ඉල්ලීම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද සවස අකුර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරැඹීය.
හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, ගිලනුන් රැගෙන යන ගුවන් යානා, සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ කටයුතුවල නියුතු ගුවන්යානා, මානුශීය මෙහෙයුම්වල නියුතු ගුවන්යානා සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බාධාවක් ඇති නොවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත වන යානා සඳහා මෙමගින් බලපෑම් ඇති විය හැකි බවත් එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුරට වැඩ නම් පරක්කු වෙන්න විදියක් නැනේ. හැමදේකටම වැඩවර්ජන , අනේ මෙහෙමත් රටක්, කවදා හැදෙයිද , හැමද තුන්වන ලෝකේ රටක් හැටියට තමයි ඉන්න වෙන්නේ, රට තුලට මිනිහෙක් ඇතුල් වෙනකොටම මස්තබාල්දු කරනවා (බ)
විරාජ්, නියම ප්රශ්නය නොදැන ඔය වගේ කතා කියන්න එපා. රටක් හදන්න ඕනෑම කෙනෙහිළිකමකදී කට වහගන ඉඳලා හරියනවද. අසාධාරණකම් ඉදිරියේ නැඟීසිටින්න ඕනෑ. අනික පාලිතයින් විතරක් රට හදන්න උත්සාහ කරලා හරියන්නේ නැහැ. පාලකයිනුත් උත්සාහ කරන්න ඕනෑ. (නි)
මහින්ද හිටියා නම් අද තත්ත්වය මෙසේ වෙයිද? (නි)
මේ හැමදෙයින්ම තැළෙන්නේ සාමාන්‍ය ජනතාව (නි)
තමුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග මේ ප්රජාතන්ත්රවාදී සමාජයේ සාමාන්‍ය දෙයක් වුණත් මහත්වරුනි, මතක තියාගන්න හදිස්සියකට බිමට බැහැගන්න බැරි මඟීන් රැසක් ඔබතුමාලගේ අතේ බව. ඒ ජනතාවගේ ජීවිත වලට ඔබ වගකිවයුතු වෙනවා. (නි)
වෙනරටවල්වල සිරියාවන්ත කරුණාවන්ත නිලධාරීන් පහුකරගෙන කටුනායකට බැස්සම බුම්මගත්ත පුහු මාන්නෙන් ඔලුව පිරිච්ච රුපටික දැක්කම අනේ අපේ රට කියලා හිතෙනවා ......(බ)
මහින්ද මහතාගේ කාලයේත් මෙහෙමම වුනා . ඒ 2007 දී ලතා නොදන්නා ඉතිහාසය එයයි . නමුත් ලංකාවේ සම හරක් තමන්ටම යමක් සිද්ද වෙනකම් අසාදාරණයට එරෙහි වන්නන්ට දොස් නගන්නේ. තමන්ට රිදෙනකොට විතරක් ඔරෝවති..කාලය කාගේද නොවේ කරන්නේ මොනවද කියල හිතන්න..(රේ)