වල් අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි කළුවරගස් වැව වල්ලිගම වැසියෝ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ඉදිරිපිට අද අලුයම සිට විරෝධතාවක් ඇරැඹූහ.
පුත්තලම ආනමඩුව මහාමාර්ගය ද හරස් කරමින් 300ක පිරිසක් විරෝධයට එක් වූහ.
පුත්තලම නගරයේ රැකියාවට යමින් සිටි දෙදරු පියකු වන සුනිල් ප්‍රේමතිලක මහතා (45) අද අලුයම වල්අලි ප්‍රහාරයකින් මියයාමෙන් පසුව ගැමියෝ සිය විරෝධය පළ කරන්නට වූහ.
ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද එහි පැමිණ ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීය.
(වීඩියෝ එච් චන්දන)
(ඡායාරූප හිරාන් ප්‍රියංකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මම කිව්වම බණ්ඩාරලා කියන්නේ මොනවද? මේ දවස් දෙක තුනට අලි ගහලා මරණ කීයක් වාර්තා උනාද? මේවට විසදුම් මොනවද කියල බණ්ඩාරලා වගේ අයටත් තේරෙන්නේ නැත්තම් පාලකයන්ට කොහේ තේරේවිද ?(නදී)
මේ රටේ කොපමණ නම් කළුවර ගස් තිබුනද යන්න මෙවැනි ග්‍රාම නාම වලින් තහවුරු වෙනවා. ගස් නැති රටේ දැන් ඇත්තේ නම් පමණයි. ලංකාවත් හරියටම රූප නැති නාමය පමණක් ඇති බඹ ලොවක් වගේ අවතාර රජයනවා.(නදී)
වෙනත් රටවල් වල් අලි මස් ආහාරයට ගන්නවා. අලි පැටවුන්ගෙන් වෙනමම රස ආහාරය වර්ගයක් හදනවා.ඒවට ඉල්ලුමත් වැඩියි. (නි)
අබ්දුල්ට කන හරක් ටික මදි වෙලා අලි මසුත් කන්න හිතිලා වගේ...?(නදී)
අබ්දුල්ල් , ඔයාලනම් අලි එක්ක පුදුම තරහක් තියෙන්නේ නේද ? ඔය විදයට මිනිස්සුන්ගෙන් කරයි කියල මිනිමසුත් කමු කියයි නේද ? දවසෙන් දවස වනසතුන්ගේ බුමිය මිනිස්සු අල්ලගන්නවා එකේ ප්‍රතිපල තමා මේ බුක්ති විඳින්නේ . ඇත්ත තිත්තයි එඅත් මේක තමා ඇත්ත (දී)
නෑ වරුන එහෙම නෙමේ.... මං කිව්වෙ ඈත්ත... ගව මස් වලට වඩා අලි මස් ගොඩක් වෙනස්... රස වැඩියී ගොඩක්.... ඒ වගේම ගුනදායකයි.... එතකොට මෙහෙම අලි ගම් වදින්න එන්නෙත් නෑ... රතු හාල් එක්ක අලි මස් උයලා කාල තියෙනවනම් වරුන ඔහොම කියන්නේ නෑ... (දී)
අපි දන්නේ කොහොමද වරුණත් රතු හාල් එක්ක අලි මස් කාල තියනවද කියලා.(නදී)
බලන්න කොපමණ හොද මැති ඇමති වරු අපිට ඉන්නවද කියල. අලි ගහල මිනිසුන් මිය ගිය හැමවිටම වැඩේ නොකෙරුනත් නිදිමත නිලදාරීන් සමග සාකච්චා කරනවනේ (දී)
නැහැ පිටබැද්දර ජයා, ඔය අලින්ට තරහා ගිහින් තියෙන්නේ. ඔයාලා අලින්ව පෙරහැරට ගන්නවනේ. පව් අපේ අලියෝ ටික (නි)
මම හිතන්නේ දැන් අවුරුදු 40 ක විතර කාලේ ඉඳන් මේ අලි ප්‍රශ්නෙට අපේ පාලක උත්තමයෝ නිල සාකච්ඡා අර සාකච්ඡා මේ සාකච්ඡා . කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් සිටිනවා. අලි ඇතුන් විශාල ලෙස මරණයට පත්වෙලා දැන් අලි ගහනය හොඳටම අඩු වෙලා. මිනිස්සු දහස් ගණනක් මැරිලා.තව ටික කලක් මෙහෙම යනකොට ඉබේම අලි ටික වඳ වෙලා යාවි. පාලකයෝ කොන්පරන්ස් තියාවි. අන්තිමට අලිත් නැහැ.අලි නිසා ප්‍රස්නයකුත් නැහැ.හරි නේද. එම නිසා ඔය අලි කරදර තියෙන මිනිස්සු.මේ උත්තමයින්ට කරදර නොකර ඉන්නවා හොඳයි. (අ)
1. අලියෙක් ගහපුවාම මිනිස්සු එක්කෝ ප්‍රාදේශීය ලේකම්ට ගහනවා. 2. නැත්නම් මිනි පෙට්ටිය අරන් පෙළපාලි යනවා. 3. ලොක්කෙක් ඇවිත් ‘බටර් ටිකක්‘ ගාලා යනවා. 4. මිනිස්සු ආපහු යනවා. 5. දැන් ළමයි ඔය 1 සිට 4 දක්වා වාක්‍ය නැවත නැවත කියා කියා ඉන්න. (නි)