බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල නි ප සංවිධායිකා ගීතා කුමාරසිංහ ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට පැමිණිම ගැන දකුණූ පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න විරෝදය පෑමත් සමඟ මහා ගාලගෝට්ටියක් ඇති විය.
මේ රැස්වීමට පැමිණිමට ගීතාට අවසර නැතැයි මන්ත්‍රීවරයා කීවේය. දෙදෙනා අතර මෙන්ම රැස්වීමේ මුලසුනේ සිටි ඇමැති ගුණරත්න වීරකෝන් හා ගීතා අතර ද බහින් බස් වීම් සිදු විය.ඇමැති වීරකෝන් රැස්වීමද කල් තැබීය.
රාජ්‍ය නිලධරයෝද මේ රැස්වීමට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ ඊලගට එන චිත්‍රපටයේ දර්ශනද? (නදී)
ඔච්චර දෙයක් කරන්න ගීතට සවි ශක්තිය ලැබුනේ කොහොමද? කාගේ හරි පිළිසරණක් තියනවා වගේ.(නදී)
රජයේ වැඩයි පක්ෂයේ වැඩයි පටලාගෙන වගෙයි.(දිල්)
සුපුරුදු රස්සාවම කරගෙන හිටියනම් ඉවරනේ (දිල්)
මේකට කියන්නේ බය කියලයි.තම තමන් අතරෙත් එකමුතුව නෑ.ඒකෙන් වෙන්නේ අනෙක් අයට වාසියක්.''ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල්ලු''(දිල්)
මොහාන්, ඒ රැකියාව කරලා දැන් පලක් නැතුව ඇති. (නි)
ඇයි මෙහෙම වෙන්නේ? (නි)
දැන් ඉන්න නළු නිලියෝ බලහත්කාරයෙන් දේශපාලනය කරන්න හදනවා. අනිත් එක එයාලට රඟ පාන්න පුළුවන් උනාට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම් මොනවාද.(නදී)
දේශපාලනය කියන්නේ ,දේශය පාලනය කරනවා කියන එකයි. නමුත් මේ අය ගහ මරා ගන්න එකයි රජයේ දේපොළ හොරකම් කරන එකයි කරන්නේ . රටකට ගිය කල.(නදී)
පස්සේ කියියද ඒකත් රඟපෑමක් කියලා.(නදී)
මමත් බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. ඒත් මෙයා ඇවිත් බෙන්තර ඇල්පිටියට කරපු මහ ලොකු සෙතක් නම් නෑ. කොහොම හරි කමක් නෑ රටට වැඩක් කරනවා නම්. ඒකත් නැති කොට දැන් නම් පාක්ෂිකයන් හොදටම කල කිරීමෙන් ඉන්නේ.(නදී)
ඡන්දේ දෙන අය පරිස්සමින් දුන්නානම් ඉවරයි (දිල්)
කකුළුවෝ ඇදේට යන ගමන් පොඩිඋන්ට කියනවලු කෙලින් වරෙල්ල කියල.මේකත් ඒ වගේ වැඩක්(දිල්)
තිලක්-ඇල්පිටිය, මම නම් ඇල්පිටියේ නෙමෙයි. නමුත් ඔබට පෙන්නලා දෙන්න පුලුවන්ද පළාත් සබා හරි ප්‍රාදේශීය සභා හරි "දැරූ වියදමට සරිලන" වැඩක් කරපු ප්‍රදේශයක්? (නදී)
ඔය පළාත් සභා අපේ රටට වැඩක් නැහැ. එදා ඒවා තහනම් කරනවා කිව්ව පුද්ගලයින්ම තමයි අද ඒවා ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ.(නදී)
ඔය පළාත් සභා වලට වසරකට වියදම් කරන සල්ලි වලින් පුළුවන් ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකරන්න. ඒකෙන් පුළුවන් පැට්‍රොල් , ඩීසල් රටින් ගෙන්වන්න යන වියදම දිනකට කෝටි ගණනක් අඩු කරගන්න. ඉන්ධන මිල අඩු වුනහම භාණ්ඩ සහ සේවාවල මිල අඩුවී ප්‍රතිලාභය කෙලින්ම ජනතාවට ලැබෙනවා.(නදී)