ගුවන් යානා අභිරහස් ලෙස අතුරුදහන් වීම මෑතක සිට සිදුවන්නක් නොවේ.
එයටද දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත්,එදා සිට අද දක්වා අතුරුදහන් වන ගුවන්යානා වලට සිදුවන්නේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්?
මෙම ගුවන් යානා අතුරුදහන් වීම පිටුපස විවිධ බලවේග සිටින බවට ඇතැමුන් මත පළකලද,ඒවා ඔප්පු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි සොයාගැනීමට තවමත් අපහසු වී ඇත.
ලෝකය කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, මෙවැනි අතුරුදහන් වීම් ගැන සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව නම් බොහෝ දෙනා තුල ඇත්තේ කුතුහලයක්.
කෙසේවෙතත් අතුරුදහන් වූ ගුවන් යානා වලට සිදුවූ දෙය දන්නේ එහි ගමන්ගත් මගීන් පමණයි.
එය එසේ පවතින තාක් ගුවන් යානා අතුරුදහන් වීම පිලිබඳ විවිධ මතවාද , වාද විවාද කරලියට පැමිණෙනු ඇත.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එදා සිට අද දක්වා අභිරහස් ලෙස අතුරුදහන් වූ ගුවන්යානා කිහිපයක තොරතුරුයි.
(මෙම වීඩියෝව ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ නිර්මාණයකි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වීඩියෝවක් (නි)
වැඩේ නම් හොඳයි. නමුත් සම්පුර්ණ නැහැ (නදී)
උපාලි විජේවර්ධනගේ ගුවන් යානය (නදී)
පටස් නොගෑවත් ඔය හැම දෙයක්ම කළු පෙට්ටියේ තියනවා නමුත් ප්‍රශ්නය තියෙන්නේ එකත් නැතිවෙන එක යානයත් එක්කම. (අ)
මමනම් කියන්නේ ගුවන්යානයේ පියාසැරියේ වීඩියෝ දර්ශන ඔන්ලය්න් අයිටිසි කුළුණෙ පරිගනකයකට යවන්න ඕනේ එතකොට ගුවන්යානයට වුණේ මොකද්ද කියල පටස් ගාල හොයාගන්න පුළුවන් (අ)
දෙවියන් විතරයි මේදේවල් දන්නේ (දී)
ඉතා වැදගත් තොරතුරු රැසකි. ගොඩක් හොඳයි ප්‍රියන්ත හේරත් (අ)
බොහොම හොදයි (අ)
ඔය අතුරුදන් වුණා කියන යානාවල කොටස් කවදාහරි කොහෙන් හරි හමුවේවි. (නි)
උපාලි විජේවර්ධන මහත්තයා සහ ඔහු ගමන්කළ ගුවන් යානය අතුරුදහන් වුණේ 1983 පෙබරවාරි 13 වැනිදා නේද? (නි)
මෙහි අතුරුදහන් වූ සියලුම යානා ගැන තොරතුරු ඇතුළත්ද? (නි)
ගොඩක් හොඳයි ලංකාදීප හැමදාම මේ වගේ වැදගත් දේවල් දෙන්න. (නදී)
අැයි, අපේ උපාලි විජේවර්ධන මහත්තය ගේ ගුවන් යානයත් අතුරුදහන් වුනේ රේඩාර් එකට නොපෙනී 1976 දී.(අ)
නොදන්නා දේවල් ගොඩක් දැන ගත හැක.(අ)
මං හිතන්නේ නැ ඔවා ඔයතරම් අද්බුත දේවල් කියලා. ගුවන් යානා කඩා වැටුනම හොයා ගන්න බැරි උනාම අද්බුත වෙන්නේ නැහැ. අනික ඔය මුහුදකට වැටුනම හොයාගන්නත් ලේසි නැහැ. (නදී)
පිටරට ගුවන් යානා ගැන වගේම මේ අපේ රටේ සිදුවන අතුරුදන්වීම් ගැනත් හිතලා බලමු. (නි)
ඇයි, උපාලි විජේවර්ධන මහත්මයාත් මෙහෙම අතුරුදහන් වුණා නේද? (නි)
ප්‍රසන්න, ඔබ හරි. මේක හොයාගත්දාට එය ලෝක පුදුමයක් බවට පත්වනවා නොඅනුමානයි. (නි)
ගුවන් යානා නෙමෙයි අපි බලන්න ඕනා කොටින් ගෙන් සොයාගත්ත මුදල් සහ රත්තරන් අතුරුදහන් වුනු විදිය.(නදී)
මේක නම් හොඳ වීඩියෝවක් (නි)
පිටස්තර ලෝකයකින් පැහැරගෙන ගිහින්ද දන්නේ නැහැ ? (නදී)
නියමයිනේ (නදී)