ඉතාලියේ මිලානෝ නුවර මල්පෙන්සා ගුවන්තොටේදී ලබා ගැනීමේ අදහසින් කටුනායක දී හමුවූ ශ්‍රී ලාංකිකයකුට දුන් ගමන් මල්ල සොයා ගැනීමට උදව් කරන්නැයි ඉතාලියේ මාධ්‍යවේදියකු වන ශ්‍රීමාල් පතිරාජ කියයි.
ශ්‍රීමාල්ගේ දුරකතන අංක - 38 900 94 886
ඉතාලියේ මිලානෝ නුවර මල්පෙන්සා ගුවන්තොටේදී ලබා ගැනීමේ අදහසින් කටුනායක දී හමුවූ ශ්‍රී ලාංකිකයකුට දුන් ගමන් මල්ල සොයා ගැනීමට උදව් කරන්නැයි ඉතාලියේ මාධ්‍යවේදියකු වන ශ්‍රීමාල් පතිරාජ කියයි.
ශ්‍රීමාල්ගේ දුරකතන අංක - 38 900 94 886
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම බූරු වැඩක් කරලා තියෙන්නෙ (අ)
ෂුවර් එකටම බැහැ කියන්න බැරිකමට බාර අරගෙන කොහේ හරි අතහැරලා යන්න ඇති. (නි)
සීරි ඔබ කියාපු කතාවට මට හිනා (දී)
කිසිදාක නන්නාදුනන කෙනෙක්ගේ බඩු ඔයවගේ ගෙනියන්ට හොද නැහැ. මාධ්‍යවේදියෙක් වෙලත් ඔබ කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක්. ගත්තු කෙනාගේ කල්ල මරේ. (නදී)
පරණ නාට්‍යක දෙබසක් මතක් වුනා "අම්ම දුන්න කණකර බඩු අප්ප දුන්න සුදු අස්පය!" (අ)
අනේ මහත්තයෝ, බැරි වෙලාවත් වෙන දේවල් එහෙම ඔය වාගේ දෙන්න එපා. (නි)
මෙතැනදී දෙදෙනාම වරදක් කර තිබේ. තමුන්ගේ ගමන් මල්ල වෙන කෙනෙකුට ගෙන යාමට දීම හා අනුන්ගේ ගමන් මල්ලක් ගෙන යාම. මට ඇති ප්‍රශ්නය මේක ගෙන ගිය කෙනා හා ගමන් මල්ලේ හිමිකරු ගමන් ගත්තේ එකම ගුවන් යනා වලද යන්නය? වෙනස් ගුවන් යනා වල ගමන් ගත්තේ නම් ගමන් මල්ල ගැන බලා පොරොත්තු තබාගත හැක. ඒ මන්ද වෙනස් වෙලාවල් වලදී ගුවන් යනා දෙක මල්පෙන්සා ගුවන් තොටුපලට ගොඩ බසින බැවිනි. [සමහරවිට මේ වෙනස පැය ගන්නනක් විය හැකිය ,සමහර විට දින ගනනක් විය හැකිය ] එකම ගුවන් යනා වල ගමන් ගත්තේ නම් මේ තැනැත්තාට ගමන් මල්ල මල්පෙන්සා ගුවන් තොටුපලේදී එහි හිමිකරුට බාරදීමට හැකියාව තිබුණි. එසේ බාර නොදුන්නනම් ගමන් මල්ල පිළිබද බලාපොරොත්තු අත් අරින්න. හිමිකරුට එය කිසිදා නොලැබේ. එය ගෙන ගිය තැනැත්තා හොරහිත ඇති වසලයකි. (අ)
කිවුවට තරහ වෙන්න එපා ,මමත් දැන් ඉතාලියේ සෑහෙන කලයක් ඉදලා ඉන්නේ. මෙහෙම මෝඩකමක් දැනගත්තෙත් අදයි (නි)
ගමන් මල්ල ගත්ත කෙනා හරිම මෝඩයෙක් (නි)
අනුන් දෙන මලු ගෙනියන්න්න බාරගැනීම නුවණැති වැඩක් නොවේ. නීති විරෝධී භාණ්ඩයක් තිබුනොත් තමන් තමා අමාරුවේ වැටෙන්නේ. (අ)
මොකද ගමන් මල්ලේ තිබුනී හොර බදු ද (අ)
අනේ මෙහෙමත් මෝඩයෝ! ඔය මල්ලේ නීති විරෝධි දෙයක් තිබුනා නම් කොහොමද? දීපු කෙනත් මෝඩය , ගත්ත කෙනත් මෝඩයා!..එතකොට අපි ? (නි)
ඇත්තටම ඔබ මාධ්‍ය වෙදියෙක්ද? කරගන ඇති මෝඩකමක මහත? (අ)
මල්ල දුන්නේ වෙන්නප්පුවේ කෙනෙකුටද? (නි)
ඔහොම වැඩක් මගේ යාලුවෙකුටත් වුණා, අපි කටාර් වලින් ඩුබායි හරහා ලංකාවට එන්න ආවේ. යාලුවගේ බඩු බෑග් ටික බර වැඩි නිසා ලංකාවට එන වෙන කෙනෙක්ට දීලා එයාගෙ නමින් ප්ලේන් එකට දැම්මා. නමුත් ඩුබායි වලින් ඒ යාලුවා ආවෙ වෙන ෆ්ලයිට් එකක. බඩු බෑග් එකත් එයා එක්ක ගිහින්. හොයා ගත්තෙ හරි අමාරුවෙන් ලංකාවට ආවම..ඒ නිසා තමන්ගෙ බඩු කාටවත් දෙන්න එපා. (නි)
මල්ල දුන්න කෙනාගෙන්ම තමයි ඉල්ලගන්න වෙන්නේ (නි)
මාධ්‍යවේදියකු වෙලත් මෙහෙම වැඩ කරන්න ගිය එකනේ පුදුමේ? (නි)
මේ මොන කතාවක්ද?මොන එහෙකටද තමන්ගේ ගමන් මල්ල වෙන කෙනෙකුට දෙන්නේ? (නි)
ඕවා හොඳ පාඩම් අනුන්ගේ පහනෙන් එළිය බලන්නට යනවට.බර වැඩි නිසා අනිත් කෙනාට දෙන්න ඇති ගෙනියන්න. (නි)
පුදුම මිනිස්සු! (නි)
මෙයා ඒ වෙලේ මොළය කල්පනා කරලා නැද්ද? (නි)