IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ග්‍රේරුට ලොකු අඩුවක් පෙනේ

‘තවත් කෙනෙකු කියන නිසාවත්  කරන නිසාවත් පුර්ව  පාසල් ගුරුවරියක් වෙන්න හිතන්න එපා.මවක මෙන් හදවතින්ම දරුවන් පිළිබඳ දැනෙන ආදරය ඔවුන්ට දෙන්නැයි’  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ පුර්ව පාසල්  ගුරුවරුන්ගේ හමුවකට නුගේගොඩදී එක්වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

නගර සභා ,ප්‍රාදේශීය සභා ආශ්‍රිතව පෙරපාසල් ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් රාජ්‍ය අංශයේ  පෙර පාසල් පද්ධතියක්  තවම දකින්නට නැහැ.තමන්ගේ නිවාස, පන්සල් හෝ කුලියට ගත් තැනෙක කාන්තාවන් මේ පෙරපාසල් පවත්වාගෙන යනවා.රාජ්‍ය නොවන සංවිධාන හරහා යම් දායකත්වයක් ලබා දුන්නත් තවමත් මේ සදහා වැඩියෙන්ම උර දෙන්නේ පෞද්ගලික අංශයේ කාන්තාවයි.

ඇතැමුන් තමන්ගේ ඉලක්ක සැබෑ කරගන්න තමන් ළග කිසිවක් නැහැ කියමින් ළතැවෙනවා.ලෝකයේ ප්‍රාග් ධනය කියන්නේ ධනය විතරක්ම නෙවෙයි. ඇස් දෙක හොදට පේනවා නම් එයයි ඔබට තියෙන ලොකුම ප්‍රාග් ධනය.අදුරේ අතපත ගාන්න එපා. තමන්ගේ දක්ෂතාව අඳුනගන්න.



අදහස් (0)

ග්‍රේරුට ලොකු අඩුවක් පෙනේ

තුෂාර Wednesday, 11 December 2013 09:34 AM

ග්‍රෙරු ලිපි දිල්රුක්ෂි ග්‍රේරුගෙන්. ඒ කව්ද? 

:       0       0

චතූ Tuesday, 10 December 2013 07:47 PM

අරුන්දතී, අලුත් නීතියෙන් කාටද වාසි නේද? (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Tuesday, 10 December 2013 08:06 PM

රාජ්‍ය අංශයට පෙර පාසල්වල අඩුව දැකීමට පෙර ගමේ සිටින පාසල් යාමට සුදුසු ඉගනගැනීමට කැමති ළමුන්ට සාධාරණයක් කරන්න (නි)

:       0       0

කනිෂ්ක මහානාම Wednesday, 11 December 2013 10:07 AM

තුෂාර, ග්‍රේරුලා ඉන්නේ එක්කෙනාද? ඔයාගේ වාසගම එක්ක අදහස් දැම්මා නම් අහන්න තිබ්බා ප්‍රසිද්ධ අයගේ වාසගම් එක්ක සසදලා ඒ අය ඔයාගේ කවුද කියලා.උදාහරනයක් ලෙස, මගේ නමේ මහානාම තිබ්බට මම රොෂාන් මහානාමගේ කවුරුත් නෙමේ.මෙතන වැදගත් වන්නේ පුවත සහ එහි අන්තර්ගතයයි. (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Tuesday, 10 December 2013 08:29 PM

ගමෙත් පාසල් ගුරුවරු හමුවී අඩුපාඩු සොයාබැලීම සහ පාසල් දරුවන්ගේ පහසුකම් සොයාබැලීම වටී. අසරණ පාසල් දරුවන්ගේ ඉරණම ඔබ සතුය (නි)

:       0       0

ප්‍රේමසිරි Wednesday, 11 December 2013 10:31 AM

එතකොට මෙයා ටියුෂන් කරන්න පටන් ගත්තේ ළමයින්ට ආදරේටද? යහමින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් නිසාද? අවංකව කියනවද? (ස)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 11:03 AM

දැන් බය නැතිව කියන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කර ඇත කියා. මොකද අපේ ඇමැතිවරු දෙන්නම පෞද්ගලික ටියුෂන් ගුරුවරු. (ස)

:       0       0

නිශා Wednesday, 11 December 2013 11:07 AM

ධම්ම, ඔබ නිවැරදියි. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 10 December 2013 09:01 PM

සර් ආලෝකය,යාන්ත්‍ර විද්‍යාව, ධාරා විද්‍යුතය ,ස්ථිති විද්‍යුතය වගේ පාඩම් උගන්වන්න නම් හැබෑම දක්ෂයි.දේසපාලනය සර්ට කොහොම වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ (නි)

:       0       0

මගලී පොන්සේකා Tuesday, 10 December 2013 09:41 PM

ඔව් කතා කරන්නම්. සේරම මාර දක්ෂ අය.වැඩ තමා නැත්තේ.(නදී)

:       0       0

ලාල් Tuesday, 10 December 2013 09:58 PM

මෙහෙම පෙනෙන එකත් කොච්චර හොදද? (නි)

:       0       0

සිසිර Tuesday, 10 December 2013 10:55 PM

ඇයි මේ ග්‍රේරු ගැන උනන්දුවක්. / (ස)

:       0       0

පසන් Wednesday, 11 December 2013 12:44 PM

ධම්ම, කෙනෙක් හොඳ හිතින් යමක් කරනවා නම් ඒ අරමුනේ චේතනා අනුව දේවල් ලැබෙනවා.ග්‍රේරු කියන්නේ ටියුෂන් මුදලාලිලාට පරමාදර්ශයක්.එතුමාගෙන් ඉගෙන ගත්ත, රට වෙනුවෙන් සේවය කරන එතුමාගේ ගෝලයන්ගෙන් දන්නෙ නැති නම් අහ ගන්න.කුහක කමින් අදහස් දක්වන්න එපා. (ස)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 01:04 PM

පෙර පාසල් වල තත්වය ගැන හොයා බලද්දී ඇත්තටම කනගාටුයි. මෙතුමා කියන දේ හරි. පෙර පාසල් සහ ටියුෂන් පන්තිවල ගුරුවරු තරඟයකට වගේ මුදල් හොයා යන ගමන් ළමයින්ට උගන්නවා. නමුත්, මුදල් ඉබේ අතට එන රස්සාවල් කරන රජයේ ගුරුවරු/ගුරුවරියන්ගේ තත්වය ගැනත් කල්පනා කරලා බලන්ට වෙනවා. අගනුවරට කිට්ටු දිස්ත්‍රික්කයක කරපු විමසිල්ලකදී දැනගත් කරුණු අනුව රජයේ පාසල් වල ගුරුවරු / ගුරුවරියන් උගන්වනවා වෙනුවට කාලය ඉවර කරනවා පමණි. දරුවන් ගැන ගුරු භවතුන්ට උගන්වනවාට වඩා රාජකාරිය නිසිලෙස කරන්ට තදින් කියා දුන්නොත් හොඳයි. (ස)

:       0       0

කුසුම්පල Wednesday, 11 December 2013 02:36 AM

මට මෙතුමා එක්ක කිසිම තරහක් නැහැ. දැන් ටික කලක ඉඳලා ඔහු මිනිස්සුන්ගේ හිතට සංවේදී කතා කියනවා. මේ අදහස් ඉතාම වටිනා අදහස්. දැන් ඔබට බලයත් තියෙනවා. අඩුතරමින් මේවායින් එකකවත් ක්‍රියාවට නංවා පෙන්වනවා නම් තමයි මෙතුමා අනිත් බොහෝ අැමතිලාට වඩා වෙනස් පුද්ගලයෙක් බව ජනතාව තේරුම්ගන්නේ. (නි)

:       0       0

නලීන් Wednesday, 11 December 2013 02:37 AM

ඔව් පහන්, ඒක ඇත්ත (නි)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 01:30 PM

පසන්, මොනවාද මේ කියන්නේ? එතුමන්ලා ගැන කතා කරද්දී කුහක සිතින් 'ටියුෂන් මුදලාලිලා' ආදී වචන භාවිතා කරනවාට මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. ඔවුන් මේ රටට අනුපමේය සේවයක් කළ අයයි. (නි)

:       0       0

සමන් කුමාර ඒකනායක Wednesday, 11 December 2013 03:13 AM

ඔව්වා බොරු කතා නේද? (නදී)

:       0       0

දම් Wednesday, 11 December 2013 03:59 AM

ඔබ සතුව වටිනා සම්පතක් ඇත.එය නිවැරදි ඉදිරි දර්ශනයි.ඔබට -රටට ජය. (නි)

:       0       0

රාජසිංහ Wednesday, 11 December 2013 06:16 AM

මහත්තයෝ, ඔයා උසස් පෙළ කාලෙ කියපුවත් හොදට අපිට මතකයි. (නි)

:       0       0

නිර්මාල් Wednesday, 11 December 2013 06:52 AM

පෙරපාසල් හොඳින් කරනා අතළොස්සට නුසුදුස්සන් නිසා වන හානිය සුළුපටු නොවේ. වෙන රටවල නම් ආලින්ද කෙළවරක, සාලයේ, ගරාජයක කොටසක ළමා අධ්‍යාපනය විකිණීය නොහැක. ඇයි ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැතුව හිතුමනාපෙට ළමයින්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට දෙන්නේ? (නි)

:       0       0

සම්පත් Wednesday, 11 December 2013 07:06 AM

ලංකාවේ පෙර පාසල් ගුරුවරියක් වීමට ඇති අවම සුදුසුකම කුමක්ද? හරියට සා/පෙළ වත් සමත් නැති අයට පෞද්ගලික ආයතන වල මාස 3 හෝ 6 පෙරපාසල් පාඨමාලා අවසන් කළ සැනින් "ගුරුවරියන" ලෙස සමාජයට යාම භයානක නොවේද? (නි)

:       0       0

නිර්මාල් Wednesday, 11 December 2013 07:18 AM

ඇමතිතුමනි. ගෙයක් ගෙයක් ගානේ අධ්‍යාපනය තම තමන්ට වුවමනා ලෙසට විකුණනන්න නොදී, ඒ ඒ පළාතට හෝ වසමට සියළු පහසුකම් ඇති, ළමා ක්‍රියාකාරකම් කිරීමට ඉඩකඩ ඇති හා පුහුණු හා මනා අධ්‍යාපනික තත්වයක් ඇති ගුරුවරුන් කිහිප දෙනෙකු යටතේ විධිමත්ව පවත්වාගෙන යන පෙර පාසල් පද්ධතියක් රට පුරා ඇතිකළ නොහැකිද? නුසුදුසු අතලොස්සකට රැකියාව අහිමි වනවට වඩා රටේ අනාගත දරු පරපුර රැකෙනවා නේද එහෙම වැඩ පිළීවෙලක් තියනවා නම්? තමන්ටම කියා එකක් කිරීමට අවශ්‍ය නම් වෙනම ස්ථානයක, පුහුණු ගුරුවරුන් කිහිප දෙනෙකු යොදාගෙන පෙර පාසල් කිරීමට පමණක් අවසර දීමට කළ හැකියි නේද? (නි)

:       0       0

මංගලා Wednesday, 11 December 2013 06:43 PM

පෙර පාසල් ගැන නම් සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

කුරේ Wednesday, 11 December 2013 07:25 AM

කොහොමහරි යහපතක් වෙනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 10 December 2013 06:18 PM

ගරු මහතාණෙනි,ඔබ සම්මානනීයයි (නි)

:       0       0

දිලුම් Wednesday, 11 December 2013 07:35 AM

නිර්මාල්ගෙ අදහස ඉතා හොදයි. කඩයක් දානවා වගේ ගෙයක් ගෙයක් ගානේ තිබෙන පෙර පාසල් නවතා දැමීමට ක්‍රියා කරන්න. කුඩා දරුවට හැ‍ඟෙන්නේ නැහැ තමා පාසලකට, අළුත් ලෝකයකට යනවා කියලා එහෙම තැනක ඉගෙනගන්නකොට. ගේ ඉදිරිපිට ලොකු නාම පුවරුවක් සවිකළාට එය පාසලක් වන්නේ නැත. ඇමතිතුමනි, නූගත් අහිංසක දෙමව්පියන් දැනුවත් කරනා වැඩ සටහනක්ද දියත් කරන්න. පෙර පාසලක් වුවද එය පාසලක් වියයුතුය. තමා පාසලකට යන හැඟීම දරුවාට ඇතිවිය යුතුය. (නි)

:       0       0

රහිම් Tuesday, 10 December 2013 06:28 PM

ඔබ සැබෑ දක්ෂයෙක් (නි)

:       0       0

ලලිත් Wednesday, 11 December 2013 07:46 AM

අපේ ගමේ 3 න් දෙනෙක් පෙර පාසල් 3ක් පවත්වාගෙන යනවා. තුන් දෙනාට තුන් දෙනා තරහයි. එක්කෙනෙක්ගේ පෙර පාලසට ගියොත් අනිත් අය ගමේ දෙමව්පියො එක්කත් තරහයි. හරියට ගම තුනට බෙදිලා වගේ. නිර්මාල් කියනවා වගේ එක හොද තැනක් ගමේ තියනවා නම් කොච්චර හොඳද? දෙමව්පියන්ට හිතන්න දේකුත් නැහැ (නි)

:       0       0

ශ්‍යාමලි Wednesday, 11 December 2013 07:46 AM

සර් ,ඔබට ජය වේවා. දැයේ දරුවන්ට හොදක්ම වේවා! ඔබට දිගාසිරි! (නි)

:       0       0

අරුන්දතී Tuesday, 10 December 2013 06:53 PM

ගරු ඇමතිතුමනි ,අලුතින් ජාත්‍යන්තර පාසල් ආරම්භ වීම වහාම ක්‍රියාත්මක වන පදිරි නවතා දමන්න. ඔබතුමාට ජය! (නි)

:       0       0

රකිත් Wednesday, 11 December 2013 07:59 AM

අනේ සර්, පුලුවන් නම් මෙන්න මේ ටිකත් කියන්නකෝ ඔබේ වටපිටාවේ ඉන්න සගයන්ටත්. "තවත් කෙනෙකු කියන නිසාවත් කරන නිසාවත් දේශපාලනය කරන්න එපා. හදවතින්ම ජනතා සේවයට කැමති නම් පමණක් කරන්න. ඇස් දෙක හොඳට පෙනුනත් වැඩක් නැහැ මොළය පාවිච්චි කළේ නැත්නම්. අඳුරේ අත පත ගාන එක දැන්වත් නවත්වන්න." (නි)

:       0       0

පුබුදු Tuesday, 10 December 2013 07:00 PM

ඔබ ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

දම්මික Wednesday, 11 December 2013 08:09 AM

දියුණු රටවල පෙර පාසලක් කරන්න අචම වශයෙන් වෙනම ඉඩකඩ තියන ලියාපදිංචි කළ ස්ථානයක් වෙන්න ඕනෑ. ගැහැනු පිරිමි දෙවර්ගයේම පුහුණු ගුරුවරු ඉන්න ඕනෑ. ළමයෙක් අසනීප වුණොත් ගෙනියන්න වාහන තියෙන්න ඕනෑ. සහායකයන්ට පවා ඩිප්ලෝමාවක් හෝ වෙනත් සුදුසු සහතිකයක් තියෙන්න ඕනෑ. ලංකාවේ තියෙන්න ඕනෑ ලොකු බෝඩ් එකක් විතරයිද? (නි)

:       0       0

සමීර Tuesday, 10 December 2013 07:11 PM

ඔයා ඔය කියන දේ මට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සදුනි Tuesday, 10 December 2013 07:15 PM

ඒ වුණාට ඇමතිතුමා ගොඩක් දෙනෙක් පෙර පාසල් කරන්නේ ස්වයං රැකියාවක් ලෙසනේ.පුලුවන් නම් පෙර පාසල් ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. (නි)

:       0       0

අමිළ කටුනායක Tuesday, 10 December 2013 07:16 PM

මටත් ලොකු අඩුවක් පේනවා. පාට මාරු කිරීම ගැත.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 December 2013 07:16 PM

ඔබට යම් දෙයක් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට කළ හැකි බව පැහැදිලියි. එක් එක් අයගේ විවේචන වලින් නොසැලී,අවංකව මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන සැබෑ විවේචන මතවාද වලට ඇහුම්කම් දෙමින් ඔබතුමාගේ උගත්කම සහ මානව හිතවාදී බව මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දෙන්න.පෙර පාසල් අධ්‍යාපනය රාජ්‍ය අංශයේ මැදිහත්වීමකින් යම් ප්‍රමිතිකරණයකට ලක්විය යුතු කාලය එලඹ තිබෙනවා.ඒ ගැන සැළකිලිමත් වෙන්න (නි)

:       0       0

සමිත අත්තනායක Wednesday, 11 December 2013 09:28 AM

ග්‍රේරුට පෙනුණාට අනික් අයට පෙනෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ....අනේ මන්දා සමහර ඇමති වරු අදුරේ අතපත ගානවා වගෙයි.වැඩකට ඇති දෙයක් අහන්න නම් ග්‍රේරුගේ කතාවක්ම කියවන්න වෙනවා.ලන්කාදීපෙ ට තුති පුදමි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 56 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 326 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 408 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 861 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site