IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරුවරියට තර්ජනේ වෙන හේතුවක්ලු

නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජනය කර ලිපි යැවීමේ අරමුණ ඇගේ නඩුවේ සාක්කිකරුවකු වූ පුණ්‍යසේන මහතාගේ මරණය ගැන  පරීක්ෂණ වෙනත් දිසාවකට යොමු කිරීම බව පෙනේ යැයි ලංකා ගුරු සංගමය කියයි.

පුණ්‍යසේන මහතාගේ මරණයත් සමග තැතිගැන්මට ලක්ව සිටින සුසිලා ගුරු මහත්මිය මේ ලිපිය ලැබීමෙන් පසු තවත් බියට පත්වී ඇතැයි ද, මේ ලිපිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන අතර තුර පුණ්‍යසේන මහතාගේ මරණය ගැන විමර්ශන ද නොනවත්වා කරගෙන යන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බව ද  සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

නවගත්තේගම නවෝද්‍යා පාසලේ සේවය කරමින් සිටිය දී පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇය දණගැස් වූ නඩුවේ සිව් වැනි සාක්කි කරු වූයේ පුණසේන මහතාය.

ඔහුගේ සිරුර පසුගිය දා නවෝද්‍යා විද්‍යාලයය ඉදිරිපිට වත්තේ ඇති ළිඳකින් සොයා ගැනිණි. මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මරණය පිළිබඳ තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අධිකරණය වෛද්‍යවරයා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණයට යොමු කළේය.



අදහස් (0)

ගුරුවරියට තර්ජනේ වෙන හේතුවක්ලු

උපාලි Wednesday, 06 August 2014 05:44 AM

මේ සිද්ධියේ ඇත්ත කොහොම උනත් පියල් කියන දෙය හරි. පළාත් සබා සහ ත්‍රි වීලර් දෙකම සන්වජන ඡන්දයට බාධාවක්. ඉවත් කල යුතු බාධක දෙකක්. (අ)

:       0       0

ෂෙහාන් Tuesday, 05 August 2014 03:15 PM

වැරදි දෙසපාලකයෝ නිසා ලංකාවේ නීතිය නැතිවෙලා රටේ යහපාලනයක් ඇතිවෙන්නේ කවදාද (දී)

:       0       0

සත්‍යපාල Wednesday, 06 August 2014 05:46 AM

මේවට පාලකයන්ට විතරක් බැන බැන ඉදලා වැඩක් නැහැ,මේවගේ මිනිස්සුන්ව පලාත්සභාවට ,පාර්ලිමේන්තුවට යවන ඡන්දදායකයනුත් වගකීම භාර ගන්න වෙනවා.තමන් නියෝජනය කරන්න යවන පුද්ගලයා පිලිබදව ඡන්දදායකයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනා.ඡන්දකාලෙට බෙදන ටකරන් තහඩු වලටයි,සාරිවලටයි,උදලුතලවලටයි රැවටිලා ඡන්දය දීල පස්සේ බනින්නේ බොරුවටයි . (අ) .

:       0       0

හේරත් Wednesday, 06 August 2014 06:13 AM

අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 06 August 2014 06:18 AM

අපට නොකියා කියා සිටින්නේ අපගේ ආරක්ෂාව අප විසින් සළසා ගතයුතුබව නොවේද? ජනතාවගේ ඡන්දයෙන් පත්වී ජනයාට ආරක්ෂාව සැළසිය නොහැකිනම් එයින් ගම්‍යවන්නේ රට පත්ව ඇති අරාජික තත්ත්වය නොවේද? මෙය ඉතා ඛේදනීය තත්ත්වයකි. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 05 August 2014 04:44 PM

අනේ පෙර යාලු කමක් තිබුනද දන්නේ කව්ද ? (දී)

:       0       0

අසෝකා Tuesday, 05 August 2014 04:51 PM

ලොකු අයගේ බලය රකින්න හාම්පුත ලග ඉන්න පොඩි පොඩි කට්ටිය තමන්ගේ පන්තියේ අයව විනාශ කරනවා: එහෙම අය හිතන්නේ නැහැ මේ විනාශය කරන්නේ ඉහල පන්තිය රකින්න තම පන්තිය පාවාදීමක් කියල: ඒවා තේරුම් ගන්න කොට කාලය ඉගිල්ලිලා ගිහින් (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 06 August 2014 06:45 AM

අපේ ජීවිත කාලයේදී අපි ඕනෑ තරම් බොර දියේ මාළු බාන අය දැකලා තියෙනවා. කොහොම වුණත් එහෙම මලු බාන්න ගිය අයට අන්තිමට මාළුත් නැතුව බොර වතුර නාගෙන ගොඩට එන්න තමයි මෙතුවක් සිදුවුණේ. මෙදාපාරත් ඒකෙ වෙනසක් නැහැ. (නි)

:       0       0

ලසන්ත Tuesday, 05 August 2014 05:25 PM

කාගේ බලයක් අරගෙනද මෙහෙම හැසිරෙන්නේ (දී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 05 August 2014 07:23 PM

මටත් හිතෙන්නේ මෙතන පළිහකට හිටියේ අත්හිටවූ සිරදඩුවම් කියලයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 09:01 PM

මෙන්න මේ වගේ අය නම් ආයුධ පෙන්වන්න එක්ක යන්නම වෙනවා, පොලිසිය කැමති නම්. නැත්නම් මේ සාමකාමී මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

වීරා Wednesday, 06 August 2014 08:11 AM

හොඳ මිනිස්සුන්ට චන්දෙ ඉල්ලන්න දෙන්නේ නැහැ මේ කට්ටිය . සල්ලිත් නැහැ එයාලට . ඉතින් කාට දෙන්නද චන්දෙ? (දී)

:       0       0

වීරතුංග Wednesday, 06 August 2014 08:11 AM

හොඳ මිනිස්සුන්ට මේ ලංකාවේ ජිවත් වෙන්න අයිතියක් නැති වෙන්නයි යන්නේ (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 06 August 2014 08:16 AM

අපේ රටට උන විපතක් , මිනිස් ජිවිත නිකරුනේ බිලිවෙනවා . ළමයින් පැහැර ගන්නවා . මුදල් කොල්ල කනවා , මත් කුඩු හොර කසිප්පු රට පුරාම . නිදහසේ ජිවත් නොහැකි කාලයක් , රටක් වෙලා (දී)

:       0       0

කාන්ති Tuesday, 05 August 2014 09:41 PM

මොනවා වුණත් ඇයට කරදරයක් නම් නොවේවා! (නි)

:       0       0

මොහාන් Tuesday, 05 August 2014 09:42 PM

ඒකනේ කියන්නේ සුභ අනාගතයක් කියලා (නි)

:       0       0

මහින්ද Tuesday, 05 August 2014 09:51 PM

අනේ මන්දා! මේ ප්‍රශ්නය දුර යනවා වැඩියි වගේ (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 05 August 2014 09:58 PM

අත්හිටවූ හිරදඩුවම් නිසාද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

චින්තක Wednesday, 06 August 2014 08:24 AM

කොහොම උනත් අවසානය කොහොම විසදෙයිද කියලා කාටවත් කියන්න බැහැ (දී)

:       0       0

චාමර Wednesday, 06 August 2014 08:24 AM

මෙරට ජන අරගලයකට යොමු වීමට පාර කැපෙමින් තිබෙනවා...එය විදේශීය අත පෙවීමකට ඉඩක්.පාට පක්ෂ ,සුලුවාසියට දේශපාලකයන් තෝරා ගත් ජනතාවට විපාකය අස්ථාවර රටක් (දී)

:       0       0

කමල් Wednesday, 06 August 2014 08:43 AM

කොට ගවුම් දැරියට කවදා හරි තාත්තා නැති උන දවසක පල දෙන්න පටන්ගත් විට කවුරුත් නැතිවේවි මේ යන විදිහට. (දී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 06 August 2014 12:08 AM

ප්‍රසාද් මහත්තයෝ, අපේ පොලිසිය කළයුතු දේ විතරක් නොවෙයි, දැන් වැඩිපුර කරන්නේ නොකළ යුතු දේවල්.හේතුව රටේ නීතිය වල් වැදීම. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 06 August 2014 12:51 AM

අහා! බලව් ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

චතුරංග Wednesday, 06 August 2014 01:12 AM

නවනීදන් මැතිනියට ලංකාවේ පදිංචි වෙන්න වෙයි වගේ. (නි)

:       0       0

නිරාන් Wednesday, 06 August 2014 01:15 AM

ප්‍රසාද්, කරුණාකරලා අපිව නොමඟ යවන්න එපා (නි)

:       0       0

පෙරේරා Wednesday, 06 August 2014 09:14 AM

ලංකාවේ ජීවත්වෙන අයට දෙවියන්ගේ පිහිටවත් තියෙනවද මන්ද. (දී)

:       0       0

සමාධි Wednesday, 06 August 2014 09:43 AM

මේ ගුරුවරියට මේ ප්‍රශ්නේ හින්දා මැරෙනකම්ම සැනසීමක් නෑ වගේ. මින් මතුවට නම් ගුරුවරු දේශපාලුවන්ගේ ළමයින්ගේ විනය ගැන නම් හොයන්න යන එකක් නෑ. (දී)

:       0       0

සෙන්සා Wednesday, 06 August 2014 03:20 AM

මෙි සිදුවීමි පිළිබදව රටෙි නීතිය ක්‍රියාත්මක කරන ආයතනත්, දේශපාලන අධිකාරියත් දැඩි අවධානයෙන් ඉන්න වෙනවා.යම් අය රටෙි ප්‍රජාතන්ත්‍රවාදයක් නීතියක් නැති කිරීමට හෝ නැතිබව ඇගවීමට කටයුතු කරනවා.මානව හිමිකමි හා ජාත්‍යන්තරය අතරේ රට හා ආණ්ඩු අප්‍රසාදයට පත් කිරීමෙි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.රජය දැන දැනම මෙම වලේ නොවැටනු ඇතැයි අපි අපේක්ෂාකරමු. (අ)

:       0       0

පියල් Wednesday, 06 August 2014 03:50 AM

ජේආර් කරපු ලොකුම වැරද්දී දෙක තමා පළාත් සභා සහ ලංකාවට ත්‍රීවීල් ගෙනාපු එක (අ)

:       0       0

දොන් Tuesday, 05 August 2014 01:37 PM

අද රටේ නීතියක් තියෙන්නේ නමට පමණි.ක්‍රමක් ක්‍රමයෙන් මිනිස්සුන්ගේ අයති වාසිකම් නැති වී ගෙන යනවා.මිනිසුන් එකා මෙන් නෙගිටින තාක් කල් අදර්මිෂ්ට පාලකින් ඔවුන් තලා පෙලනු ඇත. (දී)

:       0       0

දිලු Wednesday, 06 August 2014 03:56 AM

ඔය පළාත් සභා මන්ත්‍රිල කියන අයෙග උගත්කම මොකක්ද. බහුතරයක් 8වත් පාස් නෑ.ලොකුම සුදුසුකම කසිප්පුහරි විකුණල සල්ලි හම්බ කරන ඒක. රෙට් හැම ක්ෂෙත්‍රයකම අධ්‍යාපන සුදුසුකම් බලන එකේ දෙශපාලෙන්ට ඒ්ක නෑ හැබැයි අපේ රටේ මතය ජාත්‍යන්තරයට ගෙනියන නියෝජිතයෝ හැටියට සමුළුවලට යන්නේ මේ මිනිස්සු. අනේ මෙහෙම ලංකාවක්. අපිට හිතෙන්නේ මෙහෙම රටක මොකද ඉපදුණාද කියල.(අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 August 2014 04:31 AM

ප්‍රසාද් මහත්තයෝ, පොලිසිය දැන් කරන්නේ කලයුතු දේවල්මද? දැන් පොලිසිය මුළුමනින්ම දෙශපාලනීකරණය වෙලා. (ස)

:       0       0

ස්වර්ණජීත් Wednesday, 06 August 2014 04:47 AM

අහෝ රට (අ)

:       0       0

සම්පත් Wednesday, 06 August 2014 05:14 AM

මේ ගුරු ගෝල නාට්ටිය කවදද ඉවරවෙන්නේ? මේ ගුරුතුමිය හරියට සිසුවාට වැරැද්ද පෙන්නලා දුන්නනම් මේවා මේ තරම් දුරදිග යන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට දෙන්නගෙම විහිළු බලන්න වෙන්නෙත් නැහැ.(අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 05 August 2014 02:57 PM

පොලිසිය කලයුතු දේ කරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 6 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 281 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 264 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 105 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1411 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1662 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site