‘තවත් කෙනෙකු කියන නිසාවත් කරන නිසාවත් පුර්ව පාසල් ගුරුවරියක් වෙන්න හිතන්න එපා.මවක මෙන් හදවතින්ම දරුවන් පිළිබඳ දැනෙන ආදරය ඔවුන්ට දෙන්නැයි’ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ පුර්ව පාසල් ගුරුවරුන්ගේ හමුවකට නුගේගොඩදී එක්වෙමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
නගර සභා ,ප්‍රාදේශීය සභා ආශ්‍රිතව පෙරපාසල් ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් රාජ්‍ය අංශයේ පෙර පාසල් පද්ධතියක් තවම දකින්නට නැහැ.තමන්ගේ නිවාස, පන්සල් හෝ කුලියට ගත් තැනෙක කාන්තාවන් මේ පෙරපාසල් පවත්වාගෙන යනවා.රාජ්‍ය නොවන සංවිධාන හරහා යම් දායකත්වයක් ලබා දුන්නත් තවමත් මේ සදහා වැඩියෙන්ම උර දෙන්නේ පෞද්ගලික අංශයේ කාන්තාවයි.
ඇතැමුන් තමන්ගේ ඉලක්ක සැබෑ කරගන්න තමන් ළග කිසිවක් නැහැ කියමින් ළතැවෙනවා.ලෝකයේ ප්‍රාග් ධනය කියන්නේ ධනය විතරක්ම නෙවෙයි. ඇස් දෙක හොදට පේනවා නම් එයයි ඔබට තියෙන ලොකුම ප්‍රාග් ධනය.අදුරේ අතපත ගාන්න එපා. තමන්ගේ දක්ෂතාව අඳුනගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරුට පෙනුණාට අනික් අයට පෙනෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ....අනේ මන්දා සමහර ඇමති වරු අදුරේ අතපත ගානවා වගෙයි.වැඩකට ඇති දෙයක් අහන්න නම් ග්‍රේරුගේ කතාවක්ම කියවන්න වෙනවා.ලන්කාදීපෙ ට තුති පුදමි. (ස)
පෙරපාසල් හොඳින් කරනා අතළොස්සට නුසුදුස්සන් නිසා වන හානිය සුළුපටු නොවේ. වෙන රටවල නම් ආලින්ද කෙළවරක, සාලයේ, ගරාජයක කොටසක ළමා අධ්‍යාපනය විකිණීය නොහැක. ඇයි ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැතුව හිතුමනාපෙට ළමයින්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට දෙන්නේ? (නි)
ලංකාවේ පෙර පාසල් ගුරුවරියක් වීමට ඇති අවම සුදුසුකම කුමක්ද? හරියට සා/පෙළ වත් සමත් නැති අයට පෞද්ගලික ආයතන වල මාස 3 හෝ 6 පෙරපාසල් පාඨමාලා අවසන් කළ සැනින් "ගුරුවරියන" ලෙස සමාජයට යාම භයානක නොවේද? (නි)
ඇමතිතුමනි. ගෙයක් ගෙයක් ගානේ අධ්‍යාපනය තම තමන්ට වුවමනා ලෙසට විකුණනන්න නොදී, ඒ ඒ පළාතට හෝ වසමට සියළු පහසුකම් ඇති, ළමා ක්‍රියාකාරකම් කිරීමට ඉඩකඩ ඇති හා පුහුණු හා මනා අධ්‍යාපනික තත්වයක් ඇති ගුරුවරුන් කිහිප දෙනෙකු යටතේ විධිමත්ව පවත්වාගෙන යන පෙර පාසල් පද්ධතියක් රට පුරා ඇතිකළ නොහැකිද? නුසුදුසු අතලොස්සකට රැකියාව අහිමි වනවට වඩා රටේ අනාගත දරු පරපුර රැකෙනවා නේද එහෙම වැඩ පිළීවෙලක් තියනවා නම්? තමන්ටම කියා එකක් කිරීමට අවශ්‍ය නම් වෙනම ස්ථානයක, පුහුණු ගුරුවරුන් කිහිප දෙනෙකු යොදාගෙන පෙර පාසල් කිරීමට පමණක් අවසර දීමට කළ හැකියි නේද? (නි)
කොහොමහරි යහපතක් වෙනවා නම් ලොකු දෙයක් (නි)
නිර්මාල්ගෙ අදහස ඉතා හොදයි. කඩයක් දානවා වගේ ගෙයක් ගෙයක් ගානේ තිබෙන පෙර පාසල් නවතා දැමීමට ක්‍රියා කරන්න. කුඩා දරුවට හැඟෙන්නේ නැහැ තමා පාසලකට, අළුත් ලෝකයකට යනවා කියලා එහෙම තැනක ඉගෙනගන්නකොට. ගේ ඉදිරිපිට ලොකු නාම පුවරුවක් සවිකළාට එය පාසලක් වන්නේ නැත. ඇමතිතුමනි, නූගත් අහිංසක දෙමව්පියන් දැනුවත් කරනා වැඩ සටහනක්ද දියත් කරන්න. පෙර පාසලක් වුවද එය පාසලක් වියයුතුය. තමා පාසලකට යන හැඟීම දරුවාට ඇතිවිය යුතුය. (නි)
අපේ ගමේ 3 න් දෙනෙක් පෙර පාසල් 3ක් පවත්වාගෙන යනවා. තුන් දෙනාට තුන් දෙනා තරහයි. එක්කෙනෙක්ගේ පෙර පාලසට ගියොත් අනිත් අය ගමේ දෙමව්පියො එක්කත් තරහයි. හරියට ගම තුනට බෙදිලා වගේ. නිර්මාල් කියනවා වගේ එක හොද තැනක් ගමේ තියනවා නම් කොච්චර හොඳද? දෙමව්පියන්ට හිතන්න දේකුත් නැහැ (නි)
සර් ,ඔබට ජය වේවා. දැයේ දරුවන්ට හොදක්ම වේවා! ඔබට දිගාසිරි! (නි)
අනේ සර්, පුලුවන් නම් මෙන්න මේ ටිකත් කියන්නකෝ ඔබේ වටපිටාවේ ඉන්න සගයන්ටත්. "තවත් කෙනෙකු කියන නිසාවත් කරන නිසාවත් දේශපාලනය කරන්න එපා. හදවතින්ම ජනතා සේවයට කැමති නම් පමණක් කරන්න. ඇස් දෙක හොඳට පෙනුනත් වැඩක් නැහැ මොළය පාවිච්චි කළේ නැත්නම්. අඳුරේ අත පත ගාන එක දැන්වත් නවත්වන්න." (නි)
දියුණු රටවල පෙර පාසලක් කරන්න අචම වශයෙන් වෙනම ඉඩකඩ තියන ලියාපදිංචි කළ ස්ථානයක් වෙන්න ඕනෑ. ගැහැනු පිරිමි දෙවර්ගයේම පුහුණු ගුරුවරු ඉන්න ඕනෑ. ළමයෙක් අසනීප වුණොත් ගෙනියන්න වාහන තියෙන්න ඕනෑ. සහායකයන්ට පවා ඩිප්ලෝමාවක් හෝ වෙනත් සුදුසු සහතිකයක් තියෙන්න ඕනෑ. ලංකාවේ තියෙන්න ඕනෑ ලොකු බෝඩ් එකක් විතරයිද? (නි)
මහත්තයෝ, ඔයා උසස් පෙළ කාලෙ කියපුවත් හොදට අපිට මතකයි. (නි)
ග්‍රෙරු ලිපි දිල්රුක්ෂි ග්‍රේරුගෙන්. ඒ කව්ද?
තුෂාර, ග්‍රේරුලා ඉන්නේ එක්කෙනාද? ඔයාගේ වාසගම එක්ක අදහස් දැම්මා නම් අහන්න තිබ්බා ප්‍රසිද්ධ අයගේ වාසගම් එක්ක සසදලා ඒ අය ඔයාගේ කවුද කියලා.උදාහරනයක් ලෙස, මගේ නමේ මහානාම තිබ්බට මම රොෂාන් මහානාමගේ කවුරුත් නෙමේ.මෙතන වැදගත් වන්නේ පුවත සහ එහි අන්තර්ගතයයි. (ස)
එතකොට මෙයා ටියුෂන් කරන්න පටන් ගත්තේ ළමයින්ට ආදරේටද? යහමින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් නිසාද? අවංකව කියනවද? (ස)
දැන් බය නැතිව කියන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කර ඇත කියා. මොකද අපේ ඇමැතිවරු දෙන්නම පෞද්ගලික ටියුෂන් ගුරුවරු. (ස)
ධම්ම, ඔබ නිවැරදියි. (ස)
ධම්ම, කෙනෙක් හොඳ හිතින් යමක් කරනවා නම් ඒ අරමුනේ චේතනා අනුව දේවල් ලැබෙනවා.ග්‍රේරු කියන්නේ ටියුෂන් මුදලාලිලාට පරමාදර්ශයක්.එතුමාගෙන් ඉගෙන ගත්ත, රට වෙනුවෙන් සේවය කරන එතුමාගේ ගෝලයන්ගෙන් දන්නෙ නැති නම් අහ ගන්න.කුහක කමින් අදහස් දක්වන්න එපා. (ස)
පෙර පාසල් වල තත්වය ගැන හොයා බලද්දී ඇත්තටම කනගාටුයි. මෙතුමා කියන දේ හරි. පෙර පාසල් සහ ටියුෂන් පන්තිවල ගුරුවරු තරඟයකට වගේ මුදල් හොයා යන ගමන් ළමයින්ට උගන්නවා. නමුත්, මුදල් ඉබේ අතට එන රස්සාවල් කරන රජයේ ගුරුවරු/ගුරුවරියන්ගේ තත්වය ගැනත් කල්පනා කරලා බලන්ට වෙනවා. අගනුවරට කිට්ටු දිස්ත්‍රික්කයක කරපු විමසිල්ලකදී දැනගත් කරුණු අනුව රජයේ පාසල් වල ගුරුවරු / ගුරුවරියන් උගන්වනවා වෙනුවට කාලය ඉවර කරනවා පමණි. දරුවන් ගැන ගුරු භවතුන්ට උගන්වනවාට වඩා රාජකාරිය නිසිලෙස කරන්ට තදින් කියා දුන්නොත් හොඳයි. (ස)
පසන්, මොනවාද මේ කියන්නේ? එතුමන්ලා ගැන කතා කරද්දී කුහක සිතින් 'ටියුෂන් මුදලාලිලා' ආදී වචන භාවිතා කරනවාට මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. ඔවුන් මේ රටට අනුපමේය සේවයක් කළ අයයි. (නි)
පෙර පාසල් ගැන නම් සැළකිළිමත් වියයුතුයි (නි)
ගමෙත් පාසල් ගුරුවරු හමුවී අඩුපාඩු සොයාබැලීම සහ පාසල් දරුවන්ගේ පහසුකම් සොයාබැලීම වටී. අසරණ පාසල් දරුවන්ගේ ඉරණම ඔබ සතුය (නි)
ඔබ සැබෑ දක්ෂයෙක් (නි)
ගරු ඇමතිතුමනි ,අලුතින් ජාත්‍යන්තර පාසල් ආරම්භ වීම වහාම ක්‍රියාත්මක වන පදිරි නවතා දමන්න. ඔබතුමාට ජය! (නි)
ඔබ ගැන මට ආඩම්බරයි (නි)
ඔයා ඔය කියන දේ මට තේරෙන්නෙ නැහැ (නි)
ඒ වුණාට ඇමතිතුමා ගොඩක් දෙනෙක් පෙර පාසල් කරන්නේ ස්වයං රැකියාවක් ලෙසනේ.පුලුවන් නම් පෙර පාසල් ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. (නි)
මටත් ලොකු අඩුවක් පේනවා. පාට මාරු කිරීම ගැත.(නදී)
ඔබට යම් දෙයක් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට කළ හැකි බව පැහැදිලියි. එක් එක් අයගේ විවේචන වලින් නොසැලී,අවංකව මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන සැබෑ විවේචන මතවාද වලට ඇහුම්කම් දෙමින් ඔබතුමාගේ උගත්කම සහ මානව හිතවාදී බව මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දෙන්න.පෙර පාසල් අධ්‍යාපනය රාජ්‍ය අංශයේ මැදිහත්වීමකින් යම් ප්‍රමිතිකරණයකට ලක්විය යුතු කාලය එලඹ තිබෙනවා.ඒ ගැන සැළකිලිමත් වෙන්න (නි)
අරුන්දතී, අලුත් නීතියෙන් කාටද වාසි නේද? (නි)
රාජ්‍ය අංශයට පෙර පාසල්වල අඩුව දැකීමට පෙර ගමේ සිටින පාසල් යාමට සුදුසු ඉගනගැනීමට කැමති ළමුන්ට සාධාරණයක් කරන්න (නි)
ගරු මහතාණෙනි,ඔබ සම්මානනීයයි (නි)
සර් ආලෝකය,යාන්ත්‍ර විද්‍යාව, ධාරා විද්‍යුතය ,ස්ථිති විද්‍යුතය වගේ පාඩම් උගන්වන්න නම් හැබෑම දක්ෂයි.දේසපාලනය සර්ට කොහොම වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ (නි)
ඔව් කතා කරන්නම්. සේරම මාර දක්ෂ අය.වැඩ තමා නැත්තේ.(නදී)
මෙහෙම පෙනෙන එකත් කොච්චර හොදද? (නි)
ඇයි මේ ග්‍රේරු ගැන උනන්දුවක්. / (ස)
මට මෙතුමා එක්ක කිසිම තරහක් නැහැ. දැන් ටික කලක ඉඳලා ඔහු මිනිස්සුන්ගේ හිතට සංවේදී කතා කියනවා. මේ අදහස් ඉතාම වටිනා අදහස්. දැන් ඔබට බලයත් තියෙනවා. අඩුතරමින් මේවායින් එකකවත් ක්‍රියාවට නංවා පෙන්වනවා නම් තමයි මෙතුමා අනිත් බොහෝ අැමතිලාට වඩා වෙනස් පුද්ගලයෙක් බව ජනතාව තේරුම්ගන්නේ. (නි)
ඔව් පහන්, ඒක ඇත්ත (නි)
ඔව්වා බොරු කතා නේද? (නදී)
ඔබ සතුව වටිනා සම්පතක් ඇත.එය නිවැරදි ඉදිරි දර්ශනයි.ඔබට -රටට ජය. (නි)