හිග වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයයේ ලිපිකාරිනියකට පහර දුන් බව කියන ගුරුවරියක අද (29) වැල්ලවාය උසාවිය ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
ලිපිකාරිනිය වැල්ලවාය රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
හිග වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයයේ ලිපිකාරිනියකට පහර දුන් බව කියන ගුරුවරියක අද (29) වැල්ලවාය උසාවිය ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.
ලිපිකාරිනිය වැල්ලවාය රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි මිනිස්සුනේ මේ විදියට ඇන කොට ගන්නේ? අපි හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙවි නේද? අපි කවුරුත් මැරෙන මිනිස්සු නේද? තව කාට හරි සේවයක් සලසලා හොඳක් කරලා අපිට මැරෙන්න තියෙනවනම් මොනතරම් ලැබීමක්ද? අනික් කෙනාගේ අවශ්‍ය තාවය මගේ අවශ්‍යතාවක් වගේ මට දැනෙනවානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ නේද? අපි දැන්වත් එහෙම හිතන්න පුරුදු වෙමු (අ)
මගේ අම්මත් ඉස්සර හරියට විශ්‍රාම වැටුප හදා ගන්ඩ මහන්සි උනා. සමහරු හොඳයි, සමහරු බලු වටින්නේ නෑ. (නදී)
රජයේ ආයතන කෝකට ගියත් ඔහොම තමා අපරාදේ කියන්ට බැහැ (නදී)
ලිපිකාරිනියට පමණක් දොස් කියන්න එපා. (නි)
මම රජයේ තෑනකට යන්නේ පුදුම බයකින්. අද වැඩේ නොකරන්න මොන මොන හේතු ඉදිරිපත් කරයිද කියලා හරිම බයකින්.ගහන්න නෙමෙයි ඕනෑ... අවංකව සේවය කරන අය ඉන්නෙ ඉතා සුලු ගණනයි. (නි)
ජීවිත් කාලයම රජයට සේවය කළ ගුරුවරුන් විශ්‍රාම වැටුප් ගන්න ගියාම පුදුම විදියට රස්තියාදු කරනවා.මම නම් හරි සතුටුයි ඔය ගුටි ලැබෙන එකට. (නි)
මේවා කියෙව්වා නම් ලිපිකාර බවලතුන් සමාජයේ මිනිසුන් තමන් ගැන සළකන්නේ කොහොමද කියලා දැනගනියි. (නි)
මමත් හිටපු රජයේ සේවකයෙක්. අශෝක කිව්ව කාරනයට තව දේවල් එකතු කරන්න මම දන්නවා. මේ ගෙම්බර් පාන සමහර ලිපිකාර නෝනලා රස්සාව ගත් හැටි එහෙම. නමුත් ඒවා ලියන්න බැහැ (නි)
රුවිනි 100ක් ම හරි මගෙ අම්මට උනෙත් ඕකමයි(අ)
මෙහෙම අයත් ඉන්නවා.හැබැයි ඔවුන්ට මොලය තිබුනාට බුද්දිය නොමැත.පන්දමෙන් රක්ෂාව ගත්ත අය.ඉස්සර සුද්දගේ විභාග ක්‍රමය නවත්තපු එකේ විපාක තමා (අ)
අපේ අසල්වැසි, රජයේ ක්ලාක් නෝනා කෙනෙක් ඉන්නවා. පුදුම උද්දච්ච කමක් . මුල්ගම නුවර. අසල්වැසියෙක් එක්ක කතා කරන්නේ අදාළ පුද්ගලයා ඉහල සමාජ තලයේ නම් විතරයි. මගේ දුවගේ විභාගයට අවශ්‍ය ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගයක් ලබා ගන්න පිළිවෙල අහන්න ගෙදරට ගියාම විස්තර කියනවා තියා ගේට්ටුවෙන් එහාට වද්දා ගත්තේ නැහැ . අපිත් හිතා ගත්ත ඒගොල්ලන් ව මායිම් නොකර ජීවත් වෙන්න .(අ)
අධ්‍යාපන කාර්යාල බොහොමයක ඉන්නේ මේ වගේ ගුටිකන්න ඕන ලිපිකරියන්. කරුමෙට මේ අයට මේ විදියට සලකන්න තරම් හය්යියක් අසරණ ගුරුවරියන්න්ට නැහැ. (අ)
ගුටි නොකෑවා නම් තමා පුදුමේ. මගේ අම්මගේ වැටුප හදාගන්න දුක් වින්ද තරමක් (අ)
රජයේ කාර්යාල වල පුටු රත් කරන කට්ටිය කියන කරන ඒවා දකිද්දී නොගහ හිටියොත් තමයි පුදුමේ...මහ ලොකු රජයේ සේවය ..(අ)
මගෙත් මුල් පත්වීම ලැබුනේ අධ්‍යාපන කාර්යාලයකට. මේ ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. (නි)
අධ්‍යාපන කාර්යාලවල ගොඩක්ම ඉන්නේ ගුටි කන්න ඕනේ කට්ටිය තමයි.මටත් පුදුම දුකක් දීලා තියනවා. කිසිම වැඩක් ඉක්මනට කරන්නේ නැහැ. වැඩ කල්දැමීම විලාසිතාවක්. ගුරුවරුන්ට මෙයාලට වැඩිය පඩි වැඩිකලා කියලයි තරහ. ‘(අ)
බහුතරයක් මේ කාර්යාල වලට පත් වෙන්නේ කාගේ හරි දෙස්පාලුවෙකුගේ අනුහසින් . සමහරු වැඩට එන්නේ උදේ 10 -11 ට. ඇවිල්ල උදේ ඉඳලා එතනට ඇවිත් ඉන්න මහජනයාගේ ඇඟට ගොඩ වෙනවා. ඇත්තට අපේ රටේ තරම් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලෝකෙම නැතිව ඇති. (අ)
අපේ අම්මාගේ ගුරු විශ්‍රාම වැටුප හදා ගන්න ගිහින් එක නෝනා කෙනෙක් අම්මට කතා කල හැටි. මම නම් මේ ආණ්ඩුවේ කන්තෝරු පැත්ත පළාතේ යන්නේ නොගිහින්ම බැරි අවස්තාවක විතරයි. (නදී)
මේ කතාවේ ඇත්ත දන්නැතිව මෙහෙම කතා කරන්න එපා. ගුරුවරු හිටියේ ඉස්සර දැන් ඉන්නේ පඩිය බලාගෙන ඒකට වරුවක් වැඩකරන ගුරු හොරු. අනික මේ කියන ගුරුවරියට මොලේ අමාරුවක් ඇති. ඒකයි ආයතනයක හැසිරෙන්න දන්නැත්ත්‍ෙ. අනික ලිපිකාරිණියකට තනිවම වැටුප් හදන්න බෑ. ඒකට ප්‍රතිපාදන තියෙන්න ඹ්නෑ. අනුමත වෙන්න ඔීනැ. එහෙම නැතිව එක එකාගේ බල පුළුවන්කාරකම්වලට තනි තීරනේට වැඩ කරන්න බෑ. කමෙන්ට් දානකොට හැම පැත්තක්ම බලන්න. ඒක පාර්ශික වෙන් නැතිව (නදී)
ගුරුවරු නෙවෙයි කවුරු වැඩක් කරගන්න මේ රජයේ ආයතන වලට ගියත් ඒවායේ ඉන්න කට්ටිය මහජනයාට කතා කරන හැටි නම් දන්නෙම නැහැ .(අ)
කරාටේ උගන්වන ගුරුවරියක්ද දන්නේ නැහැ (නදී)
විශේෂ සුදුසු කමක් ඊලග පාර පළාත් සභාවට තරග කරන්න. අපි සේරමගේම මනාපය මේ ගුරුවරියට. (නදී)
අධ්‍යාපන කාර්‍යාලවලින් වැඩක් කරගන්න ගියාම ජිවිතය එපා කරනවා. ගුරුවරුන්ට ඒ අය දෙන්නේ පුදුම මානසික වදයක්. ඔයින් බේරුනා අැති (නදී) .
අද රජයේ කන්තෝරුවකට ගිහි වැඩක් කරගන්න බැහැ. උදේ ආහාරය 9.00 ට ගන්නේ කන්තෝරුවේදී. 10 තේ එක.12-30 - 1.30 කෑම පැය.3.00 ට තේ. මොබයිල් එක්කනේ දරුවන් ගැන. අනෙක් ලිපි කාරියන් සමග අතුරු කතා...හිනහ..ලිපිය ගොනුවේ. වැඩේ කර නැහැ. මම නම් කියන්නේ ගුරුවරිය උගන්වපු පාඩම නම් අගෙයි (නදී)
ගුටි නොකෑවා නම් තමා පුදුමේ. මගේ මහත්තයාගේ අම්ම වසර ගණනාවක ගුරු සේවයෙන් පසුව විශ්‍රාම වැටුප් කන්තෝරුවේ වුන රස්තියාදුව කියලා වැඩක් නැහැ . එක දවසක ෆයිල් එක අතනට යවලා කියාවි. ඊළඟට ගියාම අදාළ කෙනා මේ දවස් වල නිවාඩු කියාවි. එහෙමත් නැතිනම් අත්‍යවශ්‍ය විස්තර වගයක් තවම ලැබිලා නැහැ කියාවි. මේ උදවිය විශ්‍රාම යන දවසට නොමැරී හිටියොත් මම ත් මේ ගොල්ලන් ලේසියෙන් විශ්‍රාම යන හැටි බලන්න එනවා කියලා නැන්දම්මා කිව්වා. (අ)
හා, හා, ගුරුවරියට මොකුත් කරන්න කියන්න එපා, වර්ජනය කරයි. කෝ මේ ස්ටර්ලින් මහත්තය??(අ)
ඔය රජයේ කාර්යාලවල සමහර ලිපිකාරිනියන් හැසිරෙන්නේ හරිම උද්දච්ච විදියට මේ ගුරුවරීයට යම්කිසි අසාධාරනයක් කරන්න ඇති . (අ)
මම පෞද්ගලිකව දන්නවා ඔය කලාප කාර්යාල වල ඉන්න අය ගුරුවරුන්ට සලකන හැටි.. හරිම කැත විදිහට ගුරුවරියන්ට මේගොල්ලෝ කතා කරන්නේ වැඩක් කරගන්න ගියහම. (අ)
බණ්ඩා මහතා හරියටම හරි, මිනුවන්ගොඩ කලාප කාර්යාලයේත් ඔය වගේ ලිපිකාර කාන්තාවන් ඉන්නවා . (අ)
අල්ලස් බලාපොරොත්තු උනාද දන්නෙ නෑ (නදී)
ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් හදා ගන්න ගියාම මේ කාර්යාල සේවිකාවෝ හැසිරෙන්නේ හරියට ඒගොල්ල කවදාවත් විශ්‍රාම යන්නේ නැති සත්ව කොට්ටාශයක් වගේ තමයි . (අ)
මගේ අක්ක ගේ ගුරු වැටුප් විෂමතාවක් සම්බන්ධයෙන් අදාළ කාර්යාලයට ගියාම එයාට කතා කරලා තිබුනේ හරියට පින් පඩියක් ඉල්ලාගෙන ආවා වගේ. (අ)
සමස්තයක් වශයෙන් දෙගොල්ලම එකයි අනේ.(අ)
අධ්‍යාපන සේවා සම්බන්ධ කාර්යාලවල සේවය කරන අයට ආයතන මට්ටමින් පුහුණුවක් දෙන්නේවත් නැතිව ඇති. ඒකනේ වැඩක් කරවා ගන්න එන මහජනයාට විනීතව කතා කරන්නවත් දන්නේ නැත්තේ. මෙතනත් එහෙම වැඩක් වෙන්න ඇත්තේ. නිකම් ගහන්නේ නැහැනේ.(අ)
රජයේ ආයතන වල සේවයේ නියුතු සමහරුන්ට කිසිම ශීලාචාර සිරිතක් විරිතක් පුරුදු වෙලා නැහැ. සමහරුන් අඩු ගානේ කිඹුහුමක් යනකොට අතින් නහය කට වසා ගන්න වත් දන්නේ නැහැ. (අ)
අපේ තාත්තගේ විශ්‍රාම වැටුප් වැඩකට ගිය මමත් දවසක් ආණ්ඩුවේ කාර්යාලයකින් එලියට ආවේ එතන හිටපු උද්දච්ච ක්ලාක් නෝනා කෙනෙකුට කියන්න ඕන දේ කියලා. කවදා හරි ඔයත් විශ්‍රාම ගියාම මේ විදියටම රස්තියාදු වෙලා තමයි ලැබිය යුතු දේ ලබා ගන්නේ කියල කිව්වා.(අ)
මේවාට පත් වෙන්නේ සුදුසුකම් කෙසේ වෙතත් එක එක්කෙනාගේ අනුහසින් රත්තරන් මාල බැඳගත් අර සත්ව ලක්ෂණ පෙන්නුම් කරන අය. ඉතින් තමන්ගේ ලඟට වැඩක් කරවා ගන්න එන උදවියට ගෙම්බර් පාට් දානවා.(අ)
අපරාදේ අැන්ලොප් එකක් මේසය උඩින් තිබ්බනම් හරි,ආණ්ඩුවේ තැන් වලට කෙටි ක්‍රම පුරුදුවන්න. (අ)