අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක සවි කැර තිබිණැයි කියන නවීන වීඩියෝ කැමරාව සම්බන්ධ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත් වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කැර ඇත.
මේ සඳහා විශේෂ නිලධාරී කණ්ඩායමක් රෝහලට යැවීමට නිමිත යැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
දින හතරකට පමණ පෙර කාන්තා වැසිකිළියේ සවි කැර තිබු නවීන වීඩීයෝ කැමරාව රෝහල් නිලධාරිනියක විසින් මුලින්ම දැක ඇත.
ඒ පිළිබඳව රෝහලේ පරිපාලන අධිකාරියට දැනුම් දීමෙන් පසු අනුරාධපුර පොලීසියට පැමිණීලි කරන ළදැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පැවසීය.
එම පැමිණිල්ල අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් රෝහලට ගොස් සිදු කළ සමීක්ෂණ අනුව වීඩියෝ කැමරාව සොයාගෙන ඇත.
මෙය කාගේ ක්‍රියාවක් ද යන්න අණාවරණය වී නැත.රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තා නිලධාරිනියන් සදහා රෝහලේ පැරැණි ගොඩනැඟිල්ලේ උඩුමහලේ මෙම වැසිකිළිය පිහිටුවා ඇත.
රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට කැර ඇති දැනුම්දීම මත මේ ගැන විශේෂ පරීක්ෂණ අමාත්‍යංශ මට්ටමින් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ අධ්‍යක්ෂ තුමා සහ කාර්ය මණ්ඩලය මේ ගැන හොදට හොයන්න(දිල්)
කලින් කීවා නේද වෛද්‍යවරයෙකු මේකට සම්බන්ධයි කියල. දැන් බයවෙලාද. බලාගෙන මේ ගොල්ලෝ වර්ජනය කරන්න පටන් ගනී.(නදී)
ගැහැනියකට නිදහසේ වැසිකිලි කෘත්‍යය කරන්න වත් ඉඩ නොදෙන තත්වයට ලංකාව පත්වෙලා. ක්‍රි.පු 2 සියවසේ බිත්ති හතරකින් ආවරණය වූ කුටියක වැසිකිලි කෘත්‍යය කරන්න තරම් අනුරාධපුරයේ විසු අපේ මුතුන් මිත්තෝ ශිෂ්ට උනා. එහෙත් අහෝ අද? (නදී)
ඇතුලෙම වැඩක් මහිතේ ! (අ)