ආර්ථික අපහසුතාවෙන් පෙළන මෙරට පවුල්වලට චීන බෞද්ධ ජනතාව පිරිනැමූ වියළි ආහාර තොයක් අඩුආදායම්ලාභී පවුල් 650කට බෙදාදීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය.
ෆාෂියාන් පුණ්‍ය භාරය සහ චීන බෞද්ධ විහාරස්ථානය මෙම වියළි ආහාර තොගය මෙරටට එවීමට මූලිකත්වය ගෙන ඇත. මෙම ආධාර බෙදාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන් හොන්ග් මහතාද සහභාගි විය.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 5ක ගැබිනි මවුවරුන්, කිරිදෙන මව්වරුන්, බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, ආබාධිත සහ අඩුආදායම්ලාභීන් 2300කට පමණ දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීමේ ගංගාගරාම විහාරස්ථානයේ වැඩසටහනද නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන තානාපති චි චෙන් හොන්ග් යන මහත්වරු එක්වූහ.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංගාරාමයෙන් වියලි අහාර පාර්සල්
දුප්පතා Thursday, 06 April 2023 06:21 AM
දුප්පත්කම නැති කිරීම වෙනුවට විදේශීය වියලි ආහාර බෙදීම, අගෙයි අගෙයි අගමැති, දශක කීපයක් ප්‍රධාන දේශපාලන යේ යෙදුනත් දුප්පත්කම එහෙමමයි නේද? කොලබ ඔහොම නම් කොලබින් පිට කොහොම ඇතිද?
kamal Thursday, 06 April 2023 01:24 PM
මේක තමයි සිස්ටම් එක අපිට ඕන. මේ සිස්ටම් එක චේන්ග් කරන්න දෙන්න බැහැ. මේ සිස්ටම් එක චේන්ග් කරන්න කියලා ඉල්ලන උන්ව අලුතින් තස්ත පනතක් හරි දාල නවත්තන්න ඕනි. මේ සහන මලු සිස්ටම් එක තමයි අපිව ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම සිස්ටම් එක.