IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ කොල්ලයේ වෑන්රිය සොයා ගනී

ගම්පහ ලීසින් සමාගමේ කොල්ලයට යොදා ගත් වෑන්  රථය නෙළුව හාප්පිටියෙන් සොයාගත් බව පොලිසිය කියයි.

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ වෑන් රිය සොයාගෙන ඇත්තේ සිකුරාදා රාත්‍රී පොලිසියට ලද තොරතුරකට අනුවය.

කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමක මුලින් පොලිසියට පවසා තිබුණේ කැබ් රියකින් පැමිණ කොල්ලය සිදු කර වෑන් රියකින් පළා ගිය බවයි.

සැකකරු කොල්ලය සිදු කළ දින රාජකාරියට වාර්තා කර නැතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළ වී ඇත.

 



අදහස් (0)

ගම්පහ කොල්ලයේ වෑන්රිය සොයා ගනී

තෙන්නකෝන් Saturday, 24 August 2013 05:04 PM

මගේ උපරිම ප්‍රණාමය පොලිසියේ මහත්වරුන්ට (නි)

:       0       0

පද්මිණි Saturday, 24 August 2013 06:13 PM

තහනම් කරපු කිරිවත් බිලද මෙච්චරටම මෝඩ වුනේ? (දී)

:       0       0

දනන්ජය Sunday, 25 August 2013 10:42 AM

මනගේ වචන ටික නම් මසුරන් පහයි

:       0       0

සුජානි Sunday, 25 August 2013 10:44 AM

ලස්සන කොල්ලෙක් .මගෙන් එල්ලුවනම් මම සල්ලේ දානවනේ.

:       0       0

කින් බෙනට් Saturday, 24 August 2013 06:41 PM

හොරකම ඉතා ඉක්මනින් අල්ලා ගත්තාට පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 25 August 2013 11:15 AM

අපගේ පොලිසිය හරිම දක්ෂයි, ඒත් එය ජරාව මත සහ ඉහලින් එන බලපෑම් මත වෙනස් වෙන එකයි පුදුමේ. (නදී)

:       0       0

නසාර් Saturday, 24 August 2013 07:07 PM

ටෙලි නාට්‍යයක් රූගත කරලාවද්ද? (නි)

:       0       0

නසාර් Saturday, 24 August 2013 07:10 PM

බඩු පෙන්වන්න කියලා එක්කගෙන යන්න එපා. මෙයාට මොනවා හරි වුනොත් අනිත් හොරු අල්ලන්න බැරිවෙයි (නි)

:       0       0

සෙනරත් Saturday, 24 August 2013 07:19 PM

මූ නම් අන්ඩපාලයෙක් කරුණු ගිලගෙන ඉන්නේ අනෙක් ය බේරෙනකම් හොඳ දෙකක් දීල දැන්ම අනෙක් අය අල්ල ගත යුතුයි (අ)

:       0       0

රසික Sunday, 25 August 2013 11:48 AM

පොඩි ළමයි හැංගි මුත්තන් දානවා ඔයිට වඩා හොදට (දී)

:       0       0

මානගේ Saturday, 24 August 2013 08:01 PM

මෝඩයිනේ, සල්ලි නැත්නම් ලේන්සුවක් දාලා පාර අයිනේ වාඩිවෙලා හිගාකාපියව්!! හොරකම් කරන්නත් දැනීමක් තියෙන්න ඕනේ. ඒක දන්නේ නැති නිසා තමයි අපි හොරකම් නොකර අමාරුවෙන් හරි මෙහෙම ජීවත් වෙන්නේ. බැරි මගුල් නොකර හිටපල්ලා !!!!!(නදී)

:       0       0

ප්‍රිය Saturday, 24 August 2013 08:25 PM

නිර්බීත හොරු ටිකක්, මුහුණ වහල නැහැ. කැමරා වලට මුහුණ දීලා නිර්භීතව, දැන් ලංකාවේ මිනිස්සු නොකරන්නේ මොනවද, පුළුවන් අය ලංකාව දාලා යනවා, එන්න හොද නැහැ, ලංකාවේ ආශ්චර්ය දැක්ක නේද?(නදී)

:       0       0

සාලිය Saturday, 24 August 2013 09:13 PM

කරන කලට පවු මිහිරිය මීසේ (අ)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 24 August 2013 09:24 PM

කිසිදු දේශපාලනික මැදිහක් වීමක් සිදු නොවන්නේ නම් ලංකාවේ සිදු වන අපරාධ වලින් බොහෝමයක් අපේ පොලීසියට විසදන්න පුලුවන්. අපේ රටේ ඉන්නෙ ඇත්තටම ලෝකයේ ඉන්න හොදම පොලිස් නිළධාරින් කිව්වොත් වරදක් නෑ. ඒ තරම්ම දක්ෂයි. නමුත් වැඩේ කියන්නෙ මේ රටේ ගොඩක් දේ සිදු වන්නේ කොහෙන් හෝ දේශපාලනයක් ගෑ වුන කෙනෙක්ගෙන්.(අ)

:       0       0

මනෝජ් Saturday, 24 August 2013 09:37 PM

මානගේ හරියට හරි .(අ)

:       0       0

චන්දි Saturday, 24 August 2013 09:57 PM

මනෝජ් !මමත් මානගේ අදහසට මුළු හදවතින්ම එකගයි.., හිගා කන එක මිට හොදයි .,මොකද..?කැමති කෙනෙක් දෙයි. නැති කෙනෙක් නොදී ඉදියි (අ)

:       0       0

මිනිපේ Saturday, 24 August 2013 10:55 PM

මේ හොරු ටිකට නව තාක්ෂණය ගැන දැනුමක් නැහැ.පොලීසියේ ඇත්තොත් දක්ෂ තමා. (නි)

:       0       0

නිහාල් සමරවික්‍රම Sunday, 25 August 2013 01:10 PM

චමින්දගේ අදහස් අනුව එකග වෙමි. පද්මිගේ ප්‍රතිචාරයත් හොදයි. (නදී)

:       0       0

නාරද Saturday, 24 August 2013 10:56 PM

"සැකකරු කොල්ලය සිදු කළ දින රාජකාරියට වාර්තා කර නැතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත." කියන්නත් දෙයක්ද? එයාම‍ තමයි ඕක කළේ (නි)

:       0       0

සෙනෙවි Saturday, 24 August 2013 11:27 PM

මහ හොරා නෙමෙයි නේද අහුවුණේ? (නි)

:       0       0

දිලානි Saturday, 24 August 2013 02:32 PM

ඕන වැඩක්.(නදී)

:       0       0

අතුල Sunday, 25 August 2013 01:14 AM

වැරදි කරන්න අනුබල දෙනවා නොවෙයි. මෙවන් හොරු දකිනකොට දැනෙන කෝපය කියලා නිමකරන්න බැහැ. ඔවුන්ට දඩුවම් දෙගුන කළා නම් හොදය. (නි)

:       0       0

වාස් Saturday, 24 August 2013 02:35 PM

එතකොට අනික් කොල්ලකාරයෝ වත් හොරකන් කරපු සල්ලි රත්තරන් වත් හම්බවවෙලා නෑ වගේ. ටික දවසකින් මෙයත් එලියට ඒවි.(නදී)

:       0       0

ඉන්දික භාරත Sunday, 25 August 2013 01:50 PM

හොද වෙලාවට ඡායාරූප තිබුනේ. ඒ වුනාට අර රෙදි සාප්පුවේ කචල් එකේදී ඒවා තිබුනේ නැහැලු නේද ? (නදී)

:       0       0

ගැටයා Saturday, 24 August 2013 02:55 PM

තවම හොරු විතරයි. බඩු නැහැ. බඩුත් භාගයක් ලැබුනයි කියයිද?(නදී)

:       0       0

අර්ෂා Saturday, 24 August 2013 02:55 PM

ඔය එන්නේ ටික ටික එලියට.(නදී)

:       0       0

සරත් බුද්දනගල Saturday, 24 August 2013 03:01 PM

ලීසින් නිසා අපට අදාල නැහැ (නි)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 03:02 PM

වැන් රියත් හමු වුනානම් ඔහු කෙලින්ම වැඩේට සම්බන්ධදැයි සැකයක් ඇතිවෙනවා. ශ්‍රී ලංකා පොලිසිය දිනේවා! ඉතිරි කීපදෙනා අල්ලාගෙන රටට පෙන්වන්න.ඉහළින් එන බලපෑම් ගණන් නොගෙන හරියටම නීතිය ක්‍රියාත්මක කරලා හොරකම් කළ බඩු පෙන්නන්න කියලා කියන්න.ජයවේවා! (නි)

:       0       0

ජනිත් Saturday, 24 August 2013 03:55 PM

මට නම් පෙනෙන්නේ මේ පුරුදුවෙන හොරු වගයක්ද කොහෙද. නැත්නම් මේ වගේ මෝඩකම් කරාවිද ? (නි)

:       0       0

විජේ Sunday, 25 August 2013 02:31 PM

මෙයාලව බොරුවට හිරේට දාල අපි ගෙවන බදු සල්ලි වලින් නඩත්තු කරන්න එපා. ආයුද හංගපුවා පෙන්වන්න එක්කගෙන යන්න.(නදී)

:       0       0

නිසාර් Saturday, 24 August 2013 03:59 PM

සමෘද්ධි නියාමකට හොඳට සැළකුම් ලැබිලාද? (නි)

:       0       0

නදීෂ Sunday, 25 August 2013 08:28 AM

ළදරු හොරකම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 513 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 741 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 32 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1104 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2412 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3157 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34991 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24036 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 493 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site