IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතු ඇමැති දකී

කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් අවාසනාවන්ත කෝලාහලය රජය අපහසඅතාවයට හා අපකීර්තියට  පත් කරන්න දේශීයව හා වීදේශීය ව ක‍්‍රියාත්මක වන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිථලයකියි ඇමැති  නිමල් සිරිපාල ද සිල්වා කටුගස්තොටදී පැවසීය.

පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ රජය ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්නට කොටි ඩයස් ෆෝරාව දේශීය බලවේගද සමග මෙවැනි දේ සිදු කරතියි  ඇමැති පැවසීය.

මෙවැනි කෝලාහල ඇති වේ නම් අපි දිවි හිමියෙන් ඇති කර ගත් සාමයේ හා නිදහසේ ප‍්‍රයේජනයක් නැති බවද ඔහු කීවේය.

ඡන්දයකදී පමණක් නොව රටේ සංවර්ධන ක‍්‍රියාවලියක දී වුනත් සෑම ජන කොටසක්ම එක්සත්ව ඉදිරිපත්ව ක‍්‍රියාත්මක කරන්න අවශයයි .‘‘

අපි රටක් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් යන සෑමජන කොටසක්ම එක්සත්ව මෙවන් ප‍්‍රශ්නවලට මුහුණ දී දේශිය මෙන්ම විදේශීය  කුමන්ත‍්‍රණ පරාජය කළ යුතු බවද ඇමැති කීවේය.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතු ඇමැති දකී

උපාලි Monday, 12 August 2013 01:33 AM

ඔය කුමන්්‍රින කතාවලට ලියා පදිංචි අයිතිය තියෙන වෙන එක්කෙනෙක් ඉන්නවනේ. එයා ලව්වම ඕක කියෙව්වා නම් ඔබ තුමාගේ නම්බුව ටිකක් බේර ගන්න තිබුනා.(නදී)

:       0       0

අසිත Sunday, 11 August 2013 05:02 PM

බලමු මෙදා සැරේ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

හිරුණි Sunday, 11 August 2013 05:08 PM

මේ දවස්වල වහින්නෙත් විදේශ කුමන්ත්‍රණයක් හින්ද වෙන්න ඔනැ.(නදී)

:       0       0

ඩිල්ෂාන් Sunday, 11 August 2013 05:13 PM

මේ කතා හොදයි පොඩි බබාලාට. මිනිස්සු හරක් කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ.(නදී)

:       0       0

ෆයිරූස් Sunday, 11 August 2013 05:21 PM

අනේ ඇමතිතුමා මේක පිටුපස ඉන්නේ කව්ද කියලා ඔබ තුමා දන්නවනේ. ඉතින් මේක කොහෙමෙද කුමන්ත්‍රනයක් කියන්නේ?(නදී)

:       0       0

වීර Sunday, 11 August 2013 05:29 PM

ඇමතිතුමා හරි (නි)

:       0       0

පවන් Sunday, 11 August 2013 05:30 PM

අනේ අපිත් දන්නවා ඒක (නි)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 05:33 PM

වැලිවේරිය ගැටුමටත් මේකමනේ කිවුවේ... (නි)

:       0       0

පැහැසර Sunday, 11 August 2013 05:34 PM

දැන් මේ කුමන්ත්‍රණ කතා අහලා අහලා එපා වෙලා අප්පා.මෙච්චර මැති ඇමතිවරු ඉන්න වෙන රටක් මේ ලෝකෙම නැතුව ඇති නේද? (නි)

:       0       0

අරැණ Sunday, 11 August 2013 05:35 PM

කවුරුත් දන්නවා මේක වුනේ කොහොමද කියලා. (නි)

:       0       0

සමන් Sunday, 11 August 2013 05:35 PM

මෙහේ කට්ටිය නෙමෙයිද දන්නෙ නැහැ ගහලා තියෙන්නේ. (නි)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 05:35 PM

ඔන්න ඔය කතා නවත්තලා රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික ගැන පොඩ්ඩක් බලන්නකො..... (නි)

:       0       0

සරත් පී Monday, 12 August 2013 06:28 AM

දවසින් දවස ඇමතිවරු ගණන වැඩි වෙන්නෙත් විදේශීය කුමන්ත්‍රණ නිසා වෙන්නැති.(නදී)

:       0       0

සිතිර Sunday, 11 August 2013 05:40 PM

බලමුකෝ වැරදිකාරයින්ට දඩුවම් දෙයිද, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වාවිද කියලා (නි)

:       0       0

ඉෂාන් Sunday, 11 August 2013 05:42 PM

පවු නේද වැලිවේරිය සිද්ධිය වුණත් (නි)

:       0       0

සුමනා Sunday, 11 August 2013 05:43 PM

හුගක් දේවල් වලට හේතුව විදේශීය කුමන්ත්‍රණයක් තමයි. (නි)

:       0       0

ගිම්හානි Sunday, 11 August 2013 05:46 PM

මේ ඔක්කොම කුමන්ත්‍රණ තමයි ඉතින් (නි)

:       0       0

අමිත Monday, 12 August 2013 01:25 PM

සමහර වෙලාවට අපිට හිතාගන්න අපහසුයි විදේශ කුමන්ත්‍රණ කියන්නෙ මොනවද කියලා. ලෝකයේ වෙන්නෙ මොනවද කියලත් හොද අවබෝදයක් ඇතිකරගත් යුතුයි. කොහොම වුනත් හොදහොද දේවල් පොදුරාජ්‍ය සමුලුව ලංවෙන විට බලාගන්න පුලුවන්. (අ)

:       0       0

සඳරුවන් Sunday, 11 August 2013 05:46 PM

අපිට නම් වතුර එපා ! (නි)

:       0       0

සිංහ Sunday, 11 August 2013 05:47 PM

අපිට නම් ඕවා කියන්න එපා (නි)

:       0       0

රාජේශ් Sunday, 11 August 2013 06:03 PM

අම්මප ඔය මිනිස්සු කටින්ද දන්නේ නෑ බත් කන්නේ.(නදී)

:       0       0

රාජේශ් Sunday, 11 August 2013 06:03 PM

අම්මපා ඔය මිනිස්සු කටින්ද දන්නේ නෑ බත් කන්නේ.(නදී)

:       0       0

චාමික Sunday, 11 August 2013 06:06 PM

ඇමතිතුමා කියන විදියට විදේශ රටවල්වල අයට වෙන වැඩ නැද්ද හැමදේටම අපේ රජයට විරුද්ධවම කුමන්ත්‍රණය කරන්නේ. (නි)

:       0       0

ජාති Sunday, 11 August 2013 06:08 PM

හැමදේටම හේතුව විදේශීය බලවේගයක්ද? (නි)

:       0       0

ලාල් Sunday, 11 August 2013 06:11 PM

වැලිවේරිය සිද්ධියට හේතුවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)

:       0       0

සමන් Monday, 12 August 2013 08:28 AM

එතකොට ගලබොඩ හාමුදුරැවො නියන්නේ වෙන කතාවක්නේ (ස)

:       0       0

සඳරුවන් Sunday, 11 August 2013 06:14 PM

ඉස්සරහටත් හැමදේටමත් විදේශ බලවේග මතක් වෙයි නේද? (නි)

:       0       0

කමල් Sunday, 11 August 2013 06:14 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

අමිල Sunday, 11 August 2013 06:17 PM

එතකොට 83 සිද්ධියත් විදේශීය කුමන්ත්‍රණයක්ද ? (නි)

:       0       0

ෆස්ලි Sunday, 11 August 2013 06:29 PM

හැමදේම විදේශ කුමන්ත්‍රණද? (නි)

:       0       0

අංජන (ධකා) Sunday, 11 August 2013 06:36 PM

මමත් එහෙම හිතනවා මොකද රටේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව තියන නිසා. සියලුම දෙනා මේ දිනවල ටිකක් ඉවසීමෙන් කටයුතු කළොත් හොඳයි. මොකද අපේ රට බේරාගත්තේ මිනිස් ජීවිත පරිත්‍යාගයෙන්. දැන් ඩයස්පෝරාවට ඕනෑ කරන්නේ රටේ අපි නොහිතන තැනකින් ප්‍රශ්නයක් පටන් ගන්න. (නි)

:       0       0

නදීෂා Monday, 12 August 2013 09:18 AM

මෙතන උන දේ හරියට දන්නේ නැතිව අදහස් පල කරලා . ඇත්තටම බෝරුක්ෂය තිබ්බ තැන පල්ලියක් කලින් ඉදලම තිබුණා. ගැටුමට හේතු උනේ ඒ පල්ලිය තියෙද්දිත් මෙයාල ඒ ආසන්නයේම තව ගොඩනැගිල්ලක් ආගමික කටයුතු සදහා යොදා ගැනිම. (නදී)

:       0       0

දිසානායක Sunday, 11 August 2013 06:37 PM

අපි හිතුවා හරි එහෙනම් ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් වේවි කියලා.දැන් දැන් සිදුවන දේවල් වල හැටියට මොනවද විදේශීය කුමන්ත්‍රණ නොවන දේවල් කියන ප්‍රශ්නය මතුවෙනවා (නි)

:       0       0

ලලිත් Monday, 12 August 2013 09:53 AM

ලංකාවේ ඉදිරි ගමන අපැහැදිලියි (දී)

:       0       0

තිලක් ඩුබායි . Monday, 12 August 2013 09:54 AM

දැන් මේ කුමන්ත්‍රණ කතා අහලා අහලා එපා වෙලා අප්පා.(දී)

:       0       0

තිලක් ඩුබායි Monday, 12 August 2013 09:54 AM

දැන් මොකාක් උනත් කියන්නේ ජයත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියල. (දී)

:       0       0

රනගල Sunday, 11 August 2013 07:15 PM

මොනවා කළත් කියයි විදේශ කුමන්ත්‍රණකරුවෝ කියලා (නි)

:       0       0

බණ්ඩාර Monday, 12 August 2013 10:04 AM

කලින් දකින්න බැරි උනා නේද (දී)

:       0       0

රෝහණ Sunday, 11 August 2013 07:23 PM

ඡන්දෙ පැරදුනෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා වෙන්න පුළුවන්.(නදී)

:       0       0

දම්මික බන්දුලගේ Monday, 12 August 2013 10:14 AM

මොකටද අනේ මේ පොඩිදේටත් අපහසුතාවයට පත්වෙන්නේ (දී)

:       0       0

තිලක් Monday, 12 August 2013 10:19 AM

මේවා නැවත වෙන එක නවත්තන්න (දී)

:       0       0

පෙරමුණු_ගැත්තා Sunday, 11 August 2013 07:37 PM

මටත් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. මට ඇමතිතුමා මුණගැහුනොත් 'තක්කෙටම' දැනගන්න පුළුවන් ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් නිසාද කියලා. කාට හරි බැරිද මට 'චාන්ස්' එකක් අරන් දෙන්න. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 11 August 2013 07:43 PM

අපේ රට හැමදාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් බැට කනවා නම්, අපේ රටට ආණ්ඩුවක් පොලිසියක් රහස් ඔත්තු සේවාවක් මොකටද කියලත් හිතෙනවා. (නි)

:       0       0

පෙරේරා Sunday, 11 August 2013 08:12 PM

මේවා අහල පන පලයන් ලබන පෙරේදා කිව්වලු,

:       0       0

අනුජා Sunday, 11 August 2013 08:31 PM

"කොටි ඩයස් පෝරාව දේශීය බලවේග ද සමග මෙවැනි දේ සිදු කරතියි ඇමති පැවසීය. " මේ සියළු දෙනාම කොටි නිසා අත්අඩංගුවට නොගන්නේ ඇයි. (ස)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 08:49 PM

මෙයා වැඩකාරයා. කොටියව පරද්දපු අපිට මදුරුවා මැරීම කජ්ජක්ද කියලා මදුරුවෝ නැති කරපු මහත්තයා.(නදී)

:       0       0

චාමර Sunday, 11 August 2013 08:53 PM

ඡන්ද පෙරේත කමට දෙපැත්ත කන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැති කරගන්නවා. අන්තිමට එක පැත්තක්වත් නෑ. බහුතරය ගැන හිතුවොත් හොඳයි.(නදී)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Sunday, 11 August 2013 09:32 PM

කරපු දේ වැරදියි. (ස)

:       0       0

සෙනරත් Sunday, 11 August 2013 09:37 PM

ඔය ඉවත් කරපු බෝ පැලේ අරාබි රටකින් තැනක් ඉල්ලගෙන හදමුද ඇමති තුමෝ? ඇයි ඉතින් මේ ලෝකේ අපි සමාදානෙන් ඉන්න ඕනේ. බයිලා වලත් ඉවරයක් තියෙන්න ඕනේ. (ස)

:       0       0

ලලිත් Sunday, 11 August 2013 10:40 PM

අපේ වැරදි වලට විදේශික බලවේග වලට බැනල වැඩක් නැහැ. රාජසිංහ රජ්ජුරුවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්, පොලිසියක් වත්, මාර්ග නීති ඇතුළු නීති පද්දතියක්වත්, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් වත්, සෞඛ්‍ය සේවාවක් වත් තිබුනේ නැහැ. මේ සේරම අපට දුන්නේ ඔය කියන විදේශික බලවේග නම් වරද ඒ දීපුදේ හරිහැටි පවත්වාගෙන යන්නට බැරි වුනු එකයි. ඒ ක්‍රමය පිළියෙළ කරලා තිබුනේ සුද්දෝ අවුරුදු සිය ගණනක් තමන්ගේ රටවල්වල ලබපු අත්දැකීම් අනුව. නමුත් අපේ රටේ එව්වා මල කියාගන්න ආණ්ඩුවට පත් උනේ කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, ඇතුළු රටේ නමගිය අයි ආර් සී කාරයෝ. උන් ඒ වැදගත් ක්‍රම වේදය විනාස කෙරුව. මුදල් රෙගුලාසි, පරිපාලන නීති, ඒවගේම නීතිය උන්ට ඔනවිදියට හසුරවන්න ගත්ත. ජනතාවට වැදගත් පෙලේ නියෝජිතෛන් තමන්ගේ කැමැත්තට අනුව තෝරලා යවන්න තිබුණු කලේ එව්වා ආරක්ෂා උනත්, රටේ පාලකයා වෙන කෙනාගේ හෙන්චියල රොත්තෙන් කැමති එකට කතිරේ ගසන්න උනාට පස්සේ රට බල්ලට ගීයා. මෙව්වා සේරම කලේ ජේ ආර් සහ එයාගේ ගෝලබාලයෝ. රටේ ප්‍රජාතන්ත්‍ර වාදය නැති කළා. හිතපු විදියට ජේ ආර් ට දිගටම බලයේ ඉන්න බැරි උනා. නමුත් ඒ බලතල ඉන්පස්සේ කපටි කෛරාටිකයින්ගේ අතට ගියාම රට වනසන්න ගත්ත දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

විජේසිංහ Sunday, 11 August 2013 10:48 PM

ජම්බෝ කැබිනට් එකක් හදාගෙන තියෙන්නෙත් විදේශ කුමන්ත්‍රණයක් නිසා වෙන්නැති. (නදී)

:       0       0

කුමාර කිර්ති Monday, 12 August 2013 12:33 AM

ඇමති මණ්ඩලේ රටට උහුලන්න බැරි තරමට වැඩි උනෙත් විදේශීය කුමන්ත්‍රනයකින්ද ඇමති තුමෝ ?.(දී)

:       0       0

දාස් Monday, 12 August 2013 01:21 AM

එතකොට චම්පික ඇමතිතුමා කියන විදියට අර්බුදයට මුල් වුන බෝ වෘක්ෂය පල කරලා තියෙන්නේ ඇමරිකන්කාරයෝද ? ඇමති තුමා අපි හරක් කියලද හිතන් ඉන්නේ ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5078 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3455 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4236 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3588 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 823 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1548 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36221 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24147 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site