IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගුරු උසස්වීම් ලක්ෂයක් ඇණහිටලා

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යාපන අමාත්‍යාංශය වසර තුනකට ආසන්න කාලයක් ගුරු උසස්වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස් වීම් මේ වනවිට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

1994 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව 2014.10.23 දින ගැසට් පත‍්‍රයකින් සංශෝධනය කර නව ගුරු සේවා ව්‍යවස්ථාවක් නිකුත් කළ අතර නව සේවා ව්‍යවස්ථාව නිකුත් කර වසර තුනක් ගතවී තිබුනද  මේ දක්වා උසස් වීම් සකස් කර හිඟ වැටුප් ලබාදීම අවසන් කර නොමැති බවද ඒ මහතා කියයි.

ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උසස් වීම් ලබාගැනීමේදී කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් මොඩියුල 20ක් සම්පූර්ණ කළ යුතු වේ.

වසර 03ක් ගතවී තිබියදී එම මොඩියුල මුදු‍්‍රණය කර ක‍්‍රියාත්මක කිරීමට අදාළ  අවසන් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර නොමැති බවත් මේ හේතුවෙන් පසුගිය 23 වැනි දා සිට ගුරු උසස් වීම් නතර වී ඇති තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා පැවසීය.

ගුරු සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධි විධාන කාලය දීර්ඝ කරන ලෙසත්  වසර තුනකට ආසන්න කාලයක් ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ සොයා බලා එම කටයුතු කඩිනම් කරන ලෙසත් එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (4)

ගුරු උසස්වීම් ලක්ෂයක් ඇණහිටලා

darshana Friday, 27 October 2017 08:18 AM

මේ ගුරු උසස්වීම් ලක්ෂය දීල දැම්මොත් ඉතින් ආණ්ඩුවට ඡන්ද ලක්ෂයක් ෂුවර්.

:       22       1

dhamneth Friday, 27 October 2017 10:34 AM

රාජ්‍ය ආයතනවල මේ වගේ ගැටළු නොවිසිඳී ගොඩ ගැසීමට ප්‍රධානම හේතුව රටට කිසිදු වැඩක් නැති අනවශ්‍ය උත්සවවලට ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමතිවරුන්ට ආරාධනා කිරීමයි. තමන්ට එකදාගන්න විදුහල්පතිවරයෙක් ආරාධනා කරනවා අධ්‍යාපන ඇමැතිතුමාට නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කොට හෝ තෑගි බෙදාදීමකට. මේවගේ දේවල්වලට යොදන කාලය ඉහත සඳහන් කල ගුරු, ගැටළු ආදිය විසඳීමට යොදනවා නම් වඩා ඵලදායක නැද්ද? වෘත්තිය සමිති මේ දේවල් පෙන්වා දිය යුතුයි. ජනාධිපතිතුමාගේ කාලයත් එහෙමයි. අක්තපත්‍ර බෙදාදීම ආදියට වැයවෙනවා. නොගියොත් හාමුදුරුවෝ තරහ වෙනවා. මේ වගේ උත්සවවලට ගතකරන කාලය අධීක්ෂණ කටයුතුවලට වැයකරනවා නම් රාජ්‍ය සේවය මීට වඩා හුඟාක් කාර්යක්ෂම වෙනවා.. ජනතාවට මීට වඩා විශාල සේවයක් රජයෙන් වෙනවා.

:       3       75

de silva Friday, 27 October 2017 11:42 AM

දහම්නෙත් මතාගේ අදහස සහතික ඇත්ත , අද ලොකු දේශපාලකයෝ කරන්න තිබෙන අත්‍යවශ්‍ය වැඩ පසෙකට දමලා විවෘත කිරීම් වැනි දේවල් කරමින් කාලය කාදමනවා

:       0       9

Sathyayaa Friday, 27 October 2017 03:14 PM

දේශපාලකයෝ දන්නවා පැරදිලා ගෙදර යන්න වෙන්නේ හොඳටම කුජීත වෙලා කියලා. ඒ නිසා මුල්ගල් තියන හා විවෘත කිරීම් උත්සවවලට ගිහින් කළු ගල් පුවරුවක නම කොටා තියනවා. අහවල් උත්තමයා මේක විවෘත කළා කියලා. ගුරුවරුන්ට උසස්වීම් නොදුන්නට තම තමන්ගේ වරප්‍රසාද වැඩි කර ගන්නත් ඇඟේ බර වැඩි කරගන්නත් උකටලී වුණු දේශපාලකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි තරම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 3 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 49 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 192 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1307 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 794 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
2025 අප්‍රේල් මස 21 1508 2

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site