අනුරාධපුර නිවත්තක චේතිය විදුහල්පතිට පහරදුන් බව කියන 13 වසර ශිෂ්‍යයා විදුහල්පති හා ගුරු මණ්ඩලයට වැඳ සමාව ගත් නමුත් ඔහු පාසලෙන් අස් කළ බව විදුහල්පති කාර්යාලයය කියයි.
ඔහුගේ පියා වන ප්‍රා සභා මන්ත්‍රී සුනිල් පුෂ්පානන්ද මහතා පාසලට පැමිණ සමාව ගන්නා ලෙසට පුතාට කීවේය.
තම පුතා සම්බන්ධයෙන් පාසල ගන්නා තීරණයට එකඟ වන බව ද පුෂ්පානන්ද මහතා කියා සිටියේය.
එම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට සමාව දුන් එක මහත්මා ගතියක් නමුත් ඔහුට විභාගය කරන්න දෙන්න (අ)
මොනතරම් ඛේදජනක තත්ත්වයක්ද? (නි)
එම පාසලේම සිටීම ළමයාටම මානසික වදයක් වී ඉගෙනීම අත් හරින්ට පවා හිතේවි. දුරස් වීමෙන් සිදුවීම කාලයත් සමග අමතක වේවි.(නදී)
ශාන සෞදි. මේ ළමයාග තාත්තා මීට කලින් ළමයව නියම විදියට හැදුවානම් මෙහෙම වෙන්නේ නැහැ නේද?. මට හිතෙන්නේ ඔයා මේ අයගේ නෑදෑයෙක්. මේ වගේ අයව දැන්ම පුනරුත්ථාපනය කරන්න ඕනේ.(නදී)
හරිනේ. මම කිවුවේ එකත් එකටම අහවල් කෙනක්ගේ පුතෙක් වෙන්න ඇති කියලා.බයවෙන්න ඇති. අහවලාට වුන දේ වේවි කියලා. හොද චරිත සහතිකයක් දීලා අස් කරන්න තිබ්බේ.ගුරුවරුන්ට ගහනවා නම් දෙමව්පියන්ට ගහන එක මහා දෙයක් නොවේ. (නි)
ලංකා, ඒක ඉන්න ළමයින්ට ආදර්ශයක් දෙන්න කළයුතු වැඩක්. නැත්තන් හෙට තවත් සිසුවෙක් ගහලා පහුවෙන්දාට තාත්ත එවයි "සමාවෙන්න" කියාගෙන. තේරුණාද? (නි)
වන්දිභට්ටයෝ මන්ත්‍රී තුමා කල වැඩේ පුම්බන්න හැදුවට එතුමා ආනමඩුවේ වෙච්ච වැඩේට ආණ්ඩුව ගත්ත පියවර දැකල දෙලෝ රත්වෙලා තමයි කොල්ලත් එක්ක ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ. අනික අර නඩුකාරයාගේ වාහනෙටත් ගල් ගහලා ඇප පිටනේ ඉන්නේ. (නදී)
ඉස්සෙලා එක්කෙනාව රිමාන්ඩ් කළේ නැත්නම් ඊළග අය සමාව ගන්න එක කෙසේවෙතත් විදුහලට ඇවිත් විදුහල්පතිත් දණ ගස්සලා යාවි. මේ වැනි දේශපලකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයටත් සාමාන්‍ය පුරවැසියන් වශයෙන් සලකා නිතිය ක්‍රියාත්මක කිරීමෙන් සහ විනය කඩකරන්නන් පක්ෂයෙන් නෙරපිමෙන් පක්ෂයේ ජනප්‍රියතාවය වැඩි වේවි (නි)
අනිවාර්යෙන්ම කොල්ලගේ තාත්තට මන්ත්‍රීකම නැති වෙයි කියල බය වෙන්නැති. (නදී)
කවුද කියන්නේ අස්කලා කියලා. අස්කර ගෙනයි ගිහින් තියෙන්නේ.(නදී)
ජනාධිපතිතුමා කළේ හොද වැඩක්. නැතිනම් හැමෝම බලය අරගෙන වැරදි කරනවා. කොහොම හරි බේරෙනවා. අනික් දවසේ වැරදි කරන්න බය වෙනවා. දෙවියෝ දීලත් බලනවා නොදීත් බලනවා කියන්නේ මේකට තමයි (නි)
අසස්පෙළ විභාගයට පෙනී සිටින්නට තහනමක් මේ දඬුවමින් පෙනවෙන්නේ නැහැ.නමුත් විශ්ව විද්‍යාලයට තේරුනොත් ලැබෙන "දඬුවම්" ගැන නම් දැන්ම හිතන්න පුලුවන්. අස්වීමේ සහතිකය සහ විදුහල්පතිගේ සහතිකය කොහොම වෙයිද ? (අ)
විදුහල්පති තුමාට ගහන්න තරම් මුරණ්ඩු අය ඉස්කෝලවල තියාගන්න හොඳ නැහැ. එහෙ අය තමා ලොකු වෙලා මේ රට කන්නේ. විදුහල්පතිතුමාට මගේ ආදර ප්‍රණාමය! (නි)
ලබනපාර ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වෙන්න හොඳ සුදුසුකමක් ළමය ලබා ගත්ත කියල හිතමු. (අ)
ප්‍රාදේශීය දේශපාලුවෝ කොයි කවුරුත් අපේ ජනාධිපතිතුමාට බයයි (නි)
තාත්තත් විදුහල්පතිතුමත් හරි දේ කරලා තියෙනවා.(නදී)
මම දැක්කා මේ මල්ලි වදිද්දි කවුරුත් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නැහැ. ඒ ගුරුවරු එයා දිහා බැලුවෙ මහා අපරාධකරුවෙක් විදිහට.ඒ ගුරුවරු කොච්චර වැරදි කරනවා ඇද්ද? තමන්ට නියමිත පීරියඩ් ටික හරියට උගන්වන්නෙ නැති ගුරුවරු කි දෙනෙක් එතන ඉන්න ඇද්ද? සමහර ගුරුවරු කරන දේවල් වලට මේ විදිහට ප්‍රතිචාර දක්වන එක සාධාරණයි. ගුරුවරුන්ගෙ වැරදි නිසා ජීවිත කලකන්නි වුනු කොච්චර ලමයි මේ රටේ ඇද්ද? එක එක අයගෙ ලමයට එක එක විදිහට සලනක ගුරුවරු කොච්චර ඉන්නවද? අවුරුද්දට තෑගි අරන් නොගියොත් ඒ ළමයට වෙනස්කම් කරන ගුරුවරු කොච්චර ඉන්නවද? ඒ මල්ලිගෙ තාත්තා කරපු දේ හරියටම හරි. නැත්නම් ඔය ගුරුවරු කරන්නෙ ඒ ළමයගෙන් පන්න පන්නා පළි ගන්න එක. අපි හැමෝම නිවැරදි නැහැ. එක වරදකට කෙනෙක්ව මහ අපරාධකාරයෙක්ව කරන්න එපා. මල්ලි මේ වරද හදාගෙන රටේ හොද මිනිහෙක් වෙලා පෙන්වාපන් (නි)
මේ ළමයාගේ තාත්තත් බය වෙන්න ඇති අර නවගත්තේගම සිද්ධියට වගේ වෙයි කියලා (නි)
විදුහල්පති තුමාට ස්තුතියි සමාව දුන්නට. ළමයාට විභාගය ලියන්න දෙන්න.(නදී)
ඔහෝ ! හොඳ ආරම්භයක් වගේම පොඩි ඡන්දයකට සුදුසුකම් සපුරලා තියෙන්නේ අගේට.(නදී)
පුෂ්පානන්ද මහතා නියම මහත්මයකි.(නදී)
කොල්ලට ප්‍රසීද්ද වෙන්න ඕනෑ වෙලා ඇති.දැන් රැල්ල ඒ වගේ යන එකක්. (නි)
ඔව්ව ඉතින්. එකාගේ තාත්තත් ප්‍රා.සබා, මන්ත්‍රී කෙනෙක්නෙ(නි)
ජනපතිතුමා මන්ත්‍රී සරත්ට ලබා දුන් දඩුවම තුලින් ලබාගත්තේ මුළු මහත් දේශපාලකයන්ම හොද ආදර්ශයක්. එම නිසා මන්ත්‍රී සුනිල් මහතා හොද අවබෝධයක් ඇතුව කටයුතු කර ඇති බව පේනවා. හොද ආදර්ශයක් තම දරුවන් හොද පුරවැසියන් කිරීම මෙන්ම දෙමාපියන් රටේ හොද පුරවැසියන් ලෙස ජීවත්වීමට කටයුතු කිරිම. කිසිදු සිසුවෙකුට හෝ දෙමාපියන්ට හෝ පාසලේ ගුරු මණ්ඩලයට හෝ විදුහල්පතිතුමාට බලපෑම් කිරීමට දඩුවම් කිරීමට හෝ අපහාස කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එමෙන්ම තමන්ගේ පෞද්ගලික හේතුන් මත සිසුනට හිරිහැර කිරීමට හා අපහසුතාවට පත් වන ආකාරයේ ක්‍රියාවන් ගුරුවරුද නොකළ යුතුය (නි)
වැඩේ දුරදිග යන්න කලින් මෙහෙම නුවණක්කාරව ක්‍රියා කළ එක හොදයි(නි)
මෙතැනදී ප්‍රා. සභාවේ සුනිල් මහත්තයා නම් ආදර්ශවත් වැඩක් කරලා තියනවා. සමාව ඉල්ලන්න පුතාව ඉස්කෝලෙට එවීමෙන්. ඒත් කොල්ලා ගහන්න ඇත්තේ නම් තාත්තාගේ හයිය අරන් තමා. වැරදී කිරීම මනුස්ස ගතියක්. සමාව දීම දේව ගතියලු කියනවනේ??? (නි)
සමාවගත් දරුවා පාසලෙන් ඉවත් කිරීම තුලින් සමස්තයක් ලෙස ලංකාවේ බොහෝ ගුරුවරුන් සතු ළමුන්ගෙන් ද්වේශ සහගත පළිගැනීමේ චේතනාව හා එම ක්‍රියාදාමය ප්‍රායෝගිකව සනාථ වෙනවා නේද?(නි)
ගමගේ,එතකොට අස් කිරීම මොන ගතියක්ද ?(නි)
අපි බුලත් හුරුළු දීල දණගහල වැදපු ගුරු පරපුරේ ගුරුවරුන්ට නේද මේ යන්තන් 8 පාස් දේශපාලකයින්ගේ දරුවෝ නින්දිත පිළිකුල් විදියට සලකන්නේ ? මෙහෙමවත් දඬුවමක් නුදුන්නොත් හෙට අනිද්දට මේ මොනව නොකරයිද? . විදුහල්පති තුමනි ඔබගේ තීන්දුව කාලෝචිතයි.(නදී)
පුතා කරපු දේට ප්‍රා සභා මන්ත්‍රී තාත්තා බයවෙන්න ඇති. දන්නවනේ කන්න වෙනවා කියලා.(නදී)
වැරැදි පුර්වාදර්සයක්, සමාව ගත් කෙනෙකුට සමාව දීලා නැහැ.(නදී)
මන්ත්‍රීතුමා ආදර්ශවත්.නමුත් දරුවා අස්කරපු එක වැරදියි.ඒක පලිගනීමක්නේ.ගුරුවරයාට සිසුවා පුතෙක් වගේනේ. (අ)
ගුරිවරිය දන ගැස්සු කෙනාට දුන්න දඩුවමේ බලයෙන් තමයි මෙයත් සමාවගත්තේ.(නදී)
සමාව දීම දේව ගතියක් මිස මනුස්ස ගතියක් නෙවිනේ. ඒ නිසා ඔය කොල්ලව ඉස්කෝලෙන් අස්කරපු එක බොහොම හොඳ දෙයක්.(නදී)