පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එය ලුහු බැඳ ගොස් එහි අංකය වීඩියෝග කරන්නට එසැණ මාධ්‍යවේදියාට හැකි විය.
අද උදේ රඹුකන වෙළ අසළට ගිය විට දැක ගත හැකි වූයේ වැසිකිළි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි දමා ගොස් තිබූ බවයි. පොලිස් පරිසර ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මාධ්‍යවේදියාගේ වීඩියොවෙන් අපද්‍රව්‍ය දමා ගිය ගලි බවුසරයේ අංකය පොලිසිය සොයා ගත් අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දඩුවමක් දෙන්න ඕන, ජරාව ඔක්කොම පටවල ගෙදර වත්තෙන් බාගන්න දෙන්න ඕන, අල්ලලා උසාවි දාල දඩ ගැහුවට මදි (නදී)
අනේ අපොයි! (නි)
මේවා දාලා තමයි චීනයේ 75% විතර ගොවිතැන් වැඩ කරන්නේ. (නි)
මේවාට ක්‍රමවත් ක්‍රමවේදයක් නැති අඩුපාඩුව නේද මේ විස්තර කරන්නේ? රජයේ ඇස් ඇරේවා! (නි)
අයියෝ අපරාදේ හරියට කතා කරගෙන හොද කෙසෙල් කොටුවකට ගිහින් දාන්න තිබ්බා. සරු අස්වැන්නක් අනිවාරයෙන්. ඒ අතින් ලංකාවේ මිනිස්සු තම නොදියුනුයි (නදී)
කොහොමත් දැන් වෙන්නේ පළාතම ගඳගස්සන වැඩමනේ (නි)
ලංකාවේ පරිසරය විනාශ කරලා බේරෙන්න හරි පහසුයි. (නි)
ජනතා අවධානයටයි! (නි)
මෙන්න අපේ අයගේ තවත් වැඩක්! (නි)
කව්රු මොනවා කිව්වත් , ගලි බවුසරයෙන් දමා ගිය අප ද්‍රව්‍ය එතරම් දුඟද නොවන පාටයි ! සමහර විට අලුත්ම බඩු වෙන්න ඇති.. කිසිම විමර්ශණ නිලධාරියෙක් නාසය නම් වසාගෙන නැහැ !! (නදී)
ඇයි මේ සෙරප්පු දාගෙන රාජකාරි කරන්නේ ...? කකුලේ තුවාලයක්ද ? නිකන් හරියට පෙන්ෂන් ගිය එක්කෙනෙක් වගෙයි. (නදී)
වම් කකුල තුවාල වෙලා. (නදී)
ගලිය හලන්නට තිබ්බේ අර පැත්තට (නදී)
අපරාදේ අර මොනවද වායුවක් හදන තැනකට දීලා කීයක් හරි ගන්න තිබුනේ (නදී)
සමහරු ඉන්නවා මේවගේ දේවලුත් අනුමත කරන (නි)