මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැමිණීමට පැයකට පමණ පෙර එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය විවෘත කර රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙනි.
පසුව බස් නැවතුම විවෘත කළ ඇමැති චම්පික උත්සව සභාව අමතමින් කියා සිටියේ ‘රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවානම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා ආවේ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසි කරන්න අපට වෙලාවක් නෑ‘ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් විරුද්ධ පිරිසක් ඉන්නවා. ඒවා ගණන් ගත යුතු නැහැ. මෙහම වුණොත් රටේ කිසිම සංවර්ධනයක් කළ නොහැකිය (ම)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. එක ළඟදීම තේරෙයි මෙයාලාට (ම)
බස් නැවතුම හැදුවේ විදුරගේ පුද්ගලික සල්ලිවලින්ද (බ)
හැදුවේ රජයෙන්, එ්ක ලබාගන්න වැඩ කළේ විදුර (බ)
විදුර උන්නැහේ සුදු ඇඳගෙන උපාසකයෙක් වගේ හිටියට එයාගේ සදාචාරය මොකක්ද කියල ජනතාවට තේරුනා . කව්රු ආරම්භ කළත් වීවෘත කිරීම් සම්ප්‍රදායානුකුලව කරන්නේ පවතින රජයේ උදවිය බව තේරුම්ගන්න බැරි තරම් පහත් තත්වයට වැටිලා ඉතාම පහත් විදියට හැසිරීම හරහා ලබා ගත්ත ලාභය මොකක්ද (බ)
දැන් ගමත් නැ...ගමේ වැලත් නැ...ඔක්කොම පිටට.... (ම)
මේකට විසඳුම පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරලා මේ වගේ අයට නීති මගින් දඬුවම් කිරීමයි. (ම)
ලෙස්ලි එහෙනම් හදන්න ඇත්තේ චම්පිකගේ සල්ලි වලින් වෙන්න ඇති නේද (බ)
නීති නම් දැනටත් පොත්වල තියෙනවා.මිනිස්සු හිතන විදිය වෙනස් කිරීමයි අවැසි.(ම)
අයියෝ විදුර (බ)
හරි නම් ඔය වැඩේට සුදුසුම පුද්ගලයන් වන්නේ අපි ජනතාව බදු ගෙවල දීපු මුදලින් හදපුව උන් උන්ගේ නම ගහගෙන විවෘත කරනවා ....(බ)
ලෙස්ලි එහෙනම් මේක හැදුවේ චම්පිකගේ සල්ලි වලින්ද ?මේවා කලින් පටන් ගත්ත ඒවා .(බ)
ලංකාවේ විතරයි මේ කෝලම්. ජනතාවගේ සල්ලි වලින් හදලා, එක එක්කෙනාගේ නම් දාල විවෘත කරනවා. හොඳ වැඩේ කරලා තියෙන්නේ. ඕනෑම දේ කරලා නැහැ හැබැයි. අර ඵලකය ඉතුරු කරලා ගියේ ඇයි මේගොල්ල. දෙන්න තිබුණේ එකටත් වැඩක්. (අ)
චම්පික ඇමතිතුමා මදි නොකියන්නම දීලා තියනවා වගේ (නි)