IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ

(අමල් වික්‍රමරත්න සහ ජේ.ඉඳුරුවගේ )

සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා  උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් දෑතෙහි සහ පාදයක පිළිස්සුම් තුවාල ලබා ඇති කුමාරසිංහ මහත්මියට තව දින දෙකක් පමණ රෝහල්ගතව සිටීමට සිදු වෙතැයි එම මහත්මියගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.

කුමාරසිංහ මහත්මියගේ සුව දුක් බැලීම සඳහා මොහොතකට පෙර හිටපු  ජනාධිපති කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

පැයකට ආසන්න කාලයක් ගීතා කුමාරසිංහ මහත්මිය සමග කතා බහ කළ හිටපු ජනාධිපතිවරයා ඇයට ඉක්මන් සුවය පතා පිටත්ව ගියේය.



අදහස් (32)

ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ

sudes Saturday, 02 September 2017 09:02 AM

දැන් මේක විශේෂ පුවතක්ද අපිට?

:       6354       5569

DDSunday, 03 September 2017 04:06 AM

අපට නම් මේක වැදගත් ප්‍රවෘත්තියක් නොවේ. ඇත්තටම වැදගත් ප්‍රවෘත්ති මොනවාද කියා ඉගෙන ගැනීමට පාඨමාලාවක් හැදෑරීම විතරක් මදි. හරි බුද්ධියකුත් තිබිය යුතුයි. එසේම පාර්ලිමේන්තුවට අදාලද නැතිද කියාත් දැන් හොඳින් ඔප්පු වී ඇත. ස්වභාවධර්මය හරිම සාධාරණයි.

:       0       0

Kamal Saturday, 02 September 2017 09:25 AM

ගෑස් සිලින්ඩර පුපුරන්නේ නෑ. මෙය ගෑස් කාන්දුවකින් හට ගත් ගින්නක් විය හැකිය.

:       0       170

shanikaSaturday, 02 September 2017 05:35 PM

ඉතින් කමල් ඒක නේන්නම් කියලා තියෙන්නේ. සිලින්ඩරය පුපුරලා කියලා නෑ.

:       0       0

jamba Sunday, 03 September 2017 12:22 AM

කවුද කිව්වේ සිලින්ඩරයක කතාවක්...

:       0       0

richie Saturday, 02 September 2017 09:46 AM

ටික කලකට පාර්ලිමේන්තුව නිදහස්, බොරු බයිලා නැතුව...

:       2427       3113

Vijitha Saturday, 02 September 2017 09:53 AM

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්... ප්‍රසිද්ධ නිළියක්... සුදේශ් තරම් ප්‍රසිද්ධ නැතිවුණත් අපිට වැදගත් ප්‍රවෘත්තියක්... එතුමියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

:       6635       7259

K PereraSaturday, 02 September 2017 10:15 AM

යහපාලනය මේකේ සම්පූර්ණ වගකීම බාරගන්න ඕනේ ! එහෙම නේද විජිත? ඔබට දැන් සතුටුද ?

:       50       20

SamanSaturday, 02 September 2017 10:26 AM

අනිත්පාර එතුමියට කුස්සියේ වැඩට කතා කරන්නේ නැතුව තනියම කර ගන්න. එහෙම කලින්ම වුණා නම් එතුමියගේ වටිනා ශරීරය රැක ගන්න තිබ්බා.

:       0       1

සුදත් ශ්‍රීSaturday, 02 September 2017 05:05 PM

කවුද සුදේශ් කියන්නෙ?

:       0       0

Saman Saturday, 02 September 2017 10:19 AM

පව් අප්පා, නරක කාලයක්.. හෙට, අනිද්දාට මන්ත්‍රීකමත් නැතිවෙනවා.

:       0       3

siri Saturday, 02 September 2017 10:26 AM

කවුරුවත් "ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්" කියලා කිව්වේ නැද්ද තවම....

:       1418       2127

Sanjeewani Saturday, 02 September 2017 10:36 AM

බරපතල ලෙස පිච්චිලා නම් ජීවිත අවදානම වැඩියි.

:       0       1

shan saudi Saturday, 02 September 2017 10:40 AM

පව් කරනකොට වගේ නෙවෙයි... විඳවන කොට

:       1       0

කාංචන Saturday, 02 September 2017 10:43 AM

මෙතුමියට විපතක් නෑ සුවය පතනවා. මොලය කලඳක්වත් නැති එක වෙන කතාවක්. එහෙම තියෙන අය අඩුයිනේ...

:       0       1

PITIGALA MILANO Saturday, 02 September 2017 10:46 AM

දිට්ඨධම්ම වේදනීය කර්මයක්ද?

:       1       0

janatha anura Saturday, 02 September 2017 10:50 AM

විජිත, හරි කෙනෙක් අනතුරකට පත් වුණාම දේශපාලනය අදාල නැහැ. සැම දෙයකටම දේශපාලනය ජීවිතය කරගත් නරක පුද්ගලයින් පිරිසක් බවට අප පත්වී ඇත්තේ විදේශ ආක්‍රමණිකයන් අපට දායාද කර ඇති දූෂිත පාලන ක්‍රමය නිසයි.

:       0       6

sumana Saturday, 02 September 2017 11:23 AM

ඉස්පිරිතාලේ බිල අපේ සාකිඋවට දාලද බලන්න.....

:       0       0

ONE SRILANKAN Saturday, 02 September 2017 11:50 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු

:       0       1

Thilina Saturday, 02 September 2017 01:11 PM

ඉක්මන් සුවය පතමි

:       0       1

hesa Saturday, 02 September 2017 02:50 PM

පුවත වැදගත්ද නැත්ද තමන් සතුය. ලක්ෂ ගනනකට මෙය විශේෂය වනු ඇත. (දේශපාලනයෙන් තොරව)

:       0       5

Jagath Saturday, 02 September 2017 04:24 PM

රටට වැදගත් ප්‍රවෘත්තියක්ද මේ

:       1       0

parakkrama Saturday, 02 September 2017 04:29 PM

අපි නම් අහල දැකලා තියෙන්නේ මේ වගේ ලෙවල් එකේ අය කුස්සිය පළාතේ නොගිහින්, අනුන් ලවා උයවා පිහවාගෙන කන බොන බවයි. අර කිව්වත් වගේ මේක " ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද " කියලා සාමාන්‍යයෙන් වෙනදා කියන උදවිය නොකිව්වත්, මටත් ටිකක් සැකයි.

:       1       0

Jayantha Saturday, 02 September 2017 06:07 PM

විජිත, ගීතා කුමාරසිංහ නිළියක් කියන කතාව හරි. එයින් ඇය සිනමා කර්මාන්තයට හා ලංකාවේ කලාවට සේවයක් කළාය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වශයෙන් නම් මාතුළ ඇත්තේ තුට්ටු දෙකටත් වැඩිය අන්ත පුද්ගලයකු ලෙසයි. එලෙස බලන කල මෙය ප්‍රවෘත්තියක් වෙන්නේ සරණාගතයන් සඳහා පමණි.

:       1       1

kanthi peeris Saturday, 02 September 2017 07:52 PM

අනේ ගීතා නෝනාවත් සිංගප්පූරු යවන්න ජනාධිපති අරමුදලින් දෙනවද?

:       0       1

Jayantha Saturday, 02 September 2017 08:12 PM

තෙරුවන් සරණින් ඉක්මණින් සුවපත් වේවා !!!

:       0       4

saman Saturday, 02 September 2017 11:19 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... වෙන්නැති

:       0       0

banda Saturday, 02 September 2017 11:21 PM

ඒකාබද්ධ විපක්ෂයේ පොල් ගහපුවා හොඳින් වැඩ කරනවා වගේ...

:       0       0

සනත් Sunday, 03 September 2017 02:26 AM

කුමන්ත්‍රණයක වැරදුණු ප්‍රතිඵලයක් විය හැකියි .. සාධාරණව සොයාබලන්න පොලිසියට හැකියාවක් ලැබෙයිද ...?

:       0       0

de silva Sunday, 03 September 2017 07:23 AM

ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ වලංගු නීතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම් දැරිය නොහැකිය. කරුණු එසේ තිබියදී නීතිය නවමින් තවදුරත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට විරුද්ධව දෙවියෝ දුන්නු දඬුවමක් තමයි මේක....

:       0       1

Nandalal DE SILVA - France Sunday, 03 September 2017 07:41 AM

මහින්ද, ගම්මන්පිළ යුගල ඒ අයගේ සගයන්ගේ සැප දුක සොයා බැලීම සඳහා නිතර බන්ධනාගාර, රෝහල් ආදියට යෑමේ පුරුද්ද මාස කිහිපයක සිට නැවතී තිබුණා. ගීතා නෝනා යලිත් එම අවස්ථාව මේ කට්ටියට ලබා දීලා පත්තරවල සහ අනෙකුත් මාධ්‍ය මගින් ප්‍රචාරයකුත් ලබා දීම ගැන ඇයට පින් දෙන්නත් ඇති..... තුන්මුල්ලේ විමලේ මේ රැස්වීමට සහභාගී නොවුනේ මොකද? සුළු පිළිස්සුම් ලබා ගීතා නෝනා ලස්සන රඟපෑමක් කරලත් තිබෙනවා !!!

:       0       0

niresh Sunday, 03 September 2017 08:34 AM

කිසිම වැඩකට නැති දෙයක්. කිසිම අදාලත්වයක් නෑ. වෙන වැදගත් දේවල් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 95 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 89 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 189 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 97 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 214 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site