IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ග්‍රහකයක පස් අරන් නාසා යානය එනවා

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ  2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළේය. එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම ඇරැඹුවේය.

යානයේ රොබෝ අතක් ඇති අතර, එම රොබෝ අත යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම කළේ ඉන්පසුවය. ලබා ගත් එම පස් සාම්පල යානයේ කුඩා කැප්සියුලක තැම්පත් කෙරුණි. එම වික්‍රමය සිදු වූයේ 2020 ඔක්තෝබර් 20 වැනිදාය.

අධික වේගයෙන් විශ්වයේ ගමන් කරන ග්‍රහකයකට ළං වී, එම ග්‍රහකයට ගොඩබෑමක් සිදු නොකර, පස් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පස් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු රොබෝ යානය යළි පෘථිවිය බලා ගමන් ඇරැඹුවේය.

අද (24) දිනයේ රොබෝ යානය පෘථිවි කක්ෂයට ළං වී, පස් සාම්පල සහිත කුඩා කැප්සියුලය පෘථිවි කකක්ෂයට තල්ලු කරනු ඇත. වෙඩි උණ්ඩයකටත් වඩා 15 ගුණයක වේගයකින්, එම කැප්සියුලය පෘථිවි වායු ගෝලය හරහා වේගයෙන් පහළට ඇදී එනු ඇති බව ද පැවැසෙයි. වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය ගිනි ගැනීමකට ලක් වෙයි. කැප්සියුලය ආරක්ෂා වන්නේ එහි ඇති තාප ආරක්ෂක පද්ධතිය නිසාය.

කැප්සියුලයේ අධික වේගය අඩාල වනු ඇත්තේ, එහි ඇති පැරෂූට් දිග හැරීමෙනි. මේ සියල්ල සියුවන්නේ පෙර සැලැසුම් කළ අන්දමටය. පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය සෙමින් සෙමින් (ශ්රී ලංකාවේ වේලාවෙන් අද රාත්රී 08.25ට) ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත කෙරෙනු ඇත. නාසා විද්‍යාඥයන් සහ ඇමෙරිකන් හමුදා නිලධාරීන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනු ඇති බව ද පැවැසෙයි. කැප්සියුලයේ ඇත්තේ ‘බෙන්නු’ ග්‍රහකයෙන් සූරා ගත් පස් ග්‍රෑම් 250 කි.

පස් සහිත කැප්සියුලය පෘථිවි කක්ෂයට විසි කිරීමෙන් පසු, ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය යළි විශ්වයේ ඈතට ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ. ඒ නව ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කරමිණි. 2029 දී ‘ඔසයිරස් රෙක්ස්’ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකයට ළං වී එය ගවේෂණය කිරීමට නියමිතය.

මීටර් 500 ක් පළල යෝධ ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ  1999 සැප්තැම්බර් 11 වැනිදාය. ග්‍රහකය ‘බෙන්නු’ යනුවෙන් නම් කර ඇත්තේ, මිසර දේව පුරාණයට අනුවය. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, නාසා විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දැක්වූයේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසාය.

2060 සැප්තැම්බරයේත්, 2175 වසරේදීත් ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත. 2060 සැප්තැම්බර් 23 වැනිදා ‘බෙන්නු’ පෘථිවිය අසලින් යන්නේ පෘථිවියේ සිට සැතපුම් 4,60,000 ක දුරකිනි. 2175 වසරේදී ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය.

පස් සාම්පල පරීක්ෂා කරමින්, ‘බෙන්නු’ ග්‍රහකයේ ස්වභාවය අවබෝධ කර ගනිමින්, එය පෘථිවියේ ගැටීම වළක්වා ගැනීමට සැලැස්මක් සකස් කිරීම නාසා ආයතනයේ අරමුණ වෙයි.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (0)

ග්‍රහකයක පස් අරන් නාසා යානය එනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1485 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7516 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1362 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 395 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2204 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2214 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40067 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 245 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site