නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සූවයි සැකපිට රිමාන්ඩ් ගතකර සිට වයඹ පළාත් සභා මන්ත්‍රී හා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) යළි ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සූවයි සැකපිට රිමාන්ඩ් ගතකර සිට වයඹ පළාත් සභා මන්ත්‍රී හා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) යළි ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීකම අහෝසි කොට සිරගත කළ යුතුයි. මෙවැනි මන්ත්‍රීවරු නිසා අපහසුතාවයට පත් වන්නේ ජනපතිතුමන් ඇතුළු රජයයි (නි)
මේ පළාතේ අය මෙයාට දෙන නියම දඬුවම වන්නේ මීළඟ චන්දයට ඉදිරිපත්වීමට ඉඩ නොදීමි.(ස)
මොහු සිටින නිලතල වලින් එළියට ඇද දමනු හැකිනම් එදිනට මුලු සිරිලකම එකම මගුල් ගෙයකි. (නි)
අපි මේ පිළිබදව ඉතා විමසිල්ලෙන් සිටින්නෙමු (නි)
මෝඩ මිනිස්සු, මොවුන්ට දෙන්න දඩුවම් මේ ලෝකෙත් නැහැ.(ස)
මෙයාව රිමාන්ඩ් කරන්න නෙමෙයි දැඩි දඩුවම් දෙන්නයි වටින්නේ කරපු වැඩේට (නි)
දුව අකීකරු වුණ එකට පළිගන්නේ පාසලේ ගුරුතුමියගෙන්.මෙහෙමත් මෝඩ තාත්තලා? (නි)
පලමුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතුය. පලාත් සභා ක්‍රමය තුලින් ජනතා සේවයක් වෙනුවට මෙවන් පිරිසක් බිහිවීම වැළකිය නොහැකි වී ඇත. (නි)
මෙවැනි ගැනු ඉස්සරහ චන්ඩි වෙන අයට අමතක නොවෙන දඩුවමක් දෙන්න ඕන.....කෝ....ස්ටර්ලින් මහත්තයගේ සද්දේ මදි නේ... (ස)
ආණ්ඩුව මේ හෙන්චයියන්ට උදව් කරන්නේ නැද්ද? (නදී)
ජය වේවා. පහත් දෙශපාලඥයන් හට එරෙහිව නැගී සිටිමු. (ස)
"සැකපිට"?? මොකක්ද දැන් සැක? මහා දවාලේ පාසලේ දරුවන් ගුරුවරු ඉදිරිපිට කරන ලද මේ වැඩේ, තාමත් පොලිසියට සැකයි ද? (නි)
මෙතුමව මහඇමති කරමුද?(අ)
පක්ෂයේ මහා ලේකම්තුමා මේ ගැන මොකද කියන්නේ? (නි)
මට නම් කිසිම සැකයක් නැහැ, මේ මන්ත්‍රී ඕක කළ බවට (නි)
ඔය මන්ත්‍රීතුමාව පුත්තලමේ හන්දියට ගෙනැල්ල දණ ගස්සන්න ඕනෑ. ඊට පස්සේ එයාට ඡන්දෙ දීපු කට්ටියවත් පේලියට දන ගස්සන්න ඕනෑ. (නි)
රනා 100% හරි. (නි)
රිමාන්ඩ් කරලා මදි. ඉහලම දඬුවම් ලබා දෙන්න. (නි)
අසනීප නිසා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා කියාවිද මන්දා හෙට වෙනකොට? ගුරුතුමිය,ඔබ පරිස්සම් වෙන්න... (නි)
සමාජයෙන්ම කොන් කරල යවන්න ඕනෑ අයව කොයි තරම් වැදගත් තැනකටද ඡන්දෙ දීලා යවල තියෙන්නෙ? (නි)
සැක පිට කියන එකේ අදහස හෙට අනිද්දා මෙයා නිදොස් වෙලා එලියට එනවා. සාක්කි කරුවන් සාක්කි ඉල්ලා අස්කර ගනීවි බයට. ගුරුතුමියට විරුද්ධව නඩුවක් දාවි මන්ති තුමාට විරුද්ධව බොරු කියලා සමාජයේ එයාගේ තත්වය හෑල්ලු කරා කියලා. ලක්ෂ 50 ක වන්දියක් ඉල්ලාවී.(නදී)
මොකටද ගුරුවරු මන්ත්‍රීතුමාලා කිව්ව ගමන් දණ ගහන්න යන්නේ? (නි)
බලෙයන් මත් වු විට තමා කවුදැයි නොදන්නා අයෙකුගේ සිමාව ඉක්මවා යාමක් (නි)
සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කියන කතාව. " වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්න ආසන්න කාලේ එක එක අය හදන සුරංගනා කතා මෙව්වා. මම ඔය කියන පාසලට ගියා හරි ගුරුවරියව දණ ගැස්සුවා හරි කියලා ඔප්පු කළොත් මගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න මම සූදානම්” මන්ත්‍රීවරයා කියා සිටියේය"(අ)
එවැනි සිද්ධියක් තම විද්‍යාලය තුළ සිදු වූ බව නියෝජ්‍ය විදුහල්පතිවරයා මුලින් පොලීසියට පවසා ඇති නමුත් පසුව ඔහු තම ප්‍රකාශය දිවුරුම් පෙත්සමක් මගින් ඉවත්කරගෙන ඇති බවද දැන ගන්නට ඇත. (අ)
මෙයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. අපිට මේ වගේ අනුවන දේශපාලකයෝ වැඩක් නැ. මෛත්‍රිපාල ඇමති තුමනි ඔබගේ අවධානය විශේෂයි. (අ)
මන්ත්‍රී තුමා කළ වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි .ඒක ගැන සැකයක් නැහැ. නමුත් ගුරුතුමිය දරුවට දුන් දඩුවමත් මීට වැඩිය පිළිවෙලකට කරන්න ඕනෑ. ළමයි ඉස්සරහ දරුවාව ලැජ්ජා කරපු එකත් සම්පුර්ණයෙන්ම වැරදියි. (නි)
හරි,දැන් තමන්ගේ දරුවට ඉස්කෝලෙදි අනුන් ඉදිරියේදි අපහාසයට පත් වෙන විදිහට දඬුවමක් දුන්නා කියලා ඔයාලට කිව්වොත් ඔයාලා ඒ ගුරුවරීට මල් පහන් තියනවද?මෙතන ඒ ලමයා කොච්චර අපහසුවකට පත් වෙන්න ඇද්ද ඒ වගේ දෙයක් ඉස්කෝලේ ලමයි දාලා කරපුවම?ලමයින්ගේ විනය හැදෙන්නේ ගවුම දික් කරාමද? (නි)
තිලින, දණ නොගැහුවා නම් අපට අහන්න වෙන්නේ මීට වැඩිය භයානක දෙයක් වෙන්න තිබුණා. මෙයාල පිටිපස්සෙන් තුවක්කුකාරයො එන්නේ. උගත් ගුරුවරියගේ ස්ථානෝචිත ප්‍රච්නාව නිසා වෙන්න තිබුණු මහා විනාශයක් වැළකුණා.ජීවිත විනාශයක් නැහැනේ මෙතන. ගුරුවරියට උසස්වීමක් දීලා, මන්ත්‍රීව පුනරුත්ථාපනය කරලා පාසල් යවන්න තියෙන්නේ. (නි)
මේක මොකක්ද? මිනී මරුවොත් දැන් දේශපාලනේ කරන්නේ. ජය වේවා!(නදී)
හොඳ වැඩේ. එවෙලේ කවුරුහරි කන පැලෙන්න දෙකක් දුන්නා නම් හරි. ආවා මෙතන නීතිය අතට ගන්න.ගොඩක් දේශපාලනය කරන කට්ටිය මෙහෙම තමයි. (නි)
මෙවැනි පහත් දේශපාලුවෝ මන්ත්‍රී කමෙන් වහාම නෙරපිය යුතුයි. ගුරු භක්තිය නොදත් මෙවැනි අයට නිසි දඬුවම් දිය යුතුයි. කිසිම සමාවක් නොදිය යුතුයි . කිසිම අධ්‍යාපනයක් නැති මේ අය මුලු මහත් ජනතාවම පිළිකුල් කල යුතුයි.(නදී)
ඉන්දියාවෙන් අප වෙත බලෙන් පැටවූ පළාත් සබා අහෝසි කළ යුතුයි නේද? (නි)
මහින්ද, මට දුකයි ඔයාලා වගේ අය ගැන. (නි)
බලය නිසා වෙන්න ඇති මෙහෙම දේවල් කරන්න ඇත්තේ (දී)
මන්ත්‍රීතුමා කියන්න මට කිසි දෙයක් මතක නැහැ කියලා. (නි)
මගෙත් මගේ පවුලේත් ඡන්ද ජනාධිපතිවරයාට මින් පසු නොලැබේ.(නදී)
'මහින්ද' මහත්තයෝ, ඉස්සෙල්ලම කලින් පුවත හරියට කියවන්න. මේක එක ළමයෙකුට දුන්න දඬුවමක් නෙමෙයි. දරුවන්ට දඬුවම් දීලා හදන්න තමයි ගුරුවරු ඉන්නෙ. එහෙම එපා නම් බෝඩ් එකක් එල්ලලා එවන්න තිබුනා "මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්, මට කිසිම දඬුවමක් දෙන්න අවසර නැහැ" කියලා. එහෙම නම් ඉතින් කොට ගවුම් නෙමෙයි ගවුම නැතුව පාසලට ගියත් කවුරුත් මොකුත් කියන එකක් නැහැ. (නි)
මේ ළමයා කවුරු කියලා හිතුවද දන්නේ නැහැ, ලජ්ජා වුනා කියලා කියන්නේ. ලජ්ජා වෙන්න ඕනෑ කොට ගවුම් ඇඳගෙන ඉන්නවටනේ. (නි)
ජාතික ඇදුම එයාට ගැලපෙන්නේ නැහැ. ඒක දිග ඇදුමක් (නි)
ජනාධිපති තුමා මේ ප්‍රශ්නය විසදීමට ඍජුව මැදිහත් වී ඇත. එය ඉතා අගය කරමි. නිතිය මේවන විට හොඳින් ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. පොලිසියට හා අධිකරණයට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. අදාල ගුරු මාතාවගෙන්ද එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ප්‍රශ්නයට විසදුම, වන්දි මුදල් හා වැඳුම් පිදුම් මත තීරණය නොකරන ලෙසයි. මවුපියන්ට පසුව ගුරුවරුන්ට භක්තියෙන් සලකන ලාංකික ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ පාලන ක්ෂේත්‍රයට නුසුදුසු මේ පුද්ගලයා තනතුරින් පහ කිරීම මිස අන් විකල්පයක් නොවේ. ඔබ නිවට තීරණයකට එළඹුනහොත් එය සමස්ත ගුරු ප්‍රජාවටද අනාගත පරපුරටද ආදර්ශයක් නොවන බව මගේ හැගීමයි. කිසිම දේශපාලන බලවේගයක ගොදුරක් නොවන්න ගුරු මෑණියනි. රටේ නිතිය අගය කරන පුරවැසියන්ද 27 දින වන තෙක් ඉවසීමෙන් සිටීම නුවනට හුරුවේ. පොලිසියට ගල් ගැසීමෙන් හෝ මහ පාරේ ටයර් පිලිස්සීමෙන් ප්‍රශ්න විසදා ගත නොහැකි බවද මාගේ විශ්වාසයයි. 27 වෙනිදායින් පසුව සිදුවන දේ ගැන විමසිල්ලෙන් සිටිමු. ලංකාදීප අන්තර්ජාල පුවත් පත ටද මල් මිටක්.(නදී)
මෙයාව එල්ලන්න වටින්නේ.(නදී)
ගුරුතුමිය දීපු දඬුවම බොහොම හොදයි.අපි පාසල් යන කාලේ අපිට කොටට අදින බැහැ. ඒ කාලේ කළේ වාටිය දික්වෙන්න පත්තර අලවන එක.අපි අදටත් සංවරශීලී ලෙස අඳින්න පුරුදුවෙලා ඉන්නේ අන්න ඒ හැදියාව නිසයි (නි)
අපිට තියෙන කණගාටුව මේ වගේ අය ඊලග ඡන්දෙන් ඉහලින් දිනවන්න අපේ මිනිස්සු ඡන්දෙ දෙන එකටයි. (නි)
තාත්තට දැන් හොදට සනීප ඇති නේද?(නදී)
මෙයාලව පලාත් පාලන ආයතනවලට පත් කලේ කවුද ඡන්දය දීලා. මේ රටේ මහජනතාවමනේ. (නි)
මහින්ද ඔය ඊලග පළාත් සභාවට ඉල්ලන්න. හැබැයි පුත්තලමෙන්. ඔබ ගිය පාසලත් සදහන් කරන්න. ජය නියතයි (නි)
කොච්චර කතා කළත් වැඩක් වෙන්නේ නැහැ.ලබන සැරේ මෙයාටම අපේ කට්ටිය ඡන්දෙ ටික දෙයි.මට නම් ඉර හද වගේ විශ්වාසයි. (නි)
සමහර අදහස් දාලා තියන අය වැස්සකටවත් පාසලකට ගිහින් නැහැ වගේ. සුදු ගවුම කොට නම් කොයි පාසලෙත් කරන්නේ ඕක තමා. ගවුමෙ වාටිය ලිහලා ගවුම දික් කරනවා. අපිත් ඔය දඩුවම විඳලා තියනවා. ඕක මහ ලොකු ලැජ්ජාවට කාරණයක් නෙමේ. අනික ඔය ගෑණු ලමයා විතරක් තනි කරලා දඩුවම දුන්න නෙමෙයිනෙ. හැමෝම පේලියට තියලා ශිෂ්‍ය නායිකාවො ගවුමෙ වාටිය ලෙහනවා. ඒක තමා හුගක් පාසල්වල කරන්නේ. ඔය තරම් ලොකුකමක් තියේනම් හරි පිළිවෙලට ගවුම අන්දලා පාසලට එවන්න තිබුනනේ. (නි)
අනේ මන්දා , මේ වගේ මිනිස්සුන්ට රට කරවන්න දෙනවා කියන එක අන්තිම භයානකයි. (නි)
මෙයාව කොළඹ- යාපනේ පාර හදන්න යොදාගමු. බර වැඩ දෙමු. හිර ගෙදර ඉදලා වැඩක් නැහැ (නි)
අනේ මන්ද සමහර 'ප්‍රතිචාර' දාන උදවිය දානවා "මෙවැනි මන්ත්‍රීවරු නිසා අපහසුතාවයට පත් වන්නේ ජනපතිතුමන් ඇතුළු රජයයි" කියලා. මට හිතා ගන්ඩ බැ මේවා දාන්නේ මොලේ තියන මිනිසුන්ද කියල (අ)
අනේ ඉතින් ගුරුවරියට සහ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මොකද මේ දේශපාලන බලවතෙක් එක්කනෙ හැප්පිලා තියෙන්නේ. (නි)
අර ගුනවර්දන මහතාගේ බිරිඳ කිව්වා වගේ මෙයාගෙත් අපල කාලයක්ලු (නි)
ගුරුතුමිය මේ ළමයගේ විතරක් නෙමෙයිනේ ගවුම් වාටිය දික්කරලා තියෙන්නේ. මේ තාත්තට විතරක් ඒක ප්‍රශ්නයක් වුනේ ඇයි? (නදී)
මේකට අදහස් දාලා තියන මහින්ද වගේ හිතන කට්ටිය රටට වාසනාවක්. වැස්සකටවත් ඉස්කෝලෙ නම් ගිය බවක් පෙනෙන්නේ නැහැ. (නි)
මේ කෙනාට ඡන්දේ දුන්න අයව උල තියන්න ඕනෑ.. (නි)
මහින්ද, ඔයාලා වගේ අය ඉන්නකම් ගැනු ඉස්සරහ චන්ඩි වෙන අය නවත්වන්න බැහැ (නි)
හොඳ වැඩේ. ඒත් මොකද තාමත් සැක පිට? (නි)
මහින්ද දන්නෙ නැද්ද? ළමයි තමා (ශිෂ්‍ය නායකයෝ) ඕවා කරන්නේ. ඒක එයාලගේ වගකීමක්.පළාත් සබාව මේ සතියේ විසිරෙව්වොත් මේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. මෝඩ මිනිස්සු ඡන්දෙ දුන්නොත් තමා එයාට බේරෙන්න පුළුවන් වෙන්නේ. (නි)
ළමයෙකුට වැරැද්දක් පෙන්නලා දුන්නම ඒකට ළමයා ලජ්ජා වෙන්නේ මොකටද? ගුරුවරු ඉන්නේ ඒකට තමයි.ඔය කියන විදියට ළමයට ලැජ්ජා හිතුනා නම් ඒ ළමයට කිසි පෞරුෂත්වයක් නැහැ. ළමයාගේ තිබුණු ලොකු උද්දච්චකම තමයි මෙච්චර දුර අරන් ගියේ. (නි)
මේකේ අදහස් දාලා තියෙන මහින්ද වගේ මිනිස්සු තමයි මේ වගේ දේශපාලකයන්ව පත් කරන්නේ. විනය හැදෙන්නෙ ගවුම දික් කළහම නෙවෙයි. ඔයාලා වගේ මිනිස්සු මේ රටෙන් තුරන් වුන දවසට. (නි)
කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා පුදුම හයියක් තියෙන කෙනෙක්. අදහන්න වටිනවා. (නි)
මේ නඩුවත් අර ප්‍රාදේශීය සහා නඩු වගේ අවරුදු 2-3 ඇදගෙන යාවිද ? හරි නම් පක්ෂයේ අභ්‍යන්තරව මේ ගැන හොයා බලලා වැරදිකරුනම් මන්ත්‍රී පදවියෙන් එලවා දමන්න. පක්ෂයේ විනය නීති ලිහිල් නිසයි මෙහෙම පිස්සු නටන්නේ (නි)
දේශපාලනේට නම් නියම සුදුසුකම් දැන් ඔබතුමිය සපුරා අවසානයි (නි)
අපි මේ ගුරුවරියට ලබන ඡන්දයට ඉල්ලන්න ආරාධනා කරමු. (නි)
සැකපිට නේද අරගෙන තියෙන්නේ? එහෙනම් හෙට ඉස්පිරිතාලේ යයි අසනීප නිසා.සතියක් විතර ඉඳලා ඇප පිට නිදහස් කරයිද? (නි)
රවී, මන්ත්‍රීට අයිතියක් තියනවද ගුරුවරියට දඩුවම් දෙන්න? මහින්ද ගවුම් කොට්ට තියෙනවට ආස ඇති නේද? ගුරුතුමිය එතුමියට පවරලා තියන රාජකාරිය කළා, විනය පාලක වශයෙන් විදුහලේ. (නි)
මෙතුමා ඉන්න තිබුනේ පාර්ලිමේන්තුවේ..එහෙනම් දැනටමත් බන්ධනාගාර රෝහලේ.ලබන සතියේ ගෙදර.(අ)
අනේ මන්දා. පුත්තලමේ ඉන්නවා කියන අය ගැන දැන්නම් මට අවිශ්වාසයක් නැහැ. නැත්නම් මේ වගේ කෙනෙක් පත් කර ගනීවිද ? (නි)
දරුවනි , එයාගේ තට්‌ටෙට ටොක්කක් වත් ඇනගන්න බැරිවුණාද? (නි)
මෙහෙම අය ඉස්කෝලකට වැස්සකටවත් ගොඩවෙලා නැද්ද? (නි)
මෙවැනි අයට ඡන්දය දෙන මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩගන්නද? (නි)
මේක ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් වෙන්න බැරිද? (නි)
පියෙක් ලෙස ඔහු කළ දේ හරියටම හරි. ඒත් දේශපාලකයෙක් නිසා පොඩි කොස්සක් හිටියා. ලංකාවේ දරුවන්ට පිහිටට ඉන්නේ අම්මා තාත්තා පමණමයි. (නි)
අපිට දඩුවම් දෙනවා වගේ පෙන්නුවට මෙයාට මොනා කියලද දන්නේ නැහැ.එකනේ මෙයාලව හදන්න බැරි.(අ)
රටේ දැන් මන්ත්‍රීවරු කීදෙනෙක් නම් තුච්ච වැඩ කරනවද? මොනවද හම්බවුන දඬුවම? මේ වගේ වැඩ කරන අයව මන්ත්‍රීකමින් අයින් කරන නීති නැද්ද? (නි)
වන් ෂොට් වගේ යන හැටි විතරක්?ඊළඟ පාර ජන්ද පෝස්ටර් වලට මේ ෆොටෝ එක ෂුවර් එකටම දාවි. (නි)
මන්ත්‍රීතුමා පාසල් ගිය කෙනක්ද? (නි)
රවී, ඔබේ කතාව වැරදියි. අපට ගුරුවරු දීපු දඩුවම් දැන් ළමයින්ට දුන්නොත් ඔවුන් ගුරුවරයාට ගහවි. ළමයාගේ ගවුම දික් කරන්න කියපු එක හෝ දික් කරපු එක කරන්න ඕනෑ ළමයාගේ දෙමවුපියෝ. මෙතන වුණේ ළමයාගේ අම්මට තාත්තට කරන්න බැරිදේ ගුරුවරී කළ එකයි (නි)
මහින්ද, ඔබ පාසල් ගිහිල්ලා තිබෙනවද? (නි)
අසේල, මෙතන කියන්නේ අපි ඔක්කොම රජවරු උඹලා වැසියෝ කියලා. (නි)
මට හිතෙන්නේ සමහර අයට, මෙතන වෙලා තියෙන්නේ මොකක් වුනත් සාම්ප්‍රදායිකව දේශපාලුවන් ගැන තියෙන තරහා පිට කිරීමක්.ගුරුවරු දඩුවම් කළ යුතු වන්නේ ළමයි යහමගට ගැනීමට මිසක් ළමයින්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන විදියට නෙවෙයි.එවැනි දේ නිසා ළමයින්ගේ ජීවිත පවා නැතිවෙලා තියෙනවා නේද?ගුරුවරු කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුනු අය නෙවෙයි .දේශපාලුවන්ට අපි කොච්චර කිව්වත් දඩුවම් දෙයිද? (නි)
වාසනා, ඕක ඉන්දියාවෙන් ඩොක් කියලා එකපාරටම දුන්න දෙයක් නොවෙයි. පළාත් සබා ඇතිවී තිබෙන ආකාරය දිහා බැලුවම පෙනෙනවා අපේ අයගේ සහබාගීවීමක් තිබෙන බව. (නි)
මහසෙන්, ඔබ හරියට හරි. මන්ත්‍රීට වැඩිය චන්දෙ දීපු අයව දණ ගස්වන්න ඕනෑ. එහෙම බලන විට මුළු රටම දණ ගස්වන්න ඕනෑ නේද? (නි)
මෙදා පාර ඡන්දෙට දාලා බලමු, අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ කොහොමද කියලා. (නි)
දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ඕනෑ මුල ඉඳලා. අදින ගවුම පවා වැදගත් විදියට තැනට ගැලපෙන්න අදින එක මුලදී දරුවන්ට කියලා දෙන්න ඕනෑ. ඔහොම කලාම ආයෙත් කරන්නේ නැහැ එහෙම දෙයක්. නැත්නම් පාසැල හොඳ පාසලක් වෙන්නේ නැහැ (නි)
මගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. මට මෙහෙම දෙයක් සිද්ද වුනා නම් මම ඔය පලා බබාව ඔලුවෙන් හිටවලා තමයි පස්ස බලන්නේ. (නි)
රිමාන්ඩ් කරන්න නෙමෙයි.. දන ගස්සවන්න ඕනෑ (නි)
තමන්ගේ දරුව අනුන් ඉදිරියේදි අපහාසයට පත් නොවෙන විදිහට ඉස්කෝලෙ යවන එක දෙමාපියන්ගේ යුතුකම.(අ)
හලෝ ජේ.වී.පී. සහෝදරවරුනි, බැරිද අර පරණ වැඩ ටිකක් පටන්ගන්න? මේ වගේ අය ලයිට් කණුවල බැඳලා තියන වෙනම සටන් කල්ලියක් හදන්න්නකෝ මේ රට හදන්න. ඔයාල රට ඇල්ලුවේ නැති වුනාට කමක් නැහැ, මේ වගේ නැහැදිච්ච අය මර්දනය කලාම ඇති. (නි)
මහින්ද, ඔයා හරි මෝඩයෙක් වගේනේ කතාකරන්නේ. ඉස්කෝලෙදි ටීචර්ලා දෙන හැම දඬුවමක් ම අනිත් ළමයි ඉදිරියේදී තමයි දෙන්නේ ,ඔය ඉස්කෝලේ ගියේ නැද්ද? (නි)
මහින්ද කියලා අදහස් දැක්වූ කෙනාට මොලේ නැතිවා වගෙයි (නි)
ඔය කෑගහන කාගෙත් ළමයින්ට මේ දේ වුනා නම් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න තිබුනා මීට වඩා (නි)
මේ මහින්ද කියන කෙනා ඔය පළාත් සබා මන්ත්‍රීගේ සහෝදරයෙක්ද ? (නි)
මහින්ද, මෙතන කිසිම අපහාසයක් වෙලා නැහැ. එතුමිය වාටිය ලෙහෙලා ඒක දික් කළයි කියලා මොනවද වෙන අපහාසය? ඒ වගේම පාසලක පිලිපෙදිය යුතු සාරධර්ම තියෙනවා. ඒවා කඩනකොට ඒවාට මේ වගේ දඬුවම් දීම විය යුතුයි. නැත්නම් ඒ දරුවන් පාසෙලෙන් පිටත අපයෝජනය කිරීම් වැනි බරපතල දේවල් සඳහා යොමුවීම වලක්වන්න බැහැ (නි)
77න් පස්සේ අපිට ලැබිච්ච දේවල් තමයි විධායක ජනපති ක්‍රමය, විවෘත ආර්ථිකය, පළාත් සබා මනාප ඡන්ද ක්‍රමය... මේ හැම දෙයකින්ම සිදුවුණ අතුරු ප්‍රතිපල තමයි අපි කට ඇඹුල් කරගෙන අද භුක්ති විදින්නේ. ලංකාව ප්‍රචණ්ඩත්වයෙන් ලෝකයේ මුලට එන දිනය වැඩි ඈතක නෙමේ (නි)
වයබ ඡන්දෙ ඉවර වෙනකල් හිරේ යවන්න. (අ)
. ජනාදිපතිතුමනි, ඔබ ගුරුවරුන්ට ගරු කරනවානම්, මොහු වහාම පළාත් සභාවෙන් ඉවත් කරන්න. (අ)
කාන්තාව කියන්නේ ස්වාභාවයෙන්ම ආරක්ෂාව රැකවරණය ලැබිය යුතු හා එය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්.එම නිසා ඒ අවස්ථාවේ විදුහල්පති ප්‍රමුඛ ගුරුමණ්ඩලයේ සියලුම දෙනා එකාවන්ව ගුරුතුමියගේ සහයෝගයට සිටියා නම් ගුරුතුමිය දණ ගහන එකක් නැහැ.ඒ අවස්ථාවේ එතුමිය තනි වූ නිසා මැරයා ඉදිරියේ අසරණ වෙන්න ඇති.නීති පොතේ නැති වුනත් මේ පුද්ගලයාව ඔය පළාතේ ප්‍රසිද්ධ තැනක අමුඩයක් ගසා දණගස්වා තිබ්බා නම් එය තමයි නියම දඬුවම. (නි)
සිහල ක්‍රමයට සමාව ගන්නවා නම් පුත්තලම වටරවුමේ දනගහගෙන සමාව ගන්න ඕකෑ දවස් පහක්, දවසකට පැය තුන ගානේ. (නි)
දැනටම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් වෙනවා. අපි මොනව කිවුවත් වෙන දෙයක් නැහැ. ඊලග වතාවෙ මනාප වැඩියෙන්ම අරගනියි. එතකොට කියයි විපක්‍ෂයේ කුමන්ත්‍රනයක් කියලා. (නි)
මට නම් පුදුමයි මේ වෙලා තියෙන දේට. කොච්චර වෙලා දන ගස්සවලා තිබිලද ? මේ වගේ පාර හිටින්න හුගක් වෙලා දණ ගහගෙන ඉදලා වගේ. මේවා හොද සිහි බුද්ධියෙන් විමසලා බලන්න ඕනෑ දේවල්. හොදට හොයලා තීරණ ගන්න. (නි)
හැඩට හැඩේ, මාංචු එහෙම දාලා යන ලස්සන. ගුරු මාතාවනි,ඔබ දණගසා හෑල්ලුවට පත් වුනේ ,අපේ දරුවන් වෙනුවෙනි. තරාතිරම නොබලා කොන්ද පන තියාගෙන වරදට දඩුවම් දීපු නිසාවෙනි .හිසනමා ඔබට අපි ආචාර කරමු. අබිමානයෙන් ඔබේ වෘත්තීය ඉදිරියට කරගෙන, රටට ආචාරශීලි පරපුරක් බිහිකිරීමට හැකිවේවා! (නි)
අද්‍යාපනය අදීක්ෂණය කරන්න මේ වගේ කෙනෙකුට දුන්නකෙනා කව්ද (අ)
මහින්ද ,හෙළි මට සැකයි ඔයාල වැස්සකටවත් පාසලකට ගියාද කියලා. මොකද මේවා ඉස්සර ඉදලම දෙන දඩුවම්.(නදී)
මූනත් අමුතුයිනේ මෙයාගේ.(නදී)
ගුරුතුමීට තිබ්බේ දැක්කේ නෑ වගේ ඉන්න..දුව ලෝකයේ පැරණිම රැකියාව කරන කෙනෙක් වුනාම, නයිට් ක්ලබ් වල නටන කෙනෙක් වුනාම මන්ත්‍රී තාත්තට එල්ලිලා මැරෙන්න තිබුණා.(අ)
වයඹ මහා ඇමතිකමට ඊලග ඡන්දෙදි අපි මෙයා පත්කරමුද? (නි)
මේ ගුරුවරිය අහිංසක දඩුවමක් සිසුවියට දී තිබෙන්නේ .එතුමියට දුන්න දඩුවම සැර වැඩියි.නමුත් සමහර ගුරුවරියන්ගේ ඇදුම් ගැනත් අපට හිතන්න වෙනවා. (නි)
දුවට කොටට අන්දන්න ඕනෑ නම් රාත්‍රී සමාජ ශාලාවකට යැව්වා නම් හරි ,ගුරුවරුනට ගරු කරන්න දන්නේ නැති මෙහෙමත් මිනිස්සු? (නි)
ඕන් මේ වගේ මිනුස්සුන්ට තමා අපි ඡන්දෙ දීලා රට හදන්න යවන්නේ. (නි)
මේක ඉතින් පුත්තලමේ ජනතාවගේ තේරීමක්නේ. ඔහොම නුනොත් තමයි පුදුමේ (නි)
අපිට දීපු දඩුවම් ඒ කාලේ ඒක නිසා තමා අද අපි හොඳ පඩි අරන් කාර් ගෙවල් අරන් කැනඩා වල ජීවත් වෙන්නේ. ගුරු වරුන්ට පින් සිද්ද වෙන්න ඔය වගේ අශ්ශීල දේශපාලුවෝ ඉන්න රටක ජීවත් නොවී මේ වගේ ලස්සන රටක කිසිම බයක් නැතුව සාමයෙන් ඉන්න පුළුවන් උනා.(අ)
ඇත්තම කිව්වොත් මටත් පාසල් යන කොට ගහල තියෙනව ගුරුවරු….. ඔයලම කියන්න බලන්න අදටත් ඔයලගෙ මතකයෙ ඉන්නෙ එදා ගහල බැනල අපිව හදන්න හදපු ගුරුවරු මිසක් ඔලුව අතගල මුකුත් කිව්වෙ නැති ගුරුවරු නෙමේ නෙද…අපෙ කාලෙ විදියට අද මොනවද කරන්නෙ…..අපිත් අද මනුස්සයො විදියට හොරු අපරාද කාරයො නොවීඉන්නෙ ඒකයි (අ)
පුත්තලමේ හිටපු බුරුවෝ වද වෙලා ගිහිං.හොයලා බලපුවාහම එකෙක් නවගත්තේගම පැත්තේ ඉන්නවාළු..මේ එයාද?
කව්දඅනේ මේ මිනිහට අධ්‍යාපන අධීක්ෂණකමකුත් දීල තියෙන්නේ! සමස්ත පාසල් විනය ආදී කරුණු ගැන මෙලෝ වැටහීමක් නැති මේ මිනිහට එම තනතුර දුන්නඅයත් හොයල දන ගස්සන්න වටිනවා! ((අ)
මේ මන්ත්‍රී වරයා..එදා ඉදන් මේ වගේ ජරා වැඩ කරලා තියනවා.. දැන් ඒවට විපාක හම්බවෙනවා..මොකද අපි ඉන්නේ බුදුන්ගේ දේශයේ(අ)..
කාලෝ අයන් තේ සාමකාමී රටකට මැරයන්ගේ පාලනයක් අවශ්‍ය නෑ (අ)
ජනාදිපතිතුමනි, මේ අයට මීට වඩා දඩුවමක් දෙන්න මේ මදී.(නදී)
දැනට රටේ තියෙන නීති හොඳටම ඇති මෙවැනි දේවලට නිසි දඬුවම් දෙන්න. ප්‍රශ්නය තමයි ඒවා හරි හැටි ක්‍රියාත්මක නොකරන එක.(නදී)
ධම්මික ගේ වචනයට මමත් එකගයි.(නදී)
මහින්ද,නොදන්නා ඒවාට අදහස් දක්වන්න එපා . (නි)
අදහස් දැක්වීමෙන් මහින්ද මෝඩයෙක් කියලා රටටම පෙන්නුවා. (නි)
හරක්ට ඡන්දේ දුන්නම ඔහොම වෙනවා (අ)
මෙහෙම අය දේශපාලනයට අවශ්‍ය නැහැ (දී)
රටේ නීතිය මෙන්ම රටේ විනීතකම ආරක්ෂා කීරීම රජයේ උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. (නි)
..ගුරුවරු දඩුවම් දෙන්නේ අපිව හදාගන්න....අපිට නම් අපේ පාසල් කාලය සුන්දර මෙතකයක්..(අ)
ගරු ජනපති තුමනි , පිරිහෙන්නේ ඔබයි , මේ මිනිස්සු නිසා ලබන ඡන්දෙදි අපිට ඔබතුමා නැතිවේවි. අඩු ගානේ එකකුට හරි දැනගන්න දෙන්න.(නදී)
අපේ රට ගැන අපිටම දුකයි නේද? මේ වගේ අයට ඡන්දය දිලා මන්ත්‍රි කරලා, සර් කියන අයත් ඉන්නවනේ. (නි)
මහින්ද , ඔහේ ස්කොලේ ගිහිල්ලා තියනවද ? (නි)
දිසා මහත්තයෝ, ඔබතුමා තවමත් ඉන්නේ 16 වැනි ශත වර්ෂයේ වගේනේ. (නි)
දිසා මහත්තය විතරක් නෙමෙයි අර මහින්ද කියන කෙනත් ඉස්කොලේ ගිහින් නැති කෙනෙක් වගෙයි. (නි)
අර කැලණිය පැත්තේ කොලෝන්නව පැත්තේ අය බේරෙනවා වගේ වෙන්න හිතුවද දන්නේ නැහැ. එහෙම වෙන්න ගොඩක් පාප මිත්‍ර සම්බන්දකම් ඇති කරගන්න ඕන . අවට ගියාට සෙල්ලම් දැම්මට චාන්ස් එකක් දෙන්නේ නැහැ. (අ)