IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්

මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය.

මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක් එය වළක්වාලූහ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුවන් ගමන් අණ පනත්වලට අනුව තර්ජන සිදුකිරීම, අසත්‍ය හිමිකම් ප්‍රකාශ කිරීම සහ ගුවන් යානයක ආරක්ෂාව අනතුරු හෙළීමේ චෝදනා යටතේ මනෝද් මාක්ස් නැමැත්තාට චෝදනා එල්ල විය. මෙම චෝදනාවලට වැරැදිකරුවුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇතැයි පැවසේ.

මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙන මනෝද් මාක්ස් නැමැත්තා මෙල්බන් නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තමන් අනාරක්ෂිත යැයි ඔහු පවසා තිබේ. එම නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ඔහුගේ නීතිඥයා දන්වා ඇත.
“ඔහු බියෙන් සිටින්නේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි” යැයි මනෝද් මාක්ස්ගේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.  
ශිෂ්‍ය වීසා මත මනෝද් මාක්ස් නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ.

වයස, පෙනුම ආදී හේතු කිහිපයක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මතු කරමින් තමාට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය බව මනෝද් මාක්ස් නැමැත්තා ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.

මනෝද් මාක්ස් නැමැත්තා සන්තකයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති අතර ඔහු ළඟ තිබී ඇත්තේ කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයකට සමාන උපකරණයක් යැයි ද පැවසේ.

25 හැවිරිදි මනෝද් මාක්ස් නැමැත්ති පුහුණු කෝකියකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් හී ජීවත් වී තිබේ.

මොහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබමින් සිට සිදුවීම වූ දිනයේදීම ඉන් පිටව ගොස් ඇති අතර ගුවන් යානය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ ද එදිනමය.

මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.

බී.බී.සී./සිඞ්නි මෝනින් හෙරල්ඞ් සහ ඬේලිමේල් ඇසුරිනි  055

 

 



අදහස් (6)

ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්

buddika Friday, 02 June 2017 11:03 AM

ගුවන් යානයේම හිටි මිනිස්සු ත්‍රස්තයෙන් බය කළ මේ පුද්ගලයාට දැන් බය දැනෙනවලු. බලන්නකෝ රටෙත් නම කෑවානේ...

:       59       568

සුදන් Friday, 02 June 2017 11:50 AM

ශ්‍රී ලාංකික අභිමානය කෙලෙසා දමනවිට දෙමළ වැසියෙක් යන්න භාවිතා නොකරන මෙම ජන කොට්ඨාසය ඔවුන්ගේ අයිතිවාසිකම ඉල්ලන විට දෙමළ ජනතාව ලෙස හැදින්වීම ඔවුනගේ සිරිතයි. ඇත්තනේම මොහු දැන් ඕස්ට්‍රේලියානුවෙක්....

:       11       4155

buddhiika perera Friday, 02 June 2017 03:57 PM

බියක් නැතුව සතුටින් ඉන්න පුළුවන් වැඩක්ද කරලා තියන්නේ....

:       247       316

siri Friday, 02 June 2017 10:58 PM

සමහරවිට මීට වඩා බයානක ලෙඩ්ඩු ඉන්න පුළුවන්.පසුගිය කාලයක් පුර බෝට්ටුවලි දහස් ගණන් ඇවිත් වික්ටෝරියව පුර විසිරී ඉන්නවා.ඒ අතරින් සුළුපිරිසක් අහිංසක ජීවිත ගත කරන අතර,අනෙකුන් විවිද දේ කරමින් ඉතා අසහනකාරී ජීවිතයක් ගෙවන නිසා ඔවුන්ගෙන් සමහරවිට මීට වඩා බයානක දේවල් වෙන්න පුළුවන්.

:       2       137

amila Saturday, 03 June 2017 05:22 AM

රටම බලුකල මොනරාගල" බෛයා"

:       4       317

Chandera weerasinghe Saturday, 10 June 2017 06:55 AM

වෙනත් සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයෙක් !! අහස් යානාවක යන්න නියම චාන්ස් එකක් ඇවිත් !!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 578 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 723 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 316 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 789 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 219 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1741 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site