බත්තරමුල්ල පැලවත්තේ විජිතපුරයේ දී පාරේ ගිය ගැමියකුට පහර දී තුවාල කළැයි සැකපිට ගායකයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
තුවාලකරුගේ දිවට පැහුම් හතරක් දමා ඇතැයි පොලිසිය පවසයි.
බත්තරමුල්ල පැලවත්තේ විජිතපුරයේ දී පාරේ ගිය ගැමියකුට පහර දී තුවාල කළැයි සැකපිට ගායකයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
තුවාලකරුගේ දිවට පැහුම් හතරක් දමා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවේ පණයනවා ගුටි කාපු අන්කල්ගේ වයස දැක්කාම. අපි වගේ ගුජරාටි පොරක් එක්ක ගුස්ති අල්ලන්න ආවා නම් බලාගන්න තිබුනා. චිලිපේස්ට් කරලා දමනවා (නි)
ඔය කියන්නේ අර අහවල් ගායකයානේ. අපි දන්නවා (නි)
මේ රටේ දේශපාලකයාගේ පුත්‍රයාගේ සිට ගායකයා දක්වාම උපන් ගෙයි චණ්ඩියෝය. සිවිල් නීතියක් නොදනී. පදික වේදිකාවේ රිය පදවා පොදු දේපල හානි කරයි. රියදුරු බලපත්‍ර නැතුව හැටට හැටේ කහ ඉර උඩින් ගොසින් මිනිසුන් යට කරයි. සාමාන්‍ය මහජනතාවට හිරිහැර වෙන ලෙස සමාජයේ හැසිරෙති. මේ තරු දරුවන්ගේ දෙමව්පියන්ට මහා ලොකුවට ආඩම්බර වෙන්න කාරණා තිබේද? (නි)
නිකම්ම මිනිහෙකුට ගහයිද? ගින්නක් නැතුව කොහෙද දුම්! (නි)
අනේ මෙහෙමත් ගායකයෝ.(හේ)
ගායකයෙක්ද? ගායක් ඇති කෙනෙක්ද? දැන් රටේ ගායකයෝ වැහිවැහැලා. හැබැයි ස්වර සප්තකය හෝ නොදනී (නි)
නූතන පරම්පරාවේ ගායකයෙක් වෙන්න ඇති (නි)
සින්දු කියන්න බැරි නිසා ගහනවද මන්දා (නි)
එයා උච්ච ස්වරයක් අල්ලන්න ඇති (නි)
ගායකයා කරාටේකාරයෙක්ද? (නි)
පසිදු කිව්වා වගේ ගායකයා කවුද කියලා හොයනවට වඩා ලේසියි ගැමියව හොයාගන්න එක. (නි)
ගැමියාටත් තිබුනේ අත දිගහැරලා දෙකක් දෙන්නනේ (නි)
මෙහි දමා ඇති අදහස් වලින් පසිඳු දමා ඇති අදහස එක තමයි හොඳම එක. මට තාමත් හිනා..! (නි)
ගායකයා සින්දු කියනකොට ගැමියා 'හු' කියන්න ඇති. ඒක නිසා වෙන්න ඇති දිවටම ගහන්න ඇත්තේ මැහුම් දාන්නම.. (ර)
ගැමියා බත්තරමුල්ලට ගියේ කොයි ගමේ ඉඳලද දන්නේ නැහැ. (නි)
ඔය කියන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
මේ අර උස ගායකයා නේද?(හේ)
බත්තරමුල්ලේ වත් ගැමියෙක් හිටිය එක ලොකු දෙයක්.ගායකයින් නම් රට පුරාම ඉන්නවනෙ! (හේ)
කලාකරුවෙක් කියන්නේ සංවේදී කෙනෙක් .(හේ)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)
උඩුබුරනවා වගේ කෑගහද්දී ගැමියා බයවෙන්න ඇති (නි)
මැදපෙරදිග රටක මෙහෙම වුණා නම් ගායකයාගේ දිවට වෙන දේ බලාගන්න තිබුනා (නි)
ඔය දැන් ඉන්න ගායකයෝ සින්දු කියනකොට කැලේ සත්තු වුණත් බයවෙලා දුවනවා. ඒ මනුෂ්‍යයා බයවෙලා දුවන්න ඇති යටිගිරියෙන් කෑ ගහනකොට (නි)
ගායකයෙක් කියලා දැනගත්තේ කොහොමද දන්නේ නැහැ. (නි)
ඉස්සර හිටියේ දේශපාලන චණ්ඩි. දැන් බලනකොට ගායකයොත් චණ්ඩි වෙලා. තවටික දවසකින් නළු නිළියොත් චණ්ඩි වුණාම නිකන් මිනිසුන් කවුරු වෙයිද මන්දා? (නි)