IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගෝඨාභයට රවිගෙන් අභියෝගයක්

හැකි නම් තම වත්කම් හෙළි කරන්නැයි  මුදල් ඇමැති රවි කරුණානායක මහතා

 හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අභියෝග කළේය.



අදහස් (0)

ගෝඨාභයට රවිගෙන් අභියෝගයක්

රමණි Sunday, 15 February 2015 10:04 AM

මේ අර සතොස කාපු මීයානේ.මැටි පිඩක්.විහිළු සපයන දේශපාලනය කරන කෙනෙක්. (බ)

:       0       0

රුවන් Friday, 13 February 2015 05:01 AM

එතකොට අමාලි, එහෙම කෙනෙක් නැතිවෙන තරමටම හොරු හරිම කැමති වේවි නේද ? (නි)

:       0       0

රණවක Sunday, 15 February 2015 10:11 AM

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්කම තමයි නිදහස් කරගත් මාතෘ භුමිය. එය කාටත් මිල කළ නොහැකියි. නමුත් රට පාවා දෙමින් ඩොලර් ලබාගන්නා රවීගේ වත්කම් කොච්චරද? (බ)

:       0       0

චරිත් Friday, 13 February 2015 05:05 AM

රවී මහතාට නම් උගත් වෘත්තිකයෙකු වශයෙන් ලබපු ආදායම කියලා මොනවාහරි ආදායම් ඔප්පුවෙන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් උදවිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. (නි)

:       0       0

කෙවින් Friday, 13 February 2015 05:11 AM

කවුරුන් හෝ වේවා , දේශපාලනයට එනවිට පරම්පරාගත බුදලයක් නැත්නම් , යම්කිසි වෘත්තියකින් ලැබෙන ආදායමකුත් නැත්නම් තනතුරු සමඟ දේශපාලනයට පැමිණිය පසු හිටිහැටියේ ලක්ෂයට කොඩිය දාන්නේ කොහොමද කියලා මිනිසුන්ට හිතෙන එක සාධාරණයි. මේක මේ එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් විතරක් අදාළ දෙයක් නෙමෙයි. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 12 February 2015 02:08 PM

ඒකත් හරියට කිලිනොච්චි කියලා මැදවච්චි ගියා වගේ (නි)

:       0       0

දිනේෂ් Friday, 13 February 2015 05:44 AM

හසිත්, ඔයා මොන රටේද ඉන්නේ? ගෝඨාභය දැන් රාජකාරියේ නැහැ. දැන් ඉන්නේ වෙනත් ආරක්ෂක ලේකම්වරයෙක්. අනික, කුදලාගෙන හෝ පහකිරීම සමඟ මෙතන ඇති සම්බන්ධය මොකද්ද? රාජා අහලා තියෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. (නි)

:       0       0

ප්‍රියංක Friday, 13 February 2015 05:59 AM

එතකොට මෙතුමා වත්කම් හෙළි කරලද ඉන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ. රටේ හොරකම් හොයන එක හොදයි. එ්ත් හොයන කෙනත් වැරදි නොකරපු කෙනෙක්නම් වඩාත් හොදයි.(හේ)

:       0       0

අනුර Friday, 13 February 2015 06:22 AM

රවී ඔබගේ වත්කම කීයද? ඔබගේ මන්දීරය දහදිය මහන්සියෙන් උපයාගත්ත එකක්ද? (නදි)

:       0       0

ජාලිය Friday, 13 February 2015 06:29 AM

කුදලගෙන යනවා කිව්වම දිනේෂ්ගේ නහය දන්නේ ඇයි ? (නදී)

:       0       0

දිනේෂ් Friday, 13 February 2015 06:34 AM

ඕනේ ඔට්ටුවක් ඔය අභියෝගය භාර ගන්නේ නෑ.(හේ)

:       0       0

හසිත් Friday, 13 February 2015 06:34 AM

මේ අභියෝගය භාර ගත්තොත් ඔබ වීරයෙක්.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 12 February 2015 03:45 PM

අපේ ඇමතිතුමා මෙදාපාරත් පාමංකඩයි, අලිමංකඩයි, මැදවච්චියයි, කිලිනොච්චියයි පටලවාගනීද කියලයි මට බය (නි)

:       0       0

සුජිත් Friday, 13 February 2015 07:06 AM

ඇමෙරිකන් ඩොලර් වලට මොකද වුණේ (දිල්)

:       0       0

රේණු Friday, 13 February 2015 07:15 AM

අනුන්ගේ දේවල් ගැන කතා කරන කලින් තමන්ගේ දේවල් ගැන ලෝකෙට කියන එක වටිනවා නේද තව අයකුට ඇගිල්ල දික් කරනකොට තමන්ට ඇගිලි 4ක් දික් වෙනවා කියලත් මතක් කරමි'(හේ)

:       0       0

දුල්මි Friday, 13 February 2015 07:20 AM

ඇඹුල් දෙනියේ භවනක් වගේ ගෙදර කාගේ දාඩිය මහන්සියෙන් හදපු එකක් ද දන්නේ නැහැ. (හේ)

:       0       0

කනිෂ්ක Friday, 13 February 2015 08:00 AM

බලන් යනකොට හරිම අහිංසකව ධාර්මික ලෙස ධනය ඉපයූ කට්ටියක්ව තමයි දෙයියනේ මේ ඡන්දෙන් ගෙදර යවලා තියෙන්නේ. මොන අපරාධයක්ද ? (හේ)

:       0       0

ගුනේ Friday, 13 February 2015 08:04 AM

කවුරු කවුරුත් ආදායම් දේපල ඉපැයුවේ කොහොමද කියල ඔය හැමෝගෙම මහගෙවල් පැත්තේ අසල්වැසි මිනිස්සුන්ගෙන් දැන ගන්න පුළුවන්. සමහරු ඉන්නේ හරියට දෙමව්පියන්ගේ ප්‍රභූ පවුල් පරිසරයෙන් හම්බු වුන නින්දගම් එක්ක ජීවත් වෙනවා වගේ. (නදී)

:       0       0

රණසිංහ Friday, 13 February 2015 09:25 AM

රත්‍රන් වලට මොකද වුණේ ? (නදි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 12 February 2015 06:48 PM

වත්කම බිංදුවයි කියලා පෙන්නුවොත් මොකද කරන්නේ? (නි)

:       0       0

සොයිසා Thursday, 12 February 2015 07:05 PM

දින 100 ගෙවෙන්නත් එපායැ... (නි)

:       0       0

ධම්ම Thursday, 12 February 2015 07:57 PM

හොයාගන්න බැරිවුණාමද දැන් අභියෝග කරන්නේ? ඔබතුමාටත් මේවා හොයන්න බැරිනම් අපිටද පුළුවන්? (නි)

:       0       0

ශාන්ති Thursday, 12 February 2015 08:04 PM

අපේ පැරණි කියමනක් තිබෙනවා කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා කියලා.ඇමතිතුමාටත් ගෝඨාභය මහත්මයාටත් දෙදෙනාම දේශපාලනයට එන්නට පෙර ඔබ දේපළ ඉදිරිපත්කර ඇති දේශීය ආදායම් තක්සේරු වත්කම රටට කාටත් දැනගන්න හෙළිකරන්න. එතකොට දෙදෙනාටම ජනතාවට පිළිගතහැකි ප්‍රබල චරිත දෙකක් කියලා කිවහැකියි. මේක හොඳ වැඩක්.ජයවේවා! (නි)

:       0       0

සුරියබණ්ඩාර Thursday, 12 February 2015 10:57 PM

මට දැන් මේ විකාර බලලා ඇතිවෙලා. නිකන් බොරුවට විහිළු නොකර තමන්ගේ රජයෙන් වුණ පොරොන්දු ඉටුකරන්න බැලුවා නම් නේද හොඳ? ඇත්තටම මේ මිනිස්සු හිතනවා ඇති රටේ ඉන්න මිනිසුන්ට අවශ්‍ය අරයගෙ මෙයාගේ වත්කම් කිරාබලන්න කියලා. (නි)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 01:02 AM

අලිමංකඩ පාමංකඩ කතාවලින් අපේ විරුවන්ට කළ අපහාස අපිට මතකය. (නි)

:       0       0

මොහාන් Friday, 13 February 2015 01:23 AM

අනෙක් අයට අභියෝග කරන එක නවත්වලා, තමුන් වැඩකරලා පෙන්නුවා නම් මොකද? (නි)

:       0       0

අනුරාධ Friday, 13 February 2015 01:34 AM

තමුන්ගේ වැඩම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ මොහාන්. මේ අහන්නේ රස්සාවක් කරලා මාසෙ පඩියට මොකද කළේ කියලා නෙමෙයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

දිනේෂ් Friday, 13 February 2015 01:44 AM

අනෙක් අයට වැරදි කියන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉන්න (නි)

:       0       0

දුමින්ද Friday, 13 February 2015 01:47 AM

ඉන්දික, හුඟක් සිංහලයන්ගේ මතක ශක්තිය උපරිම සති 2 යිනේ, නේද? (නි)

:       0       0

ජයතිස්ස Friday, 13 February 2015 01:47 AM

කවුරුවත් දුක් මහන්සියෙන් රස්සාවක් කරලා ගත් මාසික වැටුප වියදම් කළ ආකාරය ගැන නම් මහජනතාවට දැනගන්න ඕනෑ නැහැ. ඊට අමතර දෙයක් ගැන නම් කවුරු කවුරුත් දැනගන්න කැමති වෙයි. (නි)

:       0       0

ජනිත් Friday, 13 February 2015 01:51 AM

මේ රටේ එක් කෙනෙක්වත් තමන්ගේ වත්කම් පෙන්වන්නේ නැහැ. අනුන්ගේ වත්කම් අහන්න පෙර තමන්ගේ වත්කම් පෙන්නලා හිටියා නම් ඉවරනේ. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 13 February 2015 01:52 AM

අනුරාධ,ඔයා හරි (නි)

:       0       0

රකිත් Friday, 13 February 2015 02:03 AM

දැන් එතකොට, ඇමතිතුමා සම්පුර්ණ වත්කම් හෙළිකරලද තියෙන්නේ? එහෙම නැත්නම්, වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. (නි)

:       0       0

සමන් Friday, 13 February 2015 02:11 AM

දිනේෂ්, ඔයා කියන විදියට කරන්න ගියොත් වෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැළියට වුණ වැඩේ. අරයත් වැරදියි මෙයත් වැරදියි ඒ නිසා මාත් වැරදි කළාට කමක් නැහැ කියන ප්‍රතිපත්තිය රටට හරියන්නේ නැහැ. වරද දුටු තැන නිවැරදි කරන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ජයලාල් Friday, 13 February 2015 02:14 AM

දැන් කොහොමද දන්නේ නැහැ. ඒ වුණාට සමහරු ඒ දවස් වල දේශපාලනයට එන්න කලින් තිබුන දේවල් ගැන නම් හැමෝම හොඳට දන්නවා. (නි)

:       0       0

ගිහාන් Friday, 13 February 2015 02:17 AM

දේශපාලකයන්ගෙන් වත්කම් අහලා වැඩක් නැහැ . කාගේ කාගේත් වත්කම් තියෙන්නේ වෙන අයගේ නමින්නේ. අන්න ඒ ටික ගිහින් අල්ලාගත්තා නම් හරි. (නි)

:       0       0

සඳලතා Friday, 13 February 2015 02:18 AM

රකිත්, ඒ කියන්නේ අැමතිලා ඔක්කොම හොරකම් කළාට කමක් නැහැ කියන එකද? මම මේ තේරෙන්නේ නැති නිසයි අහන්නේ. අහවලාත් හෙහෙමයි කියලා සාධාරණීකරනය කරලා ඇමතිලා හැමදාම සැප විඳින්නත්, අයථා දේවල් ඇත්නම් ඒවා සෙවීම නවත්වා දුප්පත් මහජනතාව සදා දුක්විඳින්නත් ඕනෑ කියන එකද ඔයා කියන්නේ? (නි)

:       0       0

සුරංග Friday, 13 February 2015 02:22 AM

දේශපාලකයන්ගේ වත්කම හෙළිකරනවාට බය ඒ අයගෙන් යැපුණු ඇත්තෝ කියා තමයි අපිට නම් හිතෙන්නේ. ඇයි එතකොට තමනුත් ඕවාට ගෑවෙනවානේ. (නි)

:       0       0

සේකර Friday, 13 February 2015 02:22 AM

මින් ඉදිරියට " දේශපාලනය කිරීම යනු ඉක්මනින් පොහොසත්වීමේ මාර්ගයක් නොවීමට හා ඕනෑම වරදක් කර නීතියෙන් බේරිමට නොහැකිවන පරිදි නීතිරීති, සදාචාරාත්මක පෙළඹවීමක් හදාගන්න පුළුවන් නම් එය තමයි රටේ අනාගතයට වටින්නේ. (නි)

:       0       0

යසිරු Friday, 13 February 2015 02:29 AM

මෙහෙම ගියොත් හොරකම්, දුෂණ, වංචා නෙමෙයි, මිනීමැරුමක් ස්ත්‍රී දුෂණයක් සිද්ධවුණත්, අනුන්ගේ දේවල් සොයන්න එපා කියන කොට්ඨාශයක් ඉදිරියට ඒවි. (නි)

:       0       0

ලාල් Friday, 13 February 2015 02:30 AM

වත්කම් ගැන ඇහුවහම කියන උත්තර වලින් පෙනෙන්නේ හැමෝම කාලා තියෙන්නේ ලුණුයි බතුයි වගේ. ඒ වුණාට පාරවල් වල යනහැටි, තියෙන උජාරුව රටේ මිනිස්සු ඇස් දෙකෙන් දකිනවා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)

:       0       0

ජිලාන් Friday, 13 February 2015 02:32 AM

ගෙදර උන්දෑව උස්සාගෙන ගියත් සමහරු අනුන්ගේ දේවල් සොයන්න එපා කිය කියා ඉඳීවි (නි)

:       0       0

රණසිංහ Friday, 13 February 2015 02:42 AM

පොදු මහජනතාවට ධනවතුන්ගෙන් අරගෙන සහන අවශ්‍ය නැහැ. පොදු මහජනතාව උපයන මුදල් හා ඔවුන්ගෙන් අයකරගන්නා බදු මුදල් පිල්ලි ගහන්න නොදී, එක එක්කෙනාගේ පුද්ගලික සුඛවිහරණයට නොයොදා එය රටේ ජනතාවගේ යහපතට හා පොදු ජනයාට සහන දෙන්න යොදා ගන්නවා නම් ඒ හොඳටම ඇති. (නි)

:       0       0

දිලුම් Friday, 13 February 2015 03:06 AM

අනේ මන්දා! හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ අපි මැරිලා ඉපදිලා කියලා? පළමුව වැඩක් කර පෙන්වන්න. (නි)

:       0       0

ජනිත් Friday, 13 February 2015 03:18 AM

වැඩක් කරන්න ඕනෑ, හරියට වැඩ නොකළා නම් හැමෝටම නීතිය මේකයි කියලා පළමුව පෙන්වලා. නැත්නම් ඕනෑම සමාජවිරෝධී නොහොබිනා වැඩක් කරලා යහපාලනයේ වචනය ඉදිරියට දාලා බේරෙන්න සාමාන්‍ය මිනිහාත් පුරුදු වේවි. (නි)

:       0       0

අනූෂා Friday, 13 February 2015 03:19 AM

හරියට හොරකම් නොකළ මිනිස්සු වගේනේ සමහරු කතාකරන්නේ. කලින් ආණ්ඩුව කාලෙත් අපි ජීවත්වුණා. ඒ කාලේ රටට වැඩක් කෙරුනා. වැඩක් කරලා හොරකම් කළත් මොකද? (නි)

:       0       0

පද්මේන් Friday, 13 February 2015 03:20 AM

රවී අභියෝග කරන්න හේතුවුණේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ.මම පිළිගන්න දෙයක් තමයි ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වුණ සහ දිගටම විපක්ෂයේ හිටියේ හොරුනොවන අය කියලා. එහෙම බැලුවහම වර්තමාන යූ.එන්.පී.යේ ඉන්න බොහෝදෙනා අවංක අය. (නි)

:       0       0

රකිත් Monday, 16 February 2015 02:08 AM

සඳලතා, ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කළ සියලු දෙනාටම දඬුවම් කළයුතුය. ඒ ගැන තර්කයක් නැත. නමුත්, ඔවා දෙනු පරහට තමා සම්මතෙයි පිහිටා සිට යනුවෙන් අගනා කියමනක් ඇත. ඒ නිසා තවත් කෙනෙකුට අභියෝග කිරීමට පෙර තමා නිවැරදි වියයුතුය. මුදල් වංචා පිළිබඳව මට නඩුවක් තිබියදී මා වෙන කෙනෙකුට අභියෝග කිරීම විහිළුවකි. (නි)

:       0       0

ෆාතිමා Friday, 13 February 2015 03:20 AM

මොන ආණ්ඩූව ආවත් අන්තිමට තැළෙන්නේ මහජනයා (නි)

:       0       0

අබේරත්න Friday, 13 February 2015 04:08 PM

ඒ කාලයේ ජාතික ආරක්ෂාව බිංදුවට දැමු සමහරු අද අඳුරේ අතපතගානවා. (නි)

:       0       0

රාජා Friday, 13 February 2015 03:23 AM

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලද වරප්‍රසාද සහිත ඇමතිවරයෙක් රජයේ සේවකයෙකුට (විශ්‍රාමිකයකු වුණත්) අභියෝග කිරීම? මෙහි නිලවශයෙන් සිදුවිය යුත්තේ ඒ ගැන නිසි විමර්ශනයක් කිරීම නේද? (නි)

:       0       0

අමාලි Friday, 13 February 2015 03:30 AM

තව කෙනෙකුට දුෂණ වංචා පිළිබඳ අභියෝග කරන්න පුළුවන් තත්වයක අනෙක් පුද්ගලයා සිටියයුතුයි (නි)

:       0       0

නිරෝෂා Friday, 13 February 2015 03:31 AM

පුලුවන්නම් ඔබ සියළු දෙනාගේම වත්කම් හෙළිකරන්න. (නි)

:       0       0

හසිත් Friday, 13 February 2015 03:32 AM

අනේ රාජා මහත්තයෝ, මෙතන කවුරුවත් කුදලාගෙන ගිහිල්ලාවත් තනතුරෙන් පහකරලාවත් නැහැනේ. (නි)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 03:37 AM

පද්මේන්, ඔයා නිකන් බබා වෙන්න හදන්න එපා. ගෝඨාභයගේ හොරකම් තියෙනවා නම් ඇමතිතුමා නේද ඒවා හොයලා කියන්න ඕනෑ? නැත්නම් ඒකත් ගෝඨාභයමද කියන්න ඕනෑ? (නි)

:       0       0

සම්පත් Friday, 13 February 2015 04:03 AM

හොරකම් කළා කියලා ඔච්චර විශ්වාස නම් අල්ලලා නඩු දාන්න පුළුවන්නේ. හොඳයි, බලන්න ඔබතුමා ඔබතුමාගේ වත්කම් හෙළිකරන්න එහෙනම්? (නි)

:       0       0

රුවන් Friday, 13 February 2015 04:07 AM

ඔහු අභියෝගය පිළිගනීද? නැද්ද? (නි)

:       0       0

දිලිප් Friday, 13 February 2015 04:08 AM

අතීතය මතම, ඒ අමිහිරි අත්දැකීම් මතම හැමදෙයක්ම මනින්න එපා.වෙනසක් යම්තාක් දුරකට හරි දැනෙනවා. සුබවාදීව හිතමු. මේ නව යහපාලනයක ඇරඹුමක සේයාවක්.ඒ සඳහා අඩිතාලම දාගන්න මේ අපේ කතිකාවත් හරවත් ලෙස යොදාගන්න බලමු.වියයුත්තේ එයයි. ඉස්සරහට ඒ වැරදි නොවෙන්න කොහොමද වැඩ කළයුත්තේ කියන එක ගැනයි සැවොම වදවිය යුත්තේ හා ඒ සඳහා පියවර ගතයුත්තේ. (නි)

:       0       0

රණවක Friday, 13 February 2015 04:10 AM

මොනවාද මේ දොඩවන්නේ? එදා කොටින්ට එරෙහිව සටන් කරද්දී මොනවාද කිවුවේ කියලා අපිට මතකයි (නි)

:       0       0

අනිල් Friday, 13 February 2015 04:17 AM

ගෝඨාභයට අභියෝග කරන්න ඔහුට හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 362 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 135 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 729 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1665 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 215 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38407 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site