IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ අත් වරදින්

(අංජුල මහික වීරරත්න)

ගුවන් හමුදා ප්‍රහාරක බල ගණයට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමට හේතුව එම පුහුණු නියමුවන්ගෙ අත්වැරැද්දක් බව ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 

අදාළ ගුවන් යානය  කඩා වැටීම පිළිබඳ තාක්ෂණික විමර්ශන  වාර්තාව ආරක්ෂක ලේකම්වරයා වෙතින් ගෙන්වා ගත් බව කී අමාත්‍යවරයා එම වාර්තාවේ කියන පරිදි ගුවන් යානාවේ බඳේ හෝ ඇන්ජිමේ කිසිම ප්‍රශ්නයක් නැති බව සඳහන් වන්නේ යැයි පැවසීය.

අදාල පුහුණු ගුවන් නියමුවන් දෙදෙනාගේ දිවි බේරීම පිළිබඳ  සතුටට පත් වෙන බව කී අමාත්‍යවරයා ගුවන් යානය වැටීමෙන් ප්‍රදේශයේ ගස් කොළන් වලට හැර සෙසු දේපොළ හානියක් සිදුවී නොමැති බව කීය.

පුහුණු වීම් වලදී මෙවැනි ගුවන් යානා කඩා වැටීම් ලංකාවේ මෙන්ම ලොව සියලු රටවල වාර්තා වන බව කී අමාත්‍යවරයා ප්ලේන් එකේ "එල් බෝඩ්" නොතිබුණාට එහි ගියේ පුහුණු වෙන කට්ටිය බැවින් ඔවුගෙන් අත් වැරදීම් විය හැකි බව සඳහන් කළේය.

පාරේ පරණ වාහන  දිව්වාට අහසේ ගුවන් යානා එහෙම  දුවන්න බැරි බවද අමාත්‍යවරයා කීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පාදෙනිය මිනුවන්ගැටේ ප්‍රදේශයට ඉකුත් 21 වැනිදා මෙම පුහුණු ගුවන් යානය කඩා වැටුණු අතර එහි නියමුවෝ දෙදෙනා දිවි බේරා ගත්හ.



අදහස් (12)

ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ අත් වරදින්

බකල ජයා Monday, 24 March 2025 03:40 PM

දෙන්නම පුහුණුවෙන අයද? පුහුණුකරු හිටියේ ගහක් උඩද, ගහෙන් බිමද?.

:       4       46

KumarMonday, 24 March 2025 09:02 PM

ගුවන් යානයක පුහුණු වෙන්න යන්නේ ගුරයි, ශිෂ්‍යයයි. නුපුහුණු දෙන්නෙක් යන්නේ නැහැ. වසර 24ක් පැරැණි ගුවන් යානයේ දෝෂයක් වෙන්න ඇති...

:       2       19

de silva Monday, 24 March 2025 04:19 PM

කියන දෙයක් හොඳට හොයලා හිතලා බලලා කියන්න. නැතිනම් මේකත් අර වඳුරු කතාව මෙන් බැක් ෆයර් වෙන්න පුළුවන්... ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ ඔබ කරන්න යන එක සුදුසු නැහැ.

:       1       35

ravin Monday, 24 March 2025 05:04 PM

ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් කිව්වනේ එම යානයේ සිටි එක් අයෙක් ප්‍රධාන ජෙට් පුහුණුකරු කියලා..

:       0       29

chandima Monday, 24 March 2025 10:18 PM

සාමාන්‍යයෙන් නම් මේ වගේ අනතුරක වැරදි කරුවා ගැන ප්‍රකාශයක් කරන්නේ විධිමත් පරීක්ෂණයකින් පසුවයි. ඒ පිළිබඳව විශේෂ දැනීමක් ඇති පිරිසක් විසින් කලාට පසු ඒ කට්ටිය ප්‍රකාශයක් කරනවා. ඇමති තවම අලුත්නේ . බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්නේ නැතුව උන්නා නම් හොඳයි. නේද , උපදේශය අනික් ඇමතිලාටත් වටිනවා

:       0       5

amila Tuesday, 25 March 2025 04:25 AM

යානයක් කඩා වැටෙද්දී බිමට පැන්න විදිය පිළිබඳව පුහුණු කළා වෙන්න බැරිද?

:       0       2

Gamini Tuesday, 25 March 2025 07:25 AM

එක්තරා ඇමතිවරයෙක් කීවෙ විදුලිය බිඳවැටීම වඳුරෙක්ගෙ වැඩක් කියලා.මේකත් ඒ වගේ පුහුණු වන දෙන්නගේ වරදින් කියන්නේ කොහොමද කෝ එතකොට පුහුණු කරු කොහෙද හිටියේ.

:       0       6

R.T.Sarat Tuesday, 25 March 2025 07:36 AM

ගුවන් අනතුරක් පිළිබඳව නිසියාකාර පරීක්ෂණයක් කර නිගමනයකට එන්න අවම වශයෙන් සති කිහිපයක් ගතවෙනවා , සමහර අනතුරු වලට වසර ගණනාවක් ගත වෙනවා , මේවට සම්බන්ධ නිසි ක්‍රියාපටිපාටියක් තිබෙනවා , එකට කල් ගතවෙනවා , එම නිසා ගුවන් හමුදාව හෝ පරීක්ෂණ කණ්ඩායම් තවම කිසිම වාර්තාවක් එලියට දමල නැහැ , ඔවුන්ට එහෙම කරන්න නීතියෙන් ඉඩකුත් නැහැ , තත්වය එහෙම තියාගෙන ගුවන්යානා විෂය සම්බන්ධයෙන් දැනුමක් නොමැති ඔබ මෙවැනි ප්‍රකාශ කිරීම සුදුසු නැහැ , මේකෙන් රණ ගුවන් හමුදා සාමාජිකයන්ගේ මොරාල් එක බහිනවා , ඔබගේ ප්‍රකශය ඉල්ලා අස්කරගතයුතුය

:       0       7

Jebaiya Tuesday, 25 March 2025 09:16 AM

මේක මැදමුලන වැඩක්

:       0       4

බයි සිතිවිලිTuesday, 25 March 2025 10:54 AM

ඥානක්කට කියල හූනියමක් කරල නේද ... ... මම හිතුව හරි.

:       2       1

prasanna Tuesday, 25 March 2025 12:28 PM

ඔය ගැන ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ ගුවන් හමුදාවෙන් නොදන්න මඟුල් කියන්න ගිහින් නාගන්නවා

:       0       3

නායක රත්න Tuesday, 25 March 2025 02:31 PM

හරි නම්පුහුණුකරුත් යානයට නගින්න ඕනේ. බිම ඉඳලා මෙහෙම අරන් පලයල්ලා කියලා දුන්නාට මදි...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 1386 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 701 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 1550 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 904 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 2454 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 582 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site