ගොමරන්කඩවලල පොලීසියේ නිලධරයින්ට බැන වැදුණ බව කියන ගොමරන්කඩවල ප්‍රදේශිය සභාපති එම් ඩී චන්දන විජිත කුමාර නීතීඥවරයකු මාර්ගයෙන් ත්‍රිකුණාමල අතිරේක මහෙස්ත්‍රාත් එස් සතීස්දරන් මහතා වෙත අද (23) බාර විය .
ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කැර තිබිණි . අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හළේය.
අගෝස්තු 26 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයිද ඔහුට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පලා බබෙක් ගේ වීර ක්‍රියාවක්. මෙයාලව එලවන්න පුළුවන් බලය තියෙන්නේ ජනතාව අතේ. මේ බව තේරෙන්න මේ පාරවත් හරියට කතිරය ගැහුවොත් හරි. (නි)
රටේ නීතිය අතට අරනං පිස්සු නටන මෙවන් අය නැවත පත් කර නොගෙන ඉමු ජන්න්ද දායකයිනේ . (දී)
අද හැමදේම මැරබලයට යටත් වෙලා. ප්‍රාදේශීය දේශපාලුවෝ කරන තරමක් කරන්නේ තක්කඩ් වැඩ. අනේ මන්දා රට මොන දිසාවටද යන්නේ කියලා. මෙහෙම ගියෝත් නම් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ. දැන්වත් ජනතාව ජන්දය පාවිචි කරද්දී බුද්දිමත් විය යූතුයි.(නදී)
බය නැතුව ඉන්න. හොඳ වැඩේ නරක වැඩ කරනවාට. (නි)
කලකට ඉහත පත්තරේ තිබුන කොහෙද මන්දා ඕ.අයි.සී කෙනෙක් හම්බවෙන්න ආපු ප්‍රාදේශීය 'පුංචෙක්' එයාට බැනගෙන බැනගෙන ගිහින්. මාර වැඩේ කියන්නේ, ඕ.අයි.සී අතේ තිබුන පිස්තොලේ පත්තු වෙලා මෙයාගේ කකුලට වැදුනනේ. පස්සේ ඒ 'පුංචා' ළඟ තිබිල අත් බෝම්බෙකුත් හම්බ වුණා කියල ඒ ප්‍රවෘත්තියේම තිබුනා. හරි වැඩ සිද්දවෙන්නෙ, නේද?(නදී)
මේ මහජන නියෝජිතතුමන්ලා පොලිසියේ මහත්තුරුන්ට බනින්නේ මහජනයාට පොලිසියෙන් සිදුවෙන අසාධාරණයකට එරෙහිව නම් අපි එතුමන්ලාගේ පැත්ත ගන්නවා. හැබැයි, මෙතන 'මහජනයා' කිව්වේ කට්ටියගෙ නීතිවිරෝධී වැඩ මෙහෙයවන ජාවාරම් කාරයින්ට නෙමෙයි. (නදී)
අනේ පව් බාර වුන නිසා අවවාදයක් දීලා නිදහස් කරමු නේද?(නදී)