පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා පුද්ගලයකුට (56) පහර දුන්නැයි සැකපිට ගායක චිලී තිලංක තලංගම පොලිසිය විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
ගැමියකුට අතින් පයින් පහරදී තුවාල සිදුකළැයි ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. තුවාල ලැබූ ගැමියා තලංගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේන් වත් නිතිය හරියට කරන්න.(බ)
ගාය යකා = ගායකයා (බ)
ලංකාවේ ගායකයෝයි ආචාර්ය උපාධිකාරයොයි වැහි වැහැලා. සංගීතය නොදත්තවුන් ගායකයෝ වන අතර වැස්සකටවත් පාසලකට ගොඩවුණු නැති අය නමට ආචාර්ය යොදනවා (නි)
චිලි කියන්නේ ඒකාලේ ලංකාවට මිරිස් ගෙනා කෙනෙක් කියලයි මම මුලින් හිතුවේ (නි)
විලිලැජ්ජාවක් නැද්ද මන්දා මෙයාලා මෙහෙම හැසිරෙන්නේ? (නි)
මෙහෙම ගායකයෙක් ලංකාවේ සිටියා කියා දැනගත්තෙත් මේ සිද්ධියෙන්. (නි)
සින්දු කියල ජනප්රිය වෙන්න බැරි උනහම වෙන විදියකින් ජනප්රිය වෙන්න උත්සහ කරනවා. එතකොටයි දන්නේ එහෙම ගායකයෙක් ඉන්න බව. (ර)
දැන් ඉතින් වෙළෙඳපොලේ මිරිස් ගණන් ඉහල යයිද? මේ සිද්ධියෙන් පස්සේ? (ර)
මෙයා ගායකයක් වුනේ කොයි කාලේද මම නම ඇහුවෙත් අදයි.... (ර)
ඇඟ තිබුනාට පුද්ගලයෙකුට මොළය නැත්නම් වැඩක් නැහැ (නි)
මෙයාව දන්නෙත් මේ සිද්ධිය නිසා? ඉතින් කොහොමද ජනප්රිය ගායකයෙකු වෙන්නේ? මේ සිද්ධිය ඔහු කරන්න ඇත්තේ ජනප්රිය වෙන්න ඕනෑ නිසා වෙන්න ඇති (නි)
ගැමියෙකුට පහරදුන් මොහුට දැඩි දඬුවම් දියයුතුයි. (නි)
අද කාලේ ගොඩක් ගායකයන්ට ශරීරය විතරයි, මොළය නැහැ (නි)
නියමයි මේ තීන්දුව, අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න (නි)
මෙච්චර දවස් කොහෙද බොලේ උන්නේ ? (බ)
ජන(අ)ප්රිය? (බ)
නිතිය හරියට කරන ලෙස ඉල්ලමි. (බ)
වැඩක් නැහැ. අඩුම තරමේ මෙයා හැංගිලා හිටිය කාලේ තරම්වත් කාලයක් අත්අඩංගුවේ හිටින එකක් නැහැ. ඉක්මනටම ඇප ලබාගන්න පුළුවන් හැමදේම සුදානම් කරලා තමයි අත්අඩංගුවට පත්වෙන්න ඇත්තේ (නි)
අනේ! දැන් තව ටෙලි නිළියෝ එහෙම ගොඩක් පෝළිමේ ඇති පොලීසියේ. (නි)
කවුද චිලි කියන්නේ? මම නම් දන්නෙත් නැහැ. ලංකාවේ කෙනෙක්ද? (නි)
මෙය ගායකයෙක්ද? කවුද මෙයා? (නි)
දැන්නම් ජනඅප්රිය ගායකයෙකු වෙලා (නි)