(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

මේ වනවිට කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක සුවපහසු මෙට්‍රෝ බස් සේවාව මහනුවර ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙට්‍ රෝබස් රථයක් උපයෝගී කරගෙන විශේෂ පෙරහුරු චාරිකාවක් අද මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කළේය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් ප්‍රවාහන අධිකාරිය, මහනුවර මහ නගර සභාව පොලිසිය ඇතුළු වගකිවයුතු ආයතන වල සම්බන්ධීකරණයෙන් එම පෙරහුරු චාරිකාව අද පෙරවරුවේ ක්‍රියාත්මක විය.

එහිදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ මෙට්‍රෝ බස් සේවාව කොළඹින් බැහැරට ගෙන යාමේදී 2029 දක්වා අවශ්‍ය සැලසුම් සකස් කොට ඇති බවත් මෙරට පළාත් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවී ඇති බවත් එහිදී මහනුවර යාපනය සහ ගාල්ල ප්‍රදේශවලට පළමුව එම සේවාව ලබාදීමට අවධානය යොමුවී ඇති බවත්ය.