කහවත්ත කොටකෙතන මව යූ ඩී ප්‍රේමවතී (62) හා අවිවාහක දියණිය පුෂ්පකුමාර (32) මරා දැමීමට ඝාතකයන් ජනේලයක් කඩා ඇතුළු වන්නට ඇතැයි කොළඹ මහාධිකරණයේ නඩු විභාගයේ දී අද කියැවිණි.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරිපිට නඩුව විභාග වෙයි.
මිනීමරුවන් ගෙටද ගිනි තබා සිරුරු පුළුස්සා ඇතැයි උසාවියේ දී සඳහන් විය.
පොලිසිය එහි යන විට දැවී ගිය සිරුරු දෙක ඇඳක් උඩ තිබුණු බවත් කියැවිණි.
නාමල් චමින්ද සිල්වා, සිරිර ප්‍රියංකර නොහොත් මිචිල හා ලොකු ගම්හේවගේ නුෂාර මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
2012 ජූලි 19 වැනි දා මැදියම් රැයේ මවත් දුවත් පිහියෙන් ඇන මරා දැමූ බවට ඔවුහු චෝදනා ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දෙන්න ඕනෑ ආයේ මේ වගේ වැඩ නොකරන්න (නි)
ආයුධ බලන්න ගෙනියමු. (නදී)
රාමන්, කාටද මේ දඬුවම් දෙන්න යෝජනා කරන්නේ.ලංකා! ආයුධ බලන්න ගෙනියන්නේ පොඩි එවුන් මිස මහා එවුන්ව නොවන බව ඔබට අමතක උනාද?(අ)