IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි

ගංජා ගෝනි දෙකක් සමඟ හමුදා මේජර්වරයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයේ උතුරු කඳවුරෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි පවසයි.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ විශේෂ වැටලීම් ඒකකය මොහු ඔහුගේ කාරය හා කැබ් රියක් සමඟ  අත්අඩංගුවට ගෙන ඇති බවත් ගෝනි දෙකේ කිලෝ සියයක පමණ ගංජා  තිබෙන්නට ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

21 වැනි බළ සේනාංකයට අයත් බව කියන මේ මේජර් වසරක් තිස්සේ මේ කාර්යයේ යෙදී සිටි බවට ලැබී ඇති තොරතුරු සත්‍ය දැයි පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

ඔහු සමඟ තවත් දෙනෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි

නානායක්කාර Saturday, 17 August 2013 11:55 AM

පොලිසියට අපගේ උත්තමාචාරය.(නදී)

:       0       0

චමිල - පානදුර Friday, 16 August 2013 11:14 PM

රණ විරුවන් රට වෙනුවෙන් කල සේවය, මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැල්ලුවට ලක් කරන එක සම්පුරණයෙන් වැරදියි.(නදී)

:       0       0

චමිල - පානදුර Friday, 16 August 2013 11:15 PM

රණ විරුවන් රට වෙනුවෙන් කල සේවය, මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැල්ලුවට ලක් කරන එක සම්පුරණයෙන් වැරදියි.(නදී)

:       0       0

රොහාන් Sunday, 18 August 2013 08:34 AM

මේවට ප්‍රතිචාදාළ වැඩක් නැහැ පළකරන්නේ නැහැ. (අ)

:       0       0

ජයන්ත Saturday, 17 August 2013 12:41 PM

මොකද මේ වෙන්නේ? හමුදාව දැන් පෙරට.... යමු. (නදී)

:       0       0

මාටින් Saturday, 17 August 2013 01:19 PM

සුපර් ගංජියන්ස් කියල බල ඇණියක් හැදුවනම් මෙයා මේජර් කරලා දාන්න තිබ්බා.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 17 August 2013 01:37 PM

මාටිනුත් හොද ගන්ජියන් කෙනෙක් වගෙයි පේන්නේ.(නදී)

:       0       0

ටිරෝන් Friday, 16 August 2013 06:17 PM

ගංජා බලඇණියකට අන්යුක්තවද දන්නෙ නැහැ සේවය කරන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 04:52 AM

මේක අපේ හමුදාව අපකීර්තියට පත්කරන්න කරපු විදේශ කුමන්ත්රණයක්.(නදී)

:       0       0

නිල්මිණි Friday, 16 August 2013 06:32 PM

ඕවා මොනවද අප්පා,අර අහවල් මහතා ගැන බලනකොට (නි)

:       0       0

කුමාර Friday, 16 August 2013 06:33 PM

ගංජා කියන්නේ ඉතාමන් හොඳ ඖෂධයක් වගේම ඉතා හොද ආහාරයක්.ගංජා ඇට තෙල් ඉතාම හොදයි. ගංජා සඳහා බලපත් නිකුත්කොට නිෂ්පාදන දේශීය ඖෂධ සමාගම් වලට යොමුකළ හැකියි.නිකුත් කිරිමට පෙර ඇට සහ කොළ වල ඇති මත් ගතිය ඉවත් කරන්න තාක්ෂණය ලෝකේ තිබේ.ඒවගේම මෙහි ඇති අනතුරුදායක බව ගැන ගෘහාශ්‍රිත මට්ටමින්,පත්‍රිකා,නාට්‍ය, මෙන්ම පාසල් මට්ටමින් සමාජය දැනුවත් කළ හැකිවේ.නැත්නම් ශාකය වඳ කර දමන්න. (නි)

:       0       0

අසාද් Friday, 16 August 2013 06:35 PM

මොවුන්ටද මිනිස්සු රණවිරුවො කිය කියා උඩපැන්නෙ? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 17 August 2013 06:07 AM

ඔන්න අපේ මේජර්ලා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 August 2013 06:08 AM

හොඳ වෙලාවට අල්ලාගත්තේ , නෙත්නම් මෙයා හෙට අනිද්දා වෙනකොට ගංජා හමුදාවකුත් හදනවා සිකුරුයි , අපිට අඩුවකට තිබුනෙත් එච්චරයිනේ.(නදී)

:       0       0

පිටිගල Friday, 16 August 2013 06:55 PM

තමන්ම ගහ ගත්ත මේජර්ද? (නි)

:       0       0

මනෝහරන් Saturday, 17 August 2013 04:12 PM

මානෙල් මල් කොහෙද දැන්.(නදී)

:       0       0

උපාලි Saturday, 17 August 2013 06:56 AM

දැන් යුද්දෙත් නැති එකේ පාට් ටයිම් ජොබ් එකක් කරන්නවත් එපාද? ජයසුරිය කියනවා වගේ, මේ 'රණ විරුවෝ' නෙමෙයි. රණවිරුවන්ගේ ගෞරවය කෙලෙසන, ඒ ස්වරුපයෙන් ඉන්න හොරු. (නදී)

:       0       0

දිසානායක Friday, 16 August 2013 07:09 PM

මෙම අදහස දැන ගැනීම සඳහා පමණි.මේ වැනි සිදුවීම් අලලා නාට්‍ය, හෝ සිනමා නිර්මාණ කිරීම ඒවා වාරණයට හේතුවක් විය හැක. (නි)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 07:11 PM

අපේ වීර රණවිරුවන්ට කැළලක් ඇති වෙන්නේ මේ වගේ මිනිසුන් නිසයි. උල තිබ්බත් හිත් වදින්නේ නැහැ (නි)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 07:24 PM

රටම ගඳ ගස්වන වැඩක් (නි)

:       0       0

රොකී Friday, 16 August 2013 07:31 PM

දිසානායකගේ අදහස නම් බොහොම හොදයි (නි)

:       0       0

ඩයස් Friday, 16 August 2013 07:31 PM

අනේ මන්දා රණ විරුවන්ට යුද්ද කාලේ සල්ලි ලැබුනා, දැන් ඉතින් අදායම් මදි නිසා ගංජා ව්කුනනවා. මිනි මරුවන් එවැනි වැඩ වල යෙදෙනවා. කරුණාකර මේ අයගේ පඩිය 50% කින් වැඩි කරන්ඩ ඕනා. එතකොට ඔය වැඩ නවතීවි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 16 August 2013 07:55 PM

දිසානායක ගොයියට නිකන් ස්වීප් එකක් ඇදුන වගේ තමයි හමුදාවේ හෝ සංඝ සමාජයේ ගෞරවයට හානි වන සිදුවීමක් උනොත්..මහත්තයෝ..ලක්ෂ ගානක් ඉන්න හමුදාවේ ඔය වගේ අපතයෝ ඉන්නවා ..මේ කොමෙන්ට්ස් දාන අය අතර ඔයාල වගේ මිනී කාක්කෝ ඉන්නවා වගේ..මොන වෘත්තියේත් අපතයෝ පාහරයෝ ඉන්නවා.ඔබ තුමාට හමුදාව දිරාවන්නැති උනාට මේ රටේ මේ සාමකාමී පරිසරය නිර්මාණය වෙනුවෙන් මර බිය නැති සමාජය බිහි කිරීම වෙනුවෙන් ඈස් ඉස් මස් ලේ ජීවිත දන් දීපු හමුදාවට මේ රටේ කල ගුණ දත් ජනතාව ගරු කරනවා හැමදාටමත්.(නදී)

:       0       0

අරුමුගම් Saturday, 17 August 2013 08:57 AM

අනේ අනේ මෙහෙමත් මේජර් ලා. අපිට හිතාගත හැකීයී මෙයාලා කල වැඩ.(නදී)

:       0       0

රෝහණ Saturday, 17 August 2013 07:06 PM

බන්දුල පෙරේරා කොමඩි ස්ටාර් වෙන්න දඟලනවා වගෙයි.(නදී)

:       0       0

කුමාර Saturday, 17 August 2013 08:45 PM

රතු පස්වල ආවෙත් මේවා ගහලද ?(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 16 August 2013 09:20 PM

කංසා කියන්නේ දේශීය ඖෂධයක් ,මෙහි ඇති ගුණාත්මක භාවය දන්නේ ඖෂධ සංස්ථාවයි.මෙහි වැවෙන කන්සා ගිණි තියනවා. ඉන්දියාවෙන් ආනයනය කරනවා.මෙම මේජර් වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය ඖෂධ සංස්ථාවට අනුයුක්ත කල යුතුයි ? කල සේවයට.(නදී)

:       0       0

අනුර Saturday, 17 August 2013 10:23 PM

ඔය වගේ අය ජාතක කරපු අම්මලාත් නිකන් බැනුම් අහනවා. පව් නේද (නි)

:       0       0

දම් Friday, 16 August 2013 10:10 PM

එයාට මතක නැකුව ඇති කවුද ඒවා වාහනයට දැම්මේ කියලා (නි)

:       0       0

මාමාස් Saturday, 17 August 2013 11:44 AM

මේජර් දැන් කොහෙද ? ජේලර්ගේ යටතේද ?.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2241 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1692 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2512 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2680 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 618 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1230 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35976 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site