(ටී.කේ.ජී.කපිල)
කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයකු ගුවන් යානයේ ,මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබේ.
එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට ,සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර,එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම් , එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.
මෙසේ මෙම ඉන්දීය ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා, ඉන්දියාවේ විශේෂ කාර්යය බළකායේ නිලධාරීවරයකු වන අතර , ඔහු සිය ගිනි අවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබේ.
එසේ පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී, ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයකු දැක ඒ බව ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර , මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයා , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ .
මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළ දී අත් අඩංගුවට පත් වුවහොත් , ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර , මෙයට සමගාමී සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර , ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .
පසුව මෙම සිද්ධියට දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත් වීමෙන් මෙම ප්‍රශ්නය දුර දිග නොයවා විසදා ගැනීමට කටයුතු කර තිබුණි .
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිනි අවිය ගුවන් යානය පැය හතරක් ප්‍රමාද කරයි
Saman Sunday, 07 May 2023 12:38 PM
උසස් නිලධාරීන් රටේ නීතිය කඩකිරීමට කටයුතු කර ඇත. නීතිය නීතියම මිසක උසස් නිලධාරීන්ගේ අවශ්‍යතා නොවේ...
පැරකුම්Sunday, 07 May 2023 02:17 PM
සමන්: අන්තර් ජාතික සබදතා සහ සහයෝගිතාවය වෙනුවෙන් නීතිය නැමියහැකි සහ නැමියයුතු බව ඔබ නොදන්නවා විය නොහැක.