පසුගිය රජය සමයේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ නයින් ගිය ආකාරයෙන් හා සොසේජස් කරල් ආකාරයෙන් දිගු කොට්ඨාශ වෙන් වන ආකාරයෙන් බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
තම දේශපාලන හිතවතුන් හා ආසන සංවිධායකයින්ගේ නිවාස තම කොට්ඨාශවලට ඇතුළත් කරගැනීමේ අරමුණින් සීමා නිර්ණය කටයුතු කිරීම නිසා මෙසේ සිදුව ඇතැයිද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මායිම් දිග අඩුනිසාද මෙච්චර කල් ගන්නේ? (නි)
හරි ඔබතුමා නයා යවන්නේ නැතුව වැඩ පෙන්වන්නකෝ (නි)
උපදේශකයෝ රැලයි ඇමැතිතුමයි එකතු වුනාම ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ ඇති. ඉතින් නයින්ටත් බැන බැන මාරුව දානවා. (හේ)
නන්දලාල්, තව ටිකක් වටපිට බලන්නකෝ. ජාතික ආණ්ඩුව යන පාර ගැනත් කියන්නකෝ. (නි)
උපදේශකයෝ 40 දෙනාගෙන් අහලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. (නි)
මේ වගේ කතා කියන්න ඕනෑ කෙනෙකුට පුලුවන්. වැඩ කරන්න බැරිවුණ ගමන් අල්ලගන්නෙ මහින්දව. අපිට නම් මේවා එපාවෙලා ගොඩක් කල්. ඉක්මනට ඡන්දෙ තියන්නකො (නි)
ඒගොල්ලන්ගේ වැඩ හරි නැති නිසා ඔයගොල්ලන්ව පත්කෙරුවා. දැන් ඔයාලා කටින් නෙමෙයි ක්‍රියාවෙන් වැඩ කරලා පෙන්වන්න. නැත්නම් ඔයාලටත් ඒ නයි ගිය පාරෙන්ම යන්න වෙයි. (නි)
කොහෙද ඇමතිතුමා කෙළින් ඉරිගහල සීමා වෙන්කරලා තියෙන්නේ? ඕක කෙළින් නැතිබව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ (නි)
දැන් මිනිසුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම එපාවෙලා තියෙන්නේ. නුඹලා නිසයි අපි දුක් විඳින්නේ. රෝහල් වලට, පාසල් වලට ගමනාගමනයට වෙන් කළයුතු මුදල් වලින් මොවුන් පිටරට සවාරි යනවා, සුර සැප විඳිනවා. අපි? අපි අපාදුක් විඳිනවා. (නි)
හරියට හරි රජින්ද. කලින් ආණ්ඩුව ජන වර්ග අනුව පළාත් බෙදීම පුළුවන්තරම් අඩු කරන්න බැලුවා සීමා මායිම් නිර්ණය කිරීමේදී. මෙයාලා හදන්නේ වෙනම පළාත් හදලා දෙන්නනේ. (නි)
ජනවර්ග අනුව පළාත් බෙදී තිබීමේ අවධානම නිසයි පසුගිය රජය විසින් මෙහෙම කලේ. ඒ දවස් වල ඒ බව ප්‍රකාශ කලා. දැන් මිනිස්සුන්ට ඒවා අමතක නිසා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු විපක්ෂයට බොරු මඩ ගහනවා පුද්ගලික අවශ්‍යතාවන් නිසා එහෙම කළා කියලා (හේ)
මේ හාදයාගේ කට පමණි. කෙරුවාවල් කොහෙද?(හේ)
නයි ගිහින් තියෙන්නේ කොහෙද දන්නේ නැහැ. ඒ කාලේ කරපු හැම එකක්ම වැරදියි තමා. මම හිතනේ යුද්ධය ඉවර කරපු එක තමා ලොකුම වැරැද්ද. මේ ගොල්ලන්ට ඒක විකුණගෙන කන්න තිබ්බේ නැහැනේ නේද? ඔය කතා නොකියා පාරක එක හැතැප්මක්වත් හැදුවානම් හොඳ නැද්ද (නි)
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා ඔබතුමානේ කිව්වේ. ඉතින් දැන් ඒ විදිහටම සීමා වෙන්කරන්නත් පුළුවන් කියලා කරලා පෙන්වන්නකෝ. (නි)
නටන්න බැරි අයට පොළොව ඇදයිලුනේ (නි)
ඒගොල්ලෝ කරපු වැඩ ඕනෑ කෙනෙකුට කළහැකියි. (නි)
දැන් අවුරුදු තිහක් යුධ කරලා විනාශ වුණ ආර්ථිකය ගොඩගන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ සිමා කෙළින් නැති එකද? රටේ ජනතාවගේ සල්ලි වලින් පඩි අරන් ජනතා මුදලින් යානවාහන අරන් පාර්ලිමේන්තුවේ පරම්පරා ගණන් ඉන්න එකේ රටටත් ආර්ථිකයටත් වැඩක් වෙන දෙයක් හොයලා බැලුවොත් නරකද? (නි)
එහෙම නයි යන පාරේම තමා දැන් ඒ අය ඒකාබද්ධ විපක්ෂය කියන එක කරන්නෙත්. පරණ පුරුද්ද තාම අතහැරිලා නැති බව ඒකෙන්ම පේනවා (නි)
රටක අභ්‍යන්තර සීමා මායිම් ඍජුකෝණාස්‍රව, සරල රේඛීයව නිර්මාණය කරන්නේ භූගෝලීය විෂමතාවයන් ඒ සඳහා යොදාගත නොහැකි අවස්ථා වලදී පමණයි. එවැනි විෂමතාවයන් බහුලව ඇති ලංකාවේ මැතිවරණ කොට්ඨාශ මායිම් සොසේජස් වගේද හෝ නයි/ගැරඬි ගියා වගේද කියා සොයන්න යාම අනුවණකමක්. (නි)
ඔබතුමාලා මෙතෙක් ඇරපු නයි හොඳටම ප්‍රමාණවත් මහත්තයෝ. බැන බැන එම දේවල්ම නොවේද අලුත් කර කර එළිදක්වන්නේ. (නි)
කියපු දේ ලස්සනත් නැහැ. තේරුමකුත් නැහැ. අනේ ඉතින් යුද්ධකරපු හැටි කියපු දාර්ශනිකයෝනේ. (නි)
නිකන් කයිවාරු කතා කියලා වැඩක් නැහැ. නයි ගැනයි, සොසේජස් ගැනයි කතා මහජනතාවට වැඩක් නැහැ. තමන්ගේ වැඩේ හරියට කළාම ඉවරනේ. කොච්චරකල් ඔය කතා කිය කියා ඉන්නද හදන්නේ (නි)
නුඹලා අාවේ කෙළින් යන්න කියලා නේද? බැරිවෙනවිට මහින්දට ගහනවා (නි)
ඉස්සර මිනිසුන්ට ඔලුවටම වෙඩි තියන්න පවා කටමැත දෙඩවූ අය දැන් කිසි සද්දයක්වත් නැහැ, මිනිසුන්ගේ ඡන්ද අයිතීන් අමුඅමුවේ උල්ලංගනය කරමින් මේ ආණ්ඩුව කරන රඟපෑමට (නි)
ඔය වගේ කතා කියන්නත් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ. (නි)
නැකැත් නැතුව සංවර්ධනය නැවතිලා කිවුවේ කවුද එතකොට? (නි)
ඉතින් ඔබතුමාලා වැඩ කරන්නේත් ගැරඬින්ටත් වඩා අන්ත විදිහටනේ (නි)
එක පළාතක එක ජාතියක් සිටීමෙන් ජනවාර්ගික ප්‍රශ්න පැනනඟින නිසා සියලු ජාතින් අඩංගුවන ලෙස පළාත් සීමා නිර්ණය කළයුතුයි. (නි)
එහෙනම් ඕවා හෙමිහිට හරියට කරන්න දීලා පැරණි ක්‍රමයටම පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් ඉවරයි. ඊළඟ ඡන්දෙදි ඕක ඔය ක්‍රමේට තියන්න පුළුවන්නේ. (නි)