(තිළිණි ද සිල්වා)
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 15කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. ඒ අනුව පවුල් 464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා රුපියල් 5000 දීමනාව මේ වනවිට ගෙවා අවසන්කර තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.
පසුගිය ඉරිදා (18 වැනිදා) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බවයි.
එම වාර්තාව https://tinyurl.com/y566utws ඔස්සේ කියවිය හැකිය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3702ක් නිරෝධායනයට යොමුකර ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය වියළි ආහාර ලබාදීමට ද පියවරගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.
දිස්ත්‍රිකිකයේ නිවාස, වැඩිහිටි නිවාස සහ ආර්ථික දුෂ්කරතා ඇති පිරිවෙන් සඳහා වියළි ආහාර ලබාදීමට රුපියල් මිලියන 16ක මුදලක් වෙන්කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පහට 5,000 දීමනාව දෙන්න කෝටි 232ක් ඉල්ලයි
pakeer Sunday, 25 October 2020 03:45 PM
වැඩේ තියෙයි හොදට.
මුණසිංහ Monday, 26 October 2020 03:10 AM
මෙය ඉතා හොඳින් අධ්‍යයනය කර ලබා දෙන්න. අත්‍යාවශ්‍යම අයට විතරක් දෙන්න. මේක දීලා බාර් අරින්න එපා.
kamal Monday, 26 October 2020 06:00 AM
බැසිල් ඉන්නේ ගම්පහ පැත්තෙ නේද?