අධිකරණ සේවා කොමිසමේ ලේකම් තම පුතා හා බිරිය ශාන්ත තෝමස් විදුහල අසල ක්‍රීඩාගාරයේ බස්සා සිය ජගුවර් රියෙන් ආපසු එද්දී ඔහුගේ රිය නතර කර ඇතැයි ද, අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කර රියෙන් එලියට ගෙන පහර දී ඇතැයි ද කියන තොරතුරු ලැබී ඇතැයි මූලික පරීක්ෂණ පවත්වන පොලීසිය කියයි.
ගල්කිස්ස පොලීසිය ඔහුගේ රියෙන්ම ඔහු රෝහල් ගත කර ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයක් අනුවය.
මැරයන් වාහනයට නැගී පළා ගිය බවට ද සාක්කි ඇතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන තිබේ.
පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතා එහි පැමිණ පරීක්ෂණ ඇරඹීය.
ඡායාරූප - සුරංජිත් පෙරේරා
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
කවුරුහරි ගහලා රජය අපහසුතාවයට පත් කරන්නයි හදන්නේ. අද ක්‍රිකට් බලන්නකෝ. ඔය ඔක්කොම අමතක වෙයි ඔයාලට. (නි)
දවස් තුනකට විතර කලින් අධිකරණය වුණත් ජනතා පරමාධිපත්‍යයට යටත් කිවුවා. ඔන්න අද ඒක කරලා. අනේ වාසනාවන් මේ රටට! (නි)
පිටරටවල් වලට වෙලා ඉඳන් දේශප්‍රේමය කතාකරන මහත්වරුනි, ඔයාලගේ අඹු දරුවන්වත් ඔය රටවල් වලටම ගෙන්වාගන්න. අපිට නම් තව ටික දවසක් යත්දී දේශ ප්‍රේමය කෙසේ වෙතත් ජීවිතත් අහිමි වෙන්නයි යන්නේ. (නි)
අධිකරණ සේවයේ ඉන්න ප්‍රභලයින්ට මෙහෙම වෙනවා කියන්නේ ආශ්චර්ය එළිපත්ත ළගට ඇවිල්ලා කියන එක නෙමෙයිද? (නි)
ජගුවාර් එකකින් යන්න, පරම්පරාගත සල්ලිකාරයෙක්ද? (නි)
මොකක්ද මේ ජගුවර් කියන්නේ? එයාගේ ආදායම් වාර්තා පරීක්ෂා කරන්න බැරිද? එයා ආදායම් බදු ගෙවලද? (නි)
තව ටික දවසකින් අමතක වෙයි. (නි)
නීතියක් නැද්ද මේ රටේ
මෙතුමාටත් මේජර් උන්නැහෙට වගේ ඔලුවට ලොකු පාරක් වැදිලා තිබ්බොත් හරි. (නි)
"ධර්මේ ජගුවාර් එකකින් යන්න, පරම්පරාගත සල්ලිකාරයෙක්ද?" මේ ජාතික ඛේදවාචකය අස්සේ ඔයාට ප්‍රශ්නයක් වුනේ ඕක විතරයි නේ? (නු)
මේවා ජිනීවා නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. (නදී)
"විධායකය, ව්‍යවස්ථාදායකය ,අධිකරණය කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමටය." (නි)
ධර්මේ මෝඩ කතා කියන්න එපා , අදහස් දක්වද්දි මොලෙත් ටිකක් පාවිච්චි කරන්න (ස)
එක ගෙයි කාලා..... දෙපිළක කැත කරලා .....(ස)
නෝනා සහ පුතා ක්‍රීඩාගාරයේ බස්සවා ආපු බැවින් එම කම්පනය නිසාවෙන් කියවුනු දෙයකි (ස)
ජගුවර් එක කෝ? පොලිසිය වට වෙලා ඉන්නෙ වෙන වාහනයක් වටේටනේ. (නි)
තව ටික දවසකින් යන්න බැරි වෙයි වගේ
අනේ අපි මොනවා කියන්නද? (නි)
මොනවා වුණත් මේ තියෙන්නේ අපේ මහජන මුදල් නේද? (නි)
ආ.. කියන්න බැරි වුණානේ. ප්‍රහාරය සම්බන්ධයෙන් සංවේගය
ජනතා පරමාධිපත්‍යය වැඩ පටන් අරන් වගේ. (ඇයි, මොකද? ලංකාවේ ජනතාව නෙවෙයි නම් පිටරටකින් ඇවිල්ලද කරන්න ඇත්තේ?) (නි)
ලංකාව හැදෙන්නෙ නෑ.තව තව පිරිහෙන්න අරන්.දැන් නම් මගේ අදහස ගල්ෆ් රටකට ගිහින් එහේ මැරෙනකම් ජීවත් වෙන්නයි. (ස)
මේවගේ ජරා වැඩ නවත්ව ගත්තේ නැත්නම් මොනවා වෙයිද?
රජය සමග පොඩි කොස්සක් තියනවා නේද?
මේ කතාව තමයි ආසියාවේ ආශ්චර්ය
රට යන අත හොදයි වගේ. (නි)
ඕවා පත්තරේ දාන්න එපා. සමහරු කියල තියෙනවා ජිනීවා වලට මේවා ආරංචි වුනොත් රටට හොඳ නැහැලු. මේ ටික දවස ගුටිකාගෙන ඉන්න කියන්න.
මෙම පුවත අපට මෙසේ අසන්න නොලැබේවා. “එම මහතා තමාගේ වාහනයේ තිබූ වීල් බ්‍රෂ් එකෙන් තමාට ම ගසා ගෙන, පළතුරු කැපීමට තිබූ පිහියෙන් ඔහුම කපා ගත්තා.“
රටේ ආරක්ෂාව හොදයි කියලා කතා කරන ජනතාවට හොදම උදාහරණය තමයි මේ සිදුවීම. ලොකු අයට මෙහෙම වෙනවනම්, අපි වගේ අයට මොන කතාද?
යුද්ධයෙන් පසු ලැබුණු සාමයද මේ?
ඇති ඔයින් ගියා. (නි)
අපි හැමදාම ගුටි කකා මේකේ ඉන්නෙ නැතිව ජීවිතාරක්ෂාව පතා පිටරටකට වත් යමු. ජනතාවගේ කතිරේ බලයද මේ?
කෝ ජගුවර් රිය? (නි)