එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ තරුණයන් පිරිසක් හා තරුණියක් සමත්වූහ. ලොව පුරා තෙල් රැගෙන යන තෙරේසා අත්ලාන්තික් නමැති නැවේ අවරපෙත්ත අසළින් ජලය ඇතුලට කාන්දුවීම හේතුවෙන් එය යා ගත නොහැකිව නැංගුරම් ලා තිබිණි. නැවේ රැගෙන යා හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 43,733කි. එන්ජිම නැවතී තිබූ නැවට ජලය පිරීම හේතුවෙන් එය අළුත්වැඩියා කර දෙන ලෙස ජාත්‍යන්තරව පිළිගත් අළුත්වැඩියා කිරීමේ නම් දැරූ ආයතන කිහිපයකින් ඉල්ලා සිටිය ද ඔවුන් කියා ඇත්තේ කොළඹ වරායට නැව ගෙන ගියහොත් එය අළුත්වැඩියා කළ හැකි බවයි. නැව කොළඹ වරායට ගෙන යාමට ඇදගෙන යා යුතුය. එවැනි දෙයක් කිරීමට පෙර නැව මුහුදේ ගිලී යාමට ද ඉඩ තිබිණි. ඇතුළට ජලය පිරෙමින් පවතින නැවක් වරායකට ඇදගෙන යාමට අවසර ලැබෙන්නේ ද නැත. මේ අවස්ථාවේ ගාල්ලේ චතුර කුඩච්චි ඇතුලු පිරිසක් නැව අළුත්වැඩියා කිරීමේ කාර්යය භාර ගත්හ. කාන්දුව ඇත්තේ ජල මට්ටමේ සිට අඩි 30 ක් ගැඹුරිනි. නැව නැවතී ඇති තැන මුහුදේ ගැඹුර මීටර 400 කි. උස්ව නැග එන රළ නැව ඒ මේ අත පද්දයි. ජලයේ බැස අළුත්වැඩියාව පහසු නැත. අභියෝගය භාරගත් තරුණ කණ්ඩායමේ නිලූෂා ප්‍රේමතිලක නම් තරුණියක ද සිටියාය.
දිය යටදී ගින්දර ද භාවිතා කරමින් ඔවුහු නැවේ අළුත්වැඩියා කටයුතු සිදුකළහ. අවර පෙත්ත නැව හා සම්බන්ධ කොටස කපා ඉවත් කැර එයට ජල මුද්‍රා යොදා යළි තිබූ පරිදි පෑස්සීම් සිදු කළහ. ඒ සඳහා එක දිගට දිවා රෑ නොබලා පැය 36ක් වැඩ කිරීමට සිදුවූ බව කුඩච්චි මහතා කියයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
'' මේක අපිට විශාල අභියෝගයක්. නැව ගිලී ගියානම් නිරිත දිග මුහුදු වෙරළට සිදුවන හානිය විශාලයි. පරිසරය බේරාගැනීමට මේ නැව අළුත්වැඩියා කළ යුතුව තිබුණා. අපි අපේ ම තාක්ෂණයක් භාවිතා කරමින් පෑස්සීම් කළා. ඒ වගේම ගම් වර්ග කිහිපයක් භාවිතා කරමින් යලි ජල මුද්‍රා සකසා නැවට ජලය ගලා යාම සම්පූර්ණයෙන් ම නවතා දැම්මා. මේ සඳහා අවශ්‍ය කැපුම් සිදුකළ අවස්ථාවේ සිට ජල මුද්‍රාව යොදන තුරු නැවට ජලය යාම වඩාත් වේගවත් වුණා. "
ඔවුන් නෞකාව අළුත්වැඩියා අවසන් කළ ද කලින් ජලය යාම හේතුවෙන් නැවේ එන්ජින් අක්‍රිය වී තිබිණි. නැවේ ජල කාන්දුව පිළිසකර කිරීමෙන් පසු වෙනත් නෞකාවක් යොදා ගනිමින් එය ඉන්දියාවේ වරායකට රැගෙන යා හැකි වූ බැවින් සිදුවිය හැකි මහා විනාශයක් වළක්වාගත හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ සින්දු කියල කෝටියක් ගන්න රටේ මේ වගේ කොල්ලන්ට ලක්ෂයක් වත් දෙන්ඩ වැඩ පිළිවෙලක් නැද්ද ?(අ)
හොද දක්ෂයෙක් ,,,,,,ජාත්‍යන්තර මට්ටමටමේ ශුරයා .....මම විදේශීය රටක රැකියාවක් කරන්නේ මහා මුහුදේ කනිජ තෙල් ලබාගැනීමට විශාල තෙල්බට ජලය යට තම වැඩ කරන්නේ දිය යටදී ගින්දර ද භාවිතා කරමින් තායිලන්ත ජාතිකයන් ඉතාමත් දක්ෂයෙ මේ කර්මාන්තයේ ...ලංකාවේ මේ වගේ තරුණයන්ට දිරිගන්නවනවා නිසි මග පෙන්නවන්වනම් "ග්‍රේඩ්" ඔබ කියනව කතාවට මම 100% එකගි (අ)
කොච්චර ලොකු දෙයක්ද. ....ජයවේව.......(අ)
නියමයි...මෙන්න සුපර් ස්ටාර්ස්ලා (අ)
ජයවේව. නියමයි කොල්ලනේ (අ)
අති විශිෂ්ටයි. (අ)
නියමායි....නමුත් වැඩක් වෙන්නෙ නැ මොකද..ඔකෙන් කොමිස් මුදලක් ......... ගියෙ නැනෙ. (අ)
ලොවේ ශුරයා ශ්‍රී ලාංකිකයා.(අ)
වැඩ පුළුවන් අයත් ගාල්ලේ ඉන්නවා එහෙනම්. ජය වේව (අ)
අනුන්ගේ රටවලට මෙහෙකාරකමට ලාංකිකයෝ යවනවවෙනුවට මෙවැනි තරුණයන්ට නිසි මගපෙන්වීමක් ලබාදී විධිමත් සේවයක් සදහා මොවුන් යොමුකරන්නේ නම් ඉතා වටිනවා. බොරු කාර් රේස් , සංදර්ශන සදහා වැයකරන මුදල් මෙවැනි සත්කාර්යන් සදහා යෙදවීමට මොලේ පෑදේවා... (අ)
අපේ කණ්ඩායමට සුභ පැතුම්!!!වඩේ හරි ගියාට පස්සේ ඉන්දියාවට ගෙනියපු එක තමයි කැත වඩේ. (අ)
අප රටේ උගත්,බුද්ධිමත්,දක්ෂ,ශ්‍රම බලකායක් සිටිති.නමුත් අත දෙන්නට කෙනෙක් නැහැ හෝ ප්‍රාග් දය නැත රට කරවන තැනට යන්නේ කිසිවක් බැරි පිරිස වාචික දක්ෂ කම් පමණක ඇති පිරිස (අ)
පිටබැද්දර ජයා මොනවද මේ කියන කතා වැඩ බැරිනම් දකුණේ ඉපදෙයිද?හොඳට නරකට කෝකටත් එක. (අ)
සම්මාන දෙනවා වැඩක් නැති එකාට , දෙන්න මේ මිනිස්සුනුට (අ)
අපේ රටේ කොල්ලෝ වැඩ කාරයෝ ඒක් අපේ දේශ පාලුවෝ බලන්නේ ඒ අය ගසකන්න (අ)
අපේ දකුණේ එ දරුවන්ට බුදුසරණ පතනවා! (අ)
ගාල්ලේ ඉපදෙන්න පින් කරලා තියෙන්න ඕන කියල පැරන්නගේ කතාවක් තියෙනවා. මට නම් හරි ආඩම්බරයි මමත් ගාල්ලේ නිසා. දල රළ පෙළ සමගින් පොර බැද මෙවන් වීර ක්‍රියාවක් කරපු එම සහෝදරයින්ටත් සහෝදරියටත් යෝධ බල යෝධ වීරිය ලැබේවා!!! (අ)
දකුණේ කොල්ලන්ට කෙල්ලන්ට බැරි මොනවද ජයවේවා ජයශ්‍රී (අ)
අඩම්බරඊ...(අ)
දැන් ඉතින් රට යන්න ශිෂ්‍යත්ව නොදී රටේ සංවර්ධනයට මේ සම්පත් යොදා ගන්නවානම්...(අ)
මගෙන් උණුසුම් සුබපැතුම් , ගොඩක් සන්තොසි . සම්මානයෙන් පිදිය යුතුයි.(අ)
අපිටත් ආඩම්බරයි (අ)
මේ නම් ජාතික වීරයෝ (සහ වීරවරියක් !) උණුසුම් සුබපැතුම් ! (අ)
නියම වැඩක් මගෙන් සුබ පැතුම්! (නදී)
අන්න ඒක තමා මනුස්සකම කියන්නේ. (ස)
අපේ උණුසුම් සුබපැතුම් ඔබ සැමගේ වීර ක්‍රියාවට ස්විට්සෙර්ලන්තයේ සිට ... ජය වේවා. (අ)
අති විශිෂ්ඨ බලකාය. අපේ ප්‍රණාමය (ත)
ගාල්ලේ කෙනෙක් මෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබලා ගැන හරිම ආඩම්බර වෙනවා. සහෝදරයන්ට සහ සහෝදරියට ජය පතමි. (නදී)
ගාල්ලේ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකට දිගු ගමනක් යන්නට දිරිය ශක්තිය ධෛර්‍ය ලැබේවා! එක සිතින් පාර්ථනා කරමී. (නදී)
අපේ කොල්ලන්ට කෙල්ලන්ට මොනවද බැරි? (ත)
ගාල්ලේ එල වැඩකාරයෝ.(නදී)
මමත් ගාල්ලේ කොල්ලෙක් නිසා ආඩම්බර වෙනවා. දකුණේ කොහොමත් වැඩකාරයෝ ඉන්නේ. තව ඉදිරියටත් ලොකු වැඩ පෙන්නන්න මුළු රටටම. අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා. අපි රටින් පිට හිටියත් හැමදාමත් සිතින් ඔයාලා ලග.(නදී)
අපේ තරුණයන් කණ්ඩායම ගැන අපිටත් රටටත් ලෝකයටත් ලොකුම ආඩම්බරයක් ජයවේවා ! (නදී)
දිරිමත් දූ පුතුන් හට අතදී ඔවුන්ගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරලීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.(නදී)
චතුර මල්ලි, මට ඔයා ගැන හරි ආඩම්බරයි. සුබ පතනවා. (අ)
නියම සෙට් එකක්.(නදී)
අපූරු වැඩක්. අපේ ප්‍රණාමය! (අ)
ඔයා ගැන හරිම ආඩම්බර (අ)
නියමයි ලාංකිකයනී දෙවියන් පිහිටයි. (අ)
පලයව් කොල්ලනේ පලයව් අන්දමන් දුපත්වලට හරි පලයව් නැතිනම් තොපිට ඉතිරිවන්නේ ආඩම්බරකම පමණි , (අ)
ඩී එස් අයි, මැලිබන් බිස්කට්, නීලගිරි සමුහ, ක්ලිප්සල් අද ඔරෙන්ජ්, නවලෝක සමුහ වගේ කියන්න ගොඩක් තැන් තියෙනවා. මේ මිනිස්සු ඔක්කොම ගාල්ල මාතරින් රටේ ආර්ථිකයට උර දෙන අය. කොහොම උනත් ඔය පැත්තේ මිනිස්සු දක්ෂයෝ. බොහොමයක් නොසැලෙන ශක්තියක් ඇති අය.(නදී)
අඩි 30ක් කියන්නේ ලොකු ගැඹුරක් නම් නෙමෙයි. නමුත් මෙයාලා හොඳ වැඩක් නම් කරලා තියෙනවා. (නදී)
දිය යට වෙල්ඩින් කරන යට හොඳ පඩි තියෙනවා. රැකියා ඕනෑ තරම්. ලංකාවේ ඒ ගැන උනන්දුව මදි.(නදී)
රාජ්‍ය උළෙලකකදී හෝ මෙවැනී අයට සම්මානයක් වත් දිය යුතුයි.(නදී)
මට ඇත්තටම සතුටුයි. ඔබ සැමට සුභ පතනවා . මම කලින් වැඩ කළේ කොළඹ යාර්ඩ් ඕක ඇත්තටම අමාරු වැඩක්.(නදී)
ලෝකයේ අනිත් රට වලට වැඩ අප රටේ උගත්,බුද්ධිමත්,දක්ෂ,ශ්‍රම බලකායක් සිටිති.ලෝකයේ වෙනත් රට වලට ස්වභාව ධර්මයෙන් දායාද නොකළ බොහෝ දෑ අප රටට හිමි වී ඇත.රට වටේම මුහුද,ස්වාභාවික වරාය ,ඛනිජ සම්පත්,පොස්ස්පෙට් නිධි,මැණික් ආදී වටිනා ගල් වර්ග,මේ සියල්ලම.මේ තරුණ ශ්‍රමය සහ රටේ සම්පත් ව්‍යවසායකත්වය මනා කළමනාකරිත්වයකින් සිදුකරන්නේ නම් අප ලෝකයට නය විය යුතු නැත.ලෝකයට නය දීමට අපට පිළිවෙන.නමුත් පාලකයන්ගේ අනුවන කම් සහ කොමිස් ගැහිලි නිසා මේ තරුණයන්ට ජීවිතය පරදුවට තබා සයුර තරණය කර වෙනත් රට වල රැකියා සොයා යාමට සිදුවීතිබේ.නැතිනම් කාන්තාවන්ට ගෘහ සේවය කිරීමට සිදු වී තිබේ. (අ)
ලක් විරු දරුවනි ඔබලාට සුබ අනාගතයක්, රටට ආඩම්බරයක්. (අ)
විරයන්ගේත් වීරයෝ..,සැබෑ දක්ෂයෝ.., රටටම ගෞරවයක්..., සැමටම ජය වේවා...!!! (අ)
ෂා.... නියම වැඩකාරයෝ කියන්නේ ඔබලා වැනි අයටයි..!! ඔබලාගේ දැනුම, වීර්ය, සහ අභියෝග වලට මුහුණදීමේ සුවිශේෂී හැකියාවද සමගින් ඔබලා වැනි ජවසම්පන්න තරුණ පිරිස් ලංකාවේ සිටීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වන අතර චතුර කුඩච්චි මහතා ඇතුළු ඔබ සියලුදෙනාටම සුභ පතමි...!!! (අ)
මෙන්න කියනවනම් අපේ මිනිස්සුන්ගේ වැඩ. නිකම් මේ අරව මේවා විවෘත කිරීම් වලට ප්‍රචාරය දෙන එකේ මේවට තමයි ප්‍රචාරය දෙන්න ඕනේ. (අ)
නිහතමානිව ආඩම්බර වෙමු.ලංකාවට කීර්තියක් ගෙන දුන් කණ්ඩායමටම අපේ ප්‍රණාමය.ඔබලාට දළඳා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා. (අ)
ලස්සන වැඩක් කරලා ගාල්ලේ කොල්ලෝ (අ)
වැඩ බැරි උනත් ගම ගාල්ල. නියම සෙට් එකක්. ඔබ රටට ආඩම්බරයක්. (අ)
ඔබලා දැයට ආඩම්බරයක්...තරුණියක ලෙස මටත්...මේ ය ගැන විස්තර ටිකක් පල කරනවානම් සැවොම සතුටුවේවි. (අ)
නියමි කොල්ලනේ (අ)
එල වෑඩක්........ ඈයි එක අල්ලපු රටට යව්වෙ අපේ උන්ම ගොඩ දැම්ම නම් තවත් එලම තමයි. (අ)
පාරිසර විනාශයක් වළකාලමින් රටටත් කීර්තියක් එක්‌කල මගේ රටේ කොල්ලෝ ටිකට හා තරුණියට මගෙත් ලෙබනන් රටේ සේවය කරන සියලු දෙනාගේ ස්තුතිය පුදකරනවා. (අ)
ඉදිරි අනාගතයට සුභපතනවා (අ)
නියමයි. විශිෂ්ටයි. මෙහෙම ව්‍යාපාර වලට පුළුවන් හැම උදව්වක්ම දෙන්න ඕනි. (අ)
ඔන්න ලංකාවේ වැඩ. අත හිත දෙනවනම් ලංකාව ගොඩක් දුරට දියුණුයි. (අ)
අපේ රටේ කොල්ලන්ට බැරි දෙයක් නැහැ. අවශ්‍ය හොඳ මග පෙන්වීමක් අවාසනාවකට නැත්තෙත් ඒකමයි. (අ)
අන්න නියම වැඩ ! ඔමේ වගේ මානව සම්පත් තියෙන සශ්‍රීක රටක්... (අ)
හරිම සතුටුයි! වීර ක්‍රියාවක්! නුබලගේ මේ දස්කම් ලොවටම පෙන්වා දෙන්න හැකිවේවා! එයින් නුබලාට යහපත් අනාගතයක් ම උදාවේවා! (අ)
ඔන්න නියම ලංකාවෙ කොල්ලො. චතුර කලිනුත් වැඩ පෙන්නපු කෙනෙක්. ලංකාවටම ආඩම්බරයි. (අ)
මෙන්න මිනිස්සු. සොයුරනේ ඔබලා ලක් මවට ආඩම්බරයක්. (අ)
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියන්නේ ඔකටයි (අ)
ඕක ඉන්දියා වලට යවන්නේ නැතුව මෙහෙන්ම ගොඩ දැම්ම නම් වැඩේ අනර්ග. කොහොමත අපේ කොල්ලෝ වැඩකාරයෝ. තව දස්කම් දක්වන්න දිරිය ලැබේව. (අ)
වැඩි බැරී උනත් පුළුවන් උනත් ගම ගාල්ලේ (අ)
දැක්කා නේද අපේ කොල්ලෝ කෙල්ලගේ වැඩ ... නියමයි කියා ගන්න බැරි තරම් සතුටුයි ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..... ජයවේවා. (අ)
මගේ සුබ පැතුම් කුදච්චි මහතාට (අ)
මට අහන්න තිබුන ඇයි ලංකාවට නැව ගෙනාවේ නැත්තේ කියාලා. සහයෝගිත්වය අපි අගය කරන්න ඕනේ. (අ)
කල නොහැක්කක් නොමැත ...(අ)
ඈත්තෙන්ම හරිම සන්තොසයි. විශේෂයෙන්ම දකුණේ කෙනෙක් හෑටියයටත්, පොදුවේ ලාංකිකයකු, සිංහලයකු ලෙසත් මේ වගේ අපේ දරුවන්ගේ දෂකම් ඉතා අගය කල යුතුයි. (අ)
ජය වේවා (අ)
දරුවනේ ඔබලාට ත්‍රිවිද රත්නයේම පිහිටයි.මේ දරුවනට උදව් අවශ්‍ය නම් රජය හෝ එය කල යුතුයි (අ)
නියමයි , මල්ලිලා නංගිගේ වැඩ ජය ශ්‍රී (අ)
ජයවේවා අපේ වීර කොල්ලෝ ටිකටයි කෙල්ලටයි .අපිට නුඹලා ගැන ආඩම්බරයි. (අ)
කතාවක් තියෙනවා වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියල , ඒ උනාට මේ සැට් එකනම් එලම එල (අ)
මැච් එක දිනනවා බලල ඉවරවෙලා පත්තරේ බලන්න ආව සතුට දෙගුණ උනා මෙන්න වැඩ කාරයෝ .ආඩම්බරයි .(අ)
ඔබ කණ්ඩායමට ජාතියේ උපහාරය හිමිවේවා. (අ)
වැඩේ නියමයි නමුත් අපේ රටේ ලොක්කන්ට ඕවගෙන් වැඩක් නැහැ අතට කීයක් හරි එන වැඩක් නම් පැනල මුල්තැන අරන් වැඩ කරයි .(අ)
හොද වැඩ කාරයෝ ටිකක් හරි ආඩම්බරයි.එත් ඉතින් පුම්බපු බැලුම වගේ.මේ ටික දොහ කතා කරයි, එච්චරයි .ඉන් පස්සේ උන්නද මලද නැහැ.අගය කරලා ඉදිරියට එන්න කිසිවෙක් අත දෙන්නේ නැහැ.එකයි කනගාටු. (අ)
සන්තෝස වෙනවා අපේ රටේ තරුණ , තරුණියෝ ගැන . ඔබලාට සුබ අනාගතයක් .(අ)
මේ කණ්ඩායම දෙකකටම කියන්ඩ බැරි සතුටක් දැනෙනවා. ගොඩක් අඩම්බරයි අපේ ලංකවේ අයගේ දක්ෂකම් අහනකොට. ජයවේව සැමට (අ)
මට කියන්න බැරි තැම් සතුටක්, ආඩම්බරයක් දැනෙනවා අපේ තරුණ තරුණියන්ගේ දක්‍ෂකම් අහලා. මේ වගේ අපේ අනිත් තරුණ පිරිසුත් තම හැකියාවන් හොඳ දෙයට යොදවනම් අපේ රට මොන තරම් දියුණු කළ හැකිද? (අ)
ඔයාල අපිට ආඩම්බරයක්. සුබ පැතුම්. (අ)
නියමයි කට්ටියගේ වැඩේ... මෙන්න මිනිස්සු (අ)
මේ වගේ වැඩ කරන්න පුළුවන් දක්ෂ යෝ අපේ රටේ ඉන්නවා. ඒ උනාට ඒ අයට නිසි මග පෙන්වීම නැති එක තමා තියෙන ගැටලුව (අ)
නියමයි කොල්ලෝ ටිකටයි කෙල්ලටයි ජයවේවා (අ)
රට පෙරට ජයවේව (අ)