මහරගම නාවින්න දුම්රිය හරස් පාරේ ගේට්ටුව වසා තිබියදී අස්සෙන් රිංගා ගිය ත්‍රිරෝද රියදුරන් දෙදෙනකුට හා යතුරුපැදිකරුවන් තිදෙනකුට ගංගොඩවිල මහෙස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා රුපියල් 7500 බැගින් දඩ නියම කළේය.
මහරගම පොලිස් රථ වාහන අඞශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක වසන්ත ජයරත්න මහතා පැමිණිල් ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕන ප්‍රසිද්දියේ (අ)
දඩේ මදි. ත්‍රී වීල් බයිසිකල් තමයි පාර කන්නේ ඉන්දියන් ටකරන් තමයි.(නදී)
දඩය ගහල මදි. දෙන්නගේ රියදුරු බලපත්‍ර අවලංගු කරලා හත් අට මාසෙකට හිරේ යවන්නයි තිබුනේ. (දී)
අය්යෝ දඩය නම් මදි. හරිනම් ජීවිත කාලෙටම රියදුරු බලපත්‍රය නැති කරලා, වාහන රාජ්‍ය භාරයට අරගෙන, දඩය තව 10 ගුණයකින් වැඩි කරන්න තිබ්බේ. කෝච්චිවල වාහන හැප්පෙන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා. අලුත්ගම උනේ එකයි. එපා කියද්දී දාල තියෙන්නේ. (දී)
වාහන අයිතිකරුවන්ම පදවන අවස්ථාවලදී වෙන අනතුරු ලංකාවේ ඉතා අඩු ඇති (නි)
ගොඩක් දැන් ලංකාවෙ සිදුවන රිය අනතුරුවලින් සිදු වන මරණ වලට වග කියන්න ඕනෙ රියැදුරන්ගෙ හදිස්සිය තමා. සමහරු පොඩ්ඩක්වත් ඉවසන්න කැමති නෑනෙ.(අ)
බොහොම හොඳ වැඩක් , දඩයත් ඇඟට දෙනෙන එකකක් , බන්දුල ලිඳේ ඉන්න මැඩියා වගේ මෝඩ කතා කියන්න එපා , ගේට්ටු ඇරෙන වෙහෙන ඒවා අන්තර් ජාතික නීති පද්දතින්ට අනුව තමයි ඇරෙන්නේ වෙහෙන්නේ ඕනෑම රටක කෝච්චිය කිලෝ මීටරයක් විතර දුරකදී තම වෙහෙන්න පටන් ගන්නේ , සමහර වෙලාවට කාර්මික දොස නිසා වෙහුන ගේට්ටු ඇරෙන්නේ නෙති වෙල්වල් තියෙනවා එහෙම උන කියල අස්සෙන් දාල යන්න බෙහ මොකද එතකොට රතු එළියෙන් නිසා මේ වෙලාවට හුඟාක් දිඋනු රටවල බුද්දිමත් මිනිස්සු කීය උනත් වාහන නවත්තගෙන ඉන්නවා කවදාවත් අස්සෙන් දාලා යන්න හදන්නේ නෙහ , අර කතාවක් තියෙනවනේ දෙවියෝ පය ගහන්න බය තැන්වල මෝඩයෝ පිනිඋම් ගහනවා කියල අපේ රටට වෙලා තියෙන්නෙත් ඕකම තමයි (දී)
ඉල්ලගෙන මැරෙන්න හදන්නේ
සාමාන්‍යෙයන් රේල් ගේට්ටුව වැහුවම මී හරකෙක්වත් එතනින් පාර පනින්නේ නැහැ.කෝච්චිය එනව කියල උන් දන්නවා. කෝච්චිය ගියාට පස්සේ උන් යනවා. මේ ත්‍රී වීල් එලවන අය ගැන හැමෝම දන්නවා ඒ ගැන.(නදී)
දුම්රිය කොළඹ සිට නාවින්නට එන්නත් පෙර වහගන්නවා. නාවින්නෙන් යන්න සිග්නල් දුන්නට පසුව වහනවා නම් රියදුරන් රස්තියාදු වෙන්නේ නැහැ. දුම්රිය ස්තානයේ නවතා තියනවා දැක්කහම රිංගන්න හිතෙනවා .(නදී)
ස්තුතියි තුමෙනි.(නදී)
විමල් ගේ කතාවත් හරි .. එතනත් ලොකු වැරද්දක් තියෙනවා .. (දී)
ඇත්තටම් මොන දේට උනත් රජයකට බනින එකටනම් මම විරුද්ධයි. දැන් මුන් දෙන්න මරුන නම් ඉදලා ඉවරයි. ගහන්න තිබුනේ 7500ක් නමේ 75000ක් ජීවිතේට ඉවසීම පුරුදු වෙන්නත් එක්ක මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
ඔච්චරටම හදිසියෙන් යන්න තිබුන ගමන මොකක්ද. මෙහෙම අයට දඩුවම ඔයිට වඩා වැඩිකරන්න ඕනා.(නදී)
3රොද රථ සම්ම්බන්දයෙන් දැඩි නීති පනවන්න ඕනේ. ඒ අය මාර්ග නීති සහ පොලිසිය සත 5 කට ගණන්ගන්නේ නැ. පොලිසිය අනිත් පැත්ත හැරුනුගමන් එතැනින්ම ආපසු හරවලා හිනා වේවි යනවා. (අ)
සමහර වෙලාවට සමහර ගේට්ටු වහනවා පැයකට විතර කලින්. කට්ටිය රිංගලා යනවා. කරුමෙට පොලිසිය ඉන්න ඇති (නි)
මොනවද කරන්න ඕනේ?(නදී)
නිශාන්ත , ඒ කතාව නම් ඇත්ත. එකෙක් මැරුණ නම් ගේට්ටුව අස්සෙන් යන්න ඉඩ තියල හදපු නිසයි අහිංසකය මැරුණේ කියල පෙළපාලි ගිහින් රේල්පාර මැද්දේ ඉඳගන්නවා. (නදී)
මොවුන්ගේ බලපත්‍ර තහනම් කර මිනීමැරීමට තැත් කිරීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීම යටතේ නඩු පැවරිය යුතුයි.(නදී)
නිශාන්ත ඔයාගේ අදහසට මම ගරු කරනවා. අපේ රටට හෙන ගහලා තියෙන්නේ බොහෝ දෙනාට බුද්ධියක් නැති නිසයි.(නදී)
මහරගම පොලිස් රථවාහන අංශයට මල් මිටක්,....ගේට්ටු ඇති අනිත් පළාත් වලත් පොලිසි මෙසේ කල යුතුයි. දඩයද තව වැඩි කර බලපත්‍රයද අවරුද්දකට තහනම් කල යුතුමය,(නදී)
නියම වැඩක් .හැබැයි දඩය මදි.(දී)
මේ අයගේ බලපත් අඩුම ගානේ අවරුද්දකට වත් අවලංගු කල යුතුය. (දී)