IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරුවරිය දණ ගැස්සූ පළාත් මන්ත්‍රී යළි රිමාන්ඩ්

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සූවයි සැකපිට රිමාන්ඩ්  ගතකර සිට වයඹ පළාත් සභා මන්ත්‍රී හා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) යළි ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

ගුරුවරිය දණ ගැස්සූ පළාත් මන්ත්‍රී යළි රිමාන්ඩ්

කුමාර් Monday, 17 June 2013 05:36 PM

හලෝ ජේ.වී.පී. සහෝදරවරුනි, බැරිද අර පරණ වැඩ ටිකක් පටන්ගන්න? මේ වගේ අය ලයිට් කණුවල බැඳලා තියන වෙනම සටන් කල්ලියක් හදන්න්නකෝ මේ රට හදන්න. ඔයාල රට ඇල්ලුවේ නැති වුනාට කමක් නැහැ, මේ වගේ නැහැදිච්ච අය මර්දනය කලාම ඇති. (නි)

:       0       0

අමිල Monday, 17 June 2013 05:41 PM

මහින්ද, ඔයා හරි මෝඩයෙක් වගේනේ කතාකරන්නේ. ඉස්කෝලෙදි ටීචර්ලා දෙන හැම දඬුවමක් ම අනිත් ළමයි ඉදිරියේදී තමයි දෙන්නේ ,ඔය ඉස්කෝලේ ගියේ නැද්ද? (නි)

:       0       0

මේනකා Monday, 17 June 2013 12:30 PM

සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කියන කතාව. " වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්න ආසන්න කා‍ලේ එක එක අය හදන සුරංගනා කතා මෙව්වා. මම ඔය කියන පාසලට ගියා හරි ගුරුවරියව දණ ගැස්සුවා හරි කියලා ඔප්පු කළොත් මගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න මම සූදානම්” මන්ත්‍රීවරයා කියා සිටියේය"(අ)

:       0       0

මේනකා Monday, 17 June 2013 12:31 PM

එවැනි සිද්ධියක් තම විද්‍යාලය තුළ සිදු වූ බව නියෝජ්‍ය විදුහල්පතිවරයා මුලින් ‍පොලීසියට පවසා ඇති නමුත් පසුව ඔහු තම ප්‍රකාශය දිවුරුම් පෙත්සමක් මගින් ඉවත්කරගෙන ඇති බවද දැන ගන්නට ඇත. (අ)

:       0       0

නාලක Monday, 17 June 2013 05:44 PM

මහින්ද කියලා අදහස් දැක්වූ කෙනාට මොලේ නැතිවා වගෙයි (නි)

:       0       0

අශෝක Tuesday, 18 June 2013 10:08 AM

මෙහෙම අය දේශපාලනයට අවශ්‍ය නැහැ (දී)

:       0       0

අංජන කේ. Monday, 17 June 2013 12:33 PM

මෙයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. අපිට මේ වගේ අනුවන දේශපාලකයෝ වැඩක් නැ. මෛත්‍රිපාල ඇමති තුමනි ඔබගේ අවධානය විශේෂයි. (අ)

:       0       0

මංජු Monday, 17 June 2013 05:47 PM

ඔය කෑගහන කාගෙත් ළමයින්ට මේ දේ වුනා නම් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න තිබුනා මීට වඩා (නි)

:       0       0

රවි Monday, 17 June 2013 12:32 PM

මන්ත්‍රී තුමා කළ වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි .ඒක ගැන සැකයක් නැහැ. නමුත් ගුරුතුමිය දරුවට දුන් දඩුවමත් මීට වැඩිය පිළිවෙලකට කරන්න ඕනෑ. ළමයි ඉස්සරහ දරුවාව ලැජ්ජා කරපු එකත් සම්පුර්ණයෙන්ම වැරදියි. (නි)

:       0       0

ඇන්ටන් Monday, 17 June 2013 05:49 PM

මේ මහින්ද කියන කෙනා ඔය පළාත් සබා මන්ත්‍රීගේ සහෝදරයෙක්ද ? (නි)

:       0       0

සජිත් Monday, 17 June 2013 05:50 PM

මහින්ද, මෙතන කිසිම අපහාසයක් වෙලා නැහැ. එතුමිය වාටිය ලෙහෙලා ඒක දික් කළයි කියලා මොනවද වෙන අපහාසය? ඒ වගේම පාසලක පිලිපෙදිය යුතු සාරධර්ම තියෙනවා. ඒවා කඩනකොට ඒවාට මේ වගේ දඬුවම් දීම විය යුතුයි. නැත්නම් ඒ දරුවන් පාසෙලෙන් පිටත අපයෝජනය කිරීම් වැනි බරපතල දේවල් සඳහා යොමුවීම වලක්වන්න බැහැ (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 17 June 2013 05:50 PM

77න් පස්සේ අපිට ලැබිච්ච දේවල් තමයි විධායක ජනපති ක්‍රමය, විවෘත ආර්ථිකය, පළාත් සබා මනාප ඡන්ද ක්‍රමය... මේ හැම දෙයකින්ම සිදුවුණ අතුරු ප්‍රතිපල තමයි අපි කට ඇඹුල් කරගෙන අද භුක්ති විදින්නේ. ලංකාව ප්‍රචණ්ඩත්වයෙන් ලෝකයේ මුලට එන දිනය වැඩි ඈතක නෙමේ (නි)

:       0       0

නසාර් Monday, 17 June 2013 05:57 PM

වයබ ඡන්දෙ ඉවර වෙනකල් හිරේ යවන්න. (අ)

:       0       0

කෙවින් Monday, 17 June 2013 06:01 PM

. ජනාදිපතිතුමනි, ඔබ ගුරුවරුන්ට ගරු කරනවානම්, මොහු වහාම පළාත් සභාවෙන් ඉවත් කරන්න. (අ)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 18 June 2013 10:20 AM

රටේ නීතිය මෙන්ම රටේ විනීතකම ආරක්ෂා කීරීම රජයේ උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. (නි)

:       0       0

අනුරාධ. Monday, 17 June 2013 06:02 PM

කාන්තාව කියන්නේ ස්වාභාවයෙන්ම ආරක්ෂාව රැකවරණය ලැබිය යුතු හා එය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්.එම නිසා ඒ අවස්ථාවේ විදුහල්පති ප්‍රමුඛ ගුරුමණ්ඩලයේ සියලුම දෙනා එකාවන්ව ගුරුතුමියගේ සහයෝගයට සිටියා නම් ගුරුතුමිය දණ ගහන එකක් නැහැ.ඒ අවස්ථාවේ එතුමිය තනි වූ නිසා මැරයා ඉදිරියේ අසරණ වෙන්න ඇති.නීති පොතේ නැති වුනත් මේ පුද්ගලයාව ඔය පළාතේ ප්‍රසිද්ධ තැනක අමුඩයක් ගසා දණගස්වා තිබ්බා නම් එය තමයි නියම දඬුවම. (නි)

:       0       0

නසාර් Monday, 17 June 2013 06:04 PM

සිහල ක්‍රමයට සමාව ගන්නවා නම් පුත්තලම වටරවුමේ දනගහගෙන සමාව ගන්න ඕකෑ දවස් පහක්, දවසකට පැය තුන ගානේ. (නි)

:       0       0

රාජා Monday, 17 June 2013 06:07 PM

දැනටම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් වෙනවා. අපි මොනව කිවුවත් වෙන දෙයක් නැහැ. ඊලග වතාවෙ මනාප වැඩියෙන්ම අරගනියි. එතකොට කියයි විපක්‍ෂයේ කුමන්ත්‍රනයක් කියලා. (නි)

:       0       0

සහන Monday, 17 June 2013 06:09 PM

මට නම් පුදුමයි මේ වෙලා තියෙන දේට. කොච්චර වෙලා දන ගස්සවලා තිබිලද ? මේ වගේ පාර හිටින්න හුගක් වෙලා දණ ගහගෙන ඉදලා වගේ. මේවා හොද සිහි බුද්ධියෙන් විමසලා බලන්න ඕනෑ දේවල්. හොදට හොයලා තීරණ ගන්න. (නි)

:       0       0

අතපත්තු Monday, 17 June 2013 06:08 PM

හැඩට හැඩේ, මාංචු එහෙම දාලා යන ලස්සන. ගුරු මාතාවනි,ඔබ දණගසා හෑල්ලුවට පත් වුනේ ,අපේ දරුවන් වෙනුවෙනි. තරාතිරම නොබලා කොන්ද පන තියාගෙන වරදට දඩුවම් දීපු නිසාවෙනි .හිසනමා ඔබට අපි ආචාර කරමු. අබිමානයෙන් ඔබේ වෘත්තීය ඉදිරියට කරගෙන, රටට ආචාරශීලි පරපුරක් බිහිකිරීමට හැකිවේවා! (නි)

:       0       0

මහින්ද Monday, 17 June 2013 12:49 PM

හරි,දැන් තමන්ගේ දරුවට ඉස්කෝලෙදි අනුන් ඉදිරියේදි අපහාසයට පත් වෙන විදිහට දඬුවමක් දුන්නා කියලා ඔයාලට කිව්වොත් ඔයාලා ඒ ගුරුවරීට මල් පහන් තියනවද?මෙතන ඒ ලමයා කොච්චර අපහසුවකට පත් වෙන්න ඇද්ද ඒ වගේ දෙයක් ඉස්කෝලේ ලමයි දාලා කරපුවම?ලමයින්ගේ විනය හැදෙන්නේ ගවුම දික් කරාමද? (නි)

:       0       0

මුණසිංහ Monday, 17 June 2013 06:15 PM

අද්‍යාපනය අදීක්ෂණය කරන්න මේ වගේ කෙනෙකුට දුන්නකෙනා කව්ද (අ)

:       0       0

කැලුම් ඕමානය Monday, 17 June 2013 06:17 PM

මහින්ද ,හෙළි මට සැකයි ඔයාල වැස්සකටවත් පාසලකට ගියාද කියලා. මොකද මේවා ඉස්සර ඉදලම දෙන දඩුවම්.(නදී)

:       0       0

කෙවින් Monday, 17 June 2013 06:16 PM

මූනත් අමුතුයිනේ මෙයාගේ.(නදී)

:       0       0

අතුල Tuesday, 18 June 2013 02:29 AM

මහින්ද,නොදන්නා ඒවාට අදහස් දක්වන්න එපා . (නි)

:       0       0

සුමුදු වර්ණකුලසූරිය Monday, 17 June 2013 06:18 PM

ගුරුතුමීට තිබ්බේ දැක්කේ නෑ වගේ ඉන්න..දුව ලෝකයේ පැරණිම රැකියාව කරන කෙනෙක් වුනාම, නයිට් ක්ලබ් වල නටන කෙනෙක් වුනාම මන්ත්‍රී තාත්තට එල්ලිලා මැරෙන්න තිබුණා.(අ)

:       0       0

බණ්ඩා Monday, 17 June 2013 06:23 PM

වයඹ‍ මහා ඇමතිකමට ඊලග ඡන්දෙදි අපි මෙයා පත්කරමුද? (නි)

:       0       0

සයිනාවා Monday, 17 June 2013 06:29 PM

මේ ගුරුවරිය අහිංසක දඩුවමක් සිසුවියට දී තිබෙන්නේ .එතුමියට දුන්න දඩුවම සැර වැඩියි.නමුත් සමහර ගුරුවරියන්ගේ ඇදුම් ගැනත් අපට හිතන්න වෙනවා. (නි)

:       0       0

ජෙනි පැරිස් Monday, 17 June 2013 06:39 PM

දුවට කොටට අන්දන්න ඕනෑ නම් රාත්‍රී සමාජ ශාලාවකට යැව්වා නම් හරි ,ගුරුවරුනට ගරු කරන්න දන්නේ නැති මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Monday, 17 June 2013 12:57 PM

තිලින, දණ නොගැහුවා නම් අපට අහන්න වෙන්නේ මීට වැඩිය භයානක දෙයක් වෙන්න තිබුණා. මෙයාල පිටිපස්සෙන් තුවක්කුකාරයො එන්නේ. උගත් ගුරුවරියගේ ස්ථානෝචිත ප්‍රච්නාව නිසා වෙන්න තිබුණු මහා විනාශයක් වැළකුණා.ජීවිත විනාශයක් නැහැනේ මෙතන. ගුරුවරියට උසස්වීමක් දීලා, මන්ත්‍රීව පුනරුත්ථාපනය කරලා පාසල් යවන්න තියෙන්නේ. (නි)

:       0       0

ශාෆික් Monday, 17 June 2013 06:39 PM

ඕන් මේ වගේ මිනුස්සුන්ට තමා අපි ඡන්දෙ දීලා රට හදන්න යවන්නේ. (නි)

:       0       0

අනුර Monday, 17 June 2013 06:46 PM

මේක ඉතින් පුත්තලමේ ජනතාවගේ තේරීමක්නේ. ඔහොම නුනොත් තමයි පුදුමේ (නි)

:       0       0

නිශ්ශංක-දෝහා Monday, 17 June 2013 01:00 PM

මේක මොකක්ද? මිනී මරුවොත් දැන් දේශපාලනේ කරන්නේ. ජය වේවා!(නදී)

:       0       0

අසේල Monday, 17 June 2013 06:50 PM

අපිට දීපු දඩුවම් ඒ කාලේ ඒක නිසා තමා අද අපි හොඳ පඩි අරන් කාර් ගෙවල් අරන් කැනඩා වල ජීවත් වෙන්නේ. ගුරු වරුන්ට පින් සිද්ද වෙන්න ඔය වගේ අශ්ශීල දේශපාලුවෝ ඉන්න රටක ජීවත් නොවී මේ වගේ ලස්සන රටක කිසිම බයක් නැතුව සාමයෙන් ඉන්න පුළුවන් උනා.(අ)

:       0       0

ප්‍රසන්න Monday, 17 June 2013 06:52 PM

ඇත්තම කිව්වොත් මටත් පාසල් යන කොට ගහල තියෙනව ගුරුවරු….. ඔයලම කියන්න බලන්න අදටත් ඔයලගෙ මතකයෙ ඉන්නෙ එදා ගහල බැනල අපිව හදන්න හදපු ගුරුවරු මිසක් ඔලුව අතගල මුකුත් කිව්වෙ නැති ගුරුවරු නෙමේ නෙද…අපෙ කාලෙ විදියට අද මොනවද කරන්නෙ…..අපිත් අද මනුස්සයො විදියට හොරු අපරාද කාරයො නොවීඉන්නෙ ඒකයි (අ)

:       0       0

සිරි Monday, 17 June 2013 01:02 PM

හොඳ වැඩේ. එවෙලේ කවුරුහරි කන පැලෙන්න දෙකක් දුන්නා නම් හරි. ආවා මෙතන නීතිය අතට ගන්න.ගොඩක් දේශපාලනය කරන කට්ටිය මෙහෙම තමයි. (නි)

:       0       0

සමන්ත Monday, 17 June 2013 06:55 PM

පුත්තලමේ හිටපු බුරුවෝ වද වෙලා ගිහිං.හොයලා බලපුවාහම එකෙක් නවගත්තේගම පැත්තේ ඉන්නවාළු..මේ එයාද?

:       0       0

සුමිත් දිසානායක Monday, 17 June 2013 01:03 PM

මෙවැනි පහත් දේශපාලුවෝ මන්ත්‍රී කමෙන් වහාම නෙරපිය යුතුයි. ගුරු භක්තිය නොදත් මෙවැනි අයට නිසි දඬුවම් දිය යුතුයි. කිසිම සමාවක් නොදිය යුතුයි . කිසිම අධ්‍යාපනයක් නැති මේ අය මුලු මහත් ජනතාවම පිළිකුල් කල යුතුයි.(නදී)

:       0       0

සරත් Monday, 17 June 2013 07:02 PM

කව්දඅනේ මේ මිනිහට අධ්‍යාපන අධීක්ෂණකමකුත් දීල තියෙන්නේ! සමස්ත පාසල් විනය ආදී කරුණු ගැන මෙලෝ වැටහීමක් නැති මේ මිනිහට එම තනතුර දුන්නඅයත් හොයල දන ගස්සන්න වටිනවා! ((අ)

:       0       0

උදය තෙන්නකෝන් Monday, 17 June 2013 07:08 PM

මේ මන්ත්‍රී වරයා..එදා ඉදන් මේ වගේ ජරා වැඩ කරලා තියනවා.. දැන් ඒවට විපාක හම්බවෙනවා..මොකද අපි ඉන්නේ බුදුන්ගේ දේශයේ(අ)..

:       0       0

අමරදාස Monday, 17 June 2013 07:48 PM

කාලෝ අයන් තේ සාමකාමී රටකට මැරයන්ගේ පාලනයක් අවශ්‍ය නෑ (අ)

:       0       0

වාසනා Monday, 17 June 2013 01:12 PM

ඉන්දියාවෙන් අප වෙත බලෙන් පැටවූ පළාත් සබා අහෝසි කළ යුතුයි නේද? (නි)

:       0       0

දුමින්ද Monday, 17 June 2013 01:16 PM

මහින්ද, මට දුකයි ඔයාලා වගේ අය ගැන. (නි)

:       0       0

අනුෂා Monday, 17 June 2013 01:17 PM

බලය නිසා වෙන්න ඇති මෙහෙම දේවල් කරන්න ඇත්තේ (දී)

:       0       0

නිලූ Monday, 17 June 2013 01:23 PM

මන්ත්‍රීතුමා කියන්න මට කිසි දෙයක් මතක නැහැ කියලා. (නි)

:       0       0

අසේල Monday, 17 June 2013 01:24 PM

මගෙත් මගේ පවුලේත් ඡන්ද ජනාධිපතිවරයාට මින් පසු නොලැබේ.(නදී)

:       0       0

සමන් Monday, 17 June 2013 01:25 PM

'මහින්ද' මහත්තයෝ, ඉස්සෙල්ලම කලින් පුවත හරියට කියවන්න. මේක එක ළමයෙකුට දුන්න දඬුවමක් නෙමෙයි. දරුවන්ට දඬුවම් දීලා හදන්න තමයි ගුරුවරු ඉන්නෙ. එහෙම එපා නම් බෝඩ් එකක් එල්ලලා එවන්න තිබුනා "මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්, මට කිසිම දඬුවමක් දෙන්න අවසර නැහැ" කියලා. එහෙම නම් ඉතින් කොට ගවුම් නෙමෙයි ගවුම නැතුව පාසලට ගියත් කවුරුත් මොකුත් කියන එකක් නැහැ. (නි)

:       0       0

අශෝක Monday, 17 June 2013 01:24 PM

මේ ළමයා කවුරු කියලා හිතුවද දන්නේ නැහැ, ලජ්ජා වුනා කියලා කියන්නේ. ලජ්ජා වෙන්න ඕනෑ කොට ගවුම් ඇඳගෙන ඉන්නවටනේ. (නි)

:       0       0

සජීව Tuesday, 18 June 2013 11:30 AM

..ගුරුවරු දඩුවම් දෙන්නේ අපිව හදාගන්න....අපිට නම් අපේ පාසල් කාලය සුන්දර මෙතකයක්..(අ)

:       0       0

රුහුණු Monday, 17 June 2013 01:26 PM

ජාතික ඇදුම එයාට ගැලපෙන්නේ නැහැ. ඒක දිග ඇදුමක් (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Monday, 17 June 2013 01:29 PM

ජනාධිපති තුමා මේ ප්‍රශ්නය විසදීමට ඍජුව මැදිහත් වී ඇත. එය ඉතා අගය කරමි. නිතිය මේවන විට හොඳින් ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. පොලිසියට හා අධිකරණයට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. අදාල ගුරු මාතාවගෙන්ද එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ප්‍රශ්නයට විසදුම, වන්දි මුදල් හා වැඳුම් පිදුම් මත තීරණය නොකරන ලෙසයි. මවුපියන්ට පසුව ගුරුවරුන්ට භක්තියෙන් සලකන ලාංකික ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ පාලන ක්ෂේත්‍රයට නුසුදුසු මේ පුද්ගලයා තනතුරින් පහ කිරීම මිස අන් විකල්පයක් නොවේ. ඔබ නිවට තීරණයකට එළඹුනහොත් එය සමස්ත ගුරු ප්‍රජාවටද අනාගත පරපුරටද ආදර්ශයක් නොවන බව මගේ හැගීමයි. කිසිම දේශපාලන බලවේගයක ගොදුරක් නොවන්න ගුරු මෑණියනි. රටේ නිතිය අගය කරන පුරවැසියන්ද 27 දින වන තෙක් ඉවසීමෙන් සිටීම නුවනට හුරුවේ. පොලිසියට ගල් ගැසීමෙන් හෝ මහ පාරේ ටයර් පිලිස්සීමෙන් ප්‍රශ්න විසදා ගත නොහැකි බවද මාගේ විශ්වාසයයි. 27 වෙනිදායින් පසුව සිදුවන දේ ගැන විමසිල්ලෙන් සිටිමු. ලංකාදීප අන්තර්ජාල පුවත් පත ටද මල් මිටක්.(නදී)

:       0       0

අර්නෝල්ඩ් Monday, 17 June 2013 01:31 PM

මෙයාව එල්ලන්න වටින්නේ.(නදී)

:       0       0

මේරි Monday, 17 June 2013 01:36 PM

ගුරුතුමිය දීපු දඬුවම බොහොම හොදයි.අපි පාසල් යන කාලේ අපිට කොටට අදින බැහැ. ඒ කාලේ කළේ වාටිය දික්වෙන්න පත්තර අලවන එක.අපි අදටත් සංවරශීලී ලෙස අඳින්න පුරුදුවෙලා ඉන්නේ අන්න ඒ හැදියාව නිසයි (නි)

:       0       0

උදය Tuesday, 25 June 2013 03:19 PM

අර කැලණිය පැත්තේ කොලෝන්නව පැත්තේ අය බේරෙනවා වගේ වෙන්න හිතුවද දන්නේ නැහැ. එහෙම වෙන්න ගොඩක් පාප මිත්‍ර සම්බන්දකම් ඇති කරගන්න ඕන . අවට ගියාට සෙල්ලම් දැම්මට චාන්ස් එකක් දෙන්නේ නැහැ. (අ)

:       0       0

චමින්ද Monday, 17 June 2013 01:44 PM

අපිට තියෙන කණගාටුව මේ වගේ අය ඊලග ඡන්දෙන් ඉහලින් දිනවන්න අපේ මිනිස්සු ඡන්දෙ දෙන එකටයි. (නි)

:       0       0

ෂාන් Monday, 17 June 2013 01:44 PM

තාත්තට දැන් හොදට සනීප ඇති නේද?(නදී)

:       0       0

චින්ටහක Monday, 17 June 2013 01:47 PM

මෙයාලව පලාත් පාලන ආයතනවලට පත් කලේ කවුද ඡන්දය දීලා. මේ රටේ මහජනතාවමනේ. (නි)

:       0       0

නිශා Monday, 17 June 2013 09:16 PM

ජනාදිපතිතුමනි, මේ අයට මීට වඩා දඩුවමක් දෙන්න මේ මදී.(නදී)

:       0       0

ලසන්ත Monday, 17 June 2013 01:52 PM

මහින්ද ඔය ඊලග පළාත් සභාවට ඉල්ලන්න. හැබැයි පුත්තලමෙන්. ඔබ ගිය පාසලත් සදහන් කරන්න. ජය නියතයි (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 17 June 2013 01:51 PM

කොච්චර කතා කළත් වැඩක් වෙන්නේ නැහැ.ලබන සැරේ මෙයාටම අපේ කට්ටිය ඡන්දෙ ටික දෙයි.මට නම් ඉර හද වගේ විශ්වාසයි. (නි)

:       0       0

ඉන්දු Monday, 17 June 2013 01:53 PM

සමහර අදහස් දාලා තියන අය වැස්සකටවත් පාසලකට ගිහින් නැහැ ව‍ගේ. සුදු ගවුම කොට නම් කොයි පාසලෙත් කරන්නේ ඕක තමා. ගවුමෙ වාටිය ලිහලා ගවුම දික් කරනවා. අපිත් ඔය දඩුවම විඳලා තියනවා. ඕක මහ ලොකු ලැජ්ජාවට කාරණයක් නෙමේ. අනික ඔය ගෑණු ලමයා විතරක් තනි කරලා දඩුවම දුන්න නෙමෙයිනෙ. හැමෝම පේලියට තියලා ශිෂ්‍ය නායිකාවො ගවුමෙ වාටිය ලෙහනවා. ඒක තමා හුගක් පාසල්වල කරන්නේ. ඔය තරම් ලොකුකමක් තියේනම් හරි පිළිවෙලට ගවුම අන්දලා පාසලට එවන්න තිබුනනේ. (නි)

:       0       0

දිසා Tuesday, 18 June 2013 12:03 PM

ගරු ජනපති තුමනි , පිරිහෙන්නේ ඔබයි , මේ මිනිස්සු නිසා ලබන ඡන්දෙදි අපිට ඔබතුමා නැතිවේවි. අඩු ගානේ එකකුට හරි දැනගන්න දෙන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 17 June 2013 01:54 PM

අනේ මන්දා , මේ වගේ මිනිස්සුන්ට රට කරවන්න දෙනවා කියන එක අන්තිම භයානකයි. (නි)

:       0       0

සිල්වා Monday, 17 June 2013 01:55 PM

මෙයාව කොළඹ- යාපනේ පාර හදන්න යොදාගමු. බර වැඩ දෙමු. හිර ගෙදර ඉදලා වැඩක් නැහැ (නි)

:       0       0

සූරි Tuesday, 18 June 2013 08:18 AM

අදහස් දැක්වීමෙන් මහින්ද මෝඩයෙක් කියලා රටටම පෙන්නුවා. (නි)

:       0       0

කුලරත්න Monday, 17 June 2013 02:06 PM

අනේ මන්ද සමහර 'ප්‍රතිචාර' දාන උදවිය දානවා "මෙවැනි මන්ත්‍රීවරු නිසා අපහසුතාවයට පත් වන්නේ ජනපතිතුමන් ඇතුළු රජයයි" කියලා. මට හිතා ගන්ඩ බැ මේවා දාන්නේ මොලේ තියන මිනිසුන්ද කියල (අ)

:       0       0

රවී Monday, 17 June 2013 03:39 PM

අනේ ඉතින් ගුරුවරියට සහ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මොකද මේ දේශපාලන බලවතෙක් එක්කනෙ හැප්පිලා තියෙන්නේ. (නි)

:       0       0

රිස්වාන් සව්දි Monday, 17 June 2013 03:45 PM

අර ගුනවර්දන මහතාගේ බිරිඳ කිව්වා වගේ මෙයාගෙත් අපල කාලයක්ලු (නි)

:       0       0

කුමාරි Monday, 17 June 2013 03:50 PM

ගුරුතුමිය මේ ළමයගේ විතරක් නෙමෙයිනේ ගවුම් වාටිය දික්කරලා තියෙන්නේ. මේ තාත්තට විතරක් ඒක ප්‍රශ්නයක් වුනේ ඇයි? (නදී)

:       0       0

අමිල Monday, 17 June 2013 03:50 PM

මේකට අදහස් දාලා තියන මහින්ද වගේ හිතන කට්ටිය රටට වාසනාවක්. වැස්සකටවත් ඉස්කෝලෙ නම් ගිය බවක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් රණසිංහ Tuesday, 18 June 2013 12:47 PM

අපේ රට ගැන අපිටම දුකයි නේද? මේ වගේ අයට ඡන්දය දිලා මන්ත්‍රි කරලා, සර් කියන අයත් ඉන්නවනේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 17 June 2013 03:55 PM

මේ කෙනාට ඡන්දේ දුන්න අයව උල තියන්න ඕනෑ.. (නි)

:       0       0

තිලක් Tuesday, 18 June 2013 12:54 PM

මහින්ද , ඔහේ ස්කොලේ ගිහිල්ලා තියනවද ? (නි)

:       0       0

පතිරණ Monday, 17 June 2013 03:56 PM

මහින්ද, ඔයාලා වගේ අය ඉන්නකම් ගැනු ඉස්සරහ චන්ඩි වෙන අය නවත්වන්න බැහැ (නි)

:       0       0

මොහමඩ් Monday, 17 June 2013 04:00 PM

හොඳ වැඩේ. ඒත් මොකද තාමත් සැක පිට? (නි)

:       0       0

කරු Monday, 17 June 2013 04:03 PM

මහින්ද දන්නෙ නැද්ද? ළමයි තමා (ශිෂ්‍ය නායකයෝ) ඕවා කරන්නේ. ඒක එයාලගේ වගකීමක්.පළාත් සබාව මේ සතියේ විසිරෙව්වොත් මේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. මෝඩ මිනිස්සු ඡන්දෙ දුන්නොත් තමා එයාට බේරෙන්න පුළුවන් වෙන්නේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Monday, 17 June 2013 04:13 PM

ළමයෙකුට වැරැද්දක් පෙන්නලා දුන්නම ඒකට ළමයා ලජ්ජා වෙන්නේ මොකටද? ගුරුවරු ඉන්නේ ඒකට තමයි.ඔය කියන විදියට ළමයට ලැජ්ජා හිතුනා නම් ඒ ළමයට කිසි පෞරුෂත්වයක් නැහැ. ළමයාගේ තිබුණු ලොකු උද්දච්චකම තමයි මෙච්චර දුර අරන් ගියේ. (නි)

:       0       0

දීප්ති හෙට්ටිආරච්චි Monday, 17 June 2013 11:39 AM

මන්ත්‍රීකම අහෝසි කොට සිරගත කළ යුතුයි. මෙවැනි මන්ත්‍රීවරු නිසා අපහසුතාවයට පත් වන්නේ ජනපතිතුමන් ඇතුළු රජයයි (නි)

:       0       0

මොහමඩ රිස්වාන් සව්දි අරාබිය Monday, 17 June 2013 11:39 AM

මේ පළාතේ අය මෙයාට දෙන නියම දඬුවම වන්නේ මීළඟ චන්දයට ඉදිරිපත්වීමට ඉඩ නොදීමි.(ස)

:       0       0

සෙනරත් Monday, 17 June 2013 10:43 PM

දැනට රටේ තියෙන නීති හොඳටම ඇති මෙවැනි දේවලට නිසි දඬුවම් දෙන්න. ප්‍රශ්නය තමයි ඒවා හරි හැටි ක්‍රියාත්මක නොකරන එක.(නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 17 June 2013 11:43 AM

මොහු සිටින නිලතල වලින් එළියට ඇද දමනු හැකිනම් එදිනට මුලු සිරිලකම එකම මගුල් ගෙයකි. (නි)

:       0       0

සෙනරත් Monday, 17 June 2013 10:53 PM

ධම්මික ගේ වචනයට මමත් එකගයි.(නදී)

:       0       0

අබා Monday, 17 June 2013 11:50 AM

අපි මේ පිළිබදව ඉතා විමසිල්ලෙන් සිටින්නෙමු (නි)

:       0       0

සජී Monday, 17 June 2013 04:35 PM

මේකේ අදහස් දාලා තියෙන මහින්ද වගේ මිනිස්සු තමයි මේ වගේ දේශපාලකයන්ව පත් කරන්නේ. විනය හැදෙන්නෙ ගවුම දික් කළහම නෙවෙයි. ඔයාලා වගේ මිනිස්සු මේ රටෙන් තුරන් වුන දවසට. (නි)

:       0       0

කසුන් Monday, 17 June 2013 11:52 AM

මෝඩ මිනිස්සු, මොවුන්ට දෙන්න දඩුවම් මේ ලෝකෙත් නැහැ.(ස)

:       0       0

ලසන්ත Monday, 17 June 2013 04:37 PM

කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා පුදුම හයියක් තියෙන කෙනෙක්. අදහන්න වටිනවා. (නි)

:       0       0

ගිම්හානි Monday, 17 June 2013 11:52 AM

මෙයාව රිමාන්ඩ් කරන්න නෙමෙයි දැඩි දඩුවම් දෙන්නයි වටින්නේ කරපු වැඩේට (නි)

:       0       0

ද සිල්වා Monday, 17 June 2013 04:38 PM

මේ නඩුවත් අර ප්‍රාදේශීය සහා නඩු වගේ අවරුදු 2-3 ඇදගෙන යාවිද ? හරි නම් පක්ෂයේ අභ්‍යන්තරව මේ ගැන හොයා බලලා වැරදිකරුනම් මන්ත්‍රී පදවියෙන් එලවා දමන්න. පක්ෂයේ විනය නීති ලිහිල් නිසයි මෙහෙම පිස්සු නටන්නේ (නි)

:       0       0

දිනේෂ් Monday, 17 June 2013 11:53 AM

දුව අකීකරු වුණ එකට පළිගන්නේ පාසලේ ගුරුතුමියගෙන්.මෙහෙමත් මෝඩ තාත්තලා? (නි)

:       0       0

රොහාන් Monday, 17 June 2013 04:40 PM

දේශපාලනේට නම් නියම සුදුසුකම් දැන් ඔබතුමිය සපුරා අවසානයි (නි)

:       0       0

සිල්වා Monday, 17 June 2013 11:54 AM

පලමුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතුය. පලාත් සභා ක්‍රමය තුලින් ජනතා සේවයක්  වෙනුවට මෙවන්   පිරිසක්  බිහිවීම  වැළකිය  නොහැකි වී ඇත. (නි) 

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 17 June 2013 11:56 AM

මෙවැනි ගැනු ඉස්සරහ චන්ඩි වෙන අයට අමතක නොවෙන දඩුවමක් දෙන්න ඕන.....කෝ....ස්ටර්ලින් මහත්තයගේ සද්දේ මදි නේ... (ස)

:       0       0

බණ්ඩාර Monday, 17 June 2013 04:41 PM

අපි මේ ගුරුවරියට ලබන ඡන්දයට ඉල්ලන්න ආරාධනා කරමු. (නි)

:       0       0

තාරකා Monday, 17 June 2013 11:56 AM

ආණ්ඩුව මේ හෙන්චයියන්ට උදව් කරන්නේ නැද්ද? (නදී)

:       0       0

මාගලී Monday, 17 June 2013 04:41 PM

සැකපිට නේද අරගෙන තියෙන්නේ? එහෙනම් හෙට ඉස්පිරිතාලේ යයි අසනීප නිසා.සතියක් විතර ඉඳලා ඇප පිට නිදහස් කරයිද? (නි)

:       0       0

දිසානායක Monday, 17 June 2013 11:54 AM

ජය වේවා. පහත් දෙශපාලඥයන් හට එරෙහිව නැගී සිටිමු. (ස)

:       0       0

ඇසළ Monday, 17 June 2013 04:44 PM

රවී, මන්ත්‍රීට අයිතියක් තියනවද ගුරුවරියට දඩුවම් දෙන්න? මහින්ද ගවුම් කොට්ට තියෙනවට ආස ඇති නේද? ගුරුතුමිය එතුමියට පවරලා තියන රාජකාරිය කළා, විනය පාලක වශයෙන් විදුහලේ. (නි)

:       0       0

සුමිත් Monday, 17 June 2013 04:45 PM

මෙතුමා ඉන්න තිබුනේ පාර්ලිමේන්තුවේ..එහෙනම් දැනටමත් බන්ධනාගාර රෝහලේ.ලබන සතියේ ගෙදර.(අ)

:       0       0

සේනක සිඩ්නි Monday, 17 June 2013 04:46 PM

අනේ මන්දා. පුත්තලමේ ඉන්නවා කියන අය ගැන දැන්නම් මට අවිශ්වාසයක් නැහැ. නැත්නම් මේ වගේ කෙනෙක් පත් කර ගනීවිද ? (නි)

:       0       0

අනුර Tuesday, 18 June 2013 09:18 AM

හරක්ට ඡන්දේ දුන්නම ඔහොම වෙනවා (අ)

:       0       0

ජෙෆ් Monday, 17 June 2013 04:51 PM

දරුවනි , එයාගේ තට්‌ටෙට ටොක්කක් වත් ඇනගන්න බැරිවුණාද? (නි)

:       0       0

සුමේධ Monday, 17 June 2013 04:56 PM

මෙහෙම අය ඉස්කෝලකට වැස්සකටවත් ගොඩවෙලා නැද්ද? (නි)

:       0       0

ධර්මේ Monday, 17 June 2013 04:55 PM

මෙවැනි අයට ඡන්දය දෙන මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩගන්නද? (නි)

:       0       0

රනා Monday, 17 June 2013 12:02 PM

"සැකපිට"?? මොකක්ද දැන් සැක? මහා දවාලේ පාසලේ දරුවන් ගුරුවරු ඉදිරිපිට කරන ලද මේ වැඩේ, තාමත් පොලිසියට සැකයි ද? (නි)

:       0       0

ධානි Monday, 17 June 2013 04:57 PM

මේක ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් වෙන්න බැරිද? (නි)

:       0       0

නීල් Monday, 17 June 2013 05:03 PM

පියෙක් ලෙස ඔහු කළ දේ හරියටම හරි. ඒත් දේශපාලකයෙක් නිසා පොඩි කොස්සක් හිටියා. ලංකාවේ දරුවන්ට පිහිටට ඉන්නේ අම්මා තාත්තා පමණමයි. (නි)

:       0       0

වසන්ති Monday, 17 June 2013 12:04 PM

මෙතුමව මහඇමති කරමුද?(අ)

:       0       0

දසුනි Monday, 17 June 2013 05:02 PM

අපිට දඩුවම් දෙනවා වගේ පෙන්නුවට මෙයාට මොනා කියලද දන්නේ නැහැ.එකනේ මෙයාලව හදන්න බැරි.(අ)

:       0       0

සින්හ Monday, 17 June 2013 05:04 PM

රටේ දැන් මන්ත්‍රීවරු කීදෙනෙක් නම් තුච්ච වැඩ කරනවද? මොනවද හම්බවුන දඬුවම? මේ වගේ වැඩ කරන අයව මන්ත්‍රීකමින් අයින් කරන නීති නැද්ද? (නි)

:       0       0

මාතර කෙනෙක් Monday, 17 June 2013 05:04 PM

වන් ෂොට් වගේ යන හැටි විතරක්?ඊළඟ පාර ජන්ද පෝස්ටර් වලට මේ ෆොටෝ එක ෂුවර් එකටම දාවි. (නි)

:       0       0

අසේල -කටාර් Monday, 17 June 2013 12:07 PM

පක්ෂයේ මහා ලේකම්තුමා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

සරත් Monday, 17 June 2013 12:07 PM

මට නම් කිසිම සැකයක් නැහැ, මේ මන්ත්‍රී ඕක කළ බවට (නි)

:       0       0

රෝහණ Friday, 21 June 2013 11:10 AM

දිසා මහත්තයෝ, ඔබතුමා තවමත් ඉන්නේ 16 වැනි ශත වර්ෂයේ වගේනේ. (නි)

:       0       0

වික්‍රමසිංහ Monday, 17 June 2013 05:10 PM

මන්ත්‍රීතුමා පාසල් ගිය කෙනක්ද? (නි)

:       0       0

මහසෙන් Monday, 17 June 2013 12:10 PM

ඔය මන්ත්‍රීතුමාව පුත්තලමේ හන්දියට ගෙනැල්ල දණ ගස්සන්න ඕනෑ. ඊට පස්සේ එයාට ඡන්දෙ දීපු කට්ටියවත් පේලියට දන ගස්සන්න ඕනෑ. (නි)

:       0       0

බමුණූසිංහ Monday, 17 June 2013 05:11 PM

රවී, ඔබේ කතාව වැරදියි. අපට ගුරුවරු දීපු දඩුවම් දැන් ළමයින්ට දුන්නොත් ඔවුන් ගුරුවරයාට ගහවි. ළමයාගේ ගවුම දික් කරන්න කියපු එක හෝ දික් කරපු එක කරන්න ඕනෑ ළමයාගේ දෙමවුපියෝ. මෙතන වුණේ ළමයාගේ අම්මට තාත්තට කරන්න බැරිදේ ගුරුවරී කළ එකයි (නි)

:       0       0

ප්‍රසාද් Monday, 17 June 2013 12:10 PM

රනා 100% හරි. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:12 PM

මහින්ද, ඔබ පාසල් ගිහිල්ලා තිබෙනවද? (නි)

:       0       0

රෝහණ Friday, 21 June 2013 11:16 AM

දිසා මහත්තය විතරක් නෙමෙයි අර මහින්ද කියන කෙනත් ඉස්කොලේ ගිහින් නැති කෙනෙක් වගෙයි. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:17 PM

අසේල, මෙතන කියන්නේ අපි ඔක්කොම රජවරු උඹලා වැසියෝ කියලා. (නි)

:       0       0

දිල්කි Monday, 17 June 2013 05:19 PM

මට හිතෙන්නේ සමහර අයට, මෙතන වෙලා තියෙන්නේ මොකක් වුනත් සාම්ප්‍රදායිකව දේශපාලුවන් ගැන තියෙන තරහා පිට කිරීමක්.ගුරුවරු දඩුවම් කළ යුතු වන්නේ ළමයි යහමගට ගැනීමට මිසක් ළමයින්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන විදියට නෙවෙයි.එවැනි දේ නිසා ළමයින්ගේ ජීවිත පවා නැතිවෙලා තියෙනවා නේද?ගුරුවරු කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුනු අය නෙවෙයි .දේශපාලුවන්ට අපි කොච්චර කිව්වත් දඩුවම් දෙයිද? (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 17 June 2013 12:13 PM

රිමාන්ඩ් කරලා මදි. ඉහලම දඬුවම් ලබා දෙන්න. (නි)

:       0       0

බමුණූසිංහ Monday, 17 June 2013 05:20 PM

වාසනා, ඕක ඉන්දියාවෙන් ඩොක් කියලා එකපාරටම දුන්න දෙයක් නොවෙයි. පළාත් සබා ඇතිවී තිබෙන ආකාරය දිහා බැලුවම පෙනෙනවා අපේ අයගේ සහබාගීවීමක් තිබෙන බව. (නි)

:       0       0

සුනිල් වෙරෝනා Monday, 17 June 2013 12:14 PM

අසනීප නිසා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා කියාවිද මන්දා හෙට වෙනකොට? ගුරුතුමිය,ඔබ පරිස්සම් වෙන්න... (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:21 PM

මහසෙන්, ඔබ හරියට හරි. මන්ත්‍රීට වැඩිය චන්දෙ දීපු අයව දණ ගස්වන්න ඕනෑ. එහෙම බලන විට මුළු රටම දණ ගස්වන්න ඕනෑ නේද? (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 17 June 2013 12:16 PM

සමාජයෙන්ම කොන් කරල යවන්න ඕනෑ අයව කොයි තරම් වැදගත් තැනකටද ඡන්දෙ දීලා යවල තියෙන්නෙ? (නි)

:       0       0

මොහමඩ් Monday, 17 June 2013 12:16 PM

සැක පිට කියන එකේ අදහස හෙට අනිද්දා මෙයා නිදොස් වෙලා එලියට එනවා. සාක්කි කරුවන් සාක්කි ඉල්ලා අස්කර ගනීවි බයට. ගුරුතුමියට විරුද්ධව නඩුවක් දාවි මන්ති තුමාට විරුද්ධව බොරු කියලා සමාජයේ එයාගේ තත්වය හෑල්ලු කරා කියලා. ලක්ෂ 50 ක වන්දියක් ඉල්ලාවී.(නදී)

:       0       0

ඩිල්ෂාණි Monday, 17 June 2013 05:25 PM

මෙදා පාර ඡන්දෙට දාලා බලමු, අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ කොහොමද කියලා. (නි)

:       0       0

ඉන්දික Monday, 17 June 2013 05:25 PM

දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ඕනෑ මුල ඉඳලා. අදින ගවුම පවා වැදගත් විදියට තැනට ගැලපෙන්න අදින එක මුලදී දරුවන්ට කියලා දෙන්න ඕනෑ. ඔහොම කලාම ආයෙත් කරන්නේ නැහැ එහෙම දෙයක්. නැත්නම් පාසැල හොඳ පාසලක් වෙන්නේ නැහැ (නි)

:       0       0

තිළිණ Monday, 17 June 2013 12:18 PM

මොකටද ගුරුවරු මන්ත්‍රීතුමාලා කිව්ව ගමන් දණ ගහන්න යන්නේ? (නි)

:       0       0

ධම්මික Monday, 17 June 2013 05:25 PM

මගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. මට මෙහෙම දෙයක් සිද්ද වුනා නම් මම ඔය පලා බබාව ඔලුවෙන් හිටවලා තමයි පස්ස බලන්නේ. (නි)

:       0       0

චාමර Monday, 17 June 2013 05:27 PM

රිමාන්ඩ් කරන්න නෙමෙයි.. දන ගස්සවන්න ඕනෑ (නි)

:       0       0

නිමල් Monday, 17 June 2013 12:21 PM

බලෙයන් මත් වු විට තමා කවුදැයි නොදන්නා අයෙකු‍ගේ සිමාව ඉක්මවා යාමක් (නි)

:       0       0

චාමර Monday, 17 June 2013 05:29 PM

තමන්ගේ දරුව අනුන් ඉදිරියේදි අපහාසයට පත් නොවෙන විදිහට ඉස්කෝලෙ යවන එක දෙමාපියන්ගේ යුතුකම.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2523 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1735 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site