තණමල්විල සිට අනුරාධපුරය දක්වා ගංජා ප්‍රවාහණය කළ බව කියන යුද හමුදා මේජර්වරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසිරි හේවගේ මහතා අද නියෝග කළේය.
මේජර් ජයවීර ඉන්ද්‍රනීල ප්‍රණාන්දු සහ ව්‍යාපාරිකයකු බව කියන ආර් ඒ සමින් එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.
මේජර්වරයාගේ වාහනයෙන් ගංජා කිලෝ පහළොවක් සහ ව්‍යාපාරිකයාගෙන් වාහනයෙන් ගංජා කිලෝ 10ක් ප්‍රවාහණය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මේජර්ටත් සියල්ල අමතක උනොත් ඔක්කොම හරි .නඩුවත් ගොඩ.(නදී)
අපි දන්නවා සත්‍ය මොකක්ද කියලා. (නි)
ජාතිය වෙනුවෙන් හමුදා සේවය. (නි)
හමුදාවේ නම කන්න ආපු මේජර් කෙනෙක්. (අ)
මේවා අල්ලන එක හොදයි. නමුත් මෙතන වෙනත් කාරණාවකුත් තියෙනවලු.මොකක්ද කියලා පසුවට අනාවරණය වේවි. (නි)
ගංජා නිසා අධිකාරි නිලයත් අනතුරේ!! ගංජා නැතිව ගිය දාට කුඩු වැඩියෙන් අලෙවි වෙන නිසා විදේශ විනිමය හා සෞක්‍ය රැක ගැනීමට ගංජා නීති ගත කරන්න. එතකොට අරයාගේත් මල්ල කරේ. චන්ද්‍ර වීරසිංහ.(නදී)
කෑම වලට මේ තරම්ම් බදු ගෙවන වෙන රටක් නැහැ (නි)
මේජර් මහත්තයෝ...ඔබතුමා කරලා තියෙන්නේ දේශපාලන නායකයෙක් වත් නොකරන හොඳ වැඩක් නේ...(නදී)
කෝ මේ හමුදාවෙ අර කලින් තිබුණ විනය. දැන් මොකක් හරි එකක් තිබුනොත් සෙබළෙක් සම්බන්ධයි කියනවා. (ස)
අඩ් අඩ්ඩා මේක පුදුම රටක් නේ? මේ රට අපි විසින් ජීවිත පරිත්‍යගයෙන් නිදහස් කර ගත්තු රට. එහෙව් එකේ අපිට ගංජා ටිකක් වත් මේ වදිහට ඇද ගන්න බැරි නම් මොකද කරන්නේ.?මම මේ අදහසට මගේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා. මමත් මෙවැනි දේ අත්හදා බලන කෙනෙක්.(නදී)
මේජර් කියන්නේ හමුදාවේ ඉහල නිලයක් වැඩේ කැතයි. ඔයා මුළු හමුදාවේම නම කනවා.(නදී)
රටේ අනාගතය විනාශ කරන මෙවැනි අයට සියලු රණවිරු වරප්‍රසාද අහිමි කළ යුතුයි. ,පොලීසියට අපේ උපහාරය.(නදී)
දර්ශන, ගංජා තනතුරු බලන්නේ නැහැ. හැම දෙනාටම එක හා සමානව සලකනවා. රජෙක් උනත් හිගන්නෙක් උනත් දෙන්නේ එකම සමාන බලයක්.(නදී)
මේජර් ගංජා (නි)
ගංජා ග්‍රෑම් 3 ක් විතර නීතිගත කරන්න. වැඩිය තිබුණොත් දඬුවම් දෙන්න. මේක දේශියව වැවෙන පැලෑටියක් නේ. (නි)
කෝ ජාති බේද ? කෝ ආගම් බේද? (නි)
අපරාදෙ හොද බඩු ටික ... (නි)
ගංජා සේනාවට අණ දෙන්න ඉහළම රෑන්ක් එකක් තියෙන්නත් එපැයි (නි)
සියලු රණවිරුවන් මෙවැනි වැඩ කරන අයට එරෙහිව නැගී සිට හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගත යුතුයි (නි)
මේජර් ජෙනරල් තනතුරක් ලබාගනී.(නදී)
ගංජා සහ මේඩර්ලා අතර සම්බන්දය මේ තරම් දැඩිවීමට හේතුව කුමක්ද?(නදී)