිස්  ජේ. පුෂ්පකුමාර සිල්වා මහතාගේ  මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන්  එල්.බි.ගාමිණි සුරාබදු නියාමක සේමසිංහ  යන නිලධාරින් විසින් සිදුකර ඇත.

 30 31



අදහස් (0)

කොළඹට කසිප්පු බෙදන්න බැරිවෙයි

ලාල් Thursday, 25 June 2015 09:58 AM

මේකෙන් පේනවා අපේ පොලිසියට මේවා අල්ලන්න , පාලනය කරගන්න පුළුවන් දක්ෂකම, ඕනෑකම, වගේම කැපවීම තියෙන බවයි. අවශ්‍ය වන්නේ ඉහල නිලධාරීන්ගේ නිවැරදි මගපෙන්වීමත්, අදාල මැති ඇමති වරුන්ගේ දේශපාලනයෙන් තොර මැදිහත්වීමත් අවශ්‍ය පහසුකම් සැලසීමත් විතරයි. මේ පාලනය යටතේ දේශපාලන ඇඟිලි ගැහීම් වලින් තොරව පොලිසියට රාජකාරි කරන්න ඉඩ දී තිබෙන බව පැහැදිලිව පේනවා . හොර අරක්කු, ගංජා , මත්කුඩු ව්‍යසනයෙන් රට බේරා ගැනීම පලකයොත් පොලිසියත් නිවැරදි වැඩ පිළිවෙලක් ඇතිව ක්‍රියාත්මක කලොත් එතරම් අමාරු දෙයක් නොවේ කියලයි මට හිතෙන්නේ . (ර)

:       0       0

චන්න බුවනක Thursday, 25 June 2015 01:39 PM

දෙකොටසකට වෙන වෙනම නීතියක්නේ. එකනේ ප්‍රශ්නය.(හේ)

:       0       0

මාගලී Thursday, 25 June 2015 08:37 AM

අර නැව් වලින් එතනෝල් ගෙන්වපු අයවත් මේ වගේම අත්අඩංගුවට ගත්තා නම් කොච්චර අගේද නේද ?(හේ)

:       0       0

දුමින්ද Thursday, 25 June 2015 08:46 AM

අාශ්චර්යෙන් යහ පාලනයට -මතට තිත කොතැනට (නදී)

:       0       0

චානුක Thursday, 25 June 2015 09:09 AM

ඉතා හොද රාජකාරියක්. මේ නිලධාරි කන්ඩායම මේ ටිකේම වැටලිම් කරල තියෙනවා ලංකාදිප වෙබ් පිටුවේ පලවි තිබුනා(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:11 AM

පොඩි පොඩි ඒවා වගේම මහා පරිමාණෙන් කරන ඒවත් මේ විදිහට වැටලුවනම් තමයි අගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 679 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1350 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site