හය මාසයක් වයසැති දැරියක රුපියල් තිස් දහසකට විකිණීයැයි සැකපිට ඇගේ මව ද, දැරිය මිලට ගත් කාන්තාව ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.
දැරිය රුපියල් පනස් දහසක බැඳුම්කරයක් මත මවට මුදා හරින ලෙස ද නියම විය.
දැරිය රුපියල් පනස් දහසකට විකිණීමට පොරොන්දු වී රුපියල් තිස් දහසක් ලබා ගෙන ඇත්තේ ගෙයක් හදා ගැනීමට බව ද කියති.
සිද්ධිය අනාවරණය වූයේ දැරිය මිලට ගත් කාන්තාව ඉතිරි රුපියල් 20000 නොගෙවීයැයි මව සපුගස්කන්ද පොලිසියට කළ පැමිණිල්ලක් නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් හදනවාට වඩා ජීවත් කිරීමයි අමාරු (දී)
දරුවන්ට කන්න අදින්න දෙන්න නැතිව දරුවන් සමග ගඟට මුහුදට පනින්න සිද්ද වෙන කාලයක් ඉදිරියට උදා වෙන්නේ.(අ)
මිනිස්සුන්ගේ අදහස් වල තියෙන කුහක කම තමයි ඔය තියෙන්නේ. හොදට හිතල බලන්න මීට වැඩිය අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ලංකාවේ නැතිද. මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්න ඕන පොඩි කාලේ ඉදලම (නදී)
රුපියල් තිස් දහසකට අද ලංකාවේ මොනවද කරන්න පුළුවන්. ලංකාවේ බදු මිල හැටියට අඩුම වසයෙන් දරුවන් තුන් දෙනෙක් සමග තුන් වේල මාසයක් කන්න,අදින්න දෙන්නවත් පුලුවන්ද? (දී)
මේක තමා ආශ්චර්යයට යන ගමනේ යථාර්ථය....මේ යන ක්‍රමයට අපිටත් ලංකාවට ආව දවසට හිගා කන්න තමයි සිද්ද වෙන්නේ. (දී)
උපුල්.ලංකාවේ ජනගහනයෙන් පාසල් යන වයසේ දරුවන් 40% ක් මන්ද පෝසනයෙන් පෙළෙනවා.45% ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් පෙළෙනවා. අපි පිලි ගන්න කැමති වුනත් නැතත් යතාර්ථය ඒක තමයි. (දී)
රටේ මිනිසුන්ට තුන් වේල කන්න අදින්න නැතිනම් මහා මාර්ග,නැව් එන්නේ නැති වරායවල්,ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් මහා මෙරක් හැදුවත් වැඩක් තිබෙනවද? (දී)
මේ අම්මා දැනට ඉන්නේ මහා පාරේ වෙන්න ඕන. ගෙයක් නැතිව අනාරක්ෂිතව ඉන්න සිදුවීමෙන් මේ දරුවත් බිහිවුනාද නොදනිමි.මෙවන් තත්වයන්ට පත්වුණු අම්මල ගැන වග කියන ආයතන ලංකාවේ නැතිද? (දී)
නිහාල් ඉතානගේ මහතාණෙනි, මම ඔබේ අදහසට කැමතියි. අපි එක්වී ඇයට පුළුවන් විදියට නිවසක් තනාදෙමු. අපේ රටේ සමහර දේවල් දකිනවිට ඇස්වලට කදුළු එනවා. අපි එකවගේ එකමුතු උනොත් අපිට බොහෝ ඒ කලහැකියි. ලංකාවේ දුප්පත් කම් බලන්න නම් ඒ ඒ පැතිවලට යන්නම ඕනේ. කවුරුවත් කිව්වට හිත ගන්නත් බැරි තරම්. කැමති කෙනෙකුට කැමති විදියට අදහස් දමන්න පුළුවන් : එත් මේ අපේ රටේ දු දරුවන් නේද කියල හිතන්න පුරුදුවෙන්න! (දී)
අනුන් වෙනුවෙන් දරුවන් බිහිකිරීමට කුස විකුණන අම්මල ඉන්න ලෝකයක මේ අම්මත් අහිංසක උත්සාහයක් දරලා තියෙනවා නේද ? දරුවෝ මරල විසිකරලා දාන රටේ කාට හරි හදාගන්න දීපු එකම ලොකුදෙයක්නේ , අනික අද 30% වඳ භාවයෙන් පෙළෙනවා කියල සන්කයා ලේඛන වලින් පෙන්නනවා ඉතින්මෙහෙම තියෙන කෙනෙක්ගෙන් අරගෙන හදාගන්න එකේ වරදක් නැහැ වෙලා තියෙන්නේ මෙතන බොරුවක් වංචාවක් වීමයි (අ)
අද ජීවත් වෙන්න ලංකාවේ හරි අමාරු තත්වය මින් පැහැදිලි වෙනවා මෙතන ගොඩක් අය බයිලා ගහල තියෙන්නේ, මොන අම්මාද තම දරුවාව විකුණන් කන්න ඉදිරිපත් වන්නේ. කොහේ බැලුවත් හොරකම , වංචාව , කුඩු , ළමා අපචාර ,ගණිකාවෝ , ජාතිවාදය , ජාතික අසමගිය , මිල පාලනයක් නැතිකම අනේ මෙහෙව් රටක් ... (දී)
ලංකාවේ සෑහෙන ප්‍රතිශතයක් දරුවන් ලැබීමට අසීරු මද සරු භාවයෙන් පෙලෙනවාලු. ඉතින් අනුන්ගේ දරුවකු හරි අවංකව රැකවරණය දී හදා වඩා ගැනීමට කැමති අයට ඒ සඳහා පහසුකම් තිබෙනවා නම් දරුවන් තමන්ට වැඩි යයි සිතන අයටත්, දරුවන් තමන්ට නැතැයි කියලා දුක් වෙන කට්ටියටත් සහනයක් වේවි. (දී)
පුංචි දරුවෙක් අරන් ඉන්න අසරණ අම්මාකෙනෙක් දකින හැමවෙලාවෙම මම අඩු තරමින් කිරිපිටි පැකට් එකක්වත් අරගෙන දෙනවා. ඉහත කමෙන්ට්ස් දාල තියෙන කිදෙනෙන් අඩු තරමින් එහෙමවත් කරනවද? (දී)
කෝ බල සේනාව? (අ)
මම අසරණ පවුල් කීපයකට උදව් කරනවා.මේ අම්ම ඉන්න තැන හොයාගෙන ඉක්මනින් උදව් කරනවා.තමන්ට පුළුවන් විදියට උදව් කරන්න.(අ)
පිටරට ඉන්න අපි හඳුනන ශ්‍රී ලාංකික යුවලක් ලංකාවෙන් දරුවෙක් අරගෙන හදා වඩා ගැනීමට කැමතියි. ඒ යුවල උගත් කරුණාවන්ත අවංක දෙන්නෙක්. අනේ දන්නා කවුරුහරි ලංකාවේ දරුවෙකු හදා වඩා ගැනීමට යාමේදී අනුගමනය කළයුතු නීතිමය පිළිවෙළ කියනවද ? මේක ලොකු පිනක් වේවි. (නි)
පිස්සු තමයි. ගෙයක් හදන්න පුලුවන්ද රු. 50000න්. වෙන්න ගිය අනතුරක් මග අරුණ බවයි මගේ නම් හැගීම. මේ දරුවාගේ වාසනාව.(නදී)
දුෂිත ආර්ථික සූරාකෑමෙන් පීඩිත සමාජයක මේ වගේ පුවත් අනාගතයේ තවත් බහුල වෙන්න පුලුවන්. (නි)
මේ ගසා කන කෑමට මෙහෙමවත් අපිට රටක් කියල ඉතිරි කරලා දුන්නට අපි දෙවියන්ට ඉස්තුති කරන්න ඕනේ (අ) .
මහාජන මුදලින් කොටි ප්‍රකෝටි ගණනින් වටිනා ලම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ,ඉන්ටෙර් කුලර් කාර් 7-8 ක් ගුවනින් ගෙන්වන රටක එහෙම වෙන්න බැහැ නේද?(අ)
ලක්ෂ ගණන්වල සපත්තු දාන, කෝටි ගණන්වල සුපිරි වාහන පාවිචිකරන, සුපිරි හෝටල් වල සාද පවත්වන පුත්තු ඉන්න රටක ඉන්න ගෙයක් හදාගන්න දරුවන් විකුණන මව්වරුන් සිටීම කොතරම් කණගාටුවක්ද? (නදී)
වටිනවා යැයි කියන සියලු සමාජ සම්මතයන් ඉදිරියේදී තව තවත් බිඳවැටේවි. (නි)
මේක හරියට අටුවා කඩලා පුටුව හැදුවා වගේ වැඩක්. ගෙයක් තියෙන්න පුළුවන් ද පවුලක් නැතුව? මේ අම්මාට ඕනෑ කරලා තිබුනේ නිවසක් හදාගන්න. දුප්පත්කම මිස මෙය විග්‍රහ කරන්න වෙන අටුවා ටීකා අවශ්‍ය නැහැ. (නි)
මෙහෙම ගැහැණුන්ටත් දරුවන් පහළ වෙනවානේ. මගේ අක්කා අවුරුදු ගණනාවක් තිස්සේ දරුවකු ලබාගන්න මුළු සේසතම වෛද්‍ය ප්‍රතිකාර වලට වියදම් කරලා දැන් බැරිම තැන පිටින් දරුවකු අරගෙන හදාගන්න යනවා. ඒ නීතිමය ක්‍රමවේදයත් හරිම කල් ගතවෙන වෙහෙසකර එකක්. (නි)
පියාගේ සම්බන්ධතාවයක් මෙතැන නොමැත.. දරු සෙනෙහසක් නොමැති කුඩම්මා කෙනක් වත් නොකරන වැඩක් !කම්පාවක් උනත් අනුකම්පාවක් නම් නොදැක්විය යුතු හේතුවක් ! (අ)
මේක තමා ආශ්චර්යයට යන ගමනේ යථාර්ථය. මේ මවට දඬුවම් දෙන්න එපා. කරුණු පැහැදිලි කර යහපත් රැකියා මාර්ගයක් ලබාදෙන්න. (නි)
ඇයි ඔය අපේ දේශප්‍රේමයෙන් ඔදවැඩුණු සමහර දේශපාලකයින් ගෙවල් හදනවා නේද? ඒත් නැති කෙනාට කොහෙන්වත් සරණක් නැහැනේ. (නි)
නොදැනීම 'ආසියාවේ ආශ්චර්යට' ඇවිල්ලා වගෙයි. (නි)
රුපියල් 30.000න් ගෙයක් හදන්ඩ පුලුවන්ද අම්මේ ,ඉන්න පැලේ දරුවත් එක්ක සතුටින් ඉන්න (නදී)
නය බේරගන්න ළමයි උස්සල කප්පන් ගන්නවා. ගෙවල් හදාගන්න ළමයි විකුනනවා. ජිවත් වෙන්න ගැහැණු ඇඟ විකුණගෙන කනවා. තව ටික කාලෙකින් බ්‍රසීලයට වැඩිය ඒ අතින් සංවර්ධිත රටක් වේවි.(නදී)
නොමිනිස්කම රජයන සමාජයක හුදෙක් විනෝදාස්වාදය කරන කොටගෙන අකලට බිහිවු මෙවනි මල් කැකුලු තිරිසන් ලෙස මරා දමනවාට වඩා හදවතින්ම දරුවන්ට ආදරය කරන ගුනවත් මාපියන් වීමට කැමති අයට හදා ගැනීමට දිම යහපත්. නමුත් මෙම දරුවා මිලදී ගත් තැනැත්තිය නම් තවත් එක් වංචා කාරියක් බව නම් පහදිලියි. (නදී)
දුප්පත් කම නුගත් කම. ලිපිනය හොයාගෙන කව්රුත් උදව් කරමු (නදී)
ඇයි මේ අම්මාට ආපසු දරුවා දුන්නේ? තව කාට හරි විකුණන්න පුලුවන් නේද? මෙහෙම අම්මා කෙනෙක් ළඟ දරුවෙකුට ආරක්ෂාව තිබේද? මෙහෙම ලියනවට තරහා වෙන්න එපා. (නි)