IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගැබ්ගත් පෙම්වතියන් බඳින්න උසාවි අවසරය පතයි

පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ ශ්‍යාමල් සඳරුවන් (24) ඝාතනයේ පළමු වැනි හා දෙවැනි සැකකරුවන්ගේ පෙම්වතියන් ගැබ් ගෙන ඇති හෙයින් ඔවුන් අතර විවාහය ලියාපදිංචි කිරීමට ඔවුන්ගේ නීතීඥවරු මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවියගෙන් ඉල්ලා සිටියහ.

ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටියාය.

සැකකරුවන් වන ඩී ජී මංජුල, කේ එම් දිලීප් රෝහණ රුද්‍රිගු, ආර් ජී සුරංග කුමාර සහ කේ එච් දිනුක තුෂාර ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

ගැබ්ගත් පෙම්වතියන් බඳින්න උසාවි අවසරය පතයි

මානගේ Monday, 28 July 2014 07:21 PM

මේ සිද්ධිය ඇත්ත නම් මොවුන්ගේ ක්‍රියාකලාපයෙන්ම පෙනෙනවා චරිත කෙසේද කියා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 July 2014 05:34 AM

ප්‍රමාද වැඩි උනත් පෙම්වතියන් ඉන්න තත් වෙත් එක්ක ඔවුන්ගේ ඉල්ලීම සදාරණයි. මන්දා නුපන් දරුවන් වගේම,එම තරුණියන්ගේ ජීවිත මෙයට කොටස් කරුවන් නොවෙන නිසා. (නදී)

:       0       0

සත්‍යයා Monday, 28 July 2014 07:31 PM

ගාල්ල සමරේ කියන දෙය සුළු කොට නොතැකිය යුතුයි. (නි)

:       0       0

සමීර Wednesday, 30 July 2014 06:05 AM

හිරේ ගියාම හිත වෙනස් වෙයි කියලා හිතලා කළ වැඩක්ද දන්නේ නැහැ (නි)

:       0       0

නිහාල් Monday, 28 July 2014 08:31 PM

සිර මැදිරිය තුලටම විවාහ ලේකම් ගෙන්වා කසාද බැන්දුවා නම් හොඳයි. (නදී)

:       0       0

ධම්ම Monday, 28 July 2014 08:33 PM

එතකොට ගැබ්ගත් අනෙක් පෙම්වතියන්ට මොකද වෙන්නේ. (නදී)

:       0       0

චමින්ද Tuesday, 29 July 2014 07:44 AM

මේක නම් මොකක් හරි ජිල්මාට් එකක් වගෙයි පෙන්නේ.(අ)

:       0       0

ගාමිණී Tuesday, 29 July 2014 07:49 AM

ලුම්බිණි ,කියන්නේ ගැහෙනු කෙනෙක්ද ? පිරිමි කෙනෙක්ද ? (අ)

:       0       0

අජන්ත කන්ගහ Tuesday, 29 July 2014 07:56 AM

මේ ඉල්ලීම නිත්‍යානුකුල නැත. හේතුව රාජ්‍යයේ නීතියට වැරදි කාරයෙක් හෝ සැකපිට ඉන්න අවස්ථාවක ඔහුට රජයේ කටයුතු වලට සහභාගි විය නොහැක. විවාහය නිත්‍යානුකූල කිරීම පසුවට වුණත් කළ හැක. දැන් බැරිය. (අ)

:       0       0

සමන්ති Monday, 28 July 2014 11:15 PM

අත් අඩංගුවට ගන්නකොට මෙහෙම වගක් සැකකරුවන් දැන සිටියේ නැත්ද ? (නදී)

:       0       0

කමල් Tuesday, 29 July 2014 12:41 AM

මෙහෙම ළමයින්ට යහපත්ව හැදෙන්න සුදුසු පරිසරයක්ද සමරේ මහත්මයා තිබෙන්නේ ? අපරාධවලට සැක කටයුතු පියවරු සහ විලි ලැජ්ජාවක් නැති මව්වරුන්ගෙන් මේ ළමයින්ට ලැබෙන ආදර්ශය මොකද්ද ? මේවා හැමෝටම පාඩම්. තව කාලාන්තරයක් යනකන් ලංකාවේ සමාජය දෙමව්පියන්ගේ තරාතිරම් සොයන එක නවත්තන්නේ නැහැ. විශේෂයෙන් ආවාහ විවාහ කටයුතු වලදී. (නදී)

:       0       0

කාන්ති Tuesday, 29 July 2014 12:46 AM

මෙහෙම පුවත් ඇහෙනකොට බවලතුන් වන අපිට ලැජ්ජාවේ පණ යනවා. මේ ගැහැණු ළමයින්ගේ ගෙවල් වල වැඩිහිටියන් නැතිව ඇති. (නදී)

:       0       0

සමන් Tuesday, 29 July 2014 01:14 AM

අනේ කාලේ වනේ වාසේ කීවලු (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 29 July 2014 01:30 AM

මේවායින් ප්‍රශ්න ඇති වෙන්නේ ඉපදෙන්න ඉන්න ළමයින්ට. මොනවා වුනත් විවාහයට කලින් සිදු වුන පිලි සිඳීමකින් ඉපදුන ළමයෙක් දිහා සමාජය බලන්නේ වපර ඇහින්. ගැහැණු ළමයෙක් නම් විවාහයේදීත් සැමියාගේ නෑදෑයන්ගේ පිළිගැනීම පවා නැති වෙන්න පුළුවන්. අපේ සමාජය තාම සිරිත් විරිත් සලකනවා. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 29 July 2014 01:48 AM

පෙම්වතියන් දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් මොකද්ද අවුල? (නදී)

:       0       0

සරත් කුමාර Tuesday, 29 July 2014 02:02 AM

මෙයාල බන්දනගාරේ ඉන්න නිසා නූපන් දරුවෝ දෙන්නා බේරිලා තියනවා. නැත්නම් දන්නවනේ විවාහයට කලින් ගැබ් ගත්තම මෙයාල කරන දේ (නදී)

:       0       0

රුවන් Tuesday, 29 July 2014 09:10 AM

කුමන්ත්‍රණයක් (අ)

:       0       0

ජයව්ත Tuesday, 29 July 2014 03:06 AM

ලුම්බිණි ගේ අදහසින් පේනවා අනාගතයේ ලංකාවේ මව්වරුන් වන්න සිටින කාන්තාවන්ගේ භුමිකාවේ තරම. අනේ අපිට මොකද ? (නදී)

:       0       0

මේහාන් Tuesday, 29 July 2014 03:11 AM

ලංකාවේ සිරිත් විරිත් සංස්කෘතියට පටහැනි ලජ්ජා නැති වැඩවලට උඩ ගෙඩි දෙන කට්ටියත් ඉන්නවා. එක අතකට පුදුමයක් නෙවෙයි.(නදී)

:       0       0

සේනක Tuesday, 29 July 2014 03:15 AM

අඹු දරුවන් නඩත්තු කරන්න සැරසෙන්නේ හරිම නම්බුකාර ජීවන මාර්ගයක් තෝරාගෙන නේ . (නදී)

:       0       0

තබිත Tuesday, 29 July 2014 03:37 AM

ඉක්මනින් පොහොසත් වීමේ පරමාර්ථය ලැජ්ජාවට වඩා ලොකුයි දැන් සමාජයේ (නදී)

:       0       0

අමිල සිංග Tuesday, 29 July 2014 03:48 AM

උසාවියෙන් මෙම තරුණියන් දෙදෙනාට ගබ්සා කිරීමට අවසර දුන්නා නම් මුළු සමාජයටම යහපතක් වේවි. මිනීමරු චෝදනා ඇති තාත්තල ඉන්න එක ළමයින්ටත් කරදරයක්. ළමයින් ලොකු වෙලා තාත්තලා වගේ උනොත් තව කරදර ගොඩයි! (නදී)

:       0       0

දිමුතු Monday, 28 July 2014 02:36 PM

මේ බවලතුන්ට විලි ලැජ්ජාවක් නැද්ද ?මේක නම් සැලැස්මක් ද කොහෙද දෙන්නටම මෙහෙම තත්වයකට පත් වුනේ කොහොමද .විවාහ වෙන්න කියලා මාංචු ගලවාගෙන ගිහින් පැනලා යන්න සැලැස්මක් ඇති. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 29 July 2014 04:00 AM

ගාල්ල සමරේ කියන දෙය සුළු කොට නොතැකිය යුතුයි. අනික් අතට මිනීමැරුමක් පිලිබඳ චෝදනා ලැබුවන් සමග විවාහ වෙන්න දඟලන ගැහැනුන් ඇත්නම් අැයට කවුරු හෝ බලවතෙක් පොරොන්දුවක් දී ඇති බවක් හැඟෙනවා ළඟදීම ඔවුන් නිදහස් වී ගෙදර එන බව. දිමුතු කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. කොයිකටත් ජනතාව ඇස් ඇරගෙන ඉඳිය යුතු කාලයක් මේක.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 29 July 2014 04:03 AM

මේ සැක කරුවන් දෙදෙනා අඩු වශයෙන් තමන්ගේ වගකීම බාර අරගෙන විවාහ වෙන්න හදනවා පෙම්වතියන් දෙන්නගේ කැමැත්තෙන්. මේකේ වැරැද්ද මොකද්ද? සිරිත් විරිත් වලට, සංස්කෘතියට පටහැනියි කියල මේ සැක කරුවන් දෙදෙනා තමන්ගේ පෙම්වතියන් අමතක කලයුතුද? (නදී)

:       0       0

ඇසළ Monday, 28 July 2014 02:45 PM

ඒ කියන්නේ තුවක්කු පත්තුවෙලා තියෙන්නේ වෙඩි තියන්න ඉස්සර වෙලා. (අ)

:       0       0

ගාමිණී - සිරි Monday, 28 July 2014 03:08 PM

අදාළ ඝාතනය කරන්න පෙර පළමුව දෙමව්පියන්,පවුලේ සාමාජිකයින් , තම පෙම්වතිය ගැන සිතිය යුතුයි ! විවාහ නොවී පෙම්වතිය හෝ මොනයම් කාන්තාවක් ගැබ් ගත කිරීම දඬුවම් ලැබිය යුතු තවත් වරදක් ! (අ)

:       0       0

නාරද Tuesday, 29 July 2014 04:35 AM

ලුම්බිණි ගෙන් ඔවැනි අදහසක් මම කිසි විටෙකවත් බලා පොරොත්තු උනේ නැහැ...අද රාමසාන් උපවාසයෙන් පසුව 'ඊද්' උත්සවය සමරන දවස... එසනේ මුස්ලිම් මිතුරු මිතුරියන්ට ඊද් උත්සවය වෙනුවෙන් මගේ සුභ පැතුම්..!(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 July 2014 04:37 AM

මොනවද ලුම්බිණි මේ කියන්නේ. තේරෙන්නේ නැද්ද මෙයාල අර අදින්නේ කුමකටද කියලා. මේ සමාජේ බබාල වගේ ජීවත්වෙන්න එපා. මේ ගෑනු ලමි දෙන්නත් මේ තත්වයට වැටිලා තියෙන්නේ අනවබෝදයෙන්.(නදී)

:       0       0

ඉෆ්රාන් Monday, 28 July 2014 03:16 PM

දැන් ලංකාවේ සංස්කෘතියත් බටහිර තාලෙට හැදිලා, බදින්න කලින් ගැබ් ගෙන දෙන්නගෙම පෙම්වතියො. මෙහෙම පෙම්වතියන් කොතරම් ඇත්ද (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 July 2014 04:45 AM

ලුම්බිණි වගේ හිතන්න මතන්න ගිහින් වගේ වෙන්න ඇති අර ගැහැනු ළමයි දෙන්න අමාරුවේ වැටුනේ. (නදී)

:       0       0

මාධවී Wednesday, 30 July 2014 10:28 PM

පිරිමියා කෙසේ වෙතත් මේ ගැහැණුන්,දරුවන් සමාජයට මුහුණ දෙන්න ඕනෑ.තමුන්ට නම්බුවක් නැත්නම් ඉපදෙන්න ඉන්න උදවියටවත් නම්බුවක් තියෙනවා කියලා හිතන්න ඕනෑ නේද? (නි)

:       0       0

මොහොමඩ් Monday, 28 July 2014 03:25 PM

සැකකරුවන් බන්ධනාගරේ ඉන්නකොට වෙලා නම් එක ගැන හොයන්ඩ ඕනේ (අ)

:       0       0

ගාල්ල(සමරේ) Monday, 28 July 2014 03:29 PM

මෙි ඉපදෙන්න ඉන්න අහිංසකයන්ට අනාගතයෙදී පීතෘත්වය පිලිබඳව ප්‍රශ්නයක් ඇතිනොවන විදියට වැඩකටයුතු සිදුවිය යුතුයි.මෙි ළමයි අනාගතයේ හොඳට හැදුනොත් පියා කවුද කියන එක අනාගත සමාජය විසින් අමතක කර දමාවි. (අ)

:       0       0

සුභාෂ් Tuesday, 29 July 2014 05:10 AM

මේක නම් එසේ මෙසේ මංගල කටයුත්තක් නෙවෙයි. මටත් හිතෙනවා මේක පසුපස මොකක් හරි රහසක් තිබෙනවා. දිමුතු කියනවා වගේ තරුණියන් දෙන්නටම එක වරම මෙහෙම තත්වයකට පත් වුනේ කතා කරගෙන වගේනේ. අනෙක කවුද දන්නේ ඕවයේ ඇත්ත නැත්ත. (නදී)

:       0       0

ඉන්දික Monday, 28 July 2014 03:50 PM

ආදරය කියන දේට මොනම භාදවක්වත් නැහැ (දී)

:       0       0

අමල් Tuesday, 29 July 2014 05:14 AM

මටත් මේ සිද්ධිය ගැන තරමක සැකයක් තිබෙනවා. කවුද දන්නේ පෙම්වතියන් කියලා කවුරු හරි බඩදරු අම්මලා දෙන්නෙක් පෙන්නලා පැනලා යන්න සැලැස්මක් හදා ගෙනද කියලා. එක්කෙනෙක් නම් ඇත්ත කියලා හිතන්න පුළුවන්. එත් දෙන්නම ගැබිනියන්ලු. (නදී)

:       0       0

චානි Tuesday, 29 July 2014 05:18 AM

දැන් මේ අයගේ පෙම්වතියන්ට ලැබිය යුතුයි කියන අනුකම්පාව එහෙනම් අනෙකුත් මිනීමැරුම් නඩුවල සැකකරුවන්ගේ පෙම්වතියන් බිරින්දෑවරුන්ට දේවිද කියලා තමයි ප්‍රශ්නේ. මොකද මේ උදවියට විතරක් විශේෂයක්. (නදී)

:       0       0

විදුෂ Tuesday, 29 July 2014 05:24 AM

මෙතන ප්‍රශ්නය මේ කාන්තාවන් දෙන්නම එකම කාල වකවානුවේ ගැබිනියන් වීමේ අභිරහසක් තියනවාද යන්න. අපේ ගමේ මහා පරිමාන සොරකමකට අසු වී සිරගත් වූ අයෙකු පවුලේ කෙනෙකුගේ අවමගුලකට ගෙන එන අතර පැන යන්න තැත් කර බොහොම අමාරුවෙන් අල්ල ගත්තේ. අතෙන් මාංචු මිදෙන අවස්තාවක් මේ අයට හොඳටම ඇති පනින්න. (නදී)

:       0       0

නදී Wednesday, 30 July 2014 11:06 AM

මොනවා කරන්නද? කෙසේවෙතත් විවාහ වෙන්නට පෙර පතිවත කෙලෙසාගන්න අයත් වැරදියි.තාම අපේ සංස්කෘතියේ ඒවාට ඉඩක් නැහැ.එහෙනම් බන්ධනාගාර‍ය ඇතුළෙම බන්දන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Tuesday, 29 July 2014 05:25 AM

තාත්තලා කරපු වරදට අසරණ දරුවෝ පලි නැහැ. (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 29 July 2014 05:28 AM

බලන් යනකොට හවුලේ මිනීමැරුම් විතරක් නෙවෙයි එකටම නැකත් බලලා අනෙකුත් වැඩ කටයුතුත් සිද්ධ වෙලානේ (නදී)

:       0       0

සුගුනවති අක්කා ඇමෙරිකාවේ සිට Monday, 28 July 2014 04:10 PM

අනේ කාලේ වනේ වාසේ.......මේ අයටත් කැමති ගැහැණු ඉන්නවනේ (දී)

:       0       0

ගාමිණි Monday, 28 July 2014 04:12 PM

විලිලැජ්ජ නැතිව දරු උපතක් බලා පොරොත්තු වන්නේ පියක් හැටියටද ?(දී)

:       0       0

චාන්දනී Tuesday, 29 July 2014 05:33 AM

හොඳ ගුණ යහපත් දෙමව්පියන්ට දාව පිලිසිදෙන්නත් පෙර පින් තියෙන්න ඕනා. (නදී)

:       0       0

අජිත් Tuesday, 29 July 2014 05:37 AM

දැන් මේ තරුණියෝ දෙන්නම ආශ්චර්ය ජනක ලෙස එකම කාලයේ ගැබ් ගෙන තිබෙන්නේ සැකකරුවන් සිරගත වුනාට පසුවද ඉස්සෙල්ලද කියල ඇත්තටම සොයල බලන්න වටිනවා. (නදී)

:       0       0

කමනී Tuesday, 29 July 2014 05:42 AM

හිරෙන් නිදහස් වෙලා ආපු දවසක බදින්න පුළුවන්. මියගිය පාර්ශවයේ පෙම්වතිය හෝ බිරිද ගැන මේ මැරයෝ හිතුවේ නැහැනේ. (නදී)

:       0       0

මලික් Tuesday, 29 July 2014 05:56 AM

මේ ලැබෙන්න ඉන්න ළමයින්ට ආදර්ශමත් පවුල් පරිසරයක් මේ වගේ අම්මල තාත්තලා ගෙන් ලැබේද කියන එක ප්‍රශ්නයක්. ඕවා අපේ වැඩක් නෙවෙයි කියලා කරබාගන්න පුළුවන්. නමුත් මේ ළමයිනුත් අනාගතයේදී සමාජ පිළිල බවට පත් වෙන්න තිබෙන අවස්තාව වැඩියි. එ්ත් ඉතින් එහෙම කියල මේ ලෝකෙට එන්න එපා කියන්නද ? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 July 2014 04:17 AM

කසාද නොබැද ඔහොම කරන්න පුළුවන් නම්, දරුවෝ හම්බ උනාට පස්සේ උනත් බැන්දම මොකද? ඇයි මේ මවුවරුන්ව පෝරුවේ නග්ගන්නද? හිතන් ඉන්නේ. අපේ සිංහල සංස්කෘතිය ඉතිරි ටිකත් කන්නේ නැතුව ඔන්න ඔහොම ඉන්නවල, කුඩුවට වෙලා.(නදී)

:       0       0

කුමාර Monday, 28 July 2014 05:32 PM

සිරකරුවොත් මනුෂ්‍යයෝය (නි)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Tuesday, 29 July 2014 12:40 PM

සැඟවූ ආයුධ පෙන්වන්න ගෙනියන්නේ නැතුව බබාලව පෙන්නන්න ගෙනියයිද දන්නේ නැහැ.(අ)

:       0       0

ලෙස්ලි Monday, 28 July 2014 06:10 PM

ගාමිණී - සිරි, හොඳටම විශ්වාසද ඕක වරඳක් කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 694 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3599 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1294 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2240 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site