බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති තුසිත කුලරත්න මහතා බුලත්සිංහල පිහිටි ධර්මායතනයක් ඉවත්කිරීමට සැරැසෙතියි පවසමින් ඈගල්ඔය වැසියෝ ඊට විරුද්ධව බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ පිළිබඳව විමසීමේදී සභාපතිවරයා පැවැසුයේ පන්සල් දෙකක් ගමට අවශ්‍ය නැති නිසා මේ පන්සල ඉවත් කළ යුතු බවත් එහි සිටින හිමිවරුන් නව දෙනාද ඉවත් විය යුතු බවයි. ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් 11 දෙනකුම සභාපතිගේ මතය නොපිළිගත්තද සභාපතිවරයා කියා සිටියේ පන්සල ඉවත් කළ යුතුම බවයි.
උද්ඝෝෂණය අතරතුරදී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තාවකාලිකව ඔවුන් විසිර ගිය අතර විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් දක්වා මෙය ගෙන යන බවද උද්ඝෝෂකයෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සත්‍ය නම් මැර සංගයා වහන්සේ කෙනෙක් ඈගල්ඔය පන්සලේ වැඩ වාසය කරන ගමන් නායක හිමිගෙන් පන්සල ලියල ඉල්ලීමයි .නායක හිමි පන්සල නොදුන් නිසා මෙම මැරයාගේ මුකරි කම යොදාගෙන ගමේ මෝඩ මිනිසුන් ගොනා කරගෙන අසල වත්තක බොරු ධර්මායතනායක් අටවා ගෙන ඇත. මෙය රජයේ ඉඩමකි. සභාපති කරන්නේ නීතියයි . ඇමති කරන්නේ අවනීතියයි . ඇත්ත මෙයයි. (නදී)
මෙයට පිස්සුද.තියෙන පන්සල මෙය ඉවත් කරන්නේ කෙසේද. බොදු බල සේනා,සිංහල රාවය,රවන බලය සහ ජාතික හෙළ .............නිස්සබ්ද මන්ද නැතිනුම් දේසපාලන බලය ඉදිරියේ නිදිද.(නදී)
මිත්‍යා දෘෂ්ටිකයින් ගමේ නොසිටිය යුතුයි (නි)
පන්සල් එකක් නෙමෙයි 10 ක් තිබුනත් එයාට ඇති අමාරුව මොකක්ද ..එයාද හාමුදුරුවන්ට දානෙ දෙන්නේ? (නදී)
ජන සංක්‍යාච චැඩි චෙන විට පන්සලක් චැඩි චෙන එක අභාග්‍යක්ද? එක පන්සලකට දානයක් දෙන්න අචස්තාචක් නැති චෙන කොට දානයක් දෙන්න පිනක් කරගන්න තචත් පන්සලක් තියෙන එක අභාග්‍යය්කද? දහම් පාසලේ ළමයි චැඩි චෙනකොට තචත් දහම් පාසලක් ඇතිචෙන එක නරකද? මුකරි කම කියනදේ හාමුදුරු නමකට තියෙන්න ඕනා. මුකරිකම තිබුනා කියලා හාමුදුරු නමක් මැරයෙක්ට සමාන කරන්න එපා . එක ගමක පන්සල් පහක් ඇරියත් චැඩි නැහැ. (නදී)
මේ වගේ පාලකයන් ගැන තීරණයක් ගන්න කාලේ හරි වගෙයි (නි)
සභාපති කරන්නේ නීතිය. ඇමති කරන්නේ දේශපාලනය. මේවා නොදන්න අය බෞද්ධකම් ගැන කතා කරනවා. මාධ්‍යයේ යුතුකම ඇත්ත හෙළි කරන එක. (නි)
මේක දේශපාලන පළිගැනීමක් වියහැකියි (නි)
මූට පිස්සුද වහාම පිස්සුබලු බෙහෙත් විද්දවාගන්න.(නදී)
අදහස හොද උනත් නරක උනත් හදන්නේ පන්සලක්නේ ! ඒකට විරුද්ද වීම නරක දෙයක් ! සභාපති මෝඩයෙක් !(නදී)
ජාතියක් ජන්මයක් ගැන දන්නේ නැති අයට ලොකුතැන් ගියාම ,මුල මතකත් නැහැ අග මතකත් නැහැ. මේත් එජාතියේ අයගෙන් එකෙක් තමයි. (අ)
මොවුන්ට ඡන්දෙ දීපු අය දැන්වත් පියවි සිහියට පත්වෙලා පාටක් බලන්නේ නැතුව උගත් නැණවත් අය පත්කරන්න (නි)
පන්සල් දෙක නිකාය දෙකක් වුනොත් ගම දෙකට බෙදෙනවා, ගමේ ප්‍රධානීන්ව කොටවනවා, ගම්වැසියෙකුගේ මරණයකදීවත් පන්සල් දෙකේ හාමුරුවරු එකට වාඩිවෙන්නේ නැහැ..ආදී වශයෙන් සමාජයම විනාශයට පත්වෙනහැටි මගේ පුද්ගලික අත්දැකීම් අනුව අවශ්‍ය නම් ස්ථාන නාම සමගම කිව හැකි වුවත් මේ ඇති.(නදී)
මේ අරයනේ ගෙනාවේ මේ සංකල්පේ. පන්සල්, පල්ලි, කෝවිල් තවත් මේ රටට එපෝ කියලා.(නදී)
ලංකාවට පල්ලි පන්සල් මේනියාව ගෙනාවේ කවුද? (නි)
සභාපතිට මොනවා වෙලාද? (නි)
මැති ඇමතිවරු හරි හරියට වැඩ කරද්දි එයාලත් මොනවා හරි කරන්න එපැයි නේද ? (නි)
වීර පල්ලි පන්සල් ගනින්න නම් මරු (නි)
කව්රු හෝ කාගේ හෝ බලපෑමක් මත හෝ නැතුව හෝ මේ වගේ නොහොබිනා වැඩ කරන්නේ ඔය වගේ අයම තමා පන්සල් ගණන වැඩි කියන්න එයා කව්ද? ගමේ ප්‍රශ්න අවුල් කරන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න බැරි අය ගමටත් එපා රටටත් එපා අපිට ප්‍රාදේශීය සභා එපා.(නදී)
මනෝජ් - ඔයා කියන කතාව මම පිලි ගන්නම් දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ ක්‍රිකට් තරග පවත්වද්දී වෙනත් රටකට සහයෝගය දක්වන අය ඉන්න පුළුවන් හැබයි ඒ මුස්ලිම් අය පමණක්ම නොවේ. ඒ වැරදි හරි ගස්සන්න ලැබෙන සෑම මොහොතකම අපි එවැනි අයට උපදෙස් දෙනවා. ඒ වගේම මනෝජ් සිංහල බෞද්ධ අය මේ අලුතෙන් දෙයක් පටන් අරන් ඉන්නවා හැම දෙයකටම මේ සිංහල බෞද්ධ රට (අපිට මේකේ උරුම කම් නැතිද?) මේ වගේ අදහස් ලිවීම තුලින් කොහොමද අපිට සහජීවනය බලාපොරොත්තු වෙන්න පුලවුන්. මම අවංකවම පිලි ගන්න දෙයක් තමා සිංහල බෞද්ධයන් හරිම මිත්‍රශීලි කොටසක් ඔවුන් සමග ජීවත් වීම ඉතාමත් පහසුයි. ඕනෙම දෙයක් ඉතාමත්ම සැහැල්ලුවෙන් බාරගන්න අය. හැබැයි මේකට කෙනෙහිලිකම් කරන්න දැන් කොටසක් ඉන්නවා. මුස්ලිම් අපි ආගම (දවසට 5 වතාවක්) නැමදුම් කටයුතු වල යෙදෙනවා. මුහමඩ් නබි තුමන්ගේ ජීවිතය ආදර්ශයට ගෙන රැවුල වවල ආගම අනුව ජීවත්වීමට උපරිම උත්සාහ දරනවා. නමුත් ඒ වැනි අපිට මූලධර්මවාදීන් කියල ලේබල් ගැසීම අනුමත කරන්න බැහැ. පස් පවු වලින් වැළකී සිටින බෞද්ධයෙක්ව අපිට කියන්න පුලුවන්ද මූලධර්මවාදී කියල? ඉතින් මනෝජ් අපි දෙගොල්ලොම හිතන්න ඕනේ සාමයෙන් සහජීවනයෙන් මේ සුන්දර රටේ සහෝදරයන් මෙන් ජීවත් වීමට (එදා වගේ) මේ ලඟකදී ඉදල තමා සිංහල සහෝදරයට අපිව එපා වෙලා තිබෙන්නේ. අපේ හැමෝම වචන භාවිත කිරීමේදී ප්‍රවේශම් විය යුතයි මේක අපි හැමෝගෙම වගකීම. (නදී)
මං ඉපදුන මැරෙන රටෙ ඉතිහාසය. සංස්කෘතිය වෙනස් කරන එක හරිද? මං ඉපදුන මැරෙන රටෙ ක්‍රිඩකයො වෙනත් රටක ක්‍රිඩකයො එක්ක තරගයක් පවත්වද්දි එම රටෙ කොඩිය අරන් මං ඉපදුන මැරෙන රටට විරැද්ධව උඩ පනින එක හරිද? නියම මුසුලිම් ශ්‍රි ලාංකිකයෝ කොටසක් ඉන්න බව ඇත්ත ඒ අයව අපි සහොදරත්වයෙන් පිලිගන්නවා. ඒත් කවුරුත් දන්නවා ඒ අතර මුසුලිම් අන්ත වාදින් බහුතරයක් ලංකාවෙ ඉන්න බව. ඒ අය මම පෙර කිවු සියලු දේ හා තවත් ගොඩක් දෙවල් මං ඉපදුන මැරෙන රටට හා බෞද්ධ ආගමට විරැද්ධව කරනවා ජලිල්. ෆස්රුල් ගෆූර්. පුලුවන්නම් එවා නවත්වන්න උත්සහ නරන්න එවිට සහජිවනය තව දුරටත් රැකෙයි . අපේ රටට ආගමට විරැද්ධව වැඩ කරන අයට එරෙහිව නැගි සිටින්න . චන්ඩි ඔන තරම් ඉන්නවා. තාම චන්ඩි කියලා පෙන්නුවෙ නැහැ. (නදී)
මේක සිංහලයාගේ රට හරි. මම දොස් කියන්නේ මේ සිදුවීමට අදාළ අය ගැන නොවේ කිසිවක් හරි හැටි කියවන්නේ නැතිව හැම දෙයකටම මුස්ලිම් පල්ලියය් මුස්ලිම් අයව ගාව ගන්න පාඨකයන්ට මේ තීරණය අරන් තියෙන්නේ බෞද්ධයෙක් ඊට විරුද්ධව මේ ස්වාමීන් වහන්සේලා කතාකරනවා ඉතින් ඇයි මේ මුස්ලිම් අයට දොස් කියන්නේ? චණ්ඩියෝ ගොඩක් ඉන්නවා වගේ (දී)
හොදට මතක තියා ගන්න මේක මං ඉපදුනු මැරන, මගෙත් රට බව ....(දී)
මේක බෞද්ධයෙක්ට කරන්න ඔන දෙයක්ද? බෞද්ධයන්ච අනිසි දේචල් චලට පොලබචන්නේ කචුද? පන්සලක් හැදුනොත් පාඩු කාටද?බෞද්ධ ආගමෙ දේචල් චිනාශ කරන එක හරිද?මේක සිංහල රට ඒක චෙනස් කරන්න බැහැ. මුහුන හන්ග ගත්තට ඇග පේනචා. (දී)
මේ රටේ අපරාද සිද්දවෙන විදියට ගමට පන්සල් දෙකක් නෙවෙයි ඊට වඩා වැඩියෙන් තිබුනත් මදි. දෙගොල්ලෝ රණ්ඩු කරගන්නේ නැතුව පන්සල් දෙකටම යන්න දෙකටම දානය දෙන්න. මේක බෞද්ධ රටක්නේ.(නදී)
ෆස්රුල් ගෆූර්, මොඩයා වගේ කවුරුත් නැති තැන කියවලා. සිංහලයා අවුස්සගෙන උන් හිටි තැන නැති කර ගන්න එපා.මේක අපේ රට.ඒක හොඳට මතක තියා ගන්න. (ස)
ෆස්රුල් ගෆූර් - නුඔලා සිංහලයාගෙන් හැමදාම ගුටි කන්නේ ගොන් කට නිසාමයි.ප්‍රසිද්ධියේ පුලුවන්නම් කියන්න මේ ටික. ළඟදීම දත් නැතුවම බත් කන්න ලැබෙයි. (ස)
සභාපතිකමට නෙමෙයි හරියන්නේ, (මම ඉතින් කියන්නෙ නැහැ)
වීර හොඳ දැනීමක් තියෙන කෙනෙක්.. (ස)
කමල් පන්සලක් හැදුචමද උන්ට නිතිය මතක් උනේ. ඔචුන්ගෙ අනිත් දෙචල් වලට නිතිය කෝ ? පියල්ගේ අදහස හරියටම හරි පන්සලක් ඇති උනානම් එක ගමෙ,රටෙ,සිංහල ජාතියෙම පෙර පිනක්.(නදී)
හැබැයි බාර්, වයින් ස්ටෝර්ස්, කොච්චර තිබුනත් මේ අය වැඩියි කියන්නේ නැහැ... තව පර්මිට් හදනවා.(නදී)
මේකට බන්දුල පෙරේරාගේ අදහස මොකක්ද දන්නෙ නැහැ. (ස)
අබේසිංහ , මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. (නි)
එයා සිංහලයෙක්ද? (නි)
සභාපති තුමනි, ඔබ වගේ මිනිස්සු ඉන්න පළාතකට පන්සල් 2 ක් නොවෙයි 100 ක් තිබුනත් මොකටද? අපේ ගමේ මුස්ලිම් පල්ලි 22 ක් තියෙනවා,පන්සල් 3 ක් තියෙනවා. අපේ සභාපතිතුමා නම් ඒවා වැඩියි කියන්නේ නැහැ.මොකද එයා හොඳ බෞද්ධයෙක්. (නදී)
මේ රටේ පන්සල් කීයක් තිබුනත් කමක් නැහැ.මේක සිංහල බෞද්ධ රටක්.මෙහෙ නැතුව පන්සල් අරාබියේ හදන්නද? (නි)
දනුන - නැගෙනහිර පන්සල් සිය ගානක් විනාස වුනා කොටී අතින් ඒවා ආපහු හැදුවේ නැහැ කවුරුත්. සේරම කතා කරන්නේ උතුර ගැන විතරයි. මේ ලෝක පාලුවා විශ්‍රාම යවලා ජීවිත කාලෙටම දෙන වැටුපත් එක්ක , රට ආරක්ෂා කරන්න පාලකයෝ නැද්ද? බු ද්ධ සාසන අමාත්ත්යන්සේට ගියොත් පන්සල් දෙකම වහලා බෝ ගසුත් කපයි. (නදී)
වීර , මේ රටේ බොහොමයක් පන්සල් හදන්න ඕන. මේක බෞද්ධ රටක් නිසා. නමුත් ඔයා කියන සංඛ්‍යා ලේඛන වැරදියි. මුස්ලිම් පල්ලි තියෙන්නේ මේ රටේ 4300 පමණ ඉන් 80% ක් පමණ ඉතා කුඩා පල්ලි පර්චස් 3 - 5ත් අතර මිනිසුන්ගේ පැවැත්මට මේ ලාභ නොලබන ආයතන අනිවාර්ය වේ. (පන්සල් , පල්ලි , කෝවිල් ) (ස)
නම කුලරත්න කිවුවට ඉපදුන කුලේ වැරද්දක් තියන බවයි මට නම් පෙනෙන්නේ .(නදී)
මෙය හරක් මස් කඩ තහනම් කරනකොට මේගොල්ලන්ට මේ සබාපති හරි , අනවසර ඉදිකෙරීම් නවත්තන කොට ඒක නරකයි.(නදී)
ජරාවක් කාල සුවර් මෝඩයා.(නදී)
පන්සල් දෙක නිකායවල් දෙකක වෙන්න ඇති නේද? පන්සල් වැඩි වුණාට කමක් නෑ, ඒත් ධර්ම ප්‍රචාර කටයුතු නම් කෙරන් නෑ. (ස)
දැන් සෑම දේශපාලකයෙක්ටම පිස්සු හැදිලා තියන්නේ ඒ නිසා තමයි ඔයතරම් ගොන් පර්ට් දමන්නේ. මේ වගේ අයට ඡන්දෙ දෙන අයට දැන් දෙපාරක් හිතන්න වෙනවා. (ස)
අංගොඩ ඉඳන් ආවද දන්නේ නැහැ. පන්සල් වැඩි කරන්න ඕන කාලයක ඒව නැති කරන්න යන්නේ මොකක් හරි වාසියක් ඇති. (ස)
මේ අරාබි රටවල් වල බෞද්ධ කියලා කිවුවොත් අපිට කිසිම සරණක් නැහැ. බෞද්ධ අපේ රටේ පන්සල් හැදුවම මොකද? වහාම මේ ගැන ක්‍රියා කරන සංවිධාන මේ ගැන සොයා බලතැයි කියා අපේ විශ්වාසය. (ස)
රටට ඕනෑද මේ නාස්තිය? පළාත් සබා අහෝසි කළා නම් ප්‍රශ්න කොච්චර අඩු වෙනවද? (නි)
මේ රටේ පන්සල් තියෙන්නේ 8400යි. වසරකට පන්සල් 200ක් පමණ වැහෙනවා ස්වාමින් වහන්සේලා නැති නිසා. අද ශාසනයට මහන කරන්නවත් සිංහල දරුවන් නැහැ.මේ රටේ මුස්ලිම් පල්ලි 6900ක් පමණ තියෙනවා.මේ රටේ ඉන්නේ මුස්ලිම් 9%.සිංහලයෝ 75%.ජන අනුපාතයට අනුව මේක සාදරණද කියලයි ඔය දේශපාලුවන්ගෙන් අහන්නේ.(නදී)
ඒ ඉඩම් වෙන වැඩකට දෙන්නවත් හදනවද? (නි)
ඡන්දෙ දුන්නට හොද පාඩම්.(නදී)
පල්ලි, පන්සල් හතර පහ තියෙන ගම් කීයක් තියෙනවද? (නි)
පිස්සුද මන්දා? (නි)
මෝඩයෙක්ද කොහෙද? තියන දේ නැති කරන්ඩ යන්නේ. (ස)
තියෙන පන්සල් කඩන්න ඕනෑ නැහැ. අලුතෙන් හදනවා නම් එක ගමකට 2,3ක් ඕනෑත් නැහැ.මොකද ගමක් වශයෙන් එක ස්ථානයකට රැස්වෙලා තම ආගම සිහිකරනකොට එහි ආශිර්වාදය වැඩියි (නි)
පන්සල් වැඩි උනාට කමක් නැහැ හාමුදුරුවන් පන්සලේ ඉන්නවනම් ඉන්නේ ස්ටේජ්වල,නැත්නම් සේනාවල් සමග.(නදී)
ආ...ටාසන් මස්සිනා...වෙල්කම් ටු ලංකාදීප.(නදී)
වැඩිකල් යන්න ප්‍රථම බෞද්දයන් පිරිහිච්ච ජාතියක් වෙනවා ඒකාන්තයි.(නදී)
මම කිව්වේ පත්තර බලන අයගෙන් බහුතරයක් ගොන්නු කියල. වලිගෙ පාගාගෙන කෑගහනවා මෙලෝ රහක් නැහැ. මේ තීරණය අරන් තියෙන්නේ බෞද්ධයෙක් මේකටත් පාලි ගාවගෙන. මුන්ට අමු කැවිලද? (නදී)
පල්ලිය කියන වචනය යොදාගෙන නොයෙකුත් දේ කිවට කමක් නැහැ .එත් කතෝලික ආගමට අයත් පල්ලි වලට අගෞරව කරන්න එපා.අනික කාටවත් කරදරයක් නැත්නම් අන් යට රිදෙන්නේ කොහොමද ? මෙතැන තියෙන්නේ අදික කුහකත්වය නේද ?(නදී)
සබාපති තුමනි මුස්ලිම් පල්ලියක් හදන්ඩ ද කැමැත්ත?(නදී)
පන්සල් දෙකක් එපා කාටද? මිනිස්සුන්ටද මේ වාහෙටද? අද කාලේ මහන වෙන්න කට්ටිය නැති එකේ හාමුදුරුවරු නව නමක් එක පන්සලක වැඩ සිටීම ජාතියේ පිනක් නේද? මාරාන්තික උප වාස කරන්නේ පන්සල් වනසා පින් පතාගෙන නම්, පින් කරන්නේ කොහොමද? හැබැයි අර තරුණයන් මුලා කොට මහන කර ජාතිය වනසන අරමෙව්ව්නා වටනම් මමත් විරුද්ධයි.(නදී)
ඥානසාර හිමිගේ ගොලොයෝද කොහෙද .?(නදී)
මේ පුද්ගලයට ඉනාවක්වත් කැවිලද? (නි)
සභාපති පළමුව සභාවේ වැඩිදෙනාගේ මතයට ගරුකළ යුතුයි.ගමේ පන්සල් දෙකක් හෝ ඊට වැඩිය තිබුණත් ප්‍රාදේශීය සභාව ඒවාට ආධාර උපකාර කළයුතුයි. (නි)
චමින්ද,අරාබියේ තියා සිංහල අපිට අපේ රටේදිවත් කිසිම සරණක් නැහැ.ලොව එකම සිංහල බෞද්ධ රටේදිවත් දැන් පන්සල් හදන්න බැහැ. (නි)
ටාසන්, මේ රටේ පන්සල් කීයක් හැදුවත් ඔයාට මොකෝ? මේක සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව මිසක් ඔහේගේ මව් රට නොවෙයිනේ. (නි)
සභාපති තුමනි ප්‍රථමයෙන් කියන්න මේ රට බෞද්ධ රටක් කියලා. එක ගමේ පන්සල් කීපයක් තිබුනත් කමක් නැ. ඔබ තුමාට උවමනාව තියෙන්නේ පන්සල ඉවත් කර පල්ලියක් තනන්නද. අනිත් එක කියන්න ඔබ තුමා ඊයේ පෙරේද මොනවහරි කොනක්වත් කපාගත්තද කියලා. කරුණාකරලා ඔබතුමා දැන්ම ගමෙන් පිටුවාල් උනොත් හොඳයි.(නදී)
ඡන්දදායකයෝ ඉතාමත් බුද්ධිමත් විය යුතුයි. පෝස්ටර් වලට,සල්ලි වලට,චන්ඩි පාට් වලට නම් ඡන්දෙ දෙන්නම එපා.උගත්,දක්ෂ,සැලසුමක් තියෙන,ගුනයහ පත්,දුසිරිත් වලින් තොර,රට,ජාතිය ආගම ගැන උනන්දුවක් තියෙන අයට ඡන්දෙ දිය යුතුයි. (නි)
මෙහෙම කට්ටිය මේ දැක්කමයි (නි)
අර්ෂා,ඔබ කියන්නේ නිත්‍යානුකුල පල්ලි ගැන.නීති විරෝධී පල්ලි කීයක් තියෙනවද මෙරටේ.ඔබ සඳහන් කරන නීත්‍යානුකුල මුස්ලිම් පල්ලි ගණනට සාපේක්ෂව බැලුවොත් මෙරටේ පන්සල් 35834ක් තියෙන්න ඕනේ.(ජන අනුපාතයට අනුව)නැත්නම් පන්සල් ගණනට සාපෙක්ෂවනම් මුස්ලිම් පල්ලි තිබිය යුත්තේ 1008කි.නමුත් වී ඇත්තේ කුමක්ද?(නදී)