කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් අවාසනාවන්ත කෝලාහලය රජය අපහසඅතාවයට හා අපකීර්තියට පත් කරන්න දේශීයව හා වීදේශීය ව ක‍්‍රියාත්මක වන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිථලයකියි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කටුගස්තොටදී පැවසීය.
පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ රජය ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්නට කොටි ඩයස් ෆෝරාව දේශීය බලවේගද සමග මෙවැනි දේ සිදු කරතියි ඇමැති පැවසීය.
මෙවැනි කෝලාහල ඇති වේ නම් අපි දිවි හිමියෙන් ඇති කර ගත් සාමයේ හා නිදහසේ ප‍්‍රයේජනයක් නැති බවද ඔහු කීවේය.
ඡන්දයකදී පමණක් නොව රටේ සංවර්ධන ක‍්‍රියාවලියක දී වුනත් සෑම ජන කොටසක්ම එක්සත්ව ඉදිරිපත්ව ක‍්‍රියාත්මක කරන්න අවශයයි .‘‘
අපි රටක් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් යන සෑමජන කොටසක්ම එක්සත්ව මෙවන් ප‍්‍රශ්නවලට මුහුණ දී දේශිය මෙන්ම විදේශීය කුමන්ත‍්‍රණ පරාජය කළ යුතු බවද ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මණ්ඩලේ රටට උහුලන්න බැරි තරමට වැඩි උනෙත් විදේශීය කුමන්ත්‍රනයකින්ද ඇමති තුමෝ ?.(දී)
අපි හිතුවා හරි එහෙනම් ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් වේවි කියලා.දැන් දැන් සිදුවන දේවල් වල හැටියට මොනවද විදේශීය කුමන්ත්‍රණ නොවන දේවල් කියන ප්‍රශ්නය මතුවෙනවා (නි)
මොනවා කළත් කියයි විදේශ කුමන්ත්‍රණකරුවෝ කියලා (නි)
ඡන්දෙ පැරදුනෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා වෙන්න පුළුවන්.(නදී)
මටත් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. මට ඇමතිතුමා මුණගැහුනොත් 'තක්කෙටම' දැනගන්න පුළුවන් ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් නිසාද කියලා. කාට හරි බැරිද මට 'චාන්ස්' එකක් අරන් දෙන්න. (නි)
අපේ රට හැමදාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් බැට කනවා නම්, අපේ රටට ආණ්ඩුවක් පොලිසියක් රහස් ඔත්තු සේවාවක් මොකටද කියලත් හිතෙනවා. (නි)
මේවා අහල පන පලයන් ලබන පෙරේදා කිව්වලු,
"කොටි ඩයස් පෝරාව දේශීය බලවේග ද සමග මෙවැනි දේ සිදු කරතියි ඇමති පැවසීය. " මේ සියළු දෙනාම කොටි නිසා අත්අඩංගුවට නොගන්නේ ඇයි. (ස)
මෙයා වැඩකාරයා. කොටියව පරද්දපු අපිට මදුරුවා මැරීම කජ්ජක්ද කියලා මදුරුවෝ නැති කරපු මහත්තයා.(නදී)
ඡන්ද පෙරේත කමට දෙපැත්ත කන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැති කරගන්නවා. අන්තිමට එක පැත්තක්වත් නෑ. බහුතරය ගැන හිතුවොත් හොඳයි.(නදී)
කරපු දේ වැරදියි. (ස)
ඔය ඉවත් කරපු බෝ පැලේ අරාබි රටකින් තැනක් ඉල්ලගෙන හදමුද ඇමති තුමෝ? ඇයි ඉතින් මේ ලෝකේ අපි සමාදානෙන් ඉන්න ඕනේ. බයිලා වලත් ඉවරයක් තියෙන්න ඕනේ. (ස)
අපේ වැරදි වලට විදේශික බලවේග වලට බැනල වැඩක් නැහැ. රාජසිංහ රජ්ජුරුවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්, පොලිසියක් වත්, මාර්ග නීති ඇතුළු නීති පද්දතියක්වත්, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් වත්, සෞඛ්‍ය සේවාවක් වත් තිබුනේ නැහැ. මේ සේරම අපට දුන්නේ ඔය කියන විදේශික බලවේග නම් වරද ඒ දීපුදේ හරිහැටි පවත්වාගෙන යන්නට බැරි වුනු එකයි. ඒ ක්‍රමය පිළියෙළ කරලා තිබුනේ සුද්දෝ අවුරුදු සිය ගණනක් තමන්ගේ රටවල්වල ලබපු අත්දැකීම් අනුව. නමුත් අපේ රටේ එව්වා මල කියාගන්න ආණ්ඩුවට පත් උනේ කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, ඇතුළු රටේ නමගිය අයි ආර් සී කාරයෝ. උන් ඒ වැදගත් ක්‍රම වේදය විනාස කෙරුව. මුදල් රෙගුලාසි, පරිපාලන නීති, ඒවගේම නීතිය උන්ට ඔනවිදියට හසුරවන්න ගත්ත. ජනතාවට වැදගත් පෙලේ නියෝජිතෛන් තමන්ගේ කැමැත්තට අනුව තෝරලා යවන්න තිබුණු කලේ එව්වා ආරක්ෂා උනත්, රටේ පාලකයා වෙන කෙනාගේ හෙන්චියල රොත්තෙන් කැමති එකට කතිරේ ගසන්න උනාට පස්සේ රට බල්ලට ගීයා. මෙව්වා සේරම කලේ ජේ ආර් සහ එයාගේ ගෝලබාලයෝ. රටේ ප්‍රජාතන්ත්‍ර වාදය නැති කළා. හිතපු විදියට ජේ ආර් ට දිගටම බලයේ ඉන්න බැරි උනා. නමුත් ඒ බලතල ඉන්පස්සේ කපටි කෛරාටිකයින්ගේ අතට ගියාම රට වනසන්න ගත්ත දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.(නදී)
ජම්බෝ කැබිනට් එකක් හදාගෙන තියෙන්නෙත් විදේශ කුමන්ත්‍රණයක් නිසා වෙන්නැති. (නදී)
මමත් එහෙම හිතනවා මොකද රටේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව තියන නිසා. සියලුම දෙනා මේ දිනවල ටිකක් ඉවසීමෙන් කටයුතු කළොත් හොඳයි. මොකද අපේ රට බේරාගත්තේ මිනිස් ජීවිත පරිත්‍යාගයෙන්. දැන් ඩයස්පෝරාවට ඕනෑ කරන්නේ රටේ අපි නොහිතන තැනකින් ප්‍රශ්නයක් පටන් ගන්න. (නි)
එතකොට චම්පික ඇමතිතුමා කියන විදියට අර්බුදයට මුල් වුන බෝ වෘක්ෂය පල කරලා තියෙන්නේ ඇමරිකන්කාරයෝද ? ඇමති තුමා අපි හරක් කියලද හිතන් ඉන්නේ ?(නදී)
ඔය කුමන්්‍රින කතාවලට ලියා පදිංචි අයිතිය තියෙන වෙන එක්කෙනෙක් ඉන්නවනේ. එයා ලව්වම ඕක කියෙව්වා නම් ඔබ තුමාගේ නම්බුව ටිකක් බේර ගන්න තිබුනා.(නදී)
දවසින් දවස ඇමතිවරු ගණන වැඩි වෙන්නෙත් විදේශීය කුමන්ත්‍රණ නිසා වෙන්නැති.(නදී)
එතකොට ගලබොඩ හාමුදුරැවො නියන්නේ වෙන කතාවක්නේ (ස)
මෙතන උන දේ හරියට දන්නේ නැතිව අදහස් පල කරලා . ඇත්තටම බෝරුක්ෂය තිබ්බ තැන පල්ලියක් කලින් ඉදලම තිබුණා. ගැටුමට හේතු උනේ ඒ පල්ලිය තියෙද්දිත් මෙයාල ඒ ආසන්නයේම තව ගොඩනැගිල්ලක් ආගමික කටයුතු සදහා යොදා ගැනිම. (නදී)
ලංකාවේ ඉදිරි ගමන අපැහැදිලියි (දී)
දැන් මේ කුමන්ත්‍රණ කතා අහලා අහලා එපා වෙලා අප්පා.(දී)
දැන් මොකාක් උනත් කියන්නේ ජයත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියල. (දී)
කලින් දකින්න බැරි උනා නේද (දී)
මොකටද අනේ මේ පොඩිදේටත් අපහසුතාවයට පත්වෙන්නේ (දී)
මේවා නැවත වෙන එක නවත්තන්න (දී)
සමහර වෙලාවට අපිට හිතාගන්න අපහසුයි විදේශ කුමන්ත්‍රණ කියන්නෙ මොනවද කියලා. ලෝකයේ වෙන්නෙ මොනවද කියලත් හොද අවබෝදයක් ඇතිකරගත් යුතුයි. කොහොම වුනත් හොදහොද දේවල් පොදුරාජ්‍ය සමුලුව ලංවෙන විට බලාගන්න පුලුවන්. (අ)
හුගක් දේවල් වලට හේතුව විදේශීය කුමන්ත්‍රණයක් තමයි. (නි)
මේ දවස්වල වහින්නෙත් විදේශ කුමන්ත්‍රණයක් හින්ද වෙන්න ඔනැ.(නදී)
මේ කතා හොදයි පොඩි බබාලාට. මිනිස්සු හරක් කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ.(නදී)
අනේ ඇමතිතුමා මේක පිටුපස ඉන්නේ කව්ද කියලා ඔබ තුමා දන්නවනේ. ඉතින් මේක කොහෙමෙද කුමන්ත්‍රනයක් කියන්නේ?(නදී)
ඇමතිතුමා හරි (නි)
අනේ අපිත් දන්නවා ඒක (නි)
වැලිවේරිය ගැටුමටත් මේකමනේ කිවුවේ... (නි)
දැන් මේ කුමන්ත්‍රණ කතා අහලා අහලා එපා වෙලා අප්පා.මෙච්චර මැති ඇමතිවරු ඉන්න වෙන රටක් මේ ලෝකෙම නැතුව ඇති නේද? (නි)
කවුරුත් දන්නවා මේක වුනේ කොහොමද කියලා. (නි)
මෙහේ කට්ටිය නෙමෙයිද දන්නෙ නැහැ ගහලා තියෙන්නේ. (නි)
ඔන්න ඔය කතා නවත්තලා රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික ගැන පොඩ්ඩක් බලන්නකො..... (නි)
බලමුකෝ වැරදිකාරයින්ට දඩුවම් දෙයිද, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වාවිද කියලා (නි)
පවු නේද වැලිවේරිය සිද්ධිය වුණත් (නි)
බලමු මෙදා සැරේ මොකද වෙන්නෙ කියලා (නි)
මේ ඔක්කොම කුමන්ත්‍රණ තමයි ඉතින් (නි)
අපිට නම් වතුර එපා ! (නි)
අපිට නම් ඕවා කියන්න එපා (නි)
අම්මප ඔය මිනිස්සු කටින්ද දන්නේ නෑ බත් කන්නේ.(නදී)
අම්මපා ඔය මිනිස්සු කටින්ද දන්නේ නෑ බත් කන්නේ.(නදී)
ඇමතිතුමා කියන විදියට විදේශ රටවල්වල අයට වෙන වැඩ නැද්ද හැමදේටම අපේ රජයට විරුද්ධවම කුමන්ත්‍රණය කරන්නේ. (නි)
හැමදේටම හේතුව විදේශීය බලවේගයක්ද? (නි)
වැලිවේරිය සිද්ධියට හේතුවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
ඉස්සරහටත් හැමදේටමත් විදේශ බලවේග මතක් වෙයි නේද? (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
එතකොට 83 සිද්ධියත් විදේශීය කුමන්ත්‍රණයක්ද ? (නි)
හැමදේම විදේශ කුමන්ත්‍රණද? (නි)