බිම වැටී සිහි නැති වී සිටි තම මව (72) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු මිනිත්තු හතලිස් පහක් යන තුරු වෛද්‍යවරයකු ඇය පරීක්ෂා නොකළ බව ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී වේරගොඩගේ සජීව විජේවීර ගාල්ල පොලීසියට පැමිණිළි කළේය.
ඉරිදා (09) රාත්‍රී 7.15 ට මව රෝහලට රැගෙන ආ නමුත් වාට්ටුවේ වෛද්‍යවරයකු නොසිටි බවත් පැය භාගයකට පසු වෛද්‍යවරුන් වැනි සිව් දෙනකු රුපවාහිනීයේ ක්‍රිකට් තරඟයක් නරඹමින් සිටි බව පැමිණිල්ලේ සටහන් වේ .
ඔවුන් සිටි ස්ථානයට යමින් සිටියදී තමා ජංගම දුරකථනය අතට ගත් බවත් තමා ඔවුන්ගේ ඡායාරූපයක් ගැනීමට යතියි එක් පුද්ගලයකු කෑ ගැසු බවත් ඔවුන් තමාට බැන වැදී අධ්‍යක්ෂකට එය පැමිණිළි කළ බවත් ඒ අනුව තමා අත්අඩංගුවට ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ සිය නිවසේ සිට රෝහල් පොලීසිය හා ආරක්ෂක අංශ කැදවු බවත් ඔහුගේ පැමිණිල්ලේ සදහන්ය.
තම මවට ප්‍රතිකාර නොකර වෙනත් ප්‍රශ්නයක් මත තමා රදවාගෙන සිටීමට විරෝධය පළ කළ නමුත් තමන් රෝහල් පොලිසියට කැදවාගෙන ගිය බවද එම පැමිණිල්ලේ දැක්වේ.
ප්‍රතිකාර නොලැබු හෙයින් තම මව පෞද්ගලික රෝහලකට ගෙන යාමට සිදු බවත් රුධිර සීනී මට්ටම හාරසිය දක්වා ඉහළ ගොස් තිබු බවත් එහි එහීදී වහා ප්‍රතීකාර කළ බවත් ඔහුගේ පැමිණිල්ලේ සදහන්ය.
මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
ඔහු වාට්ටුවේ පින්තූරයක් ගත බව වාට්ටුවෙන් දැනුම් දුන්නා. එලෙස ඡායාරූපයක් ගත්තානම් එය බරපතල වරදක්. ඒ බව අපි පොලීසියට දැනුම් දුන්නා. ඊළගට පොලීසිය තමයි ඒ ගැන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙලාවේ හිටපු වෛද්‍යවරයා වෙනත් රෝගියෙක් බලමින් සිටියේ. ඔහු ඡායාරූප අරගෙන තියෙන්නේ සේවය අවසන්ව නිවසට යාමට සිටි වෛද්‍යවරයකුගේ. එයාගේ අම්මා බරපතල තත්ත්වයෙන් හිටියේ නැහැ. අපි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ වර්ගීකරණය කරලා. ඒ මහතාට අසාධාරණයක් සිදුවුනානම් මට ලිඛිතව පැමිණිලි කළ යුතුව තිබුණා. නමුත් එවැන්නක් කළේ නැහැ. ඔහු මට මේ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නා පමණයි. රෝහලේ වෛද්‍යවරු ගැන පරීක්ෂණයක් පැවැත්වීමට එය ප්‍රමාණවත් නැහැ.
ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට ද පැමිණිලි කැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ලංකාවේ නඩු දාලා වැඩක් නැහැ. මානව හිමිකම් යන්න. කුහකයෝ කෑගහයි මානව හිමිකන් ගියා කියලා.නමුත් වෙන විසදුමක් නැහැ. (නි)
රූපවාහිනියේ විකාශය වෙන නිර්සත්වායෝ බැලුවා නම් ඔය මහත්හොරු මහත්වරු වෙනවා (නි)
මහා ජනතාවගේ සල්ලි වලින් පඩි ගන්න මේ වගේ දොස්තරලා අපිට පොල් පිති වලින් කපාගන්න පුළුවන් .(නදී)
මටත් හිතුනා පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනා නම් හොදයි කියලා. (නි)
මේ දොස්තර මහත්තුරුන්ට තියෙන්නේ ප්ලාස්ටික් මොලයක්ද?(හැමෝටම නෙමෙයි) මනුස්සකමක් නැති නිසයි අහන්නේ. (නි)
දියුණු රටවල මිනිස්සු 9 දෙනෙක්ට දොස්තර කෙනෙක් ඉන්නවා. ලංකාවේ මිනිස්සු එකසිය ගණනකට එකයි. මෙන්න මේකයි ලංකාවේ තත්වේ.මේ ඒකාධිකාරිය කේවල් කිරීමේ බලය බින්දොත් තම මෙයාලගේ මාන්නේ බිදෙන්නේ. වෙන රටවල දොස්තරලා වෙනත් රැකියාත් කරන වෙලාවල්ද ඇත. (නි)
ලෙඩෙක් දෙන්නෙක් මැරෙනවා වගේද මැච් එක පැරදුනොත්.
ලංකාවේ කට්ටිය බටහිර විරෝදෙන් පිරිලා.හැබැයි ලංකාවේ දොස්තර කෙනෙක් සුදු දොස්තර කෙනෙක් ලගින් තියන්න බැහැ, මාන්නෙන් පිරිලා. ලංකාවට පාරිබෝගික සංගම්, තව තව මානව හිමිකන් කොමිසම් ඕනෑ. පන්ති බේදේ රකිනවා වෙනුවට බිදින සමාජයක් ඕනෑ. (නි)
ඔය දොස්තරලා ගොඩක් ඔහොම තමයි.ඒත් දෙවිවරු වගේ හොද අයත් ඉන්නවා (නි)
මේකට වක්‍රාකාරයෙන් අපේ මහජනයාත් වග කියන්න ඕනෑ. දොස්තර කෙනෙක් කිවුවම පහට නැමිලා තමන්ගේ පන්ති බේදේ පෙන්වනවා. හැමදාම ලියුම් බෙදන, මාලු බෙදන මිනිහට සිංහයා වගේ සත්තන් දාලා තමා කතාව. වෙන රටවල දොස්තරලයි මාලු කාරයයි දෙකම එකයි. (නි)
මම නම් මගේ අම්මට ඔහොම දෙයක් වෙලා ජිවිතේ නැති වුනා නම් පහුවදාට මග රැකන් ඉදලා පිහියෙන් අනිනවා.නැතිනම් බෝම්බයක් පුපුරවා ගන්නවා වාට්ටුවත් එක්කම සුන්නද්දූලි වෙන්න.(මම කිවුවේ මගේ අදහස පමණි) ඇයි දෙයියනේ ඉවසන්නේ කොහොමද මේවා? එක්කෝ මෙරට හැදෙයි නැතිනම් තවත් නැහැදෙයි. (නි)
පුද්ගලික වෛද්‍යය විද්‍යාල එකක් නෙමෙයි සියයක් දමා හෝ මේ ඒකාධිකාරිය බිදින්න. වෛද්‍ය විද්‍යාල පමණක් නොව හෙද විදුහල්, ඉංජිනේරු, නීතිඥ,ඇතුළු සියල්ල පුද්ගලික අංශය ලවා ඒකාධිකාරිය බිඳවා මේ මාෆියාව තුරන් කරමු. (නි)
අම්මපා ලේ රත්වෙනවා මේවා කියවද්දී උදේ පාන්දර. මේවා අපේ බත්කන ජනයට හොද පාඩම් කියලයි මම නම් කියන්නේ.හැමදේම නිකන් දෙන ක්‍රමයක් වෙනුවට නැති අයට පමණක් නිකන් ලැබෙන ක්‍රමයකට ඡන්දේ දෙත්වා. ඇති අයට රක්ෂණ ක්‍රමේකට බෙහෙත් ලැබෙන ක්‍රමේකට ඡන්දෙ දෙත්වා.දියුණු රටවල වෙන්නේ එහෙමයි. (නි)
ලිඛිතව පැමිණිලි කරලා ඒකට ප්‍රතිචාර එනකන් බලන් ඉදපන්කෝ ලෙඩාට බෙහෙත් කරන්න. අනේ මෙහෙමත් රටක්.(නදී)
මම නම් වැඩි යමක් කියන්නේ නැහැ.අහන්නේ අර ලංකාවත් එහෙ සේවයත් උතුම් උතුම් කියා පාරම් බාන උදවියගේ කට වැහිලා මොකෝ කියලා. පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියමින් ඒකාධිකාරියක් පවත්වන උදවිය කෝ. (නි)
මොකද මේ ආසියාතික වෛද්‍යවරුන්ට වෙලා තියෙන්නේ? සංවර්ධිත රටවල කට්ටිය හරිම නිහතමානියි. මට හිතෙන්නේ පිරුණු කලේ දිය නොසැලේ,අඩු කලේ සෙලවේ කියන්නේ මේකට වෙන්න ඇති. (නි)
අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙනගෙන, ඉහල වැටුප් ලබමින්, තීරු බදු සහන ලබමින්, සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන මෙවන් අයට දුප්පත් මිනිස්සුන්ගේ දුක් අමාරුකම් තේරෙන්නේ නැති එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මම හම්බන්තොට රෝහලෙන් බෙහෙත් ගන්න ගියපු වෙලාවක ඒ රෝහලේ ලෙඩුන් බලන තරුණ වෛද්‍යවරියකට මිස් කියලා කියවුනා. ඒ ගමන පිස්සු වැහුනා වගේ මට බැනගෙන බැනගෙන ගියානේ. (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිට වෙන්නේ ඇති හැකි පවුල්වල කට්ටියනේ. ඒ කට්ටියට අමුතුවෙන් පෙන්නන්න ලොකු කමක් නැතුව ඇති.(නදී)
මින් පස්සෙ හොස්පිට්ල් එකට යනකොට ලියුම් ලියන්න පෑන් කොල වගේ දේවල් අරන් යන්න ඕන. (ස)
මෙහෙම සෞඛ්‍ය සේවයක් තියාගෙනද අපට ලංකාවට ඇවිත් රට දියුණු කරන්න එකතුවෙන්න කියල කියන්නේ ? එන්න ඉන්න මිනිහෙක්වත් එන්නේ නෑ මේවා දැක්කහම.(නදී)
මේවා බහුතරයක් දුප්පත් මිනිසුන්ට සාමාන්‍ය සිදුවීම. මාධයවේදියෙක්ට අසාදාරනයක් උනාම තමයි මේවා පුසිද්ධ වෙන්නේ.(නද)
මේකට අදහස් දාපු කට්ටිය බලපුහම කොන්දොස්තරලත් දෙන්නෙක් ඉන්න බව පේනවා දොස්තරලට කඩේ යන්න. එක කොන්දොස්තර කෙනෙක් අඩන්නේ නැති ටික විතරයි. මේවා දකිනකොට තමයි නිදහස් අධ්‍යාපනේ අපිට අවශ්‍ය නැහැ කියල හිතෙන්නේ.(නදී)
මේ කියන නෝනව මම හොඳට දන්නවා. දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදපු ගුරු මහත්මියක්. සජීව මහත්තයත් රටට සේවයක් කරන හොඳ මාධයවේදියෙක්. මෙතුමන්ලා නිකන් කලබල වෙන්නේ නැහැ ලොකු අසාදාරනයක් වෙන්න ඇති. අනික කරාපිටියේ තත්වය ඕක. හොඳ වෛද්‍යවරු නැතුවා නෙමෙයි. නමුත් බහුතරයක් ලෙඩ්ඩුන්ට පාර්ට් එක දාන අය ඉන්නවා. චැනල් සෙන්ටර් එකෙදි නම් කට පුරවල හිනාවෙලා විනාඩියේ සේවාව හොඳට සපයනවා. රජයේ රෝහලේදී තමයි එයාලගේ ලොකුකම.(නදී).
මේ දොස්තරලම තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ (පෞද්ගලික රෝහල් වල වැඩ කරන අතරේ).(නදී)
ජනතාව ගැන නොහිතන අයව අයින් කළොත් හොදයි කියලා හිතෙනවා. එතුමා වගකීමක් ඇති පුද්ගලයෙක් නම්, කර කියාගත හැකි දෙයක් නොමැති රෝගීන් හට ප්‍රමුඛස්ථානය දිය යුතයි. දොස්තරලා ටී වී බැලුවට කමක් නෑ, රාජකාරිය කරලා. බලමුකෝ අපේ ඇමති තුමා මොකද කරන්නේ කියලා.(නදී)
ලංකාවේ වෛද්‍යවරු ගැන, විශේෂයෙන්ම ඔවුන්ගේ ආකල්ප ගැන කරන ලද පරීක්ෂණයක වාර්තාව මේකෙන් බලන්න පුළුවන් http://www.ncbi.nlm.nih.gov/pubmed/19688283 ඔබට වැටහේවී මුලින්ම මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගින්ටද එසේ නැත්නම් වෛද්‍යවරුන්ටද කියන එක. (නි)
මොකද දොස්තරලා ගැන මෙච්චර ඉරිසියා? අර කියනවා වගේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කට්ටිය තමා වෛද්‍යවරු, ඉංජිනේරුවරු වගේ කට්ටිය. සමහරු වගේ ඒ අය රටට බරක් වෙන්නේ නැහැ. ගොඩක් අය ඉන්නවා ජීව විද්‍යාව කරලා වෛද්‍ය පීඨයට යන්න ලකුණු මැදිවුණු කට්ටිය. ඒ අය සහ ඒ අයගේ දෙමව්පියෝ වෛද්‍යවරු දෙස බලන්නේ ඉරිසියාවෙන්. වෛද්‍ය වරයෙක් වෙන්න සහ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය කරන්න ඕන කැපවීම ගැන බොහෝ අය දන්නේ නැහැ. (නදී)
සමධිනාත් ඔබ හොඳට ඔය දෙන්න ගැන දන්නවා වගේ.මොකද (අ)
අද රටේ දොස්තරලයි මාධ්‍යවේදීයොයි දේශපාලඥයොයි ඔක්කොම එකයි. ඒ අය හිතන්නේ ඔවුන්ගේ වෘත්තිය අනික් ඒවාට වඩා විශේෂිතයි කියලා. ඒ නිසා හැම වෙලාවේම අනිත් අයට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා. (නදී)
මාධවී සහ චන්ද්‍රානි කියන කාන්තාවෝ නම් දෙකකින් ප්‍රතිචාර දාලා තියෙන්නේ නම් උසස් පෙළ ජීව විද්‍යාව අසමත් වෙලා පස්සේ කොම්පියුටර් ඉගෙන ගත්තු නිසා වෙන්න ඇති.(නදී)
ලංකාවේ කොහෙද අනේ මොලකාරයෝ ඉන්නේ (අ)
ඕස්ට්‍රේලියාවේ නම් වෛද්‍යවරු හෙදියෝ හරිම කරුනාවන්කයි. ඉස්පිරිතාලෙට ගියාම ඒ අය අපිට සලකන්නේ යාලුවොන්ට වගේ. කිසිම තනියක් දැන්නෙන්නේ නැහැ. කොපමණ ඉහලට ඉගෙන ගත්තත් වෛද්‍යවරුන්ට යාලුවෝ වගේ කතා කරන්න පුළුවන්.(නදී)
වැඩි දෙනෙක් හිතන්නේ තමන්ගේ පුතා ඉංජිනේරුවෙක් කරන්න බැරි වුනොත් දොස්තර කෙනෙක් කරන්න. ඉන්ජිනේරුවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි මොළකාරයෙක්. එයාට සම වෙන්න කාටවත් බැහැ. අනේ මට නම් ඉරිසියාවක් නැහැ ඒ අය ගැන. (නි)
ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ ලංකාවේ ලොකු රස්සාව දොස්තර කියලා.හැබැයි ඉතින් ඉන්ජිනේරුවෙක් වෙන්න ගිහින් අනාගන්න වෙයි කියලා බයේ තමයි ගොඩක් අය වෛද්‍යවරු වෙන්නේ.තමන් ගැන හොඳටම ෂුවර් සුපිරි මොලකාරයෝ තමා ඉංජිනේරුවෝ වෙන්නේ.සංවර්ධිත රටක ඉන්ජිනේරුවෙකුට ඉහල තැනක් තියෙනවා.ගිහිල්ල බැලුවොත් ඔය දෙගොල්ලෝ අතර ලොකු වෙනසක් තියෙනවා. (නි)
ඉන්දික, පෞද්ගලික අංශයේ විදායක අය ඔය හිතන තරම් සුර සැප විඳින්නේ නෑ. ඔයාල පිළිගන්න කැමති උනත් අකමැති උනත් දොස්තර මහත්තුරුන්ට තියන පිළිගැනීම නැති කරන්න මේ වගේ අපහාස වචන වලට බෑ.(නදී)
ඉන්දික, මම දොස්තර කෙනෙක් වුනා නම් අද මම කොම්පියුටරේ ඉස්සරහ වෙලා අකුරු කොටන්නේ නෑ. මට තිබුණු හීනේ නැති උනේ මගේම වරදින්. මම පාඩම් කලේ නෑ අපිත් එක්ක එකටම හිටපු හොඳට පාඩම් කරපු කොල්ලෝ දෙන්නා දොස්තර මහත්තුරු. මම ඒ ගොල්ලන්ට සදා නය වෙන්නේ මගේ තාත්තගේ ජීවිතේ බේරලා දුන්න දෙවිවරු නිසා. එකයි අපිට ඔය ගොල්ලෝ කුහක විදියට හිතල ලංකාවේ දොස්තර මහත්ත්රුන්ට බනින කොට හිතට වේදනා වෙන්නේ.(නදී)
අසාද් කියා ඇති දේවල් තේරුම් ගත හැකි කෙනෙක් කරුණාකර අපටත් කියා දෙන්න.(නදී)
රන්ජනී, ඔහොම වෙන්නේ ඔය රටවල් වල දොස්තරලට විරුද්ධව නඩු දාන නිසා. නැත්නම් ඔයාගේ මහා ලොකු ලන්ඩන් වලටත් දෙයියන්ගේම පිහිටයි.(නදී)
අපිත් ඉගෙනගත්ත අය, අපිත් මහජන මුදල් නාස්ති කලේ නැහැ නමුත් වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය ඉතා වැරදියි. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අඇතිකරලා කරගයක් ඇති කරන්න ඕනේ.(නදී)
අමිත්ට සහ හර්ෂලාල් ගේ දැනුමේ සහ අවබෝධයේ තරම එයාලගේ අදහස් වලින්ම පෙනෙනවා. බොහෝවිට මේ දෙන්නා වෛද්‍යවරු හෝ ඒ සදහා ඉගෙන ගන්න ශිෂ්‍යයෝ වෙන්න පුළුවන්. වෛද්‍ය උපාධිය කියන්නේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් ගිහින් ලබාගන්න ප්‍රථම උපාධියක් විටරයි. ඒකේ ඇති සුවිශේත්වයක් නැහැ. රටට ආකල්පය වෙනසක් ඉක්මනින්ම අවශ්‍යයි. කිසිම වෘත්තියක් හෝ සේවයක් එකකට වඩා අනික සුවිශේෂ නැහැ. නිකමට හිතලා බලන්න නගර පවිත්‍ර කරන කම්කරු මහතුන්ගේ සේවය රටේ නැත්නම් මාසයක් යනකොට කොහොමද ඔබ නගරයක පාරක් දිගේ ඇවිදගෙන යන්නේ? එතකොට ඔබට හිතේවි වෛද්‍යවරුන්ට වැඩිය මාර්ග කම්කරු මහතුන්ගේ සේවය වටිනවා කියා ඒ මොහොතට. රටේ හැම සේවකයෙක්ම වැඩ කරන්නේ වැටුපට.ඉතින් කොහොමද සමහර වෘත්තීන් පමණක් සුවිශේෂ වෙන්නේ. (නි)
දියවැඩියා ලෙඩෙක් "කොම" තත්වයෙන් විනාඩි 45ක් හිටිය කියන්නේ ඉතාම බරපතල දෙයක්. ලංකාවේ දොස්තරලා ගැන මහජනයා තුල තියෙන ආකල්ප දැක්කම සේවය ගැන ආඩම්බර වෙන්න බැහැ.(ස)
ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨ අරඹන්න දැන හෝ නොදැන බොහෝ දෙනෙක් විශාල දායකත්වයක් ලබාදෙන බව පෙනෙනවා. කරාපිටිය රෝහල චෙස් ඉත්තා කරගෙන මාධ්‍ය බළල් අත කරගෙන අදින ගේම් එක සාර්ථක කරගන්න මා හඳුනන ෂෙල්ටන් පෙරේරා වැනි දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් සුදුසුබව මා දන්නවා. ඒනිසා තමයි ඔවුන් වෙසක් එකට භක්තිගී ගයද්දී මා කීවේ නර්ස්ලා හා ඇටන්ඩන්ට්ලා ඔලුබක්කෝ නටනවා, වෛද්‍යවරු බෙරගහනවා, වෛද්‍ය වරියෝ මන්තර කියනවා, අධ්‍යක්ෂකලා හා ලේකම් පන්දම් අල්ලනවා, ඇමතිතුමා තාලෙට අඩි තබමින් දුම්මල ගහනවා කියා. ඒක පාර්ශවීය ලෙස මෙහි නුගතුන්ගේ අදහස් පමණක් දමා ජනමතය විකුර්ති කිරීමට දරන උත්සාහයෙන් රැවටෙන්නේ ඔබලමයි. සත්‍යට හා සත්‍යවාදීන්ට එරෙහිව ද්වේශය පැතිරවීමෙන් ලැබෙන යහපතක් නැති බව වටහාගන්න.(නදී)
අමිත්ත ඔයා දොස්තර කෙනෙක් කියලා අදහසෙන්ම පේනවා. ඔයා හිතාගෙන ඉන්නේ හොදට ඉගෙන ගෙන කරන්න පුළුවන් ඉහලම රැකියාව දොස්තර කියලද ?. ගණකාධිකාරී වරුන්, කළමනා කරුවන්, බැංකු නිලදාරීන්, ඉංජිනේරුවන්, පහල රැකියාද ?. මේ රටේ ආර්ථිකය හසුරුවන්නේ ඒ අය. පෞද්ගලික අංශයේ විධායක නිලදාරියෙක් ඔයගොල්ලෝ අවුරුද්දකට ගන්න පඩිය මාසෙකට ගන්නවා. අනිත් අය පහලට දාලා හිතන්න එපා. ඔයා ගොල්ලන්ගේ උද්දච්ච කම දැන්වත් අඩු කර ගන්න බලන්න. මේ පිටුවේ තියෙන අදහස් වලින් තේරෙනවනේ මිනිස්සු ඔයාල ගැන හිතන විදිය.(ස)
ලංකවේ විශ්වවිද්‍යාලවල ආකල්පමය වෙනසක් ඕන. මොකද විශ්වවිද්‍යාලවල ගියපු අයනේ මේ අයත්. (ස)
රංජනී ලන්ඩන් නොදන්නවා වුනාට එසෙක්ස් හි රැජිනගේ රෝහලේ ඇපෙන්ඩික්ස් එක ඉවත්කිරීමේ ශල්‍යකර්මය සඳහා ශල්‍යාගාරයට ගත් ලෙඩාගේ ඇපෙන්ඩික්ස් එක වෙනුවට ඩිම්බ කෝෂය ඉවත්කිරීම නිසා දරු තිදෙනෙකුගේ අම්මයි දරු ගැබේ සිටි වැඩුණු දරුවයි දෙන්නම මියගියා. මෙවැනි සිදුවීම් ඕනෙම රටක වියහැකියි. ලංකාවේ මිනිස්සු දත් තිස්දෙක පෙන්නුවහමයි රැවටෙන්නේ. වෛද්‍යවරු බොහෝවිට එසේ කරන්නේ නැහැ මන්ද රෝගීන් රැවටීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා. මේ රටේ බුද්ධිමත් රටවැසියෝ ඕනෑවටත් වඩා දත් තිස්දෙකට රැවටිලා ඉන්න බව ප්‍රසිද්ධ රහසක්. සියදිවි නසාගන්න හදන මානසික ලෙඩ්ඩුන්ට රජයෙන් නොමිලේ ප්‍රතිකාර කලයුත්තේ මානසික රෝහලේදී පමණයි.(නදී)
අද රටේ දේශපාලකයෝ ගාවට ඉන්නේ මාධ්‍ය කාරයෝ ,ඒගොල්ලෝ ඔක්කොම ජනතාවට කඩේ යන්නේ නෑ, ආණ්ඩුවට කඩේ යනවා , එහෙනම් එගොල්ලන්ටත් එහෙම වෙන්න ඕනේ.(නදී)
දයාබර සජීව මගේ මිත්‍රයා, මට ගොඩක් කණගාටුයි ඔබගේ මවට වෙච්ච දෙය ගැන. මම දැන් ජීවත්වෙන්නේ ඕස්ට්‍රෙලියාවේ. මම ලංකාවෙන් පිට වන්නත් හේතුව කරාපිටිය රෝහලෙන් මගේ බිරිඳට දක්වපු ඉතාම පහත් සැලකිල්ල. සමහර දොස්තරලා ලෙඩ්ඩුන්ට ආදරෙන් කතා කරන්න දන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවම ඔරවල බලනවා. තව වෛද්‍යවරියක් හිටියා වලස්මුල්ල පැත්තේ ඉඳන් ආපු , ඇය වෛධ්‍යවරියක් නෙවෙයි , යක්ෂණියක්. නමුත් ඉහලින් නියෝගයක් ලැබුනොත් ඇයට වෙනස් වෙන්නත් පුළුවන්. හැමදේම මන්නිනේ බලයට. මට එදා ලංකාව සලකපු විදියට මම කවදාවත් නැවත ලංකාවට එන්නේ නැහැ. ඒක ස්තිරයි. ලංකාවේ ජීවත්වෙනවානම් අර ඇමතිගේ මන්ත්‍රීගේ බලය ඕනේ. මගේ බිරිදට මේ රටේ රජයේ රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියන් දක්වපු කරුණාව,දයාව සහ ප්‍රතිකාර නිසා ඇය කායික හා මානසික ලෙස සුවය ලැබුවා. ලංකාවේ වෙදයවරු හා හෙදියන් පිටරවල ප්‍රතිකාර කරන විදිය පෙන්නන්න මාස කිහිපයක් දියුණු රටවලට යවන්න ඕනේ . ඔවන්ට උසස් පෙළෙන් වෛද්‍ය විද්‍යාලයට තේරුණා කියල ලෙඩෙක් ගැන මිනිස් කමින් හිතන්න තේරෙන්නේ නැහැ.(නදී) .
කරාපිටියෙ නම් ලොකු තැන ඉදලා පොඩි තැන දක්වාම මාර ලොකු කමක් තියෙන්නේ. මනුස්සයෙක් ලෙඩක් නිසානේ අසරණ වෙලා එන්නේ. නැතුව ආසාවට එනවද ? (නි)
මන් ඉන්නේ ස්වීඩන්. මෙහෙත් වර්ගීකරණය කරලයි ලෙඩ්ඩු බලන්නේ. දොස්තර බලන්න රුපියල් 7500. පැය 6-8 ඉන්න ඕනෑ. පැනඩෝල් පෙත්තක්වත් දෙන්නේ නැහැ දොස්තර බලනකන්. ලන්ඩන් රන්ජනී, ඔයා තාම දන්නේ නැති වුනාට ඔහෙත් එහෙම තමයි. (නි)
මා දන්නා යහළුවකුත් සිය දිවි හානිකරගන්න ගොස් බේරාගෙන මේ රෝහලටම ගෙන ගිය වෙලාවේ වෛද්‍යවරියක් රෝගියා බැලුවේ නව ඉංග්‍රීසි නවල් එකක අවසාන කොටස බලා අවසන් වීමෙන් පසුවයි. වි. 40ටත් වඩා ගත වුනා. එහෙම තමයි ඒවා.(නදී)
පෙරේරා, දොස්තරලට පඩියට අමතරව ඇමතුම් දීමනා, පැයට දෙසීය පන්නලා අසීමිතව අතිකාල, දුරකථන හා ඉන්ටනෙට් බිලට දාස් ගණන්, වාහන බලපත්‍ර, ඉන්ධන දීමනා, නිල නිවාස, අනතුරු දීමනා, ඔය සේරම පුදලත් තව කියනවද නොමිලේ කරන සේවාවක් කියලා?(නදී)
මම ජිවත්වෙන්නේ ස්විස්ටර්ලන්නේ.මේ රටේ දොස්ටරවරු ලෙඩා ඉස්පිරිතාලයට ආවාම ලගට ඇවිත් නම කතාකරලා විස්තර අහලා ලෙඩාට කතා කරන්නේ.ඒකට ලංකාවේ දොස්තරලා? දෙකට නැමිලා අපි 'සර්' කියන්න ඕනෑ (නි)
වයස නිසාද මේ කෙනෙහිලි? හැබැයි කඩුවට වැඩිය පෑන බලවත් (නි)
ඕක තමා මන් හැමදාම කියන්නේ දොස්තර මහත්තයට වැඩිය පහත වැඩ කරන මහත්තයෙක් ඉන්නවනම් ඒ සුනක මහත්තය විතරයි කියල. (අ)
කැළණියේ හිටපු ඇමතිතුමාට මේන බාර දෙමු. දොස්තරලා , නර්ස්ලා සේරම ඉගෙන ගනීවි පාඩමක්.(නදී)
මට පුදුම කණගාටු හිතෙනවා අපේ රටේ තත්වය ගැන. මම ඉන්න රටේ අපි දොස්තර කෙනෙක් චැනල් කලොත් දොස්තර එනවා ලෙඩ ගාවට ඇවිත් තමයි කාමරේට ගන්නේ. ඒ දොස්තරලා ඒ තරම් නිහතමානී. අපේ රටේ ඒකට ඉන්නේ ඔලුව ඉදිමිච්ච මිනිස්සු.(නදී)
නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න වෛද්‍ය වරයකු වී අසරණ රෝගියෙකුට මෙවැනි අසාධාරණයක් කලානම් එය ලැජ්ජා විය යුතු කාරණයක් සේම අමානුෂික සිදුවීමකි. හැම ක්ෂේත්‍රයකම හොද පුද්ගලින් වගේම නරක පුද්ගලයිනුත් ඉන්නවා. මිනිසා දියුනු වෙනවා කියන්නේ රාජකාරි මට්ටමෙන් පමණක් නෙමෙයි හොද නරක සිරිත් විරිත් අතිනුත් දියුණු විය යුතුයි. එසේ නැති වූ විට මෙවැනි සිදුවීම් අහන්න දකින්න ලැබෙනවා. මිනිසා ඉහලට යන විට ඔහුගේ ගති ගුනත් ඒ හා සමානව ඉහල ය නවා. ඔබ හොද නිලධාරියෙක් වීමට පුළුවන් නමුත් ඔබ හොද මිනිසෙකු නොවේ. සමහර අම්මල දරුවෝ හදන්නේ මල් වගේ එලියට එන්නවත් දෙන්නේ නැහැ. ඒ වගේ ළමයි ලොකුමහත් වෙලා රජයේ රස්සාවක් කරනකොට අනිත් නිලදාරීන් පෙත්සම් ගහනවා මේකා පිස්සෙක් මෙයත් එක්ක වැඩ කරන්න බැහැ කියලා. ඒ නිසා දරුවන් ලොකු මහත් කරන කොට ඒ හා සමානව ඒ දරුවන්ගේ සිරිත් විරිත් යන දේවලුත් පුරුදු කලානම් හොදයි. හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම කියන්නේ දරුවා දොස්තර කෙනෙක් ඉන්ගිනේරුවෙක් කරනවා කියලා කවුරුත් කියන්නේ නැහැ යහපත් පුරවැසියෙක් කරනවා කියලා. එතන තමයි අපිට වැරදුන තැන. ඒ නිසා එම රෝහලේ වෛද්‍ය නිලධාරීවරයා මිට වඩා වගකීමෙන් කටයුතු කලානම් හොදයි කියලා හිතෙනවා. පත්තර මහත්තුරු තරහා කරගන්න එපා කියල අවවාද කරනවා .(නදී)
දොස්තර ලට විරුද්ධව සාමාන්‍ය ජනතාව පෙළ ගැසෙන්න කාලය ඇවිත්. පහුගිය වසර තුල සිදුවුන දේවල් හොඳටම ඇති. අතක් නැතිවුණු නීති සිසුවිය ගැන අපි ගොඩක් කතා කරා. අද එම සිසුවියගේ තත්වය මොකක්ද? මම දන්නා තරමට තවම සාදාරනයක් ඉෂ්ට වෙලා නම් නැහැ. මේවාට විරුද්ධව අපි නැගී සිටිය යුතුයි.(නදී)
රජයේ සමහර වෛද්‍යවරු ගැන කතාකරලා වැඩක් නැහැ. අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කඹුරනවා.(නදී)
දොස්තර මහත්වරුනේ බලගෙන මේ දවස් වල වාරකන්. අකුනු එහෙමත් කොටනවා බලාගෙන පරිස්සමින්. මේ වගේ වැඩ කරන්න නම් එපා. (නදී)
අහිංසක මහජනයාගේ බදු මුදල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබල වෛද්‍යවරයෙක් හැටියට එලියට එනවා. ඊට පස්සේ කරන්නේ රජයේ රෝහල් වල වැඩ වලට වැඩියේ ආයෙත් මහජන මුදල් කකා පුද්ගලික බෙහෙත් ශාලාවලයි, පුද්ගලික රෝහල් වලයි සල්ලි හොයන එක. මේක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි අපේ රටේ. පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරා නම් අපේ බඩු මිලත් අඩුවෙයි. දැන් යන විදිහටම රෝහලුත් වඩි කරයි.(නදී)
ජනාදිපතිතුමනි ඔබගේ අවධානය පිනිසයි. හෙට අනිද්දට පඩි වැඩිකරගන්න පිකටින් කරයි.(නදී)
අර කැළණිය හසිත මඩවල ඝාතනයට සම්බන්දව රට පැනපු පුතෙක් අද ලංකාවට ආවා. අත් අඩංගුවට ගත්තද දන්නේ නැහැ.(නදී)
ෂෙල්ටන් පෙරේරා කියන ගායකයාටත් අපහාසයක්.(නදී)
"රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ වර්ගීකරණය කරලා. ඒ මහතාට අසාධාරණයක් සිදුවුනානම් මට ලිඛිතව පැමිණිලි කළ යුතුව තිබුණා. නමුත් එවැන්නක් කළේ නැහැ" අපූරුයි ලොකුතැනත් කියපු කතාව. ලෙඩ්ඩු සේරම ලෙඩ්ඩු කියලයි අපි නම් හිතන් හිටියේ. දැන් බලනකොට ඉක්මනින් බැලිය යුතු ලෙඩ්ඩු සහ ටීවී බැලීමෙන් පසු ප්‍රතිකාර කලයුතු ලෙඩ්ඩු වශයෙන් අඩුගානේ දෙකොටසක් ඉන්නවානේ. අපේ වැරද්දෙන් පරක්කු වෙලා ගෙනාවා නම් කියාවි විනාඩියකට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුනා කියලා. ප්‍රතිකාර නැතිව ලෙඩා වාඩිකරලා තියාගෙන ඉන්නකොට ලියුම් ලියාගෙන පලයල්ලකෝ පහුවදා උදේ අධ්‍යක්‍ෂ වැඩට එනකොට හම්බවෙලා ලියුම දෙන්න. මම අහලා තිබුනේ මේ අධ්‍යක්ෂ මීට වඩා හොඳ මනුස්සයෙක් කියලා.(නදී)
යොහාන් මහත්තය කියන්නේ කරාපිටියේ හදිසි ඒකකයේ පහල වාට්ටුව ගැන වෙන්න ඇති. මට නම් 100%ක් විශ්වාසයි මේ සිදුවීම වෙන්න ඇත්තේ ඒ තට්ටුවේ නෙමෙයි කියලා. මම වාහනයක් එලවන කෙනෙක්. කීප වතාවක්ම ලෙඩුන් අරගෙන ඔය කියන වාට්ටුවට මමත් ගිහින් තියෙනවා. දොස්තරලා වැලි ඇට ගානට හිටියත් ලෙඩෙකුට ලංවෙලා මොකක්ද අමාරුව කියලා අහන්න කවුරුවත් කිට්ටු වෙන්නේ නැහැ. අපි හරි අපහසුතාවයකට පත්වෙනවා. නර්ස්ලා කියන්නේ ඩොක්ටගෙන් අහන්න කියලා. මෙතන කාටවත් ඉන්න දෙන්නෙත් නැහැ. සිහියක් නැති ලෙඩෙක් ගෙනාවොත් එයාටම සිහිය ඇවිත් දොස්තර ලඟට ගිහින් ලෙඩේ කිවුවොත් තමයි ප්‍රතිකාරයක් ගන්න වෙන්නෙත්. මේ කතාව සහතික ඇත්ත. හයිය තියෙන කෙනෙකුට සිදුවුණ නිසා පැමිණිලි කරන්න ඇති. අනික් ලෙඩ්ඩු ඉතින් පණ හයිය නිසයි සනීප වෙනවානම් වෙන්නේ. (අ)
බොහෝවිට ලංකාවේ නොමිලේ ලැබෙන මේ වගේ සේවාවල් වල මෙවැනි ප්‍රශ්න තිබෙනවා (නි)
දොස්තරලට ලෙඩාට වැඩියේ ක්‍රිකට් තරඟය ලොකුවෙන්න ඇති. ඕක තමයි අද කරාපිටියේ තත්ත්වේ. (ත)
කුමාර හරියට හරි. ෆොටෝ එකක් ගන්න ඇති තහනම මොකක්ද ? අධි ආරක්‍ෂිත කලාපයක් නොවේ නම්/ පෞද්ගලිකත්වයට හානියකුත් නොවේ නම් එකේ ඇති වරද මොකක්ද? තමන්ගේ වැරද්ද වහ ගන්න කරපු දෙයක් බවට හුගක්ම ඔප්පු වෙනවා.(නදී)
ලිඛිතව දැනුම් දෙනකොට ලෙඩාට වෙන්න ඕනෑ හරිය වෙලා තියෙයිනේ(නි)
මට නම් කරාපිටියේ රෝහල ගැන කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු දෙවිවරු වගේ. මම දවස් 10ක් හිටියා ඩෙංගු හැදිලා. ඒ අය මට සලකපු හැටි හිතාගන්න බැහැ. ඒ වෙනකම් මමත් හිතන් හිටියේ ආණ්ඩුවේ හොස්පිටල් කිවුවට වැඩක් නැහැ කියලා. හදිසි ප්‍රතිකාර ඒකකයේ දින 2 හිටියා. දොස්තරලා ගොඩක් මහන්සි උනා මව බේරාගන්න. ඔවුන් ඉතාමත් හොද වෛද්‍යවරු. ඒ ගැන මට සහතික කරන්න පුළුවන්. අද මම මෙහෙම ඉන්නේ ඔවුන් නිසා. එහෙම එකේ මෙහෙම දෙයක් වෙච්ච එක පුදුමයි (නි)
ලංකාවේ රජයේ සේවකෝය වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදලින්. ජනතාවට අයිතියක් තියෙන්න ඕනෑ ඕනෑම සේවා සපයන තැනක ෆොටෝ එකක් ගන්න. තමුන්ට අසාධාරනයක් වුණා කියලා හිතෙනවා නම් ඒ ගැන පැමිනිලි කරන්න. ෆොටෝ එකක් ගත්තා කියලා රාජකාරියට කිසිම බාදාවක් වෙන්නේ නැහැ නේ. රෝහල් වාට්ටුවක් කියන්නේ පොදු තැනක්. පුද්ගලික හෝටල් කාමරයක් නෙමෙයි (නි)
මන් ඉන්න නගරයේ රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙකුගේ ඔලුවේ වැරදි පැත්ත ඔපරේෂන් කළා මේ ලඟදි. අපේ රටේ අගේ දැනෙන්නේ එතකොටයි.(නදී)
ඇත්තටම රජයේ සේවා ස්ථාන වල සාමාන්‍ය ජනතාවට දක්වන සැලකිලි හරිම ශෝකජනකයි. මේ වගේ අය තමයි උද්ඝෝෂණ වර්ජන කරන්නේ. මේ අය ගැන සොයා බලා දඩුවම් කළ යුතුයි (නි)
බටහිර වෙදකම් කරන ලංකාවේ දොස්තරලා සුද්දන්ටත් වැඩිය ආඩම්බරයි (නි)
අපේ දොස්තරලට ලොකුකම් පෙන්නන්න හොඳම රට ලංකාව. සංවර්දිත රටකට ගියොත් කොන්දොස්තර වෙනවා. ලෙඩාගේ නම කියල කතාකරලා, ලෙඩා කාමරයට එක්කන් ගිහිල්ල පුටුවේ වැඩිකරලා තමයි දොස්තර වාඩිවෙන්නේ. ලෙඩාට තමාගේ ලෙඩේ ගැන සම්පුර්ණ අයිතියක් තියෙනවා ප්‍රශ්න කරලා දැනගන්න. ලෙඩාගේ ලෙඩේ ගැන කියල දෙන ප්‍රතිකාර ගැන දැනුවත් කරලා තමයි බෙහෙත් දෙන්නේ. දොස්තරලට ඕන නාඩගම් කරන්න බැහැ. මේ විදියේ වැඩකරලා අහුඋනොත් වෙන රැකියාවක් තෝරාගන්න වෙනවා .(නදී)
ලොකු නිලදාරියා දොස්තරව බේරගන්න බොරු කියනවා වගේද?. මෙතන වැරද්ද නිකම්ම් ඔප්පු වෙනවා විනාඩි 45 ක් තියා විනාඩි 4 වත් මේ දොස්තරලා ලෙඩාව බලන්නේ නැහැ. සමහර වෙලාවට වාඩ් වෙන්න පෙර බේහෙත ලියලා ඉවරයි. අම්මට අසනීප වෙලා ඉන්න කොට ලියුම් ලියන්න කියන එක පුදුම කතාවක්නේ.(නදී)
හිපොක්‍රටීස් ප්‍රතිඥාව අමතක වෙලා වගේ. එම් බී බී එස් වලංගු වෙන්නේ මෙලොවට විතරයි. පරලොවට ඕවා වලංගු නැහැ මහත්තයෝ. (නි)
ඔයාල ඔක්කොටම ඉගෙන ගන්න තිබුන චාන්ස් එක තමයි දොස්තර මහත්තුරුන්ටත් තිබුනේ. ඔයාලා ඉගෙන ගත්තේ නැති වුනාට ඒ මහත්තුරු හොඳට ඉගෙන ගෙන වැදගත් රස්සාවක් කරනවා. ඒ මහත්තුරු විතරයි ද ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ? එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ ඔයගොල්ලොන්ගේ සල්ලි වලින්ද? ඔයාලා වගේ අයට යොදවපු මහජන මුදල් නාස්ති වුනා, ඔයාලා ඉගෙන ගත්තේ නැති නිසා. ඒත් ඒ මහත්තුරු ඉගෙන ගත්තා. මේ හැම එකටම හේතුව ඊර්ෂ්‍යාව. (නි)
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් තරම් ඊර්ෂ්‍යාවට හා වෛරයට භාජනය වූ වෙනත් සේවයක් නැති තරම්. ඉඳහිට වෛද්‍යවරුන් අතලොස්සක් කරන වැරදි වැඩ ගැන මහ ඉහළින් කතා කළත් අවුරුද්දේ 365 දවසේම වෙහෙස නොබලා වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයකගේ සේවය ගැන වචනයක් වත් කථා නොකිරීම කණගාටුවට කරුණක්. (නි)
ඒ වගේම රෝගී සත්කාර කරන කොට ට්‍රයේජ් කියල එකක් තියනවා. ඔය නිකන් පිට රට ඉඳන් එහෙ හොඳයි කියල කෑගාන කට්ටිය පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක හොයල බලන්න ඒ ගැන, නිකන් දොස්තර මහත්තුරුන්ට බනින්නේ නැතුව. (නදී)
උඩින් ලියලා තියන විස්තර දිහා බැලුවම ඔබ සියලු දෙනාගේ බුද්ධි මට්ටම් අපිට හිතා ගන්න පුළුවන්. රෝහලක් කියන්නේ අධිආරක්ෂිත කලාපයක් වත් සාමාන්‍ය ආයතනයක් වත් නෙවෙයි. ගොඩාක් පෞද්ගලිකත්වය රකින්න ඕනෑ ස්ථානයක්. පොටෝ ගන්න එපා කියන්නේ ගොඩාක් සංවේදී දේවල් රෝහල් වල තියන නිසා. රෝහල් පොලිසිය නිවැරදියි. (නි)
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකදී ෆොටෝ ගන්න තහනම් කියලා දන්නේ අදනේ. දොස්තර මහත්වරු සතුටින් ඉන්න ෆොටෝ එක දැක්කම කාටද ආඩම්බර? (නි)
ලංකාවේ සමහර වෛද්‍යවරු කියන්නේ ඔලුව ඉදිමුන ජාතියක්. ඒ අය දන්නේ නැහැ ඒ අය ඉගෙන ගත්තේ ජනතාවගේ සල්ලිවලින් කියලා. නමුත් පුද්ගලික වෛද්‍ය විදුහල් වලින් එන අය ඔහොම නැහැ. ඒ අය හොදයි. ඒක නිසා පුද්ගලික වෛද්‍ය විදුහල් ඉක්මනට පටන් ගන්න ඕනා එතකොට ඔය ප්‍රශ්ණ නැතිවෙයි.(නදී)
කොහොමද ආස්චාර්ය දොස්තරලා, නර්ස් නෝනලා, ඇටන්ඩන්ට්ලා, මේට්‍රන්ලා ඔක්කොම මෙගා නාට්‍ය බලන්න පුරුදුවෙලා. මහජන බදුවලින් පඩිගන්න මේ කට්ටියගේ පොටෝ අරන් මාධ්‍යවල පෙන්නුවම තියෙන වැරැද්ද මොකක්ද?(නදී)
රජෙය් රෝහල් වල මෙවැනි ප්‍රශ්න තිබෙනවා (නි)
ජනී , බටහිර රටවල දොස්තරලට ලෙඩ්ඩුන්ට පාර්ට් දන්නා බැහැ. ලෙඩ්ඩු නීතියෙන් ආරක්ෂා කරලා තියෙන්නේ . නැත්තම් බටහිරත් ආසියාව වගේ තමයි.(නදී)
මහත්තයෝ, අපිට නම් තිබෙන සාක්කි හොදටෝම ඇති නිගමනයකට එන්න. (නි)
ජනතාවගේ මුදල් වලින් ඉගෙනගත්ත ඔබ මෙහෙමද ජනතාවට සේවය කරන්නේ? අපුරුයි වර්ග කරපු විදිය නම්. කෝමා එකට ගියාම මොලේට වෙන දේ නොදන්නවාද මේ මහත්තුරු? (නි)
මම හිතන්නෙ හැමෝම "නිර්සත්වයෝ" ටෙලි නාට්‍ය බලා අදහස් පළ කළොත් හොඳයි. (නි)
හිපොක්‍රටිස් හිටිය නම් දුවගෙන ඇවිත් කරාපිටියට ඇඩ්මිට් වෙනවා හාට් ඇටක් එකට බෙහෙත් ගන්න.(නදී)
මම දන්නේ නැහැ මොන වර්ගීකරණය යටතේද සිහි නැති වෙලා ගියපු ලෙඩෙක් මිනිත්තු 45 ක් යනතුරු පරීක්ෂා නොකළේ කියලා. එතකොට හිටපු දොස්තර වෙන ලෙඩෙක් බැලුවා නම් තව හදිසි ලෙඩෙක් ආවහම තව කිසිම දොස්තර කෙනෙක් නැද්ද කරාපිටිය රෝහලේ? ලංකාවේ තියෙන දෙවෙනි ලොකුම රෝහල විදියට මේක බරපතල තත්වයක්. රෝහල් අධ්‍යක්ෂක මේ ගැන සොයා බැලුවා නම් තමයි හොඳ. (නි)
මේ මගේ අදහසයි. (චැනෙල් කරලා නොවේ )මෙහේ ලන්ඩන් වල දොස්තරලා ලෙඩ්ඩුන්ට සලකන්නේ බොහොම කරුණාවෙන්. හැදුනුම්කම්වලට කියලා කිසිම කෙනෙකුට විශේෂ සැලකිලි නැහැ. හැබැයි ලංකාවේ දොස්තරලා විතරක් නෙමෙයි හැම තැනකම හැදුනුම්කමට,පගාවට තමා පළමුවෙන්ම සලකන්නේ. ඒ නිසා තමා ලංකාව ඔය තත්වෙට පත්වෙලා තියෙන්නේ.මොකක්ද දන්නේ නැහැ මේ වර්ගීකරණය කියන්නේ? (නි)
සංජු, ලංකාවේ විතරක් නෙමෙයි දකුණු ආසියානු දොස්තරලා බහුතරය හරිම උද්දච්ච අය.මට පිටරටකදී ප්‍රතිකාර කළ පකිස්තානු ඉන්දියානු දොස්තරලත් හරිම ඔලුව ඉදිමුන අය.බටහිර රටවල ඉන්න සුදු දොස්තරලා තුල තිබෙන නිහතමානී කම, සුහදශීලී බව,කරුණාවන්තකම ඉවසිලිවන්තකම ආසියානු දොස්තරලා තුල ඇත්තේ ඉතාමත් අඩුවෙන්. (නි)
සමහර රජයේ රෝහල්වල ඉන්නේ පුද්ගලික රෝහල්වල තැරව්කාරයෝ (නි)
"දොස්තර මහත්තයා" කියන වචනය මාරුකරන්න කාලෙ හරි වගේ. (නි)
ජීවත් වෙලා ඉන්න ටික කාලේ හරි ඇයි හොඳක් කරලා ඉන්න බැරි? කාට හරි හොදක් කරලා ජීවත් වෙන එක තමාගේ හිතට සැනසීමක් දෙන්නේ නැද්ද? වෙන රටවල මිනිස්සු බලන්න ඕනෑ ඉන්න හැටි, කුණුහරපෙන් බැන්නත් ඔහේ කාරබාගෙන යනවා. ඒකට ලංකාවේ අයට හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ. දොස්තරලාට ඉගෙන ගන්න වියදම් කළේ ලංකාවේ ඉන්න හැම අහිංසක මිනිහෙක්ගේම සල්ලි කියලා එයාලට මතක නැහැ. දොස්තරලා වුනාට පස්සේ ගමන අඩියක් විතර උසින්. (නි)
අත්‍යවශ්‍ය බෙහෙත් බොහෝ ඒවා නැති රෝහල් වල ටීවී නම් ඔක්කොම වැඩ කරනවා (නි)
මේක රෝහලේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ. හැමතැනම තියෙනවා. (නි)