‘නිමක් නැති සහන දෙන බව කියන ආණ්ඩුව මෙවර අයවැයෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කර තිබෙනවා ‘යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
‘රජයේ ගොවිපළවල් පෞද්ගලික අංශයට දෙන්න උත්සාහ කරනවා. ඉඩම් අයිතියත් ඒ සඳහා පවතින නීති ලිහිල් කිරීම තුළින් මේ රටේ පුරවැසියන්ට බලවත් අසාධාරණයක් වෙනවා. මෙයට විරෝධය පළකරමින් ගොවීන් පෙළපාළි යවනවා. රටපුරා උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ කරනවා‘ යැයිද දිසානායක මහතා එහිදී පැවසීය.
ඡායාරූපය - ඉෂාන් සංජීව
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ගොවියෝ සමඟ පාරට බහින්නේ? අපි නම් බුද්ධිමත්ව හිතලා බහිනවා ගොවියෝ සමඟ කුඹුරට. ජයවේවා! (නි)
කිඹුල් කඳුළු නොවේවා! (නි)
අනුර මහත්තයෝ, අමුඩනම් ඈදගෙන එන්න එපා. ඈමරිකාවෙ හදපු හොද ඩෙනිමක් ඈදගෙන එන්න.(ම)
ජේවීපී එක දැන් රෑ ඩැනියල් දවල් මිගෙල් ගේම් ගහන්නත් පටන් අරගෙන එහෙනම්. අපට මතකයි දැන් තියෙන ආණ්ඩුව පත්කරන්න ඔය ගොල්ල උදව් කරපු විදිය. දැන් එනවා මෙතන බොරු පුරාජේරු කියාගෙන (බ)
බොරු කරන්න එපා. ඔයාලා කරන්නේ මොකක්ද කියලා දන්නෝ දනිති. (නි)
අනුර මහත්තයාගේ කතා නම් හරියට වටලප්පන් වාගේ රසයි. ඒත් පසුගිය කාලේ කළ දෙයක් නැහැ, ජනතාව පෙළගස්සන එකයි, පාරට බහින එකයි අරුණුකොට (නි)
දැන්වත් ඔය රගපෑම නවත්වන්න . ඕවට රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. (හේ)
අපි එන්නේ නැහැ පාරේ යන්න. ඔයාලම සතියේ දවසක පටන්ගන්න. අපිට කුඹුරේ වැඩ තියෙනවා. (නි)
මඩ සෝදාගත් ගොවි මහතුන්, ගෙවිලියන් කී දෙනෙක් අද ඉහළ තැන් වල ඉන්නවද? අනේ කරුණාකර මේ සැරේ අමුඩ ගහගෙන නම් පාරට බහින්න එපා. (නි)
ඔය ටික කරගන්නනෙ පසුගිය කාලෙ යහපාලනයට කඩේ ගියේ? (නි)
අසරණ ගොවියන්ගේ කරමතින් දේශපාලන වාසි නම් ගන්න එපා (නි)
ජනක මහතා,පවතින රජයේ වැරදි වලට නැවත රාජපක්ෂ යුගය ගොඩගැනීමට සිතන අපි ගැන මෝඩයෝ කියා නොසිතා කුමක් සිතන්නද? (නි)
මේ රජය පිහිටවීම ගැන ජවිපෙට චෝදනා කරන්න එපා. ඔවුන් කිවුවා මුලින්ම එම්.ආර්.ගේ කඩේ බඩු නරක්වෙලා හැබැයි එන්න තිබෙන කඩේ බඩුත් විශ්වාස නැහැ කියලා. දැන් ඒක ඔප්පුවෙලා නේද? (නි)
අපමණ අගයක් ලැබිලා තියෙන්නේ දැන් ගොවියට. (ර)
නියමයි. ජයවේවා! (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලද? (නි)
ඔබ වගේ කෙනෙක් ජවිපෙ කවමදාකවත් ඉඳලා නැහැ. (ර)
අනේ පව්. ඔබතුමාලම ගෙනාපු ආණ්ඩුව නේද? අහෝ! අපේ රටේ පීඩිත පන්තිය නියෝජනය කරන්නේ මෙතුමන්ලාද? (නි)
මහින්ද මහත්තයාගේ අගය දැන් දැනෙනවා ඇති (නි)
ගොවීන්ගෙ කරපිටින් දේශපාලන වාසි ගන්න නම් එපා (නි)
අනේ! දැන් මොනවා කරන්නද? (නි)
ජය වේවා! රටට ආදරය කරන එකම පක්ෂය. අව්‍යාජ මිනිස්සු (නි)
අනේ මේ...! (බ)
ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබමින්, බොරු සටන්කාමියෙක් නම් වෙන්න එපා (නි)
ඔයාලමනේ පත්කර ගත්තේ. ගොවියා මොනවටද ඔයාලම කරගන්න ඒවානේ (නි)