IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්

ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනකුගේ කීමට දැරණියගල පාසලක ගුරුවරියකට ඇය භාරව සිටින පන්තිය නැවත බාර දී වෙනත් පාසලකට යන්නැයි  දෙහිඕවිට කලාප අධ්‍යාක්ෂ බැණ වැදී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

එම ගුරුවරියට එල්ල වූ බලපෑම නිසා ඇය රෝගාතුර වී නේවාසිකව ප්‍රතිකාර ලබා අද (15) උදේ රෝහලෙන් පිටව ගිය බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පසුගිය වසරේ එම ගුරුවරිය ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ දරුවකුට උගන්වා ඇති බවත්, මෙම ගුරුවරිය ඉවත් කරන ලෙස ඔවුන් කී බව කියමින් කලාප අධ්‍යක්ෂ ඇයට බැණ වැදුණු , ඉන් පසු ඇය බාරව සිටි පන්තියෙන් බවත් කර එම පන්තිය භාරව සහකාර විදුහල්පතිවරයකු පත් කළ බවත් කියති.

කලාප අධ්‍යක්ෂට අවශ්‍ය පරිදි ගුරුවරුන් ස්ථාන මාරු කළ නොහැකි බව ද, ඇගේ වරදක් ඇත්නම් විමර්ශනයක් සිදු කර ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට තිබූ බව ද ස්ටාලින් මහතා කියයි.

ඔහු පාසලට පැමිණ ඇත්තේ විදුහල්පති විශ්‍රාම යෑම වෙනුවෙන් පැවැති රැස්වීමක දී බවත්, මහින්ද රාජපක්ෂ රජය යටතේ ලබාදුන් ප්‍රභූ කර්නල් තනතුර ඔහු  තවමත් භාවිත කරන බවත්, ඔහුගේ නිල මුද්‍රාවේ ප්‍රභූ කොටස අත්හැර හමුදා නිලධාරියකු මෙන් කර්නල් ලෙස භාවිත කරන බවත් ගුරු සංගමය පවසයි.

දෙහිඕවිට කලාප අධ්‍යක්ෂ ගාමිණි රාජදාස මහතා කීවේ එම ගුරුවරිය ගැන දෙමාපියන් පිරිසකගෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඇය දැනුම්වත් කළ බවයි.

ප්‍රභූ කර්නල් තනතුරු ඉවත් කරන බව ලිඛිතව දැනුම් දී නැති නිසා තම නිල මුද්‍රාවේ තවමත් එම තනතුර භාවිත කරන බව කී ඒ මහතා දැනුම් දීම කළ වහාම එය බවත් කරන බව ද පැවසීය.

 



අදහස් (0)

ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්

පිටබැද්දර ජයා Monday, 16 February 2015 04:38 AM

අනේද කියන්නේ, ඒ කාලේ නම් ටීචර්ව තමයි යුධ අධිකරණයට ගිනියන්නේ ? (නදී)

:       0       0

වයිකෝ Sunday, 15 February 2015 06:59 PM

විහිළුවක්, දවස් 14 න් කර්නල් පදක්කම. හමුදාවට අවනම්බුවක්. (නදී)

:       0       0

වයිකෝ Sunday, 15 February 2015 07:04 PM

අධ්‍යාපන ඇමතිතුමනි, මොකද ස්ථාන මාරු ලිඛිතව දැනුම් නොදෙන්නේ ? ගුරු වෘත්තියේ නම්බුව ආරක්ෂා කරන්න. තවමත් චන්ඩි රජ කරනවද ? (නදී)

:       0       0

ගුණේ Sunday, 15 February 2015 09:37 PM

මොහු භාවිත කරන්නෙ ලුතිතන් කර්නල් ගාමිණී රාජදාස ලෙසයි. එලෙස භාවිත කිරිමට මොහුට අවසර නැත. මන්ද මොහු පසුගිය ආණ්ඩුව සමයේ දින කිහිපයක පුහුණුවකින් ගෞරව නාමයක් ලෙස පමණක් ජාතික ශිෂ්‍ය භට බලකාය හරහා මෙම නිලය ලැබු අයෙකි. එහෙත් මොහු ඒ බව වසන් කරයි. යම් උත්සවයක් සදහා යුධ හමුදා නිල ඇදුම අදින්නේ නම් ඒ සදහා පුර්ව අනුමැතියක් ලබා ගත යුතුය එහෙත් මොහු ඒ පිළිබදවද සැලකිලිමත් නොවේ විවිධ සාද වලටද මොහු හමුදා නිල ඇදුම ඇද ඇත. නිරන්තරයෙන් අත්තනොමතික ක‍්‍රියා වලි නිරතවන මොහු ඇහැලියගොඩ ජාතික පාසලේ විදුහල්පතිව සිටි අවධියේදි ගුරුමහත්ම මහතමින්ට හිරිහැර වන අයුරින් හැසිරී ගුරු මහත්ම මහත්මීන්ගේ දැඩි දෝෂ දර්ශනයකට ලක් වූ අයෙකි (අ)

:       0       0

හංසිකා උපමාලි Monday, 16 February 2015 03:33 AM

මොහුට එරෙහිව යුද හමුදා නීතිය අනුව කටයුතු කළ නොහැකිය. මොහු සිිවිල් පුද්ගලයෙකු බැවිනි. හමුදා නිල ඇදුම ඇදි පමණින් හා නිල නාමයන් භාවිතා කළ පමණින් ඕනෑම අයෙකු යුද හමුදා නිලධාරියෙකු වන්නේ නැත. (නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 64 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 119 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 141 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1874 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site