IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගුරුවරු විදුහල්පතිවරු ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයෝ රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආචාර්ය එන්.එම්. පෙරේරා පිළිරුව අසල සිට බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය දක්වා ගමන් කළහ. අමාත්‍යංශයට ඇතුළු වීමට ඔවුන් උත්සාහ දැරුවත් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිිසිය එය නැවැත්වීය. පසුව ඉසුරුපාය ඉදිරිපිට දෙපැයක පමණ කාලයක උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියහ. අධ්‍යාපන ඇමැති තමන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන නිසා වෙනත් අමාත්‍යවරයකු යටතේ හෝ වහාම සාකච්ඡුාවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලූහ. එසේ නොවුනහොත් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යාමට අදහස් කරන බවත් ඔවුහු කීහ.



අදහස් (0)

ගුරුවරු විදුහල්පතිවරු ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ

කපිල Wednesday, 24 October 2012 06:48 PM

ඕනෑම වෘත්තියක් තුළ මෙවන් ප්‍රශ්න ඇති වෙනවා (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 24 October 2012 06:53 PM

අනේ අපේ රටට අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවාද? මම දන්නේ නැහැනේ ඒ කවුද කියලා?

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 07:33 PM

ගුරුවරුන්ට මෙහෙම පාරට බහින්න සිදුවුණේ ඇයි? (නි)

:       0       0

කීර්ති Thursday, 25 October 2012 10:12 AM

කෝටි මිලියන ගණන් නාස්ති කරන මුදලින් සොච්චමක් ගුරුවරුන්ට දෙන එක කොපමණ සාධාරණද? රටේ අනාගත පරම්පරාවේ ඇස් පාදන්නේ ඔවුන්. (ස)

:       0       0

බීනු Wednesday, 24 October 2012 07:49 PM

ඇත්ත තමයි. ලංකාවේ කවදා බැලුවත් වර්ජන (නි)

:       0       0

ඩී ධර්මපාල තේරෝ Wednesday, 24 October 2012 08:22 PM

කෝටි මිලියන ගණන් නාස්ති කරන මුදලින් සොච්චමක් ගුරුවරුන්ට දෙන එක කොපමණ සාධාරණද? රටේ අනාගත පරම්පරාවේ ඇස් පාදන්නේ ඔවුන්. (ත)

:       0       0

ධර්ම Wednesday, 24 October 2012 08:22 PM

ඔය අනෙක් දේවල් වලට වැයකරන කෝටි මිලියන ගණන් වලින් සොච්චමක් ගුරුවරුන්ට ‍දෙන්න බැරිද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 24 October 2012 08:33 PM

අද ගුරුකම කියන්නේ සල්ලි හොයන යාන්ත්‍රණයක් වෙලා (නි)

:       0       0

අමිල Wednesday, 24 October 2012 09:06 PM

රට හදනාවානම් ගුරුවරුන්ට මුලින්ම සලකන්න ඕන. ජීවත් වෙන්නෝ කොහොමද ? (ත)

:       0       0

මහින්ද උදයසිරි රත්නායක Wednesday, 24 October 2012 09:08 PM

මෙහෙම නොකොලොත් පුලුවන් හිගාකන්න විතරයි. (ත)

:       0       0

කුරුවිට Thursday, 25 October 2012 03:46 PM

ළමයින්ට කො‍හොමද උපදෙස් දෙන්නේ? උද්ඝෝෂණ පටන් ගන්නේ ගුරුවරු. (නි)

:       0       0

සරත් Wednesday, 24 October 2012 09:22 PM

චුට්ටා මෝඩයෙක් වෙන්න හදන්න එපා. (නි)

:       0       0

රෝහන Wednesday, 24 October 2012 10:00 PM

බොරු සද්ධ දාපු ආචාර්වරුත් මේකට ඇවිත්. (ත)

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 10:41 PM

අනේ අපේ දරුවන්ගේ අනාගතය! (නි)

:       0       0

ජිව Wednesday, 24 October 2012 10:43 PM

මේ අය ස්කෝලවල මොනව කරාටද පඩි වැඩි කරන්න කියන්නෙ. ළමයි ඔක්කොම ටියුෂන් ගිහිල්ලනෙ විභාග වලට පෙනී හිටින්නෙ.ඒ නිසා එක එක්කෙනාගෙ ලනු කන්නෙ නැතුව, තමන්ගෙ යුතුකම් ඉෂ්ඨ කරල හිටියොත් හොඳ නැද්ද.

:       0       0

සෑම් Wednesday, 24 October 2012 11:04 PM

ලංකාවට යහපතක් නොවෙන්නේ මේ ගුරුවරුන්ගේ වැරදි නිසා නෙවෙයි. ආණ්ඩුවේ වැරදි නිසා.දේශලාපකයෝ ඒ රටේ උගත් මිනිස්සුන්ගේ හඬට ඇහුන්කන් දෙන්න ඕනේ. එත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. එකයි වැරැද්ද. (ත)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 24 October 2012 04:21 PM

සම්පූර්ණම ඉල්ලීම් ලැබෙනකල් උද්ඝෝෂණය කරන්න (නි)

:       0       0

කුරුවිට Wednesday, 24 October 2012 11:41 PM

ඉසුරුපාය.... තව ඉදිරියෙන් අපාය.... (නි)

:       0       0

Chutta Wednesday, 24 October 2012 04:24 PM

අනේ අපේ රටේ ගුරුවරුන්ට වෙලා තියන නස්පැත්තිය බලන්නකෝ . දෙමව්පියන් දෙවැනිකොට සලකන්න ඕනේ කට්ටිය නේද මේ පාරක් පාරක් ගානේ උද්ඝෝෂණය කර කර යන්නෙ ලංකාවට යහපතක් වෙයිද මෙහෙම ගියොත් . (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:58 PM

එහෙම නම් මම එන්නද සාකච්ඡා කරන්න? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:26 AM

ඈමති තුමා නම් කියන්නෙ ගුරුවරු වගේ ඈඳගෙන ඈවිත් තියෙන්නෙ ඈත පලාත්වල නිකං රස්සා කරන අයළු.....ආහ්......මේ යටම අර කට්ටියත් පෙනිල යන්න ඈවිල්ල නේද?

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 24 October 2012 04:53 PM

ඔව් ඉතිං අයවැය ළං වෙනකොට මොනව හරි කරලා පඩිය වැඩිකරගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ.පඩිය වැඩිකරගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. නමුත් මේ ගුරුභවතුන්ගෙන් අපගේ සිසු සිසුවියන්හට ඉටුවිය යුතු යුතුකම් හරියාකාරව සිදුවෙනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 25 October 2012 01:35 AM

උද්ඝෝෂණ උද්ඝෝෂණ ඉවරයක් නැති උද්ඝෝෂණ. කඩිනම් විසඳුම් ලබා ගන්න එක ගොල්ලක් ඉවත්වෙන විට තව ගොල්ලක් උද්ඝෝෂනේ. ඉතින් රටකට හරි යයිද...? ඔය පූද්ගළයෝ ගෙදර යන විට ඊළඟට කවූරැ එයිද.....?

:       0       0

බුද්ධීක Wednesday, 24 October 2012 04:55 PM

අසාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ඔබට අපගේ ප්‍රණාමය (ත)

:       0       0

බුද්ධික Wednesday, 24 October 2012 04:55 PM

අසාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජීවක Wednesday, 24 October 2012 04:55 PM

නියමයි අනේ! (නි)

:       0       0

කුමාර ඉතාලිය Wednesday, 24 October 2012 05:07 PM

චුට්ටා, ඔයාගේ මොලේ තරම නමින්ම පෙනෙනවා, අපේ රට හරි සරුසාරයිද? බඩු මිල අඩුද? සාධාරණ වැටුපක් ලැබෙනවද? ඔයගොල්ල වගේ කට්ටිය නිසා තමයි අපට මෙහෙම වෙලා තියෙන්නේ... (නි)

:       0       0

නිහාල් Wednesday, 24 October 2012 05:09 PM

අනේ චුට්ටෝ, ඔයා ඉස්කෝලේ ගියේම නැද්ද? (නි)

:       0       0

අසිත Wednesday, 24 October 2012 05:16 PM

ටියුෂන් නැත්නම් විභාගෙ පාස් වෙන්නේ ගුරුවරුන්ගේ ළමයි විතරයි. (නි)

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 05:46 PM

අද රටේ බුද්ධිමත් අයට සිද්ධ වෙලා තියෙන්නෙ පාරක් පාරක් ගානෙ උද්ඝෝෂණ කර කර ඉන්න තමයි.(ස)

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 05:42 PM

දැන් මෙය ඉතියෝපියාව, ‍සෝමාලියාව වගේ වෙලා. හොඳම දේ තමයි උගත් බුද්ධිමත් අය ඒ ගොල්ලෙන්ගෙ බුද්ධිමත් කමට සලකන රටකට යන එක. (ස)

:       0       0

තුෂාර Thursday, 25 October 2012 07:30 AM

ජනාධිපතිතුමනි, කරුණාකර මේ ගැන සොයා බලන්න. (නි)

:       0       0

සම්පත් Thursday, 25 October 2012 07:42 AM

ඉල්ලීම් ඉල්ලන්න කලින් ටිකක් හිතලා බලන්න සිසුන් වෙනුවෙන් ඔබගේ වගකීම 100%ක් ඉටුකරලාද තියෙන්නේ කියලා. (නි)

:       0       0

අසංක මුණසිංහ Thursday, 25 October 2012 07:43 AM

සොච්චම් වැටුපකට දවසකට පැය 6ක් නොකඩවා කෑගහලා, දරුවන්ට අකුරු කරවන ගුරුවරු ගැන රටේම අවධානය යොමු වෙන්න වුවමනායි. ඒත් මේ රටේ මේ වෙබ් පුවත්පත කියවන මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ හරක් ගාලකින්ද කියලා හිතෙනවා ප්‍රතිචාර දැක්කහම . (නි)

:       0       0

ජනක Wednesday, 24 October 2012 05:52 PM

6% ප්‍රින්ට් කරපු ටී-ෂර්ට් මෙයාලට හම්බවෙලා නැහැ ‍වගෙයි. (නි)

:       0       0

සම්පත් Thursday, 25 October 2012 08:13 AM

සමහර අදහ්ස දක්වන කට්ටිය එම අදහස් දක්වා ඇත්තේ හරක් කන ජාති කාලාද කියලා සැකයි. (නි)

:       0       0

මහින්ද Thursday, 25 October 2012 08:10 AM

රටේ අනාගතය මෙහෙයවන ගුරුවරුන්ගෙ ප්‍රශ්නය විසදලා හිටියොත් හොදයි නේද ? (නි)

:       0       0

උපුල් Wednesday, 24 October 2012 06:17 PM

ලැබෙන පඩියට හරියට උගන්නන්න. (නි)

:       0       0

නදී Thursday, 25 October 2012 08:52 AM

උද්ඝෝෂණ වලට බණින එක නෙමෙයි වෙන්න ඕනෑ. ඇයි එහෙම වුණේ කියලා හොයලා බලන එකයි. (නි)

:       0       0

ප්‍රදීප් කුමාර මෙන්ඩිස් Thursday, 25 October 2012 09:16 AM

මෙය ජාතික වගකීමක් සහිත වෘත්තයක්. එය ඉටුකළ යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 252 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 985 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 202 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1015 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1035 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site