නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජනය කර ලිපි යැවීමේ අරමුණ ඇගේ නඩුවේ සාක්කිකරුවකු වූ පුණ්‍යසේන මහතාගේ මරණය ගැන පරීක්ෂණ වෙනත් දිසාවකට යොමු කිරීම බව පෙනේ යැයි ලංකා ගුරු සංගමය කියයි.
පුණ්‍යසේන මහතාගේ මරණයත් සමග තැතිගැන්මට ලක්ව සිටින සුසිලා ගුරු මහත්මිය මේ ලිපිය ලැබීමෙන් පසු තවත් බියට පත්වී ඇතැයි ද, මේ ලිපිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන අතර තුර පුණ්‍යසේන මහතාගේ මරණය ගැන විමර්ශන ද නොනවත්වා කරගෙන යන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බව ද සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
නවගත්තේගම නවෝද්‍යා පාසලේ සේවය කරමින් සිටිය දී පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇය දණගැස් වූ නඩුවේ සිව් වැනි සාක්කි කරු වූයේ පුණසේන මහතාය.
ඔහුගේ සිරුර පසුගිය දා නවෝද්‍යා විද්‍යාලයය ඉදිරිපිට වත්තේ ඇති ළිඳකින් සොයා ගැනිණි. මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මරණය පිළිබඳ තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අධිකරණය වෛද්‍යවරයා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණයට යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජීවිත කාලයේදී අපි ඕනෑ තරම් බොර දියේ මාළු බාන අය දැකලා තියෙනවා. කොහොම වුණත් එහෙම මලු බාන්න ගිය අයට අන්තිමට මාළුත් නැතුව බොර වතුර නාගෙන ගොඩට එන්න තමයි මෙතුවක් සිදුවුණේ. මෙදාපාරත් ඒකෙ වෙනසක් නැහැ. (නි)
ඔය පළාත් සභා මන්ත්‍රිල කියන අයෙග උගත්කම මොකක්ද. බහුතරයක් 8වත් පාස් නෑ.ලොකුම සුදුසුකම කසිප්පුහරි විකුණල සල්ලි හම්බ කරන ඒක. රෙට් හැම ක්ෂෙත්‍රයකම අධ්‍යාපන සුදුසුකම් බලන එකේ දෙශපාලෙන්ට ඒ්ක නෑ හැබැයි අපේ රටේ මතය ජාත්‍යන්තරයට ගෙනියන නියෝජිතයෝ හැටියට සමුළුවලට යන්නේ මේ මිනිස්සු. අනේ මෙහෙම ලංකාවක්. අපිට හිතෙන්නේ මෙහෙම රටක මොකද ඉපදුණාද කියල.(අ)
ප්‍රසාද් මහත්තයෝ, පොලිසිය දැන් කරන්නේ කලයුතු දේවල්මද? දැන් පොලිසිය මුළුමනින්ම දෙශපාලනීකරණය වෙලා. (ස)
අහෝ රට (අ)
මේ ගුරු ගෝල නාට්ටිය කවදද ඉවරවෙන්නේ? මේ ගුරුතුමිය හරියට සිසුවාට වැරැද්ද පෙන්නලා දුන්නනම් මේවා මේ තරම් දුරදිග යන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට දෙන්නගෙම විහිළු බලන්න වෙන්නෙත් නැහැ.(අ)
මේ සිද්ධියේ ඇත්ත කොහොම උනත් පියල් කියන දෙය හරි. පළාත් සබා සහ ත්‍රි වීලර් දෙකම සන්වජන ඡන්දයට බාධාවක්. ඉවත් කල යුතු බාධක දෙකක්. (අ)
මේවට පාලකයන්ට විතරක් බැන බැන ඉදලා වැඩක් නැහැ,මේවගේ මිනිස්සුන්ව පලාත්සභාවට ,පාර්ලිමේන්තුවට යවන ඡන්දදායකයනුත් වගකීම භාර ගන්න වෙනවා.තමන් නියෝජනය කරන්න යවන පුද්ගලයා පිලිබදව ඡන්දදායකයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනා.ඡන්දකාලෙට බෙදන ටකරන් තහඩු වලටයි,සාරිවලටයි,උදලුතලවලටයි රැවටිලා ඡන්දය දීල පස්සේ බනින්නේ බොරුවටයි . (අ) .
අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)
අපට නොකියා කියා සිටින්නේ අපගේ ආරක්ෂාව අප විසින් සළසා ගතයුතුබව නොවේද? ජනතාවගේ ඡන්දයෙන් පත්වී ජනයාට ආරක්ෂාව සැළසිය නොහැකිනම් එයින් ගම්‍යවන්නේ රට පත්ව ඇති අරාජික තත්ත්වය නොවේද? මෙය ඉතා ඛේදනීය තත්ත්වයකි. (නි)
ජේආර් කරපු ලොකුම වැරද්දී දෙක තමා පළාත් සභා සහ ලංකාවට ත්‍රීවීල් ගෙනාපු එක (අ)
හොඳ මිනිස්සුන්ට චන්දෙ ඉල්ලන්න දෙන්නේ නැහැ මේ කට්ටිය . සල්ලිත් නැහැ එයාලට . ඉතින් කාට දෙන්නද චන්දෙ? (දී)
හොඳ මිනිස්සුන්ට මේ ලංකාවේ ජිවත් වෙන්න අයිතියක් නැති වෙන්නයි යන්නේ (දී)
අපේ රටට උන විපතක් , මිනිස් ජිවිත නිකරුනේ බිලිවෙනවා . ළමයින් පැහැර ගන්නවා . මුදල් කොල්ල කනවා , මත් කුඩු හොර කසිප්පු රට පුරාම . නිදහසේ ජිවත් නොහැකි කාලයක් , රටක් වෙලා (දී)
කොහොම උනත් අවසානය කොහොම විසදෙයිද කියලා කාටවත් කියන්න බැහැ (දී)
මෙරට ජන අරගලයකට යොමු වීමට පාර කැපෙමින් තිබෙනවා...එය විදේශීය අත පෙවීමකට ඉඩක්.පාට පක්ෂ ,සුලුවාසියට දේශපාලකයන් තෝරා ගත් ජනතාවට විපාකය අස්ථාවර රටක් (දී)
කොට ගවුම් දැරියට කවදා හරි තාත්තා නැති උන දවසක පල දෙන්න පටන්ගත් විට කවුරුත් නැතිවේවි මේ යන විදිහට. (දී)
ලංකාවේ ජීවත්වෙන අයට දෙවියන්ගේ පිහිටවත් තියෙනවද මන්ද. (දී)
මේ ගුරුවරියට මේ ප්‍රශ්නේ හින්දා මැරෙනකම්ම සැනසීමක් නෑ වගේ. මින් මතුවට නම් ගුරුවරු දේශපාලුවන්ගේ ළමයින්ගේ විනය ගැන නම් හොයන්න යන එකක් නෑ. (දී)
ඒකනේ කියන්නේ සුභ අනාගතයක් කියලා (නි)
පොලිසිය කලයුතු දේ කරයි (දී)
වැරදි දෙසපාලකයෝ නිසා ලංකාවේ නීතිය නැතිවෙලා රටේ යහපාලනයක් ඇතිවෙන්නේ කවදාද (දී)
අනේ පෙර යාලු කමක් තිබුනද දන්නේ කව්ද ? (දී)
ලොකු අයගේ බලය රකින්න හාම්පුත ලග ඉන්න පොඩි පොඩි කට්ටිය තමන්ගේ පන්තියේ අයව විනාශ කරනවා: එහෙම අය හිතන්නේ නැහැ මේ විනාශය කරන්නේ ඉහල පන්තිය රකින්න තම පන්තිය පාවාදීමක් කියල: ඒවා තේරුම් ගන්න කොට කාලය ඉගිල්ලිලා ගිහින් (දී)
කාගේ බලයක් අරගෙනද මෙහෙම හැසිරෙන්නේ (දී)
මටත් හිතෙන්නේ මෙතන පළිහකට හිටියේ අත්හිටවූ සිරදඩුවම් කියලයි (නි)
මෙන්න මේ වගේ අය නම් ආයුධ පෙන්වන්න එක්ක යන්නම වෙනවා, පොලිසිය කැමති නම්. නැත්නම් මේ සාමකාමී මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි (නි)
මොනවා වුණත් ඇයට කරදරයක් නම් නොවේවා! (නි)
අද රටේ නීතියක් තියෙන්නේ නමට පමණි.ක්‍රමක් ක්‍රමයෙන් මිනිස්සුන්ගේ අයති වාසිකම් නැති වී ගෙන යනවා.මිනිසුන් එකා මෙන් නෙගිටින තාක් කල් අදර්මිෂ්ට පාලකින් ඔවුන් තලා පෙලනු ඇත. (දී)
අනේ මන්දා! මේ ප්‍රශ්නය දුර යනවා වැඩියි වගේ (නි)
අත්හිටවූ හිරදඩුවම් නිසාද මෙහෙම වෙන්නේ? (නි)
ප්‍රසාද් මහත්තයෝ, අපේ පොලිසිය කළයුතු දේ විතරක් නොවෙයි, දැන් වැඩිපුර කරන්නේ නොකළ යුතු දේවල්.හේතුව රටේ නීතිය වල් වැදීම. (නි)
අහා! බලව් ආසියාවේ ආශ්චර්යය... (නි)
නවනීදන් මැතිනියට ලංකාවේ පදිංචි වෙන්න වෙයි වගේ. (නි)
ප්‍රසාද්, කරුණාකරලා අපිව නොමඟ යවන්න එපා (නි)
මෙි සිදුවීමි පිළිබදව රටෙි නීතිය ක්‍රියාත්මක කරන ආයතනත්, දේශපාලන අධිකාරියත් දැඩි අවධානයෙන් ඉන්න වෙනවා.යම් අය රටෙි ප්‍රජාතන්ත්‍රවාදයක් නීතියක් නැති කිරීමට හෝ නැතිබව ඇගවීමට කටයුතු කරනවා.මානව හිමිකමි හා ජාත්‍යන්තරය අතරේ රට හා ආණ්ඩු අප්‍රසාදයට පත් කිරීමෙි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.රජය දැන දැනම මෙම වලේ නොවැටනු ඇතැයි අපි අපේක්ෂාකරමු. (අ)