(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන් පහළ පාසල් ළමුන් 29 දෙනෙකු ආහාර විස වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අද (28) මධ්‍යහන 12 ට පමණ ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසයි.
රෝහල් අධ්‍යක්ෂක වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇතිවීමමෙන් ළමුන් රෝහල් ගත කර ඇති අතර නමුත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කරන බවයි.
නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන්ට සෑම දිනකම දිවා ආහාරය පාසලෙන් සැපයීමට කටයුතු කරන අතර අද දින දිවා ආහාර ලබා දීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටීමෙන් හා වමනය යෑම හේතුවෙන් මෙලෙස පාසල් ළමුන් 29 දෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාසලේ විදුහල්ති එස්.සීතා මහත්මිය සඳහන් කරයි.
මේ පිළිබඳ නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අඹේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා ප්‍රමිතියකින් තොර ආහාර ලබා දීම හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් විශේෂ කණ්ඩායමක් ස්ථාපනය කර අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇති බවයි .
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්ලාසෝ ප්‍රාථමිකයේ ළමුන් 29කට ආහාර විස වෙයි